Disidipath

Disidipath

දිසිදිපත්

Colour Yet to be released

Yet to be released

62.38% · 655 votes
Rate this film
Special Message

දුමින්ද සංජීව ගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණය

Summary

NameDisidipath / දිසිදිපත්
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanySky Entertainers

Description

“දිසිදිපත්”් දුමින්ද සංජීව ගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. පාසැල් අවධියේ සිටම පරිගණක සජීවීකරණයට වැඩි නැඹුරුතාවයක් දැක්වූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව, දිවයිනේ ප්‍රමුඛ පෙළේ වෙළද දැන්වීම් නිර්මාණය කරන ආයතනයක පරිගණක සජීවීකරණ ශිල්පියෙකු ලෙස සේවයට එක්වීමෙන් අනතුරුව ජේ.එම්.සී. ඉන්ටර්නැෂනල් ආයතනයෙන් කැමරාකරණය පිළිබඳ පුළුල් හැදෑරීමක නිරත වූ ඔහු විවිධ වෙළෙඳ දැන්වීම් නිර්මාණය, ගීත රූප රචනා සහ වෙනත් නිර්මාණ රැසකටම පරිගණක සජීවීකරණය සහ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු ලෙස සිය දායකත්වය දක්වා ඇත. අවස්ථා රැසකදීම ඔහුගේ නිර්මාණ සඳහා සම්මානයෙන් සහ ඇගයීමෙන් පිදුම් ලබන්නට ඔහු වාසනාවන්ත විය. දුමින්ද විසින් තිරරචනය ලියමින් අධ්‍යක්ෂණය කළ “දිසිදිපත්”, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ පැවති දහසයවැනි එමජින් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ නිර්දේශිත චිත්‍රපට අතරට තේරී පත්වූ අතර දකුණු ආසියාවේ විශාලතම සිනමා වෙළඳපොළ වන ෆිල්ම් බසාර් හීදි අවසන් චිත්‍රපට විසි හය අතරට පිවිසි දිසදිපත් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර ඉන්දියන් සිනමා උළෙලේ නිල සංචිතය සඳහාද නිර්දේශ වී ඇත. 2017 සිංගප්පූරුවේ පැවැති දකුණු ආසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී නිර්දේශ නාමයන් අතරට පත් වූ මෙය, දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල, 57 වන ආසියානු පැසිපික් අන්තර්ජාතික සිනමා උළෙල සහ ඉන්දියාවේ බැංග්ලෝර් හිදි එකොළොස්වැනි අන්තර්ජාතික සිනමා උළෙල සඳහාද “දිසිදිපත්” නිර්දේශ වී ඇත.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

අසූව දශකයේ එක්තරා කාලවකවානුවක දකුණේ හම්බන්තොට ග්‍රාමීය ප්‍රදේශයක එකල පැතිරී ගිය මැලේරියා රෝගයෙන් පීඩා විඳීමින් සිටින ගැමියන් අතර, එම රෝගයෙන් මියැදුණ සිය සැමියාගේ දේහය අසල කුසුම්ලතා වැලපෙමින් සිටී. කුසුමලතා එක්දරු මවකි. ඇයට වයස අවුරුදු හතරක පිරිමි දරුවකු සිටී. නන්දනී හා සෝමපාල කුසුමලතාගේ සමීපතම අසල්වැසියන් ය. ඔවුන්ට දරුවන් නොමැත. කුසුමලතාගේ දරුවාට දැඩි ළෙන්ගතුකමක් දක්වන්නේ ඒ නිසාය. නන්දනී කීප විටක්ම ඇයට දරුවා දෙන ලෙස ඉල්ලා සිටියත් කුසුමලතා එයට අවනත නොවේ. සේපාල පුරුෂාධිපත්‍ය පතුරවාලු, ස්ත්‍රී ලෝලී සල්ලාලයෙකි. දරුවා සම්බන්ධ ප්‍රශ්නයක් නිසා නන්දනී කුසුමලතා සමඟ අමනාපව සිටී. කුසුමලතාගේ සැමියා ජීවත්ව සිටියදී ලබාගත් ණය මුදලක් ලබා දෙන ලෙස නන්දනී ඇයට නිතර කරදර කරයි. සේපාලද අසරණ වූ කුසුමලතාගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට මාන බලයි. එය ඉටු නොවූ තැන ඔහු ඇයට වෛර කරයි. දැඩි නියඟය නිසා ගොවිතැන් පාළු වී ගැමියන් දැඩි අර්බුදයකට මුහුණ දෙයි. සැමියා නැති කුසුමලතාට එය තදින්ම බලපායි. ස්වභාවධර්මය සහ මිනිසුන් නිසා වඩාත්ම අසරණ වන කුසුමලතා දරුවා සමඟින් ජීවන අරගලයට මුහුණ දෙන අයුරු දිසිදිපත් හරහා ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. antonjocic@gmail.com ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew