Vijaya Kumaranatunga

Vijaya Kumaranatunga

විජය කුමාරතුංග

Full Name: Kovilage Anton Vijaya Kumaranatunga Born 9 October 1945 Died 16 February 1988

9 October 1945 - 16 February 1988

82.17% · 13,401 votes
Rate this artist
Artist Note

Died - February 16, 1988 Polhendoga, Sri Lanka

Summary

NameVijaya Kumaranatunga
Sinhala Nameවිජය කුමාරතුංග
Full NameKovilage Anton Vijaya Kumaranatunga
Born9 October 1945
Died16 February 1988

Biography

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග (දෙමළ: விஜய குமாரணதுங்க) විජය කුමාරණතුංග, ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.

පෙර අවධිය

මොහුගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගැනීය. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇත.

සිනමා දිවිය

විජය කුමාරතුංග චිත්‍රපට ලැයිස්තුව: විජය කුමාරතුංග සිනමාගමනය
විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( "සහරාවේ සිහිනය"(1990) චිත්‍රපටයට - "වළාකුළක් ගෙන මුවා කරමු හිරු" & "දොළොස් මහේ පහන" චිතපටයට - "සාරා ගුවන විද නැගුන"). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී "ගොඩ් කින්ග්" නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම "නැංගුරම්" නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය "වරදට දඬුවම්"(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය "ඇය ඔබට බාරයි" එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.

ඝාතනය

විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.

අවමංගල්‍ය උත්සවය හා පසුව

විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. [20] හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), "භයානක අඟහරුවාදා" නැතහොත් "අඳුරු අඟහරුවාදා" යනුවෙන් හැඳින්වේ.

Awards

National Awards

1 Best Singer - Male Dolosmahe Pahana - 1991 20th Sarasaviya Awards - 1992 - 1992
2 Best Singer - Male Saharawe Sihinaya - 1990 19th Sarasaviya Awards - 1991 - 1991
3 Best Actor Kedapathaka Chaya - 1989 3rd Swarna Sanka Cinema Awards Ceremony 1991 - 1 - 1991
4 Best Actor Kedapathaka Chaya - 1989 17th OCIC Award Ceremony 1990 - 1990
5 "Ranathisara" Award 16th Sarasaviya Awards - 1988 - 1988
6 Famous Actor 16th Sarasaviya Awards - 1988 - 1988
7 Famous Actor 15th Sarasaviya Awards - 1987 - 1987
8 Merit Award Devuduwa - 1986 9th Presidential Award 1987 - 1987
9 Famous Actor 14th Sarasaviya Awards - 1986 - 1986
10 Famous Actor 13th Sarasaviya Awards - 1985 - 1985
11 Famous Actor 12th Sarasaviya Awards - 1984 - 1984
12 Best Performance Award Mahagedara - 1982 11th Sarasaviya Awards - 1983 - 1983
13 Famous Actor 11th Sarasaviya Awards - 1983 - 1983
14 Merit Award Podi Malli - 1979 2nd Presidential Award 1980 - 1980
15 Best Actor - Merit Ahas Gauwa - 1974 7th Vicharaka Sammana Ulela 1975 - 1975

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1501967 Manamalayo මනමාලයෝ Actor T. Bawanandan
2 2051969 Romeo Juliet Kathawak රෝමියෝ ජුලියට් කතාවක් Actor G.D.L. Perera
3 2061969 Hanthane Kathawa හන්තානේ කතාව Main Actor Sugathapala Senarath Yapa
4 2171970 Priyanga ප්‍රියංගා Main Actor Amaranath Jayathilake
5 2261971 Ran Onchilla රන් ඔන්චිල්ලා Main Actor Dharma Sri Kaldera
6 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Actor Neil Rupasinghe
7 2291971 Abhirahasa අභිරහස Main Actor Lenin Morais
8 2301971 Kesara Sinhayo කේසර සිංහයෝ Main Actor Roland Amarasinghe
9 2321971 Bindunu Hadawath බිඳුණු හදවත් Actor Louie Vanderstraeten
10 2341971 Samanala Kumariyo සමනල කුමරියෝ Actor Wimaladasa Perera
11 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Actor Lenin Morais
12 2501972 Me Desa Kumatada මේ දෑස කුමටද Main Actor Thimothy Weerarathna
13 2531972 Adare Hithenawa Dakkama ආදරේ හිතෙනවා දැක්කම Actor Neil Rupasinghe
14 2551972 Vana Raaja වන රාජා Actor William Blakes
15 2591973 Thushara තුෂාරා Main Actor Yasapalitha Nanayakkara
16 2611973 Hathdinnath Tharu හත්දින්නත් තරු Main Actor Pathiraja L.S. Dayananda
17 2631973 Hondama Welava හොඳම වෙලාව Actor Lenin Morais
18 2671973 Dahakin Ekek දාහකින් එකෙක් Main Actor Meril Albert
19 2691974 Ahas Gauwa අහස් ගව්ව Main Actor Dharmasena Pathiraja
20 2701974 Duleeka දුලීකා Main Actor K.A.W. Perera
21 2811974 Susi සුසී Main Actor Sena Samarasinghe
22 2871974 Sanakeliya සැණකෙළිය Main Actor Wimaladasa Perera, Herbert Ranjith Peiris
23 2961975 Pem Kurullo පෙම් කුරුල්ලෝ Main Actor Louie Vanderstraeten
24 3131975 Sikuruliya සිකුරුලියා Main Actor H.D. Premarathna
25 3141975 Lassana Dawasak ලස්සන දවසක් Main Actor Nimal Silva
26 3181975 Sangeetha සංගීතා Main Actor Thimothy Weerarathna
27 3201976 Pradeepe Ma Weva ප්‍රදීපේ මා වේවා Main Actor Yasapalitha Nanayakkara
28 3241976 Wasana වාසනා Main Actor K.A.W. Perera
29 3271976 Ganga ගංගා Main Actor C.T. Perera, Pathiraja L.S. Dayananda
30 3301976 Diyamanthi දියමන්ති Main Actor Wasantha Obeysekara
31 3361976 Unnath Daahai Malath Daahai උන්නත් දාහයි මලත් දාහයි Main Actor Lenin Morais
32 3441976 Adarei Man Adarei ආදරෙයි මං ආදරෙයි Main Actor Lenin Morais
33 3481977 Sakunthala සකුන්තලා Main Actor Villiam Olamas
34 3521977 Hariyanakota Ohoma Thamai හරියනකොට ඔහොම තමයි Main Actor Gamini Hewawitharana
35 3531977 Hithuvoth Hithuvaamai හිතුවොත් හිතුවාමයි Main Actor Lenin Morais
36 3551977 Pembara Madu පෙම්බර මදූ Main Actor Sugathapala Senarath Yapa
37 3571977 Eya Dan Loku Lamayek එයා දැන් ලොකු ළමයෙක් Main Actor Dharmasena Pathiraja
38 3651977 Maruwa Samaga Vase මරුවා සමග වාසේ Main Actor Titus Totawatte
39 3741978 Vishmaya විශ්මය Main Actor Charles Perera
40 3801978 Selinage Walawwa සෙලීනාගේ වලව්ව Main Actor Pathiraja L.S. Dayananda
41 3821978 Kundala Keshi කුණ්ඩල කේශී Main Actor Wimalanath Dissanayaka
42 3851978 Bambaru Awith බඹරු ඇවිත් Main Actor Dharmasena Pathiraja
43 3861978 Sally සැලි Main Actor Cyril P. Abeyratne
44 3911978 Kumara Kumariyo කුමර කුමරියෝ Main Actor Sudas Maskorala
45 3931978 Sanda Vata Rantharu සඳ වට රන් තරු Main Actor Siri Kularathna, Ananda Hewage
46 3941978 Ahasin Polovata අහසින් පොලවට Actor Dr. Lester James Peries
47 3951978 Anupama අනුපමා Main Actor Sunil Ariyaratne
48 3971979 Gahaniyak ගැහැනියක් Main Actor Yasapalitha Nanayakkara
49 4021979 Higana Kolla හිඟන කොල්ලා Main Actor K.A.W. Perera
50 4091979 Monarathenna මොණරතැන්න Main Actor Yasapalitha Nanayakkara
51 4101979 Eka Hitha එක හිත Main Actor K.M.D. Ariyapala
52 4141979 Akke Mata Awasara අක්කේ මට අවසර Main Actor W. Wilfred Silva
53 4201979 Podi Malli පොඩි මල්ලි Main Actor Sunil Ariyaratne
54 4271980 Tak Tik Tuk ටක් ටික ටුක් Main Actor Yasapalitha Nanayakkara
55 4291980 Kanchana කාංචනා Main Actor M.A. Sangadasa
56 4421980 Ganga Addara ගඟ අද්දර Main Actor Sumithra Peiris
57 4431980 Karumakkarayo කරුමක්කාරයෝ Main Actor Tissa Abeysekara
58 4461980 Raja Dawasak රජ දවසක් Main Actor Thimothy Weerarathna
59 4501980 Para Dige පාර දිගේ Main Actor Dharmasena Pathiraja
60 4561980 Kinduru Kumari කිඳුරු කුමාරි Main Actor Sunil Ariyaratne
61 4611981 Beddegama බද්දේගම Main Actor Dr. Lester James Peries
62 4641981 Valampuri වාලම්පුරි Main Actor Bermin Lylie Fernando
63 4641981 Valampuri වාලම්පුරි Actor Bermin Lylie Fernando
64 4731981 Suriyakantha සූරියකාන්ත Main Actor Vijaya Darma Sri
65 4791981 Geethika ගීතිකා Main Actor Yasapalitha Nanayakkara
66 4811981 Anjaana අංජානා Main Actor Yasapalitha Nanayakkara
67 4841981 Hondama Naluwa හොඳම නළුවා Main Actor Sherly P.Wijerathna
68 4941982 Mahagedara මහගෙදර Main Actor Tissa Abeysekara
69 4971982 Yasa Isuru යස ඉසුරු Main Actor Dharmasiri Gamage
70 4981982 Sakvithi Suvaya සක්විති සුවය Actor Gamini Fonseka
71 4991982 Bycikale බයිසිකලේ Actor Danny W. Pathirana
72 5081982 Rahasak Nathi Rahasak රහසක් නැති රහසක් Main Actor M.V. Balan
73 5131982 Kiri Suwanda කිරි සුවඳ Main Actor Anton Gregory
74 5171982 Thakkita Tharikita තක්කිට තරිකිට Main Actor Anthony C. Perera
75 5181982 Mihidum Sihina මිහිදුම් සිහින Main Actor Daya Wimalaweera
76 5241982 Paramitha පාරමිතා Main Actor Anton Gregory
77 5251982 Nawatha Hamuwemu නැවත හමුවෙමු Main Actor Yasapalitha Nanayakkara
78 5301982 Kadawunu Poronnduwa (New) කඩවුණු පොරොන්දුව (නව) Main Actor Roy De Silva
79 5341983 Sandamali සඳමලී Actor Milton Jayawardhana
80 5381983 Sivu Ranga Sena සිව් රඟ සේනා Main Actor Roy Anuradha Sri Bandaranayaka
81 5501983 Pasamithuro පසමිතුරෝ Main Actor Ananda Hewage
82 5551983 Samanala Sihina සමනල සිහින Main Actor Premaweera Gunasekara
83 5651984 Welle Thenu Maliga වැල්ලේ තැනූ මාලිගා Main Actor Shirley P. Wijeratne
84 5761984 Binaree Saha Sudu Banda බිනරී සහ සුදු බණ්ඩා Main Actor Kingsly Disanayaka
85 5781984 Kokila කෝකිලා Main Actor Villiam Olamas
86 5831984 Rana Derana රණ දෙරණ Main Actor Lorance cooray, Dilman Jayaratne
87 5951984 Birinda බිරිඳ Main Actor Dayananda Jayawardena
88 5971984 Jaya Sikurui ජය සිකුරුයි Main Actor Yasapalitha Nanayakkara
89 6261986 Peralikarayo පෙරළිකාරයෝ Main Actor Dinesh Priyasad
90 6281986 Gimhane Gee Naadey ගිම්හානේ ගී නාදේ Main Actor Dharma Sri Kaldera
91 6301986 Devuduwa දෙව්දුව Main Actor Daya Wimalaweera
92 6311986 Jaya Apatai ජය අපටයි Main Actor Sunil Soma Peiris
93 6331986 Puja පූජා Actor Dharmasiri Gamage
94 6381987 Yugayen Yugayata යුගයෙන් යුගයට Main Actor Lenin Morais
95 6461987 Yukthiyada Shakthiyada යුක්තියද ශක්තියද Main Actor Yasapalitha Nanayakkara
96 6491987 Kavuluva කව්ළුව Main Actor Danny W. Pathirana
97 6501987 Raja Wedakarayo රජ වැඩකාරයෝ Main Actor Sunil Soma Peiris
98 6511987 Randamwel රන්දම්වැල් Main Actor Aleric Lionel Fernando
99 6531987 Obatai Priye Adare ඔබටයි ප්‍රියේ ආදරේ Main Actor Sunil Soma Peiris
100 6541987 Ahinsa අහිංසා Actor Malani Fonseka
101 6671989 Mamai Raja මමයි රජා Main Actor Sunil Soma Peiris
102 6681989 Badulu Kochchiya බදුලු කෝච්චිය Main Actor Kandapola Kumarathunga
103 6691989 Kedapathaka Chaya කැඩපතක චායා Main Actor Wasantha Obeysekara
104 6711989 Nommara 17 නොම්මර 17 Main Actor Hemasiri Sellapperuma
105 6751989 Varadata Daduvam වරදට දඬුවම් Main Actor Dinesh Priyasad
106 6761989 Randenigala Sinhaya රන්දෙනිගල සිංහයා Actor Ranjith Siriwardhana
107 6781990 Dese Mal Pipila දෑසේ මල් පිපිලා Main Actor W. Wilfred Silva
108 6791990 Thanha Asha තන්හා ආශා Main Actor Ashoka Nissanka, Siril Weerasingha
109 6831990 Veera Udara වීර උදාර Main Actor Shirley P. Wijeratne
110 6861990 Saharawe Sihinaya සහරාවේ සිහිනය Actor H.D. Premarathna
111 6891990 Madhu Sihina මධු සිහින Actor Daya Wimalaweera
112 6931990 Kristhu Charithaya ක්‍රිස්තු චරිතය Main Actor Sunil Ariyaratne
113 7091991 Madhusamaya මධුසමය Main Actor K.A. Wijayarathne
114 7571993 Surayan Athara Veeraya සූරයන් අතර වීරයා Main Actor Roy De Silva
115 7951994 Vijaya Geetha විජය ගීතා Main Actor Kandapola Kumarathunga
116 7961994 Shakthi ශක්ති Actor Sherly P.Wijerathna
117 8171995 Hitha Hoda Surayoo හිත හොඳ සූරයෝ Main Actor Victor Manage
118 8711998 Eya Obata Barai ඇය ඔබට බාරයි Main Actor Sunil Soma Peiris

As a Crew

Producer

#Film NoYearFilm RoleDirector
1 2321971 Bindunu Hadawath බිඳුණු හදවත් Producer Louie Vanderstraeten
2 6751989 Varadata Daduvam වරදට දඬුවම් Producer Dinesh Priyasad
Film NoYearFilmSongRole
442 1980 Ganga Addara ගඟ අද්දර Sinhala Ganga Addara ma Vocalists
686 1990 Saharawe Sihinaya සහරාවේ සිහිනය Sinhala වලාකුලක් ගෙන මුවා කරමු හිරු Vocalists
මල් හසරැල් සැලෙන ලොවක් Vocalists
රන් දහදිය විකුණලා Vocalists