Ethalaya

Ethalaya

ඊතලය

Colour

Film No: 1324  ·  Released: 05 Mar 2020

58.5% · 2,526 votes
Rate this film

Summary

NameEthalaya / ඊතලය
Film No1324
Released Date05 Mar 2020
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Shyam Fernando Main Actor: Kalum Aryaan Kularathne Main Actress: Shehani Perera Director: Nalaka Withanage Producer: NK Films

Trailer

සුරූපී තරුණියක වූ අයන්ති විවිධ පර්යේෂණයන් හි නියැළෙන අසම්මත තරුණියකි. ඇය සම්ප්‍රදායන් පසෙකලා තමන්ට අවැසි පරිදි රිසි සේ ජීවිතය ගෙවයි. කැනඩාවේ පදිංචිකාරිනියකි. හදිසියේම මෙරටට ඇය එන්නේ ඇගේ තවත් පර්යේෂණ කටයුත්තක් සඳහාය. එහිදී අයන්තිට තරුණයකු මුණ ගැසෙයි. ඔහු සුරාජ්ය. ඉහළ ශ්‍රේණියේ විධායක නිලධාරියකු වූ හෙතෙම විවාහකයෙකි. සුරාජ්ගේ බිරියගේ පියා දේශපාලනඥයෙකි. අයන්ති ක්‍රමයෙන් සුරාජ්ට ළං වෙන්නේ මේ සියලු දේ දැනගෙනය. ඔහු සිතන්නේ අයන්ති තමන් හමුවට එන්නේ සැබෑ ආදරයක් රැගෙන බවයි. ඒ ආදරය දුර දිග ගිය තැන සුරාජ් සහ අයන්තිට දරුවකු ද ලැබෙයි. මේ සිදුවීම අතරේ අයන්ති සිය අරමුණට ගමන් කරයි. ඇයට අවශ්‍ය සුරාජ්ගේ මාමණ්ඩිය වූ දේශපාලන චරිතයට ළං වීමටය. ඒ හරහා රටම කලඹන ක්‍රියාදාමයක නිරතවීමය. එය කොතෙක් දුරට සාර්ථක වීද. නාලක විතානගේ තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ ඊතලය සිනමාපටය හි කතා සාරාංශය එසේය. අනිත්‍යා, රූපාන්තරණ, නිලංජනා, සරුංගල් නාලක මීට ප්‍රථම නිර්මාණය කළ සිනමාපට වේ.

Cast

Crew

Other Crew