ඊතලය

ඊතලය

Colour

Film No: 1325  ·  Released: 05 Mar 2020

58.5% · 2,526 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඊතලය
චිත්‍රපට අංකය1325
තිරගත වූ දිනය05 Mar 2020
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන නළුවා: Kalum Aryaan Kularathne ප්‍රධාන නිළිය: Shehani Perera අධ්‍යක්ෂණය: Nalaka Withanage නිෂ්පාදනය: NK Films

පූර්ව ප්‍රචාරක පටය

සුරූපී තරුණියක වූ අයන්ති විවිධ පර්යේෂණයන් හි නියැළෙන අසම්මත තරුණියකි. ඇය සම්ප්‍රදායන් පසෙකලා තමන්ට අවැසි පරිදි රිසි සේ ජීවිතය ගෙවයි. කැනඩාවේ පදිංචිකාරිනියකි. හදිසියේම මෙරටට ඇය එන්නේ ඇගේ තවත් පර්යේෂණ කටයුත්තක් සඳහාය. එහිදී අයන්තිට තරුණයකු මුණ ගැසෙයි. ඔහු සුරාජ්ය. ඉහළ ශ්‍රේණියේ විධායක නිලධාරියකු වූ හෙතෙම විවාහකයෙකි. සුරාජ්ගේ බිරියගේ පියා දේශපාලනඥයෙකි. අයන්ති ක්‍රමයෙන් සුරාජ්ට ළං වෙන්නේ මේ සියලු දේ දැනගෙනය. ඔහු සිතන්නේ අයන්ති තමන් හමුවට එන්නේ සැබෑ ආදරයක් රැගෙන බවයි. ඒ ආදරය දුර දිග ගිය තැන සුරාජ් සහ අයන්තිට දරුවකු ද ලැබෙයි. මේ සිදුවීම අතරේ අයන්ති සිය අරමුණට ගමන් කරයි. ඇයට අවශ්‍ය සුරාජ්ගේ මාමණ්ඩිය වූ දේශපාලන චරිතයට ළං වීමටය. ඒ හරහා රටම කලඹන ක්‍රියාදාමයක නිරතවීමය. එය කොතෙක් දුරට සාර්ථක වීද. නාලක විතානගේ තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ ඊතලය සිනමාපටය හි කතා සාරාංශය එසේය. අනිත්‍යා, රූපාන්තරණ, නිලංජනා, සරුංගල් නාලක මීට ප්‍රථම නිර්මාණය කළ සිනමාපට වේ.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play