Sanda Adare Sandatai

Sanda Adare Sandatai

සඳ ආදරේ සඳටයි

Colour 35mm Yet to be released

Yet to be released

59.43% · 1,800 votes
Rate this film

Summary

NameSanda Adare Sandatai / සඳ ආදරේ සඳටයි
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryRomance
Main Actor: Sanjula Divarathna Main Actress: Anjula Rajapaksha Director: Keerthi Rathnayake Producer: Sandeepa Sanraj Producer: Prabuddha Sampath Producer: Mangala Madugalla

Description

‘සඳ ආදරේ සඳටයි’ ලෙසින් නම් කළ අලුත් චිත්‍රපටයක් නිර්මාණයට නියමිතයි. එය අනන්ත රාත්‍රිය, පවුරු වළලු ආදී සම්මානනීය චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා වූ කීර්ති රත්නායකගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

දේශපාලනික කටයුතුවල නියුතු මවකගේ දේශපාලනය හා පවුල් ජීවිතය අතර දෝලනය වන මනෝභාවයන් ද යොවුන් ආදර අන්දරයක් ද වෙන වෙනම මීට පසුබිම් වී තිබේ.

මෙය කැපී පෙනන චරිත හයක එකතුවකින් සමන්විතයි. ඒවා අතුරින් ප්‍රබල චරිත යුගළයක් සංජුල දිවාරත්නට හා අංජුලා රාජපක්ෂට බාර කර තිබේ. සංජුල, මගෝ ඩිගො ඩයි චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිිටින්නෙකි.

අංජුලා මුල් වරට ප්‍රධාන චරිතයකට පණ පොවමින් සිනමාවට පිවිසෙන්නේ මේ හරහායි. විශාඛා සිරිවර්ධන, විමල් කුමාර ද කොස්තා, සෝමවීර ගමගේ සහ සමන්ති ලැනරෝල් සෙසු ප්‍රධානතම චරිතවලට පණ පොවති.

පූජා පතිරණ මේ හරහා රිදී තිරයට හඳුන්වා දෙන නවක නිළියකි. දිනූෂ ප්‍රදීප් කුමාර, සංදීප සන්රාජ්, කැළුම් නිරෝෂන්, උපුල් සංජීව, නිශ්ශංක ජයරුවන්, රන්ජන් ගලගෙදර, නිමාෂා ද සිල්වා, කුමාරි සේනාරත්න, නිශානි ගමගේ, හර්ෂණී මඩුගල්ල, දිල්රුක් කෝනාර, හෙළප්‍රිය දර්ශන, ගයා ක්‍රිෂාණි, ස්වර්ණලතා රණසිංහ, චන්ද්‍රිකා දයාංගනී, සුනෙත් මැල්සිරිපුර, සම්පත් බන්දුල, කැළුම් නිරෝෂන්, උපුල් සංජීව ආදීහු මෙහි රඟති.

සන්දීප සන්රාජ්, ප්‍රබුද්ධ සම්පත් හා මංගල මඩුගල්ල එක්ව මෙහි බරපැන දරන්නට නියමිතයි. දිනූෂ ප්‍රදීප් කුමාර මෙහි ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයායි. අයේෂා මල්කාන්ති සහ රන්ජන් ඇල්පිටිය පිළිවෙළින් දෙවැනි සහාය අධ්‍යක්ෂවරිය සහ අධ්‍යක්ෂවරයායි.

මේ සඳහා කතාව, දෙබස්, තිර රචනය උපාලි බණ්ඩාර වීරසේකරගෙනි. කැමරාව ප්‍රියන්ත ලලිත්ගෙනි. ප්‍රියංග තිලක් රත්නායක වේශ නිරූපණ ශිල්පියායි. අශෝක පීරිස් සංගීත අධ්‍යක්ෂවරයායි. කලා අධ්‍යක්ෂණය ස්ටැන්ලි ද සිල්වාගෙනි. බණ්ඩාර මඩුගල්ල නිෂ්පාදන කළමනාකරුය.

සඳ ආදරේ සඳටයි, කිතුල්ගල, යටියන්තොට අවට රූගත කිරීමට නියමිතයි.

Cast

Crew

Other Crew