සාරාංශයඡායාරූප
Wasantha Wittachchi
වසන්ත විට්ටච්චි
59.250559284116
59% |   1788  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Wasantha Wittachchi වසන්ත විට්ටච්චි
Wasantha Wittachchi
  • උපන්දිනය : December 21
  • විපත : 2025 February 26

  •  
    සම්මාන

    1 Best Make-Up Artist

    11වන ජනාධිපති සම්මාන උළෙල 1997
    සිහින දේශයෙන්

    2 Best Make-up Artist

    8වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1997
    සිහින දේශයෙන්

    3 Best Make-up Artist

    25 වැනි සරසවිය සම්මාන උළෙල - 1998
    සිහින දේශයෙන්

    4 Best Make-up Artist

    25වන OCIC සම්මාන උළෙල 1999
    චන්දකින්නරි

    5 Best Make-up Artist [2nd]

    25වන OCIC සම්මාන උළෙල 1999
    ජුලියට්ගේ භූමිකාව

    6 Best Make-Up Artist

    32 වැනි සරසවිය සම්මාන උළෙල - 2007
    උඩු ගං යාමය

    7 Best Make-up Artist

    2වන දෙරණ සිනමා සම්මාන 2013
    කුස පබා
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1සිරිමැදුර
    නළුවා
    1989
    2වැඩ බැරිනම් වැඩක් නෑ
    නළුවා
    1991
    3කෙළිමඩල
    නළුවා
    1991
    4ගුරු ගෙදර
    නළුවා
    1993
    5මාරුතය
    නළුවා
    1995
    6සිහින දේශයෙන්
    නළුවා
    1996
    7අන්තිම රැය
    නළුවා
    1998
    8සුදු සෙවනැලි
    නළුවා
    2002
    9සත්කම්පා
    නළුවා
    2002
    10අරුමෝසම් වැහි
    නළුවා
    2002
    11සිකුරු හතේ
    නළුවා
    2007
    12මාතා
    නළුවා
    2012
    13පත්තිනි
    නළුවා
    2016
    14ඝරස්රප
    නළුවා
    2018
    15President Super Star
    නළුවා
    2019
    16සුපර්ණා
    නළුවා
    2020
    17ආලේ කොරෝනා
    නළුවා
    2021
    18නිම්හිම්
    නළුවා
    2021
    19ගින්දරී 3
    නළුවා
    2022
    20මිදුණු විශ්වය
    නළුවා
    2023
    21කදිර දිව්‍යරාජ
    නළුවා
    2023
    22කතුරු මිතුරු
    නළුවා
    2023
    23සිහින සමීකරණ: අයිස් දියවන ලයිෆ් ප්‍රේමය
    නළුවා
    2024
    24මන්දාරා
    නළුවා
    2024
    25ශ්‍රී සිද්ධා
    නළුවා
    2024

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1පෙරළිකාරයෝ
    සහාය අංග රචනය
    1986
    2අයෝමා
    අංග රචනය
    1995
    3සිහින දේශයෙන්
    අංග රචනය
    1996
    4සුමේධා
    අංග රචනය
    2004
    5මිල්ලේ සොයා
    අංග රචනය
    2004
    6උඩු ගං යාමය
    අංග රචනය
    2006
    7උප්පලවන්නා
    අංග රචනය
    2007
    8අබා
    අංග රචනය
    2008
    9මාතා
    අංග රචනය
    2012
    10විජය කුවේණි
    අංග රචනය
    2012
    11සෙනසුරු මාරුව
    අංග රචනය
    2012
    12සමනල සංධවනිය
    අංග රචනය
    2013
    13කොස්තාපල් පුඤ්ඤසෝම
    අංග රචනය
    2014
    14ඇහලෙපොල කුමාරිහාමි
    අංග රචනය
    2014
    15President Super Star
    අංග රචනය
    2019

    ළඟදීම

    1රාමසැරය
    අංග රචනය
    2මාත්‍රා
    නළුවා
    3තානාපතිලාගේ ගෙදර
    නළුවා
    4ෂැඩෝ
    නළුවා
    5ෂැඩෝ
    අංග රචනය
    ජීවදත්ත

    ටෙලි නාට්‍ය රංගනයට පළමුවෙන්ම සම්බන්ධ වෙන්නෙ ‘කඩ ඉමෙන් ‘
     
     වසන්ත විට්ටච්චි යනු ලාංකේය සිනමාව” වෙදිකාව” ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක අද්දැකීම් සම්භාරයක් හිමි කලාකරුවෙකි. අංග රචනා ශිල්පියෙකු ලෙස ඔහු තුළ ඇති ප‍්‍රතිරූපයට නොදෙවෙනි ප‍්‍රතිරූපයක් රංගන කාර්ය සඳහාද හිමි කරගෙන ඇති ඔහු කලා තුරකින් දැකිය හැකි මානවීය ගුණයන් සහිත කලා ශිල්පියෙකි. මේ කතා බහ ඔහු ගැන කියවීමට ගත් උත්සහයකි.
     
     * මේ ගමනේ ආරම්භය රංගනයද නැත්නම් වේෂ නිරූපණයද
     
     ඇත්තටම මම රඟපාන්න තමයි මුලින් යොමුවුණේ. වේෂ නිරූපණයට යොමුවුණේ නොසිතූ මොහොතක.
     
     * ඒ අතීතයට මතකය ගෙන යමුද
     
     මම පාසැල් අධ්‍යපානය ඉවරකරන 1975 වගේ කාලෙදි සොවියට් සංස්කෘතික මන්දිරයේ රුසියන් භාෂා ඩිප්ලෝමා පාඨමාලාව කරන්න මට අවස්තාව ලැබෙනවා. ඒ කාලේ රුසියාවේ තිබ්බ සෞභාග්‍යත් එක්ක අපි රුසියාවට ඇළුම් කළා. ඔතන හිටියා නිමල් පතිරණ කියල යාළුවෙක්. එයා නාට්‍යක් කරන්න පටන් ගන්නවා කියල මටත් කතා කළා චරිතයකට. මට ලැබුණේ ලූකස් නැමති ආයුධ තනන්නෙකුගේ චරිතයක්. ඒ නාට්‍ය තමයි ‘‘රත්තෝ.. නැමති නාට්‍ය. මේ නාට්‍ය සෝවියට් සංස්කෘතික මන්දිරය හරහා ආව නිසා ඒ කාලේ පොඩි ආන්දෝලනයක් ඇති වුණා. ඒ නාට්‍යන් තමයි මම රඟපෑමට එක්වුණේ. හැබැයි එතනදි මට තේරුණා මේක හදරලා කරන්න ඕන වැඩක් කියල. මේ ලයනල් වෙන්ටිඞ් ශිල්ප ශාලිකාවට සිසුන් බඳවා ගන්න කාලය. මට පුළුවන් වුණා ඒ පාඨමාලාවට ඇතුල් වෙන්න. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර” ධම්ම ජාගොඩ” බන්දුල ජයවර්ධන” සුනන්ද මහේන්ද්‍ර වගේ මහත්වරුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගැනීමේ අවස්තාව ලැබෙන්නෙ එතනිදි.
     
     * රංග කලාව හැදෑරීම ලයනල් වෙන්ට්ඞ් එකට පමණක් සීමා වුණාද
     
     නැ නැ. ආචාර්ය සාලමන් ෆොන්සේකා සහ විදේශීය ගුරුවරුන් යටතේ ඉගෙනගන්න මට අවස්තාව ලැබෙනවා. ෆ‍්‍රෑන්ක් යුන්ගමන්” ෆෙඞ්රික් ඩොෆ්” වුල්ෆ් ඔෆ් මෙහෙරින් ෆික්ස් බෙනිෆිටිස. හෙරිනා ලෙච්චිමති් වගේ අය ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා. මේ අය පවත්වපු වැඩමුළු වලින් ඉගෙන ගත්ත දේ තමයි අදට පවා අපි භාවිතයට ගන්නෙ. 1983 දී පින්ලන්තයේ පැවති ආසියාතික තරුණ නාට්‍ය කරුවන්ගෙ සම්මේලනයට සහභාගි වීමට අවස්තාව ලැබන්නෙ මේ අද්දැකීම් එක්ක. රංගනය සම්බන්ධව එදා කරපු ඒ අභ්‍යාස තවමත් ප‍්‍රයෝජනවත්.
     
     * අංග රචනා ශිල්පියෙක් විදයට කේෂත‍්‍රයේ ඔබට ගෞරවනීය පිළිගැනීමක් තිබෙනවා. එහි මුල අල්ල ගන්නෙ කොතනින්ද
     
     අපිත් එක්කම ඔය පාඨමාලාව හදාරමින් හිටියා ක‍්‍රිස්ටි ශෙල්ටන් ප‍්‍රනාන්දු. එතකොටත් ක‍්‍රිස්ටි ‘‘ පැනි හටන සමග ගොන් දෙන්නෙක්.. කියල නාට්‍යක් කරමින් හිටියා. මේ නාට්‍යයේ මට චරිතයක් තිබුණෙ නෑ. හැබැයි යාළුවන්ගෙ නාට්‍ය නිසා මාත් එයාල යන යන තැන උදව්වට යන්න පුරුදුවෙලා හිටියා. ඒකෙ අංග රචනා ශිල්පියා විදියට හිටියේ ශේෂා පලිහක්කාර මහත්තයා යටතේ වැඩ කළ රංජිත් වික‍්‍රමසිංහ. ඉතින් මම ඩෙ‍්‍රසින් රූම් එකේ නාට්‍ය කණ්`ඩායමේ වැඩ වලට උදව් කරනගෙන ඉන්න කොට ඔහු දවසක් කිව්වා ‘‘ වසන්ත ඔයා කැමති නම් බේස් එක දාල ගන්න කියල. මමත් ඉතින් ටික ටික ඒ වැඬේට බැස්සා.
     
     හැබැයි මම ප‍්‍රධාන වශයෙන්ම මම අංගරචනා ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙන්නෙ රංජිත් වික‍්‍රමසිංහ නිසාම තමා. ඔහු දවකසක් මගෙන් ඇහුවා ‘‘ ශේෂා පලිහක්කාර සර් ඇසිස්ටන්ට් කෙනෙක් හොයනවා” ඔයාට පුළුවන්ද වැඩ කරන්න.. කියල. මටත් ඉතින් ඉබ්බා දියේ දැම්මා වගේ එහෙම අවස්තාවක් ලැබීම. ඒ අනුව තමයි චන්ද්‍රන් රත්නම් මහත්මයා ගේ ‘‘ආදර කතාව.. චිත‍්‍රපටයේදී ශේෂා පලිහක්කාර මහත්තයාගේ සහය අංගරචනා ශිල්පියා විදියට මුලින්ම මම චිත‍්‍රපටි අංගරචනයට යොමුවෙන්නෙ.
     
     * වේදිකා නාට්‍යක අංගරචනා ශිල්පිෙයෙක් විමේ පළමු අද්දඅකීම අභියෝගයක් වුණාද
     
     ඒ අවස්තාව අහම්බයෙන් උදා වුණේ. මම වේදිකා නාට්‍ය බලන්න තිබුණ උනන්දුව වැඩි කමට කලින්ම හොල් එකට යනවා. දවසක් නාමල් ප‍්‍රියදේව ගේ ‘‘ මම නිලමේ .. නාට්‍යයේ 3.30 දර්ශනය බළන්න යනකොට ඒ නාට්‍යයේ අංගරචනා ශිල්පියා මට පාරෙදි මුණ ගැනෙවා.. ඒ අවස්තාවේ.. ‘‘ වසන්ත ඔයත් මේකප් කරනවා නේද”.. මට පොඩි හදිස්සියක්.” මෙන්න මේ බඩු ටික අරන් ගිහින් ඔයා මේකප් එක පටන් ගන්න” මම ඉක්මනටම එන්නම්.‘ කියල ඔහු මට කියනවා. නාට්‍ය තිබුණේ ලූම්බිණියෙ. එයා ගියේ තිඹිරිගස් යායට ගිහින් එන්න. නාට්‍යයේ හිටිය ශිල්පීන් මම අªනනවා. ඒ නිසා ඔහු එයි කියල හිතල මම වැඬේ කළා. හැබැයි 6.30 දර්ශනයටත් ආවේ නෑ. හැබැයි අන්තිමේට ? ඇවිත් මේකප් බඩු ටික අරන් ගියා. අංග රචනා ශිල්පියෙක් විදියට තනිවම වේදිකා නාට්‍යක වැඩ කළේ එදා.
     
     * ශේෂා පලිහක්කාර එක් පැත්තකින් හොඳ නැටුම් ගුරුවරයෙක්. ඔබට නැටුම් ශිල්පය හදාරන්න හිතුනෙ නැද්ද
     
     සිංදු කියන්න පුළුවන් සහ නර්ථනය ඉතා හො`දින් කරන්න පුළුවන් අය විතරයි සරත්චන්ද්‍ර මහත්තයා ගේ මනමේ නාට්‍යයේ වැද්දන්ට පවා තොරගනිමින් හිටියේ. මට ආසාව තිබ්බට ඒ හැකියාව නැති නිසා ඒ පැත්තට යොමුවුණේ නෑ.
     
     * පරාක‍්‍රම නිරිඇල්ලගේ කඩ ඉම ටෙලි නාට්‍ය ඔබේ කලා ජිවිතයටත් කඩ ඉමක් වුණා නේද
     
     ඔව්. හේතුව ටෙලි නාට්‍ය රංගනයට මම පළමුවෙන්ම සම්බන්ධ වෙන්නෙ කඩ ඉමෙන්.
     
     * ඒ කාලේත් ඔබ වැඩිපුර යොමු වුණේ වේදිකාවටද
     
     රූපවාහිනිය ආව මුල්ම කාලේ බුමුතුරුනු නාට්‍යයේ මම කරපු නෝරිස් මාමා ගේ චරිතය අදටත් මිනිස්සුන්ට මතකයි. ඒ වගේම තාරාදේවී නාට්‍යයේ මගේ චරිතයත් තාම ගොඩක් අයට මතකයි. එහෙම බැලූවම ටෙලි නාට්‍ය තරුවක් නොවුණට අසු ගණන් වල ඉ`දලම මම මිනිස්සු දන්න චරිතයක් බවට පත්වෙනවා.
     
     ටොනි රණසිංහ” අයිරාංගනී සේරසිංහ” ගාමිණි ෆොන්සේකා” විජේ කුමාරතුංග වැනි තරු බිහිවුණ යුග ගණනාවක ශිල්පීන් සමග අද්දැකීම් ඔබ සතුයි. දැන් වර්තමාන පරපුරත් එක්කත් ඔබ වැඩ කරනවා. එදා සහ අද දැනෙන වෙනස මොකක්ද
     
     එදා අය වෘත්තීමය බාවය කියන දේ තදින් රැුක්කා. වෙලාවට වැඩ කිරීම කියන දේ තද බල ලෙස ඒ අය තුළ තිබ්බා. වර්තමාන පරපුර ඒ අතින් බොහොම පසුගාමි තැනක ඉන්නෙ. මෙහෙම කියමු. ඉස්සර චිත‍්‍රපටියක අපේ ඇªමක් පවා අන්දනවා අඩුයි. අද වෙනකොට අපිට කියන්නෙ‘‘ අයියෙ ඔයා ඔය ඇඳන් ඉන්න ඇ`දුම හොඳයි. එකෙන්ම ඉන්න. ඊට පස්සෙ පහුවදා අහනවා ආ..ඔයා අර ඇ`දුම ගෙනාවෙ නැද්ද..
     
     එතකොට නළුවා කියනවා. ඔයා මට කිව්වෙ නෑ නෙ. ඒ නිසා මම ගෙනාවේ නෑ කියලා.
     
     ඔන්න එතකොට වාහන දාගෙන ෂූට් එකෙ වෙලාවත් කාලා වාහන දාගෙන අර ඇªම ගේන්න යනාව. ඔහොම වැඩ අද වෙන්නෙ.
     
     අලූත් පරපුර හරි තැනට ගන්නෙ නැති එකට ප‍්‍රවීණයෝ හැටියට ඔයාලත් වග කියන්න ඕන නේද
     
     වැඩ දන්නෙ නැති අය වැඩියෙන් ඉන්න තැනක” වැරද්ද හරි එක කියල හිතන බොහෝ පිරිසක් ඉන්න තැනකදි වැඩ දන්න මනුස්සයට නිකන්ම පැත්තකට වැටෙනවා. ඉතින් නිහ`ඩව ඉන්න
     
     දීර්ඝ කාලයක් කරපු කැප කිරීම් ඔබට ලැබී තිබෙන අගය කිරීම් ගැන තෘප්තිමත්ද
     
     පොදුවේ සම්මාන පනහකට වඩා මට ලැබිල තියෙනවා. ඊට අමතරව විශ්ව කිර්ති වැනි නම්බුනාම කිහිපයක් ලැබිල තිබුණත් මම ඒවා කොතනනකවත් පාවිච්චි කරන්නෙ නෑ. වේදිකාව” සිනමාව” ටෙලි නාට්‍ය යන අංශ තුනටම සම්මාන ලබාගත්ත දැනට ඉන්න එකම අංගරචනා ශිල්පියා මම. ඒක මම දකින්නෙ මගේ ජයග‍්‍රහණයට වඩා කේෂත‍්‍රයේ කඩා වැටීමක් විදියට.
     
     වර්තමානයේදී සම්මාන ලබා දෙන ආකාරය සහ ඒවායේ විනිවිදභාවය ගැන ඔබේ අදහස

     සම්මාන කියන්නෙ දිරිගැන්වීමක්. ඒ වගේම වැරදි සම්මානයක් දුන්න ගමන් එතන ඉඳන් ගොඩ නැගෙන්නෙ වැරදි ප‍්‍රමිතියක්. ඒ නිසා සම්මානවල විනිශ්චය මණ්`ඩලවල ඉන්න අය පෞද්ගලිකත්වය අමතක කරල” කරන විෂය ගැන විතරක් හිතල සම්මාන දෙනවනම් විනිවිදභාවයක් ගොඩ නැගෙනවා.
     
     කලාවයි ජීවිතයයි අතර ඔබේ ළඟම හිතවතුන් කව්ද
     
     වේදිකා නාට්‍යවලදී ජීවිතයේ වැඩි කාලයක් ඇසුරු කරන්න ලැබුණු කෙනෙක් ශ‍්‍රීයන්ත මෙන්ඩිස්. අනෙක් පැත්තෙන් ජයලාල් රෝහණ සොවියට් මිත‍්‍රත්ව සංගමයේ ඉන්න කාලෙ ඉඳන් මතවාද අස්සෙ ඇසුරක් තිබ්බා. පස් කාලීනව ලංකාවේ අංග රචනා ශිල්පය වෙනස්විය යුතු ආකාරය ගැන ඔහුගෙ මරණය දක්වාම ඔහුුත් මාත් අතර හොඳ සංවාදයක් ගොඩ නැගුණා. ඔහුගෙ මරණය තෙක්ම අපි ඒ වෙනුවෙන් වැඩ කළා.
     
     
     තිස්ස ගුණතිලක
     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS