Liyoni Kothalawala

Liyoni Kothalawala

ලියොනි කොතලාවල

Born 18 September 1944 Died 19 June 2022

18 September 1944 - 19 June 2022

61.91% · 1,988 votes
Rate this artist

Summary

NameLiyoni Kothalawala
Sinhala Nameලියොනි කොතලාවල
Born18 September 1944
Died19 June 2022

Biography

1962 වර්ෂයේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් සංවිධාන කළ නාට්‍ය තරගයකට G.D.L. පෙරේරා නිර්මාණය කළ ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඇය රංගනයට පිවිසියාය.

පසුව එම නමින්ම යුතු “සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට එක්වූ ඇය “චණ්ඩාළි”, “පිපෙන කුමුදු”, “වජිරා”, “රජ දරුවෝ”, “එකමත් එක රටෙක”, “මචං”, “බොරදියපොකුණ”, “බන්ධනය” ,“පුනරුප්පත්තිය”සහ “දැවෙන විහඟුන්” වැනි චිත්‍රපටවලද “සෝමාගේ සිහිනය”, “තාරාදේවී”, “චරිත තුනක්”, ‘කුමාරිහාමි”, “චාරුලතා”, “අරවින්ද සහ ඉන්දු”, “හිරුට මුවාවෙන්”, “සංගීතේ“ යනාදී ටෙලි නාට්‍යවලද ඇය රඟපා තිබේ.

1966 සරසවි සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස නිර්දේශ වුණු ඇය, 1988 වසරේ OCIC සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇය සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඒ වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා ද නිර්දේශ වූවාය.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන් ම චිත්‍රපට යන ත්‍රිවිධ ක්ෂෙත්‍රයන්හි ප්‍රකට වූ ලියෝනි විවාහ වී සිටියේ ඡායාරූප ශිල්පී තිස්ස කොතලාවල සමගිනි. සැමියා 2000 වසරේදී දිවියෙන් සමුගෙන තිබෙන අතර ඇයට පුතුන් පස් දෙනෙකුද මුණුබුරු මිනිපිරියන් රැසක්ද සිටී.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1011964 Chandali චන්ඩාලි Actress L.S. Ramachandran
2 1531967 Pipena Kumudu පිපෙන කුමුදු Actress Ruby De Mel
3 4721981 Vajira වජිරා Actress Sunil Ariyaratne
4 7261992 Raja Daruwo රජ දරුවෝ Actress Daya Wimalaweera
5 8521997 Punuruppaththiya පුනරුප්පත්තිය Actress Jayantha Rathnayaka
6 9962003 Sulan Kirilli සුළං කිරිල්ලි Actress Inoka Sathyangani Kirthinanda
7 11042009 Ekamath eka Rateka එකමත් එක රටෙක Actress Sanath Gunathilake
8 11992015 Bora Diya Pokuna බොර දිය පොකුණ Actress Satyajit Maitipe
9 12482017 Bandhanaya බන්ධනය Actress Udayakantha Warnasuriya
10 12812018 Dawena Wihagun දැවෙන විහඟුන් Actress Sanjeewa Pushpakumara

Upcoming Films

#Film RoleDirector
1 Doni Amaya දෝනි අමායා Actress Keerthi Bandara