Wasantha Wittachchi

Wasantha Wittachchi

වසන්ත විට්ටච්චි

Born 21 December Died 26 February 2025

21 December - 26 February 2025

59.38% · 2,353 votes
Rate this artist

Summary

NameWasantha Wittachchi
Sinhala Nameවසන්ත විට්ටච්චි
Born21 December
Died26 February 2025

Biography

ටෙලි නාට්‍ය රංගනයට පළමුවෙන්ම සම්බන්ධ වෙන්නෙ ‘කඩ ඉමෙන් ‘

වසන්ත විට්ටච්චි යනු ලාංකේය සිනමාව” වෙදිකාව” ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක අද්දැකීම් සම්භාරයක් හිමි කලාකරුවෙකි. අංග රචනා ශිල්පියෙකු ලෙස ඔහු තුළ ඇති ප‍්‍රතිරූපයට නොදෙවෙනි ප‍්‍රතිරූපයක් රංගන කාර්ය සඳහාද හිමි කරගෙන ඇති ඔහු කලා තුරකින් දැකිය හැකි මානවීය ගුණයන් සහිත කලා ශිල්පියෙකි. මේ කතා බහ ඔහු ගැන කියවීමට ගත් උත්සහයකි.

* මේ ගමනේ ආරම්භය රංගනයද නැත්නම් වේෂ නිරූපණයද

ඇත්තටම මම රඟපාන්න තමයි මුලින් යොමුවුණේ. වේෂ නිරූපණයට යොමුවුණේ නොසිතූ මොහොතක.

* ඒ අතීතයට මතකය ගෙන යමුද

මම පාසැල් අධ්‍යපානය ඉවරකරන 1975 වගේ කාලෙදි සොවියට් සංස්කෘතික මන්දිරයේ රුසියන් භාෂා ඩිප්ලෝමා පාඨමාලාව කරන්න මට අවස්තාව ලැබෙනවා. ඒ කාලේ රුසියාවේ තිබ්බ සෞභාග්‍යත් එක්ක අපි රුසියාවට ඇළුම් කළා. ඔතන හිටියා නිමල් පතිරණ කියල යාළුවෙක්. එයා නාට්‍යක් කරන්න පටන් ගන්නවා කියල මටත් කතා කළා චරිතයකට. මට ලැබුණේ ලූකස් නැමති ආයුධ තනන්නෙකුගේ චරිතයක්. ඒ නාට්‍ය තමයි ‘‘රත්තෝ.. නැමති නාට්‍ය. මේ නාට්‍ය සෝවියට් සංස්කෘතික මන්දිරය හරහා ආව නිසා ඒ කාලේ පොඩි ආන්දෝලනයක් ඇති වුණා. ඒ නාට්‍යන් තමයි මම රඟපෑමට එක්වුණේ. හැබැයි එතනදි මට තේරුණා මේක හදරලා කරන්න ඕන වැඩක් කියල. මේ ලයනල් වෙන්ටිඞ් ශිල්ප ශාලිකාවට සිසුන් බඳවා ගන්න කාලය. මට පුළුවන් වුණා ඒ පාඨමාලාවට ඇතුල් වෙන්න. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර” ධම්ම ජාගොඩ” බන්දුල ජයවර්ධන” සුනන්ද මහේන්ද්‍ර වගේ මහත්වරුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගැනීමේ අවස්තාව ලැබෙන්නෙ එතනිදි.

* රංග කලාව හැදෑරීම ලයනල් වෙන්ට්ඞ් එකට පමණක් සීමා වුණාද

නැ නැ. ආචාර්ය සාලමන් ෆොන්සේකා සහ විදේශීය ගුරුවරුන් යටතේ ඉගෙනගන්න මට අවස්තාව ලැබෙනවා. ෆ‍්‍රෑන්ක් යුන්ගමන්” ෆෙඞ්රික් ඩොෆ්” වුල්ෆ් ඔෆ් මෙහෙරින් ෆික්ස් බෙනිෆිටිස. හෙරිනා ලෙච්චිමති් වගේ අය ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා. මේ අය පවත්වපු වැඩමුළු වලින් ඉගෙන ගත්ත දේ තමයි අදට පවා අපි භාවිතයට ගන්නෙ. 1983 දී පින්ලන්තයේ පැවති ආසියාතික තරුණ නාට්‍ය කරුවන්ගෙ සම්මේලනයට සහභාගි වීමට අවස්තාව ලැබන්නෙ මේ අද්දැකීම් එක්ක. රංගනය සම්බන්ධව එදා කරපු ඒ අභ්‍යාස තවමත් ප‍්‍රයෝජනවත්.

* අංග රචනා ශිල්පියෙක් විදයට කේෂත‍්‍රයේ ඔබට ගෞරවනීය පිළිගැනීමක් තිබෙනවා. එහි මුල අල්ල ගන්නෙ කොතනින්ද

අපිත් එක්කම ඔය පාඨමාලාව හදාරමින් හිටියා ක‍්‍රිස්ටි ශෙල්ටන් ප‍්‍රනාන්දු. එතකොටත් ක‍්‍රිස්ටි ‘‘ පැනි හටන සමග ගොන් දෙන්නෙක්.. කියල නාට්‍යක් කරමින් හිටියා. මේ නාට්‍යයේ මට චරිතයක් තිබුණෙ නෑ. හැබැයි යාළුවන්ගෙ නාට්‍ය නිසා මාත් එයාල යන යන තැන උදව්වට යන්න පුරුදුවෙලා හිටියා. ඒකෙ අංග රචනා ශිල්පියා විදියට හිටියේ ශේෂා පලිහක්කාර මහත්තයා යටතේ වැඩ කළ රංජිත් වික‍්‍රමසිංහ. ඉතින් මම ඩෙ‍්‍රසින් රූම් එකේ නාට්‍ය කණ්`ඩායමේ වැඩ වලට උදව් කරනගෙන ඉන්න කොට ඔහු දවසක් කිව්වා ‘‘ වසන්ත ඔයා කැමති නම් බේස් එක දාල ගන්න කියල. මමත් ඉතින් ටික ටික ඒ වැඬේට බැස්සා.

හැබැයි මම ප‍්‍රධාන වශයෙන්ම මම අංගරචනා ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙන්නෙ රංජිත් වික‍්‍රමසිංහ නිසාම තමා. ඔහු දවකසක් මගෙන් ඇහුවා ‘‘ ශේෂා පලිහක්කාර සර් ඇසිස්ටන්ට් කෙනෙක් හොයනවා” ඔයාට පුළුවන්ද වැඩ කරන්න.. කියල. මටත් ඉතින් ඉබ්බා දියේ දැම්මා වගේ එහෙම අවස්තාවක් ලැබීම. ඒ අනුව තමයි චන්ද්‍රන් රත්නම් මහත්මයා ගේ ‘‘ආදර කතාව.. චිත‍්‍රපටයේදී ශේෂා පලිහක්කාර මහත්තයාගේ සහය අංගරචනා ශිල්පියා විදියට මුලින්ම මම චිත‍්‍රපටි අංගරචනයට යොමුවෙන්නෙ.

* වේදිකා නාට්‍යක අංගරචනා ශිල්පිෙයෙක් විමේ පළමු අද්දඅකීම අභියෝගයක් වුණාද

ඒ අවස්තාව අහම්බයෙන් උදා වුණේ. මම වේදිකා නාට්‍ය බලන්න තිබුණ උනන්දුව වැඩි කමට කලින්ම හොල් එකට යනවා. දවසක් නාමල් ප‍්‍රියදේව ගේ ‘‘ මම නිලමේ .. නාට්‍යයේ 3.30 දර්ශනය බළන්න යනකොට ඒ නාට්‍යයේ අංගරචනා ශිල්පියා මට පාරෙදි මුණ ගැනෙවා.. ඒ අවස්තාවේ.. ‘‘ වසන්ත ඔයත් මේකප් කරනවා නේද”.. මට පොඩි හදිස්සියක්.” මෙන්න මේ බඩු ටික අරන් ගිහින් ඔයා මේකප් එක පටන් ගන්න” මම ඉක්මනටම එන්නම්.‘ කියල ඔහු මට කියනවා. නාට්‍ය තිබුණේ ලූම්බිණියෙ. එයා ගියේ තිඹිරිගස් යායට ගිහින් එන්න. නාට්‍යයේ හිටිය ශිල්පීන් මම අªනනවා. ඒ නිසා ඔහු එයි කියල හිතල මම වැඬේ කළා. හැබැයි 6.30 දර්ශනයටත් ආවේ නෑ. හැබැයි අන්තිමේට ? ඇවිත් මේකප් බඩු ටික අරන් ගියා. අංග රචනා ශිල්පියෙක් විදියට තනිවම වේදිකා නාට්‍යක වැඩ කළේ එදා.

* ශේෂා පලිහක්කාර එක් පැත්තකින් හොඳ නැටුම් ගුරුවරයෙක්. ඔබට නැටුම් ශිල්පය හදාරන්න හිතුනෙ නැද්ද

සිංදු කියන්න පුළුවන් සහ නර්ථනය ඉතා හො`දින් කරන්න පුළුවන් අය විතරයි සරත්චන්ද්‍ර මහත්තයා ගේ මනමේ නාට්‍යයේ වැද්දන්ට පවා තොරගනිමින් හිටියේ. මට ආසාව තිබ්බට ඒ හැකියාව නැති නිසා ඒ පැත්තට යොමුවුණේ නෑ.

* පරාක‍්‍රම නිරිඇල්ලගේ කඩ ඉම ටෙලි නාට්‍ය ඔබේ කලා ජිවිතයටත් කඩ ඉමක් වුණා නේද

ඔව්. හේතුව ටෙලි නාට්‍ය රංගනයට මම පළමුවෙන්ම සම්බන්ධ වෙන්නෙ කඩ ඉමෙන්.

* ඒ කාලේත් ඔබ වැඩිපුර යොමු වුණේ වේදිකාවටද

රූපවාහිනිය ආව මුල්ම කාලේ බුමුතුරුනු නාට්‍යයේ මම කරපු නෝරිස් මාමා ගේ චරිතය අදටත් මිනිස්සුන්ට මතකයි. ඒ වගේම තාරාදේවී නාට්‍යයේ මගේ චරිතයත් තාම ගොඩක් අයට මතකයි. එහෙම බැලූවම ටෙලි නාට්‍ය තරුවක් නොවුණට අසු ගණන් වල ඉ`දලම මම මිනිස්සු දන්න චරිතයක් බවට පත්වෙනවා.

ටොනි රණසිංහ” අයිරාංගනී සේරසිංහ” ගාමිණි ෆොන්සේකා” විජේ කුමාරතුංග වැනි තරු බිහිවුණ යුග ගණනාවක ශිල්පීන් සමග අද්දැකීම් ඔබ සතුයි. දැන් වර්තමාන පරපුරත් එක්කත් ඔබ වැඩ කරනවා. එදා සහ අද දැනෙන වෙනස මොකක්ද

එදා අය වෘත්තීමය බාවය කියන දේ තදින් රැුක්කා. වෙලාවට වැඩ කිරීම කියන දේ තද බල ලෙස ඒ අය තුළ තිබ්බා. වර්තමාන පරපුර ඒ අතින් බොහොම පසුගාමි තැනක ඉන්නෙ. මෙහෙම කියමු. ඉස්සර චිත‍්‍රපටියක අපේ ඇªමක් පවා අන්දනවා අඩුයි. අද වෙනකොට අපිට කියන්නෙ‘‘ අයියෙ ඔයා ඔය ඇඳන් ඉන්න ඇ`දුම හොඳයි. එකෙන්ම ඉන්න. ඊට පස්සෙ පහුවදා අහනවා ආ..ඔයා අර ඇ`දුම ගෙනාවෙ නැද්ද..

එතකොට නළුවා කියනවා. ඔයා මට කිව්වෙ නෑ නෙ. ඒ නිසා මම ගෙනාවේ නෑ කියලා.

ඔන්න එතකොට වාහන දාගෙන ෂූට් එකෙ වෙලාවත් කාලා වාහන දාගෙන අර ඇªම ගේන්න යනාව. ඔහොම වැඩ අද වෙන්නෙ.

අලූත් පරපුර හරි තැනට ගන්නෙ නැති එකට ප‍්‍රවීණයෝ හැටියට ඔයාලත් වග කියන්න ඕන නේද

වැඩ දන්නෙ නැති අය වැඩියෙන් ඉන්න තැනක” වැරද්ද හරි එක කියල හිතන බොහෝ පිරිසක් ඉන්න තැනකදි වැඩ දන්න මනුස්සයට නිකන්ම පැත්තකට වැටෙනවා. ඉතින් නිහ`ඩව ඉන්න

දීර්ඝ කාලයක් කරපු කැප කිරීම් ඔබට ලැබී තිබෙන අගය කිරීම් ගැන තෘප්තිමත්ද

පොදුවේ සම්මාන පනහකට වඩා මට ලැබිල තියෙනවා. ඊට අමතරව විශ්ව කිර්ති වැනි නම්බුනාම කිහිපයක් ලැබිල තිබුණත් මම ඒවා කොතනනකවත් පාවිච්චි කරන්නෙ නෑ. වේදිකාව” සිනමාව” ටෙලි නාට්‍ය යන අංශ තුනටම සම්මාන ලබාගත්ත දැනට ඉන්න එකම අංගරචනා ශිල්පියා මම. ඒක මම දකින්නෙ මගේ ජයග‍්‍රහණයට වඩා කේෂත‍්‍රයේ කඩා වැටීමක් විදියට.

වර්තමානයේදී සම්මාන ලබා දෙන ආකාරය සහ ඒවායේ විනිවිදභාවය ගැන ඔබේ අදහස

සම්මාන කියන්නෙ දිරිගැන්වීමක්. ඒ වගේම වැරදි සම්මානයක් දුන්න ගමන් එතන ඉඳන් ගොඩ නැගෙන්නෙ වැරදි ප‍්‍රමිතියක්. ඒ නිසා සම්මානවල විනිශ්චය මණ්`ඩලවල ඉන්න අය පෞද්ගලිකත්වය අමතක කරල” කරන විෂය ගැන විතරක් හිතල සම්මාන දෙනවනම් විනිවිදභාවයක් ගොඩ නැගෙනවා.

කලාවයි ජීවිතයයි අතර ඔබේ ළඟම හිතවතුන් කව්ද

වේදිකා නාට්‍යවලදී ජීවිතයේ වැඩි කාලයක් ඇසුරු කරන්න ලැබුණු කෙනෙක් ශ‍්‍රීයන්ත මෙන්ඩිස්. අනෙක් පැත්තෙන් ජයලාල් රෝහණ සොවියට් මිත‍්‍රත්ව සංගමයේ ඉන්න කාලෙ ඉඳන් මතවාද අස්සෙ ඇසුරක් තිබ්බා. පස් කාලීනව ලංකාවේ අංග රචනා ශිල්පය වෙනස්විය යුතු ආකාරය ගැන ඔහුගෙ මරණය දක්වාම ඔහුුත් මාත් අතර හොඳ සංවාදයක් ගොඩ නැගුණා. ඔහුගෙ මරණය තෙක්ම අපි ඒ වෙනුවෙන් වැඩ කළා.

තිස්ස ගුණතිලක

Awards

National Awards

1 Best Make-up Artist Kusa Paba - 2012 2nd Derana Film Awards 2013 - 2013
2 Best Make-Up Artist Udu Gan Yamaya - 2006 32nd Sarasaviya Awards - 2007 - 2007
3 Best Make-up Artist Chandakinnari - 1998 25th OCIC Award Ceremony 1999 - 1999
4 Best Make-up Artist [2nd] Julietge Boomikawa - 1998 25th OCIC Award Ceremony 1999 - 1999
5 Best Make-up Artist Sihina Deshayen - 1996 25th Sarasaviya Awards - 1998 - 1998
6 Best Make-Up Artist Sihina Deshayen - 1996 11th Presidential Award 1997 - 1997
7 Best Make-up Artist Sihina Deshayen - 1996 8th Swarna Sanka Cinema Awards Ceremony 1997 - 1997

As a Cast

#Film NoYearFilm RoleDirector
1 6771989 Sirimadura සිරිමැදුර Actor Parakrama Niriella
2 7001991 Weda Barinam Wedak naha වැඩ බැරිනම් වැඩක් නෑ Actor Upali Piyarathna
3 7031991 Kelimadala කෙළිමඩල Actor D. B. Nihalsinghe
4 7491993 Gurugedara ගුරු ගෙදර Actor Vijaya Darma Sri
5 8101995 Maruthaya මාරුතය Actor Wasantha Obeysekara
6 8291996 Sihina Deshayen සිහින දේශයෙන් Actor Boodee Keerthisena
7 8801998 Anthima Reya අන්තිම රැය Actor Gamini Fonseka
8 9582002 Sudu Sewaneli සුදු සෙවනැලි Actor Sunil Ariyaratne
9 9712002 Sathkampa සත්කම්පා Actor Chandrarathna Mapitigama
10 9752002 Arumosam Wehi අරුමෝසම් වැහි Actor Priyantha Colambage
11 10702007 Sikuru Hathe සිකුරු හතේ Actor Giriraj Kaushalya
12 11472012 Maathaa මාතා Actor Boodee Keerthisena
13 12252016 Paththini පත්තිනි Actor Sunil Ariyaratne
14 12842018 Garasarapa ඝරස්රප Actor Jayantha Chandrasiri
15 13172019 President Super Star Actor Udayakantha Warnasuriya
16 13232020 Suparna සුපර්ණා Actor Sujeewa Priyal
17 13322021 Aale Corona ආලේ කොරෝනා Actor Sanjaya Nirmal
18 13422021 NimHim නිම්හිම් Actor Mitchell Fonseka
19 13622022 Gindari 3 ගින්දරී 3 Actor Udayakantha Warnasuriya
20 13742023 Midunu Vishwaya මිදුණු විශ්වය Actor Jayantha Chandrasiri
21 13762023 Kadira Divyaraja කදිර දිව්‍යරාජ Actor Sunil Ariyaratne
22 13782023 Kathuru Mithuru කතුරු මිතුරු Actor Giriraj Kaushalya
23 14022024 Sihina Sameekarana සිහින සමීකරණ: අයිස් දියවන ලයිෆ් ප්‍රේමය Actor Sasika Herath
24 14062024 Mandaraa මන්දාරා Actor Priyantha Colambage
25 14142024 Sri Siddha ශ්‍රී සිද්ධා Actor Sarath Weerasekara
26 14352025 Devi Kusumasana දේවි කුසුමාසන Actor Jayantha Chandrasiri
27 14572026 Sergeant Punchisoma සාජන්ට් පුංචිසෝම Actor Udayakantha Warnasuriya

As a Crew

Assistant Makeup

#Film NoYearFilm RoleDirector
1 6261986 Peralikarayo පෙරළිකාරයෝ Assistant Makeup Dinesh Priyasad

Make-up Artists

#Film NoYearFilm RoleDirector
1 8191995 Ayoma අයෝමා Make-up Artists Parakrama Niriella
2 8291996 Sihina Deshayen සිහින දේශයෙන් Make-up Artists Boodee Keerthisena
3 10072004 Sumedha සුමේධා Make-up Artists K.A.W. Perera
4 10192004 Mille Soya මිල්ලේ සොයා Make-up Artists Boodee Keerthisena
5 10542006 Udu Gan Yamaya උඩු ගං යාමය Make-up Artists Sudath Devapriya
6 10712007 Uppalawanna උප්පලවන්නා Make-up Artists Sunil Ariyaratne
7 10892008 Aba අබා Make-up Artists Jackson Anthony
8 11472012 Maathaa මාතා Make-up Artists Boodee Keerthisena
9 11512012 Vijaya Kuweni විජය කුවේණි Make-up Artists Sugath Samarakoon
10 11562012 Senasuru Maruwa සෙනසුරු මාරුව Make-up Artists Udayakantha Warnasuriya
11 11732013 Samanala Sandhawaniya සමනල සංධවනිය Make-up Artists Jayantha Chandrasiri
12 11832014 Kosthapal Punyasoma කොස්තාපල් පුඤ්ඤසෝම Make-up Artists Udayakantha Warnasuriya
13 11862014 Ehelepola Kumarihami ඇහලෙපොල කුමාරිහාමි Make-up Artists Sugath Samarakoon
14 13172019 President Super Star Make-up Artists Udayakantha Warnasuriya
15 14572026 Sergeant Punchisoma සාජන්ට් පුංචිසෝම Make-up Artists Udayakantha Warnasuriya

Upcoming Films

#Film RoleDirector
1 Ramaseraya රාමසැරය Make-up Artists Sumith Kumara
2 Maathra මාත්‍රා Actor Kusumchandra Gamage
3 Thanapathilage gedara තානාපතිලාගේ ගෙදර Actor Nalin Mapitiya
4 Shadow ෂැඩෝ Actor Chalaka Jayasinghe
5 Shadow ෂැඩෝ Make-up Artists Chalaka Jayasinghe