Peralikarayo

Peralikarayo

පෙරළිකාරයෝ

Colour 35 mm

Film No: 626  ·  Released: 25 Apr 1986

58.06% · 2,938 votes
Rate this film

Summary

NamePeralikarayo / පෙරළිකාරයෝ
Film No626
Released Date25 Apr 1986
ColorimeterColour
Video Format35 mm
Duration2H 46min
Movie GroupSinhala
CategoryDrama
CompanyTK Films

National Awards

For The Film

1 Famous Film [3rd] 15th Sarasaviya Awards - 1987 - 1987
2 Over 5000K Income First Round - Silver Award 9th Presidential Award 1987 - 1987

Description

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් - ග්‍රෑන්ඩ්පාස්, නිව් ඉම්පීරියල් - පානදුර, විජිත – රත්මලාන, හිමාලි - කිරිබත්ගොඩ, සරසවි – ගාල්ල, අනූෂා මහරගම, ජයන්තා ගම්පහ, ඕඩියන් – මහනුවර, මොඩර්න් – කුරුණෑගල, ටාසන් – කෑගල්ල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව

විජය සහෝදරවරුන් සය දෙනෙකුගේ වැඩිමල් සොහොයුරා වේ. තමා බාල අවධියේම අහිමි වූ අම්මාගේ අඩුව පුරවාලමින් සහෝදරයන් පණ සේ රැක බලා ගනියි. එනමුදු සහෝදරයන්ගේ එකමුතුව, නොහික්මීම, අකීකරුකම් නිසාවෙන් විජය තම සහෝදරයන් ඉදිරියේ දර දඬු චරිතයක් වෙයි. මදකට හෝ තමන්ට කීකරුව සිටිනුයේ ඔහුගේ බාලම සොහොයුරා පමණි. අයියාගෙන් බාලයාට විශේෂ සැලකිල්ලක් ලැබේ යැයි සිතා අනෙක් සහෝදර වරුන් ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කිරීය. විජය අනෙක් සහෝදරවරුන්ට එකමුතුකම හොඳින් පහදා දී ඔවුන් සමඟි කරවීය.

දිනක් විජය මත්පැන් හලකට ගොඩ වැදුනි. එහි කෙලවරක තම මිතුරා වූ සරත් සිටිනවා දුටීය. තම පෙම්වතිය විරසක වූ බව ඔහු පැවසීය. ගැටලුව නිරාකරණය කිරීමට විජය සරත්ගේ පෙම්වතිය රේඛා සොයා පිට වෙයි. රේඛා හමු වී සියල්ල තේරුම් කරයි. තුෂ්නිම්භූත වූ ඈ විජයගේ කම්මුලට පහරක් එල්ල කරයි.

තම මිතුරාගේ පෙම්වතිය යැයි සිතා කතා කර ඇත්තේ වෙනත් කෙල්ලකුටය. කම්මුල් පහර කාගෙන පාරට බැස්සේ ඇයව කෙසේ හෝ ලබා ගන්නවා කියා සිතාය. කිරි මුට්ටි හිසේ ගසාගෙන ඔහු ප්‍රේමයේ ජය ලැබීය.

නිවෙසට කැඳවාගෙන එන පෙම්වතිය පිලිගැනීම සඳහා සොහොයුරන් හට නියෝග දුන් විජය විවාහය ලියාපදිංචි කර නිවෙස වෙත මනමලිය කැටුව පැමිණියේය. හදිසියේ වූ ගාල ගෝට්ටියකින් සියල්ල අවුල් විය. නිවෙසට ගොඩ වූ ඈ හැඩි වූ නිවෙසද, වනචාරීන් වැනි සහෝදරයින්ද පිරිසිදු කිරීමට මුලපිරීය.

දිනක් සහෝදරයින් විසින් අබ්බගාත තරුණියක් අනතුරකින් බේරාගනු ලබනවා. ඇයටද මිතුරියන් සය දෙනෙකි. අක්කාගේද සහයෝගයෙන් තම පෙම්වතියන් දිනා ගැනීම සඳහා සහෝදරයින් පිලිවෙලක් විය. අබ්බගාත තරුණිය නාලිකා ය. ඇගේ මවු පියන් මියැදුනු දා සිට ඇයව බලාගන්නේ ටොබට් මාමා ය. ඒ දේපලවලට කෑදර කමිනි.

කුඩා කල සිටම ආදරයෙන් බලාගත් රොබට් මාමාට තවත් කරදර කිරීමට නොසිතූ නාලිකා මිතුරියන්ද සමඟ හොර රහසේම නිවසින් පිටව තම පෙම්වතුන්ගේ නිවස බලා පිටවිය.

තම පෙම්වතුන්ගේ නිවෙස් කරා ඔවුන් පිටව යාම නිසා රොබට්ගේ අරමුණට බැම්මක් ඇති විය. කෙසේ හෝ නාලිකා මරා දමා දේපල ලබා ගැනීමට ඔහු බන්ධනාගාරයෙන් නිදහස් වන දාමරිකයෙකු හමුවෙයි. ඔහු සැම්සන්‍ වූ අතර පෙනුමින් විජයම වැනි විය. රොබට් විසින් විජයව පැහැරගන්නා ලදි. විජය මෙන් වෙස් වලාගත් සැම්සන් විජයගේ නිවෙස වෙත පිය මනිනුයේ නාලිකා මරා දමන්නටයි.

නාලිකා මරා දමන්නට සූදානම් වුවද ඔහුට හිත් නොදීය. නාලිකා යලි දෙපයින් ඇවිදින්නටද ඔහුම හේතුවක් වූයේය. නොදැනීම සැම්සුන් නාලිකා හට ආදරය කිරීමට පටන් ගැනීය. එනිසාවෙන් ඔහු නිවෙසට ආ කාරණය ගැන සත්‍ය පවසයි.

සැම්සුන් විජය බේරාගැනීම සඳහා සහෝදරයන් සමඟ පිටවෙයි. විජයව බේරා ගත් ඔහුට ඔවුන් සමඟ ජීවත් වීමට වරම් ලැබීය. නාලිකාගේ ආදරයද හිමිවිය.

Film No: 626 - Year: 1986

Cast

Crew

Other Crew