තොරතුරුඡායාරූප
Garasarapa / ඝරස්රප
[ Colour ]
චිත්‍රපට අංකය : 1279
නිකුත් වූ දිනය : 2018-08-10
56.387337057728
56% |   1611  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Garasarapa / ඝරස්රප
චිත්‍රපට අංකය : 1279
නිකුත් වූ දිනය : 2018-08-10
වර්ණමානය : Colour
වර්ගය :
සමාගම : Isuru Films
ප්‍රධාන නළුවා : ජැක්සන් ඇන්තනි
ප්‍රධාන නිළිය : සංගීතා වීරරත්න
අධ්‍යක්ෂණය : Jayantha Chandrasiri
නිෂ්පාදනය : අර්ජුන් කමලනාත්

පූර්ව ප්‍රචාරක පටය


සම්මාන

   FOR ARTISTS

1Best Screenplay
7වන දෙරණ සිනමා සම්මාන 2019
Jayantha Chandrasiri
2Special Jury Awards - Debut
7වන දෙරණ සිනමා සම්මාන 2019
Devnaka Porage
 
විස්තරය

නව යොවුන් වියේ පසුවන සඳරැස් එදිරිසිංහ ගඩාගම දේවස්ථානයට යන්නේ තම ග‍්‍රාම සගයා වූ අන්තෝනිගේ ආරකෂ්කයා වශයෙනි.එහෙත් වරින් වර වැළඳෙන යක්ෂාරූඪයකින් පීඩා විඳින අන්තෝනි සුව කර ගැනීමේ වගකීම භාර ගත් ඔහුගේ මිත්තණිය ගේ බලවත් විශ්වාසය වූ එම දේවස්ථානයේ සති අනත් සවු මෙහෙයට ඔහු අත්‍යනත්යෙනම් නවකයකු වෙයි.
 
නවකයා නැවුම් මිනෙිසකි. නැවුම් මිනසිාට මේ ගමනේදී නැවුම් පේ‍්‍රමයක් සම්මුඛ නොවී තිබෙයි ද?
 
ප‍්‍රශ්නය නම් මේ යොවුන් පෙම්බරිය ද යක්ෂාරූඪයකින් පීඩා විඳීම ය. විශේෂය නම් ඇය වසා ගත් යක්ෂයා ස්ත‍්‍රීන්ට පමණක් ම ලොල් වඩන සපු‍්‍රකට කළු කුමාර යකෂයා වීම ය. ස්ත්‍රීන් විෂයයෙහි අතිශය බලපෑම් සහගත ආලවන්තයකු වශයෙන් පේ‍්‍රම ක‍්‍රීඩාවෙහි නිරත කළු කුමාරයා විද්‍යා කෙරෙහි කෙතරම් ආසක්තව සිටින්නේද යත් ඇය මෙම අතවරයෙන් මුදා ගැනීමට උත්සාහ කරන  ඕනෑම කෙනෙකුට ඔහු අභියෝග කරන සුළු ය.
  සුවපත් කිරීම අරමුණු කරගෙන ආතුරයන්  ප්‍රලය කරවන සුව මෙහෙය තුළ එදා ඇය ප‍්‍රලය නොවන්නේ ඇයගේ සිතට රිංගා ගෙන සිටින සඳරැස් නිසාය . ලාබාල යුවතිය ගේ හද මඬල සටන් බිම වශයෙන් ගෙන සිදු කෙරෙන මේ නූතන යක්ෂ-මිනිස්  සටනින් අවසානයේ මිනිස් කොලූවා ජය ලබනේන් කළු කුමාරයා ගේ ගෞරවය ද ලබමිනි.
 
එහෙත් කළු කුමාරයාට ද වඩා බලවත් සමාජ-දේශපාලනකි තත්ත්වයන් විසින් නොපමාව වෙන් කරවන ලද යොවුන් ප්‍රේම වන්තයෝ අහිමි ආදරය දළු ලා වැඩෙනන්ට ඉඩ හරිමින්  එකිනෙකා ගෙන් වියෝවන්නේ කාලය නමැති ස්වභාවික අකරුණාවේ සරදමට ද ලක් වෙමිනි .
 
වසර 37 කට පසුව හෝ කාලය පරාජය වී ද?
 
එසෙය්, දැන් විද්‍යා ; විද්‍යා දොරේඅප්පා නමැති මනෝ වෛද්‍යවරියයි. සඳරැස් ; ආචාර්ය සඳරැස් එදිරිසිංහ නමැති විශ්ව විද්‍යාල කථීකාචාර්යවරයා යි. ඔවුන් යලිත් මුණ ගැසීම නමැති අතිශය අසීරු අවස්ථාව නිර්මාණය කරන්නේ කළු කුමාර යකෂ්යා යි. 
 
එහෙත් මිනිස් ආදරයේ සංකීර්ණතා පිළිබඳ ව ඌ දන්නේ  මොනවාද?  
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Jayantha Chandrasiri
තිර රචනය
Jayantha Chandrasiri
තිර ක්‍රියාකරු
Jayantha Chandrasiri
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS