Maathra

Maathra

මාත්‍රා

Colour 35mm Yet to be released

Yet to be released

59.36% · 1,815 votes
Rate this film

Summary

NameMaathra / මාත්‍රා
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama

Description

කුසුම් චන්‍ද්‍ර ගමගේ සිය නවතම චිත්‍රපටයේ වැඩ කටයුතු මෙම වසර තුළ දී ඇරඹීමට සුදානමිනි. මාත්‍රා ලෙස නම් දී ඇති එහි ප්‍රධාන නළු වරිතයට යොවුන් නැඟී එන නළුවෙක් වන උදිත් අබේරත්න තෝරා ගෙන සිටී.

මාත්‍රා ඉපැරණි දික්තල – කාලගෝල කතා පුවතට සපයන නව අර්ථකථනයක් බව බවසන කුසුම්, ආබාධිත තරුණයකුට පෙම් කළ අන්ධ තරුණියක් පෙනීම ලැබීමත් ඉන් අනතුරුව ඇය පෙර පෙම් කළ ආබාධිත තරුණයාට දක්වන ආදරයේ ස්වභාවයත් විෂයය කර ගන්නා බවක් වැඩිදුරටත් පවසා සිටී.

දුලීකා මාරපන, විශාඛා සිරිවර්ධන, ලාල් වීරසිංහ, වසන්ත විට්ටච්චි, ශ්‍රීමාල් වෙඩිසිංහ මේ වන විටත් මෙහි කැපී පෙනෙන චරිත කිහිපයකට තෝරා ගෙන සිටිති. සෙසු චරිත අතුරින් ප්‍රධාන නිළියට සහ කැපී පෙනෙන යොවුන් නිළි චරිතයකට නවක නිළියන් දෙදෙනෙක් අවශ්‍ය බව අධ්‍යක්‍ෂවරයා පවසයි. වයස අවුරුදු 25 ට අඩු නර්තන හැකියාවෙන් යුතු කැපවීමෙන් වැඩ කළ හැකි රංගනයට හිතැති රුවැත්තියන්ට මේ චරිත වෙනුවෙන් අයදුම් කළ හැකියි. එවැන්නියන් සමීප වර්ණ ඡායාරූපයක් ද සහිතව අයදුම්පතක් කුසුම්චන්‍ද්‍ර ගමගේ, නො.110/6, කොස්ගම යන ලිපිනයට එවන මෙන් අධ්‍යක්‍ෂවරයා දන්වා සිටී.

නුවරඑලිය, බණ්ඩාරවෙල සහ මතුගම අවට මෙහි රූගත කිරීම් සිදු කරන්නට නියමිතයි.

කුසුම් චන්‍ද්‍ර සහ රංජිත් ජයසිංහ එක්ව මෙම නව චිත්‍රපටයට බර පැන දරති. කැමරා අධ්‍යක්‍ෂණයෙන් එම්. ඒ. ගෆූර් ද, අංග රචනයෙන් ගාමිණී කොස්තා ද, සංගීත අධ්‍යක්‍ෂණයෙන් විශාරද විජේසුන්දර වේරගොඩ ද එක්වීමට නියමිත මේ සඳහා කතාව, දෙබස් තිර රචනය නිර්මාණය ද කුසුම් චÁද්‍ර ගෙන්මය. ඔහුගේම “මුතු සළඹ” චිත්‍රපටය එළඹෙන දෙසැම්බරයේ ඹ්ඉච් මණ්ඩලයේ සිනමාහල්වලින් තිරගත කිරීමට නියමිතයි.

Cast

Crew

Other Crew