Ela Dabala

Ela Dabala

එල ඩබල

Colour Yet to be released

Yet to be released

59.13% · 1,793 votes
Rate this film

Summary

NameEla Dabala / එල ඩබල
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryComedy
Main Actor: Vijaya Nandasiri

එදිනෙදා ජීවිතය තුළදී අපට විවිධාකාර වූ කතාන්දර අසන්නට ලැබේ. ඒවා එක් එක් අංශ යටතේ අප බෙදා වෙන් කොට තිබේ. මේ ලියැවෙන කතාව වැටෙන්නේ හාස්‍යෝත්පාදක ගණයටය. මෙහි කතා නායකයින් දෙදෙනකි.

ඉන් එක් අයකු බෙනීය. අනෙක් කෙනා බොනීය. දෙන්නා එකම රුවක කපාපු පලු දෙකක්ය. තවත් සරලව කිිවහොත් එකම රුවින් යුක්තය. බෙනී සහ බොනීව එක ළඟ තැබුවහොත් බෙනී කවුද බොනී කවුද කියා හඳුනා ගන්නට බැරිය.

මේ දෙදෙනා හමු වී නැති බැවින් තමන්ගේ රුව ඇති තවත් අයකු සිටින වග දෙදෙනාම දන්නේ නැත. එහෙත් බෙනී සහ බොනී ගැන එක් අයකු දනියි. ඒ ඥාණාපාලය. ඥාණපාල යනු බෙනීගේ සහායකයාය. ධනවත් ව්‍යාපාරිකයකු වන බෙනීගේ දුක්ගන්නාරාල මේ ඥාණපාලය.

ඒ නිසාම ඥාණපාලට විඳින්නට තිබෙන අකරතැබ්බ ද බොහෝය. බෙනීට මෙවර ඥාණපාලගේ උදවු අවශ්‍ය වන්නේ කාර්යාල සේවිකාවන් තම කාරය වට කරගත් මොහෙතකයි. මේ සේවිකාවන් පිරිවරට එලෙස බෙනීව වට කර ගන්නට උපදෙස් ලැබෙන්නේ සකුන්තලාගෙනි.

බෙනී හා ඇය පෙමින් වෙලී සිටියි. එය එක්තරා අන්දමින් අවිහිංසක අසම්මත ප්‍රේමයකි. මෙදින බෙනී සිය කාර්යාලයට එන්නේ අලුත් සුරූපිණියක සමඟිනි. එය සකුන්තලාට රුස්සන්නේ නැත. මේ හේතුවෙන් සකුන්තලා තවත් පිරිසක් සමඟ බෙනීගේ කාරය වටලනු ලබයි.

මෙවන් වූ අකරතැබ්බ නිසා තමන් මෙන් තවත් අයකු සිටී නම් කෙතරම් අගනේ ද කියා සිතයි. ඔහු ඥාණපාල මාර්ගයෙන් බොනීව ගෙන්වා ගන්නේ එබැවිනි. එතැන් පටන් බෙනී බොනී වෙයි බොනී බෙනී වෙයි.

අහිංසක දුප්පතකු වන බොනී එක සැරයට සිදු වූ වෙස් මාරුව නිසා බොනී අපහසුතාවයට පත් වේ. ඒ තත්ත්වය දෙගුණ තෙගුණ වන්නේ බෙනීගේ ණයකාරයින් බෙනී යැයි සිතා බොනීගේ පසුපස එලවාගෙන ඒමට පටන් ගැනීමත් සමඟිනි.

Cast

Crew

Other Crew