Samanthi Lanarole

Samanthi Lanarole

සමන්ති ලැනරෝල්

Born 21 January 1944

21 January 1944

61.89% · 1,924 votes
Rate this artist

Summary

NameSamanthi Lanarole
Sinhala Nameසමන්ති ලැනරෝල්
Born21 January 1944

Biography

මගේ පෙම්වතා හැටියට වැඩිපුරම රඟපාලා තියෙන්නෙ ෆ්‍රෙඩී සිල්වා

මගේ සැමියා නැති වුණාට පස්සේ මම ගොඩක් අසරණ වුණා

සමන්ති ලැනරෝල් කියන්නේ හැටේ දශකයේ සිනමාවට සම්බන්ධ වුනු රංගන ශිල්පිනියක්. සිනමාව, පුංචි තිරය වගේම වේදිකා නාට්‍ය සදහාත් සම්බන්ධ වෙන සමන්ති ඇයගේ ජිවිතේ ගැන මේ විදිහට කතා කරනවා. මේ ඒ කතාබහ ගැනයි.

මේ අගෝස්තු 24 වන දා ජාතික චිත්‍රපට සංස්ථාවේදී සවස 3.00ට මගේ සිනමා දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ ගැන මට දැනෙන්නෙ පුදුමාකාර සතුටක් !

කලක් වාණිජ සිනමාවට නැතුවම බැරි වූ ඇය අද ගතකරන්නේ හු‍‍ෙදකලාවූ දිවිපෙවතකි. 'විජය ධර්ම ශ්‍රී' ගේ දුහුළු මලක්හි ‘ලෙච්චමී‘ ලෙස ඇය ඉදිරිපත් කළ ඒ අපුර්වතම රංගනය තාමත් අපට අමතක නැත. සිය ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව නිසා අසිමිත ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිණියකු වූ 'සමන්ති ලැනරොල්' සිනමාව , පුංචි තිරය හා වේදිකාව ජයගත් රූපණවේදිනියකි. හැටේ දශකය අග භාගයේදී රංගනයට පිවිස සිනමාවට එක්ව අඩසිය වසක් ගතවි ඇත. ඇගේ රංගන දිවියේ ප්‍රතිභාව අගයමින් ජාතික චිත්‍රපට සංස්ථාව හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ඇය වෙනුවෙන් උපහාර උලෙළක් සංවිධානය කර ඇති බව අපට දැනගන්නට ලැබුණේය. ඒ ගැනත්, ඇගේ අලුත්ම ‍තොරතුරුත් ඔබට සමීප කරවීමේ අටියෙන් අප ඇය සොයා අතුරුගිරියේ ඇගේ නිවහනට ගොඩවැදුණෙමු.

ළෙන්ගතුව අප පිළිගත් ඇය මා අසලය. 'රජ ගෙදර පරවියෝ,අවරගිර, ආදර රත්නේ, අහිංසා, ජය සිකුරු ඇතුළු චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය සැපයූ මේ රංගන ශිල්පිණිය සහ ඇගේ සම්මාන අප ඡායාරුප ශිල්පී රුවන් ද සිල්වා ඔහුගේ කාමරා කාචයට ගන්නා අතර තුර මම ඇය සමඟ කතාබහ ඇරඹුවෙමි.

“මේ දවස්වල සොබා දහමත් එක්ක මම වැඩිපුර කාලය ගතකරනවා.“ ඇය එලෙස කියාගෙන ගියේ ගෙමිදුලේ ඇය විසින් සිටුවන ලද නා නා විද විසිතුරු මල්වගාව දෙස නෙත්යොමුකරමිනි.

පසුගිය දිනවල ඔබ අසනීපෙන් සිටි බව දැනගන්න ලැබුණා..

ඔව්. දැන් මට සනීපයි. විවේකී සුවයෙන් කාලය ගත කරනවා. රංගනය පිළිබද නවකයින්ට වැඩමුළු පවත්වන්නත් දුර පළාත්වලට යනවා. විවේකයක් ලැබෙන හැම වෙලාවක්ම මම වෙන් කරන්නේ මල් පැළ නඩත්තු කරන්නයි.

ඔබේ සිනමා ජීවිතයට හරියටම අඩසිය වසරක් ගතවෙලා, ඒ ගැන මොකද හිතෙන්නෙ?

පුදුම සතුටක් දැනෙනවා. අනේක විද දුක්කම් කටොලු විඳ දරාගෙන මෙතෙක්දුර ගමනක් ආවා නේද කියලා ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවම සතුටු වෙනවා.

ඇය එසේ පවසද්දී ඇගේ දෙනෙතින් කඳුළක් වැටුනේ ඇයටත් නොදැනීමය. ඒ ඇගේ ජයග්‍රහණයේ කඳුළුදැයි මට සිතුණි. ඇය නැවත කතාව ආරම්භ කළාය. “මේ අගෝස්තු විසිහතරවන දා ජාතික චිත්‍රපට සංස්ථාවේදී සවස 3.oo මගේ සිනමා දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ ගැන මට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්.“

අලුත් චිත්‍රපටවල ඔබ පෙනෙන්නට නැත්තෙ දැන් සිනමාවෙන් ඈත් වෙලාද?

නෑ.. එදා වගේම අදටත් මම කලාවට ආදරෙයි. ඒත් අද අලුත් කලාකරුවන් ඕනෑතරම් බිහිවෙලා ඉන්නවනේ. ඒ නිසා මට නිර්මාණවලට කතා කරන්නෙ අඩුවෙන්.

ඔබේ රංගන ජිවිතයේ ආරම්භය සරසවිය පුවත්පත කීවොත්?

ඔව්. හැටේ දශකය අගභ‍ාගයේදී සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවට නළුනිළියන් බඳවාගන්නවා කියලා සරසවිය පත්තරේ දැන්වීමක් තිබුණා. මගේ මතකයේ හැටියට ඒ 1966 ඔක්තෝබර් මස නව වැනිදා. 'කොල්ලන්ගේ කතාවක්, කෙල්ලන්ගේ කතාවක්, සරසවියේ කතාවක්‘ කියලා තමයි ඒ දැන්වීම පළ කරලා තිබුණේ. පත්තරේ තිබුණු ඒ දැන්වීම නිසයි මම හන්තානේ කතාව චිත්‍රපටයට එකතු වුණේ. ස්වර්ණා මල්ලව ආරච්චියි, මමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ චරිත දෙකටයි පණ පෙවුවේ.

සමන්ති ලැනරෝල් කියන රංගන ශිල්පිනිය වඩාත් ජනප්‍රිය වුණේ 'ලෙච්චමී' චරිතයෙන් නේද?

ඔව්, එදා වගේම අදටත් මාව ගොඩක් දෙනාගේ හිත්වල ජීවමානව ඉන්නේ 'ලෙච්චමී' කියන චරිතය නිසයි. මට මතකයි 'දුහුළු මලක්' මංගල දර්ශනය තිබුණේ වැල්ලවත්ත සැවෝයි සිනමාහලේ. චිත්‍රපටය නරඹලා පහළට එන්නට බැරි තරමට රසික රසිකාවියන් මාව වටකරගත්තා. ගොඩක් අය හිතු‍වේ මම ඇත්තටම දමිළ තරුණියක් කියලයි.

“දුහුළුමලක්” මංගල දර්ශනය දා තවත් සුවිශේෂි සිදුවීමක් වුණා නේද? ඒ ගැන ඔබට මතකද?

ඔය සිදුවීම වන කාලයේදී අපි හිටියේ ගම්පහ' හෝලීක්‍රෝස්' විදුහල ළඟ ගෙදරක. ඔය සිදුවීම වුණු දා නිමල් වීරක්කොඩි සහ විල්ෆ්‍රඩ් ද සිල්වා අපේ ගෙදර ආවා. ඒ ඔවුන්ගේ චිත්‍රපටයකට ආරාධනා කරන්නයි. ටික වෙලාවකට පස්සෙ තවත් කාරෙකක් ආවා. ඒ ආවේ හර්බට් රංජිත් පීරීස්, ඔහුගේ චිත්‍රපටයකට ආරාධනා කරන්නයි. චිත්‍රපට දෙකටම ආරාධනා ලැබුණේ එකම දවසෙ. එය මට කලා ජිවිතයේ සුවිශේෂ දවසක්. ඇය කීවේ හැඟීම්බරවයි.

“අවරගිර” චිත්‍රපටය හා සම්බන්ධ වීමත් ඔබේ සිනමා දිවියට සුවිශේෂීයී නේද?

සැබවින්ම එය මගේ රංගන ජීවිතයේ මට ලැබුණු ලොකු වාසනාවක් කියලා මට හිතෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් කියන්නෙ සිනමාවේ නොමැකෙන චරිතයක්. ඉතිං ඔහු සමඟ වැඩ කිරීමට ලැබීම මගෙ රංගන ජීවිතයේ කිසියම් කඩයිමක් කියලා හිතනවා. සුනිල් ආරියරත්නගේ 'බඹා කෙටූ හැටි' චිත්‍රපටයේ 'මියුරියල්ගේ' චරිතයත් මගේ රංගන ජීවිතයේ සුන්දර සිහිවටනයක්.

ඇය මා සමඟ පැවසුවේ අතීත ඡායාරූප කිහිපයක් රුවන්ටත්, මටත් පෙන්වමිනි.

ඒ වගේ සුන්දර චරිත රාශියක් තියෙනවා. මේ වෙලාවේ මගේ මතකයට එන්නේ නෑ. ඉස්සර වගේ නෙමෙයි දැන් මගේ මතක ශක්තිය දුර්වලයි.

ඔබ සිනමාව වගේම පුංචි තිරයේත් අත්දැකීම් ඇති රංගන ශිල්පිණියක්?

ජයසේකර අපොන්සුගේ 'සීමා බන්ධන' කියන වේදිකා නාට්‍යයෙන් තමයි සමන්ති ලැනරෝල් කියන රංගන ශිල්පිනිය වේදිකාවට හඳුන්වා දෙන්නෙ. එදා මෙදා තුර වේදිකා නාට්‍ය විසි හයක මම රඟපෑවා. පුංචි තිරයේත් 250කට ආසන්න නිර්මාණ ප්‍රමාණයකට රඟපාන්න අවස්ථාව හිමි වුණා. චිත්‍රපට නැති වුණාට පස්සේ අපි ජීවත්වුණේ මේ ටෙලිනාට්‍යවලින්.

ඔබේ සැමියාත් චිත්‍රපට අධයක්ෂවරයෙක්?ඔහුගේ නිර්මාණවල ප්‍රධාන චරිතයට පණපෙවුවා නේද?

මගේ සැමියා සෝමපාල ලැනරෝල්. ඔහු අධ්‍යක්ෂණය කළ 'කිරි කවඩි' චිත්‍රපටයේ මගේ පෙම්වතා වුණේ ලූෂන් බුලත්සිංහලයි. 'චතු මධුර' චිත්‍රපටයේ සනත් ගුණතිලක. ඔයාලා දන්නවද මගේ පෙම්වතා හැටියට වැඩිපුරම රඟපාලා තියෙන්නෙ ෆ්‍රෙඩී සිල්වායි. ඇය සිය අමරණීය අතීත මතකයන් අප සමඟ පැවසුවේ මන්දස්මිතයක් මුව'ග තවරාගෙනය.

මෙලෙස සිනමාව, පුංචි තිරය සහ වේදිකාව යන රූපණ ක්ෂේත්‍රයන් ත්‍රිත්වයටම සිය රංගන දායකත්වය සැපයූ ඇය දැන් ගෙවන ,ජීවිතයේත් සැඳෑ සමය කෙබඳුදැයි මම ඇසුවෙමි.

ඇත්තටම මගේ සැමියා නැති වුණාට පස්සේ මම ගොඩක් අසරණ වුණා. තාමත් මට තියෙන ලොකුම ප්‍රශ්නය මගේම කියලා ඉන්න හිටින්න තැනක් නොමැතිකමයි.ඇගේ දෑසින් කඳුළු රූරා වැටුණු අපි දුටුවෙමු.

එක්දරු මවක මෙන්ම මුනුපුරු දෙදෙනකුගේ මිත්තණියක වන ඇගේ එකම දියණිය කලාවට සම්බන්ධ වුයේ නැත. ඇයට ද ඇයටම කියා ස්ථීර වු නිවහනක් ද නැත. තාමත් දිවි ගෙවන්නේ කුලී නිවහනකය.

'එදා ඉඳලා තාමත් මට ආත්ම ශක්තිය තියෙනවා. ප්‍රශ්න ගැන හිතන්නට ගියොත් අපි ලෙඩ වෙනවා. මේ තරම් සතුටින් ඉන්නෙ කලාව නිසයි.

තම හැත්තැ හයවැනි වියේදීත් කලා ලොවේ නියැළෙමින් තනිවම ජීවන යාත්‍රාව පැද යන්නට වෙර දරන මේ දිරිය කාන්තාව අපට සමුදෙමින් එසේ පැවසුවාය.

සමන්ති වනිගසේකර - සිළුමිණ

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2061969 Hanthane Kathawa හන්තානේ කතාව Actress Sugathapala Senarath Yapa
2 3101975 Rajagedara Paraviyo රජගෙදර පරවියෝ Actress Sathischandra Edirisinghe, W.A.B. De Silva
3 3321976 Duhulu Malak දුහුළු මලක් Actress Vijaya Darma Sri
4 3511977 Sri Madara ශ්‍රී මදාරා Actress Sathischandra Edirisinghe
5 3551977 Pembara Madu පෙම්බර මදූ Actress Sugathapala Senarath Yapa
6 4141979 Akke Mata Awasara අක්කේ මට අවසර Actress W. Wilfred Silva
7 4301980 Silva සිල්වා Actress Herbert Ranjith Peiris
8 4341980 Aadara Rathne ආදර රත්නේ Actress K.A.W. Perera
9 4411980 Dandu Monara දඬු මොණර Actress Vijaya Darma Sri
10 4651981 Bamba Ketu Hati බඹා කෙටූ හැටි Actress Sunil Ariyaratne
11 4681981 Situ Kumariyo සිටු කුමරියෝ Actress Vijaya Darma Sri
12 4731981 Suriyakantha සූරියකාන්ත Actress Vijaya Darma Sri
13 4741981 Amme Mata Samawenna අම්මේ මට සමාවෙන්න Actress W. Wilfred Silva
14 4861981 Aradhana ආරාධනා Actress Vijaya Darma Sri
15 4881981 Sudda සුද්දා Actress Rathnaweera De Silva
16 5181982 Mihidum Sihina මිහිදුම් සිහින Actress Daya Wimalaweera
17 5201982 Chathu Madhura චතු මධුර Actress Somapala Lanarole
18 5411983 Chandi Siriya චන්ඩි සිරියා Actress Rohini Jayakodi
19 5511983 Loku Thaththa ලොකු තාත්තා Actress K.D. Dayananda
20 5671984 Kiri Kavadi කිරි කවඩි Actress Somapala Lanarole
21 5971984 Jaya Sikurui ජය සිකුරුයි Actress Yasapalitha Nanayakkara
22 6031985 Chalitha Rangali චාලිත රන්ගාලි Actress Mersalin S. Perera
23 6071985 Puthuni Mata Samavenna පුතුනි මට සමාවෙන්න Actress Thilak Wehalla
24 6161985 Du Daruwo දූ දරුවෝ Actress Gamini Hewawitharana
25 6221986 Mal Varusa මල් වරුසා Actress K.D. Dayananda
26 6231986 Prarthana ප්‍රාර්ථනා Actress Priyantha Rathnayaka
27 6261986 Peralikarayo පෙරළිකාරයෝ Actress Dinesh Priyasad
28 6271986 Dushyanthi දුෂ්‍යන්ති Actress S.Thewendra
29 6391987 Hitha Honda Chandiya හිත හොඳ චන්ඩියා Actress Ranjith Siriwardhana
30 6481987 Nommara Ekai නොම්මර එකයි Main Actress Dinesh Priyasad
31 6501987 Raja Wedakarayo රජ වැඩකාරයෝ Actress Sunil Soma Peiris
32 6541987 Ahinsa අහිංසා Actress Malani Fonseka
33 6641988 Ko Hathuro කෝ හතුරෝ Actress Sunil T. Fernando
34 6651988 Newatha Api Ekwemu නැවත අපි එක්වෙමු Actress Anura De Silva, Milton Jayawardhana
35 6781990 Dese Mal Pipila දෑසේ මල් පිපිලා Actress W. Wilfred Silva
36 6931990 Kristhu Charithaya ක්‍රිස්තු චරිතය Actress Sunil Ariyaratne
37 6961990 Himagira හිමගිර Actor Vijaya Darma Sri
38 7001991 Weda Barinam Wedak naha වැඩ බැරිනම් වැඩක් නෑ Actor Upali Piyarathna
39 7041991 Obata Pamanai Adare ඔබට පමණයි ආදරේ Actress S.V. Chandran, Anton Kingsley
40 7091991 Madhusamaya මධුසමය Actress K.A. Wijayarathne
41 7151991 Cheriyo Doctor චෙරියෝ ඩොක්ටර් Actress Roy De Silva
42 7161991 Ali Baba Saha Horu Hathaliha අලි බබා සහ හොරු හතලිහ Actress N. Vimalasena
43 7261992 Raja Daruwo රජ දරුවෝ Actress Daya Wimalaweera
44 7291992 Sakvithi Raja සක්විති රජ Actress Sunil Soma Peiris
45 7411992 Suranimala සුරනිමල Actress Yasapalitha Nanayakkara
46 7421992 Kulageya කුලගෙය Actress H.D. Premarathna
47 7601993 Chaya Maya චායා මායා Actress Yasapalitha Nanayakkara
48 7661993 Nelum Ha Samanmalee නෙළුම් හා සමන්මලී Actress Chandrarathna Mapitigama
49 7791994 Abhiyogaya අභියෝගය Actress Hemasiri Sellapperuma
50 7901994 150 Mulleriyawa 150 මුල්ලේරියාව Actress Somapala Leelananda
51 7921994 Athmaa ආත්මා Actress Somapala Leelananda
52 7951994 Vijaya Geetha විජය ගීතා Actress Kandapola Kumarathunga
53 8151995 Avaragira අවරගිර Actress Dr. Lester James Peries
54 8211995 Dalulana Gini දළුලන ගිනි Actress Aleric Lionel Fernando
55 8381996 Seema Pawuru සීමා පව්රු Actress Kumarasiri Abeykoon
56 9051999 Sathyadevi සත්‍යාදේවි Actress -
57 9422001 Dinuma Kageda දිනුම කාගේද Actress Ananda Wickramasinghe
58 10152004 Ohoma Harida ඔහොම හරිද Actress Sunil Soma Peiris
59 10182004 Samawenna Maa Raththarane සමාවෙන්න මා රත්තරනේ Actress Kandapola Kumarathunga
60 11442011 Thank You Berty තැනක් යු බර්ටි Actress Tennyson Cooray
61 11752013 Raja Horu රජ හොරු Actress Suranga De Alwis
62 13022019 Iskoleta Man Awa ඉස්කෝලෙට මං අවා Actress Prasad Samarathunga

Upcoming Films

#Film RoleDirector
1 Oluwa Japan Kanda German ඔළුව ජපන් කඳ ජර්මන් Actress Dinesh Priyasad
2 Sanda Adare Sandatai සඳ ආදරේ සඳටයි Actress Keerthi Rathnayake
3 Kupadiya කුපාඩියා Actress Mario Jayathunga
4 Kalyana Mithrayo කළ්‍යාණ මිත්‍රයෝ Actress Keerthi Rathnayake, Eranjani Amarajeewa