Kalyana Mithrayo

Kalyana Mithrayo

කළ්‍යාණ මිත්‍රයෝ

Colour Yet to be released

Yet to be released

53.08% · 1,498 votes
Rate this film

Summary

NameKalyana Mithrayo / කළ්‍යාණ මිත්‍රයෝ
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryFamily

Description

කළ්‍යාණ මිත්‍රයෝ නමින් තැනෙන සිනමාපටයක මූලික වැඩ කටයුතු ඉකුත් දා බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණ. ශ්‍රී ජය චිත්‍රපට ඉදිරිපත් කිරීමක් වන මෙය කීර්ති රත්නායක සහ එරන්ජනි අමරජීවගේ අධ්‍යක්ෂණයකි. ඩග්ලස් රණසිංහ, විශාකා සිරිවර්ධන, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දිනිති වල්ගමගේ, සමන්ති ලැනරෝල්, මානෙල් චන්ද්‍රලතා, ජයතිලක හේරත්, ප්‍රසන්න කාරියප්පෙරුම, එරන්ජනි අමරජීව, ආර්. එම්. එච්. බණ්ඩාර, මංගල මඩුගල්ල, අජන්ත ප්‍රනාන්දු, ශිරානි නුගේරා, කනිෂ්ක සම්පත්, නිරෝෂා මෛත්‍රී, ජයන්ත රණවීර, හෙල ප්‍රිදර්ශන, බුද්ධික රණසිංහ, නිරුක්ෂාන් ඒකනායක, සහන් චාමර, ස්වර්ණලතා රණසිංහ, බුද්ධික පතිරාජ, නිහාල් ගමගේ, සනත් ශ්‍රීලාල්, ප්‍රියංකා ප්‍රියදර්ශනී, රසිකා දමයන්ති, උපාලි ගාල්ලගේ, සුනිල් මල්ලිකාරච්චි, කැලුම් රාජාභරණ, කල්‍යාණ මිත්‍රයෝ සිනමාපටයේ නළු නිළියෝ වෙති. කතා තේමාව ප්‍රසන්න කාරියප්පෙරුමගෙනි. ඔහු සමඟ කීර්ති රත්නායක සහ එරන්ජනි අමරජීව තිර රචනය සිදු කොට ඇත. ජයන්ත රණසිංහ කැමරා අධ්‍යක්ෂවරයාය. නිමල්සිරි ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. හෙන්රි ප්‍රේමරත්න අංගරචනා ශිල්පියාය. ලකී ආතාවුද නිෂ්පාදන කළමනාකරණයෙන් එක් වෙයි.

Cast

Crew

Other Crew