පත්තිනි යනු සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 වර්ෂයේ තිරගත වූ සිංහල චිත්‍රපටයකි. සුනිල් ආරියරත්නයන්ගේ 20වන සිනමා අධ්‍යක්ෂණයයි. මෙහි නිෂ්පාදනය මිලීනා සුමතිපාල වන අතර තිලංග සුමතිපාල,ජගත් සුමතිපාල සම නිෂ්පාදකවරුන් වේ.මෙම් චිත්‍රපටිය පත්තිනි දේවියගේ පතිවත ගෙන ගිය ආකාරයත්, ඇගේ ශාපයත් මැනෙවින් දක්වා ඇත. පත්තිනි කතාමාලාවෙහි ඇතුලත් චරිතාංග වලට පණ පොවනු ලබන්නේ පූජා උමාශංකර්, උද්ධික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ, රවින්ද්‍ර රන්දෙණිය, සරත් අල්විස් යන නළු නිළියන් විසිනි. මංගල ප්‍රදර්ශනය 2016 මැයි 05 දින රීගල් - කොළඹ හීදී කරූ ජයසූරිය මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. මෙහි ප්‍රචාරණ කටයුතු ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලාහීදී සිදුවේ. එහිදී ලංකාවේ මෙතෙක් චිත්‍රපට අතරින් දෛනික ආදායම් ඉපයීම අතරින් දෙවන ස්ථානයේ පත්තිනි රැඳුනා.