Garasarapa

Garasarapa

ඝරස්රප

Colour

Film No: 1284  ·  Released: 10 Aug 2018

57.59% · 2,452 votes
Rate this film

Summary

NameGarasarapa / ඝරස්රප
Film No1284
Released Date10 Aug 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyIsuru Films
Main Actor: Jackson Anthony Main Actress: Sangeetha Weeraratne Producer: Arjuna Kamalanath Director: Jayantha Chandrasiri

Trailer

National Awards

For Artists

1 Best Screenplay 7th Derana Film Awards 2019 - 2019 Jayantha Chandrasiri
2 Special Jury Awards - Debut 7th Derana Film Awards 2019 - 2019 Devnaka Porage

Description

නව යොවුන් වියේ පසුවන සඳරැස් එදිරිසිංහ ගඩාගම දේවස්ථානයට යන්නේ තම ග‍්‍රාම සගයා වූ අන්තෝනිගේ ආරකෂ්කයා වශයෙනි.එහෙත් වරින් වර වැළඳෙන යක්ෂාරූඪයකින් පීඩා විඳින අන්තෝනි සුව කර ගැනීමේ වගකීම භාර ගත් ඔහුගේ මිත්තණිය ගේ බලවත් විශ්වාසය වූ එම දේවස්ථානයේ සති අනත් සවු මෙහෙයට ඔහු අත්‍යනත්යෙනම් නවකයකු වෙයි.

නවකයා නැවුම් මිනෙිසකි. නැවුම් මිනසිාට මේ ගමනේදී නැවුම් පේ‍්‍රමයක් සම්මුඛ නොවී තිබෙයි ද?

ප‍්‍රශ්නය නම් මේ යොවුන් පෙම්බරිය ද යක්ෂාරූඪයකින් පීඩා විඳීම ය. විශේෂය නම් ඇය වසා ගත් යක්ෂයා ස්ත‍්‍රීන්ට පමණක් ම ලොල් වඩන සපු‍්‍රකට කළු කුමාර යකෂයා වීම ය. ස්ත්‍රීන් විෂයයෙහි අතිශය බලපෑම් සහගත ආලවන්තයකු වශයෙන් පේ‍්‍රම ක‍්‍රීඩාවෙහි නිරත කළු කුමාරයා විද්‍යා කෙරෙහි කෙතරම් ආසක්තව සිටින්නේද යත් ඇය මෙම අතවරයෙන් මුදා ගැනීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ඔහු අභියෝග කරන සුළු ය.

සුවපත් කිරීම අරමුණු කරගෙන ආතුරයන් ප්‍රලය කරවන සුව මෙහෙය තුළ එදා ඇය ප‍්‍රලය නොවන්නේ ඇයගේ සිතට රිංගා ගෙන සිටින සඳරැස් නිසාය . ලාබාල යුවතිය ගේ හද මඬල සටන් බිම වශයෙන් ගෙන සිදු කෙරෙන මේ නූතන යක්ෂ-මිනිස් සටනින් අවසානයේ මිනිස් කොලූවා ජය ලබනේන් කළු කුමාරයා ගේ ගෞරවය ද ලබමිනි.

එහෙත් කළු කුමාරයාට ද වඩා බලවත් සමාජ-දේශපාලනකි තත්ත්වයන් විසින් නොපමාව වෙන් කරවන ලද යොවුන් ප්‍රේම වන්තයෝ අහිමි ආදරය දළු ලා වැඩෙනන්ට ඉඩ හරිමින් එකිනෙකා ගෙන් වියෝවන්නේ කාලය නමැති ස්වභාවික අකරුණාවේ සරදමට ද ලක් වෙමිනි .

වසර 37 කට පසුව හෝ කාලය පරාජය වී ද?

එසෙය්, දැන් විද්‍යා ; විද්‍යා දොරේඅප්පා නමැති මනෝ වෛද්‍යවරියයි. සඳරැස් ; ආචාර්ය සඳරැස් එදිරිසිංහ නමැති විශ්ව විද්‍යාල කථීකාචාර්යවරයා යි. ඔවුන් යලිත් මුණ ගැසීම නමැති අතිශය අසීරු අවස්ථාව නිර්මාණය කරන්නේ කළු කුමාර යකෂ්යා යි.

එහෙත් මිනිස් ආදරයේ සංකීර්ණතා පිළිබඳ ව ඌ දන්නේ මොනවාද?

Cast

Crew

Other Crew