Pearl Coorey

Pearl Coorey

පර්ල් නසාරියා කුරේ

Born 28 July

28 July

58.3% · 1,756 votes
Rate this artist

Summary

NamePearl Coorey
Sinhala Nameපර්ල් නසාරියා කුරේ
Born28 July

Biography

පර්ල් කුරේ රඟපෑ චිත්‍රපට සුදු සඳේ කළු වලා,කළ කළ දේ පල පල දේ, සැමියා බිරිඳගේ දෙවියාය, පික් පොකට්,සුළි සුළං,රන් ඔන්චිල්ලා, වීදුරු ගෙවල්, මිරිඟුව, වනරාජ, හදවත් නැත්තෝ,රොඩී ගම, රන්වන් රේඛා, නයනා, යළි ඉපදේ,එක හිත,හරි පුදුමයි, අනුහස

කලාව නමැති සෞන්දර්යාත්මක විෂයය ධාරාව පසුපස හඹා යන්නේ ජනපි‍්‍රයත්වය සහ ප්‍රසිද්ධියයි. කලා ශිල්පියෙකු සිය රංගන විලාසය හෝ වේවා නිර්මාණයක්, ගීතයක්, දායාද කරනුයේ පේ‍්‍රක්ෂක ජනතාවට ය. පේ‍්‍රක්ෂකයාට ආස්වාදයක් ලබා දෙමින් ඔවුන්ගේ මනදොළ පිනවීමට කලා ශිල්පීන් සමත් වන්නේ නම් ඔවුන් පේ‍්‍රක්ෂකයාගේ නොමද ආදර ගෞරවයට පාත්‍ර වන අතර ඔවුන් ජනපි‍්‍රයත්වය කරා ඔසවා තැබීමට පේ‍්‍රක්ෂකයන් ද පසුබට වන්නේ නැත. කලාශිල්පීන් අතිශයෙන් ප්‍රසිද්ධියට පත්වන්නේ ද ජනපි‍්‍රයත්වය නිසාය. ප්‍රසිද්ධිය පසුපස හඹා යන කලාකරුවන් මෙන්ම අප්‍රසිද්ධ ජීවිත ගත කරමින් අප්‍රකට ලෙස ජීවත්වන කලාකරුවෝ ද අද අප අතර සිටිති. අද අපේ කතා නායිකාව ද එවැනි අප්‍රසිද්ධ ජීවිතයක් ගත කිරීමට කැමැති හැටේ දශකයේ සිනමාවට පෑයූ එවකට අතිශය ජනපි‍්‍රය තරුවක් වූ පර්ල් කුරේ ය.

ඇය එවක සිංහල සිනමාවේ ජනපි‍්‍රය චරිතයක් වුවද රඟ පා ඇත්තේ චිත්‍රපට අතළොස්සක පමණි. ඇය ප්‍රධාන චරිතයට පණ දුන් එකම චිත්‍රපටය වුයේ විලී බ්ලේක් අධ්‍යක්ෂණය කළ වන රාජා චිත්‍රපටයයි. ඒ විජය කුමාරතුංගයන් සමඟය. ඇය රඟ පෑ සෙසු චරිත සියල්ලක්ම සුළු චරිත වන අතර උප ප්‍රධාන චරිත කීපයක් ද රඟපෑමට ඇයට අවස්ථාව හිමි වුණි. පර්ල් කුරේ හා පුරා කියා සිනමාවට පිවිසියේ 1966 වසරේ සුදු සඳේ කළු වලා චිත්‍රපටයෙනි. එහි රඟපෑවේ ද සුළු චරිතයකි. සැමියා බිරිඳගේ දෙවියාය. පික් පොකට්, හොඳ හිත, මිරිඟුව ආදී චිත්‍රපට කිහිපයකට ඇය රංගනයෙන් දායක වී ඇත.

හැටේ දශකයේ අග භාගයේ නාන ඇඳුමෙන් සැරසී පිහිනුම් තටාකවල ස්වකීය රංගනයන් ඉදිරිපත් කිරීම එදවස බොහෝ නිළියන් ප්‍රතික්ෂේප කළ ද ඒ අභියෝගය බාර ගත් නිළියක වූයේ පර්ල් කුෙර්ය. විලිබිය නොමැති රංගන ශිල්පිනියක ලෙස ඇතැම් කලාශිල්පීන් ඇය අපවාදයට ලක් කළ ද වර්තමානයේ බිහි වූ බොහෝ නිළියන් ස්වකැමැත්තෙන් නාන ඇඳුමෙන් සැරසී රංගනයේ යෙදීම බහුලව දකින්නට ලැබෙන දර්ශනය.

සිය අප්‍රසිද්ධ ජිවිතය නිදහසේ සතුටින් ගෙවන පර්ල් කුරේගේ ස්වරූපය අදටත් නොනැසී පැවතීම ඇය ගෙවන සෞභාග්‍යමත් ජිවිතය පෙන්නුම් කරන හොඳම ලක්ෂණයකි.

කොහොමද සැප සනීප?

හොඳින් සතුටින් ඉන්නවා.

අතීතය ගැන ටිකක් කතා කරමු?

මගේ උපන් ගම බලංගොඩ. මගේ සම්පුර්ණ නම පර්ල් නසාරියා කුරේ. නසාරියා නම දැම්මේ ඉතාලි ජාතික පියතුමෙක්. තාත්තා පෝල් කුරේ. රැකියාව කොන්ත්‍රාත්කරු. ආරෝග්‍ය ශාලාවලට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමයි ඔහුගේ රැකියාව. අම්මා මේරි කුරේ. ඇය ගෘහණියක්. පවුලේ හය දෙනයි. මුලික අධ්‍යපනය දැරුවේ බලංගොඩ ශාන්ත ජෝසප් මිශ්‍ර පාසලේ. පසුව සාන්ත ඇග්නස් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හැදෑරුවා.

කොහොමද ඔබේ පාසැල් කාලය?

මම පාසලේ කිසිදේකට සම්බන්ධ වුණේ නැහැ. බොහොම කුලෑටි දරුවෙක්. පොඩි කාලේ කිසිදු පික්චර් එකක් බලලා නැහැ. අම්මලා අපිව පික්චර් බලන්න එක්කගෙන යන්නෙත් නැහැ. මගේ පන්තියේ හොඳම යාළුවෙක් හිටියා එයා පික්චර් පිස්සෙක්. එයත් එක්ක තමයි පික්චර් එකක් බලන්න හා පුරා කියා ගියේ. මං කලාවට ක්‍රීඩාවට කිසිදු දක්ෂකමක් දැක්වුයේ නැහැ.

කොහොමද නිළියක් වුණේ?

මගේ යාළුවා රඟපෑමට සහ සිනමාවට තිබෙන දැඩි කැමැත්ත නිසා මගේ සහ ඇයගේ පින්තූර දෙකක් චිත්‍රපට රඟපෑම සඳහා ඉල්ලුම් කර තිබෙනවා. එහිදී අප දෙදෙනාම සම්මුඛ පරීක්ෂණයකට කැඳ වූ නමුත් තෝරාගත්තේ මාව. මම හා පුරා කියා රඟපෑවේ සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටයේ සුළු චරිතයක්.

ඔබ වරක් මිස් ශ්‍රී ලංකා වුණා නේද?

ඔව්. මේ අතරතුර පිළියන්දල San Michele හෝටලයේ එක්තරා උත්සවයක් තිබුණා. ඒ උත්සවයට පැමිණ සිටි ඇහැට කනට පෙනෙන ගෑනු ළමයි අතුරින් ලස්සනම තරුණිය තේරීමේ තරගයක් තිබුණා. අපේ අම්මා බලහත්කාරයෙන් එම තරගයට මාව යොමු කළා. එහිදී ප්‍රථම ස්ථානය මට හිමි වුණා. බොහෝ දෙනා මගේ එඩ්‍රස් ඉල්ල ගත්තා. ටික කලකට පස්සේ මට ලියුමක් ලැබුණා මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වන්නට කියා. මිස් ශ්‍රී ලංකා තරගයට ලැබුණු ඇරයුම පිළිගෙන සහභාගී වුණා. එහිදී මට ප්‍රථම ස්ථානය හිමි වුණා. අවසානයේදී මාව මිස් ඉන්ටර්නැෂනල් තරගයට සහභාගී වීම සඳහා කැලිෆෝනියාවට යාමට තෝරා ගත්තා.

කොහොමද කැලිෆෝනියාවේ අත්දැකිම්?

මේ කාලේ මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මට බයක් හිතුණා. ඒ හින්දා මම බැහැ කිව්වා. කැලිෆෝනියාවට යන්නට. ඒත් සංවිධායකවරුන්ගේ බලවත් අවශ්‍යතාවය නිසායි මම එම තරගයට සහභාගි වුණේ. මිස් ශ්‍රී ලංකා තරගයෙන් දිනුවාට පස්සේ මට ජැෆර්ජි ආයතනයෙන් සාරි තුනක් තෑගි දුන්නා. හකොබා සාරි ඒ කාලේ හරිම වටිනාකමක් තිබුණු සාරි වර්ගයක්. මම ඒ සාරි තුන අරගෙන තමයි කැලිෆෝනියාවට ගියේ. තරගයට සහභාගි වීමට. මම කැලිෆෝනියාවට අරන් ගියේ සාරි තුන පමණයි. නමුත් දිග ඇඳුම් තරගකාරියන් අඳින බව මම දැන සිටියේ නැහැ. මට දිග ඇඳුමක් නැති නිසා තරග තීරකවරු මගේ ලකුණු කැපුවා. ඒ කාලේ අපිට ගෙනියන්න තිබුණේ පවුම් තිස් තුනක් පමණයි. එහෙත් අපි ඒ තරම් වත්පොහොසත්කම් ඇති අය නොවෙයි. ඊට වඩා ගෙනියන්න තරම් අපට මුදල් තිබුණේ නැහැ. මම ඔය යන්නම් වාලේ තරගයට පෙනී සිටියා පමණයි. කිසිම අවබෝධයක් මා තුළ තිබුණේ නැහැ. මට වයස අවුරුදු 16ක් පමණ ඇති. මට ඉන් ජයගන්නට ඕනා කියන අදහස මගේ සිත තුළ පැලපදියම් වී තිබුණේ නැහැ. කැලිෆෝනියාවට යෑමේ මේ සුවිශේෂ වරම මට හිමි වුණ ඒ අතර වාරයේ හවායි දූපත් ජපානය සිංගප්පූරුව ආදී රටවල්වලට යාමටත් අවස්ථාව හිමි වුණා. නමුත් එහි වටිනාකමක් මට නොතේරෙන නිසා මට Homesick තත්ත්වයක් ඇති වී ගෙදර එනකන් නොඉවසිල්මත්ව සිටියේ.

ඔබ ප්‍රධාන චරිතයක් රඟපෑවේ විලී බ්ලේක් ගේ වන රාජා සිනමා පටයේ ඒ අවස්ථාව හිමි වුණේ කොහොමද?

මිස් ශ්‍රී ලංකා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් පසුවයි බිලී බ්ලේක් මා මුණ ගැසීමට පැමිණ එම චරිතයට මාව තෝරා ගත්තේ. මම ඉතා සීමිත චිත්‍රපට සංඛ්‍යාවක් පමණක් රඟපෑමෙන් අනතුරුව සිනමාවෙන් සමුගත්තා.

ඔබ රූමත් නිළියක්. දීර්ඝකාලීනව සිනමා කර්මාන්තයේ නියැළී සිටින්නට ඔබට තිබූ අවස්ථාව ඇයි ඔබ නැති කරගත්තේ?

ප්‍රධාන හේතුව වුණේ මගේ විවාහය. මම වන රාජා චිත්‍රපටය රඟපෑමෙන් අනතුරුව සිනමාවෙන් ඉවත් වුණා. තවත් එක්තරා හේතුවක් තිබෙනවා.

කුමක්ද හේතුව?

මම චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි යුගය නාන ඇඳුමින් සැරසී කොට ගවුමින් සැරසී චිත්‍රපට රඟපාන්නට නිළියන් අකමැත්තක් දැක් වූ යුගයක්. චිත්‍රපටියට එම දර්ශනය අවශ්‍ය නම් එය රඟපෑ යුතුයි. යන හැඟීම මා විශ්වාස කරනවා. ඒ නිසා ලැබුණු එම චරිත මම කිසිදු පැකිළීමක් නැතුව බාරගත්තේ එම දර්ශන චිත්‍රපටයට අවශ්‍ය නිසායි. නමුත් ඇතැම් සමකාලීන අපගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ අවස්ථාවල මා නාන ඇඳුමෙන් සැරසී රඟ පෑ දර්ශන විවේචනයට ලක් කළා. පර්ල් කුරේ වගේ අපි රඟපාන්නේ නැහැ කොට ගවුම් බිකිනි ඇඳගෙන ආදී බොහෝ දේ මට එල්ල වුණු ප්‍රහාර, ඇත්තටම මම බොහෝ සෙයින් කලකිරීමට පත්වුණා. මගේ ක්ෂේත්‍රයේ අය යම් යම් උපහාස අපහාස කරද්දී තවදුරටත් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීම යෝග්‍ය නොවන බවයි මගේ හැඟීම. ඒ සමඟම මගේ සැමියාගෙන් මට විවාහ යෝජනාවක් ආවා. 1968 දී පමණ ඔහු අකැමැති වුණ මම තවදුරටත් රඟපෑමේ නිරත වනවාට. මගේ සිතත් කළකිරීමට පත් වී තිබුණු නිසා මම තීරණය කළා සිනමාවෙන් සමුගන්නට.

ඔබේ සැමියා සහ විවාහය ගැන කතා කරමු නේද?

මගේ සැමියා දයා වෙත්තසිංහ. වෘත්තියෙන් නීතිඥවරයෙක්. අපි මුණ ගැසුණේ එක්තරා සාදයකදී. අප දෙදෙනාගේ දස වසරක පේ‍්‍රමයේ මල්ඵල ගැන්වුයේ 1976 මම කතෝලික. ඔහු දකුණේ බෞද්ධ. දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ආගම් අතර විවාහ සිදුවීම ඉතා අල්පයි. අවසානයේ සියලු ප්‍රශ්න නිරාකරණය කොට අප දෙදෙනා විවාහ වුණා. පදිංචි වුණේ ඩික්මන් පාරේ.

පවුලේ තොරතුරු?

අපි දෙන්නට දුවෙක් ඉන්නවා. දුව ඉගෙන ගත්තේ පිටරට දුව විවාහකයි. ඇයට දරුවෝ දෙදෙනෙක් සිටිනවා. ලංකාවේ ජීවත් වන්නේ. මම හරිම සතුටු ජීවිතයක් ගත කරන්නේ. මුනුපුරු මිනිබිරියන්ගේ ආදරය මැද්දේ ජිවිතය ගෙවන්නේ මට හිතෙනවා නිළි වෘත්තිය පසෙකලා විවාහයට මුල් තැන දුන් නිසා මම අද සර්ව සම්පුර්ණ ගැහැනියක් කියා. මම ආගම ධර්මයට ළැදියාවක් දක්වන කෙනෙක්. නිතර පල්ලි යනවා. යාඥා කරනවා. හිත නිදහස් මට කිසි අඩුපාඩුවක් නැහැ. මගේ සැමියා මට හොඳ ආර්ථික ස්ථාරත්වයක් හදලා දීලා තිබෙනවා. මෙග් සැදෑ සමය දුක් කරදරවලින් තොරයි. මට තිබෙන එකම කනගාටුව මගේ සැමියා මීට වසර 2 1/2 පෙර මිය යෑම. ඒ පාළුව තනිකම අදත් මගේ සිත වෙලා ගන්නවා. නමුත් වරින් වර මම විදෙස්ගත වෙනවා. ප්‍රංශයේ එංගලන්තයේ කැනඩාවේ මගේ සහෝදර සහෝදරියන් ජීවත් වන්නේ. මම නිතර ඒ අය බලන්නට ගොස් ටික කාලයක් ඒ අය සමඟ නැවතී සිටිනවා. මගේ සැමියා මාව ලෝකේ වටේ එක්කන් ගිහින් තිබෙනවා.

අපිට කැනඩාවේ නිවෙසක් තිබුණා. සමහර වෙලාවට අපි කැනඩා ගිහින් මාස ගණන් නැවතිලා ඉන්නවා. මගේ සැමියා යුක්‍රේන්වල කොන්සල් ජනරාල්වරයකු ලෙස කලක් කටයුතු කළා. ජීවිතය දෙස ආපස්සට හැරී බැලීමේදී මට හිතෙනවා මම නියම කාලේ සිනමාවට ආයුබෝවන් කීවේ කියලා. සිනමාව සමඟ දිගු ගමනක් ගියා නම් අද මා අත්විඳින සතුට සැනසීම මට නොලැබී යන්නට ඉඩ තිබුණා.

රූ රැජිනියක ලෙස දෙස් විදෙස් කිරුළ ද, සිනමාවේ ජනපි‍්‍රය කිරුළට ද ආයුබෝවන් කියා පවුල් ජීවිතය නැමැති සෙනෙහසේ නවාතැන ළඟ ඈ නතර වුණේ පවුල සහ කුටුම්ිබය තුළ බිරිඳ මව සහ මිත්තිනිය යන කිරුළු ත්‍රිත්වයම හිමි කර ගනිමිනි.

දීප්ති ෆොන්සේකා

As a Cast

#Film NoYearFilm RoleDirector
1 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Actress Shanthi Kumar Seneviratne
2 1001964 Samiya Birindage Deviyaya සැමියා බිරිඳගේ දෙවියාය Actress W.M.S. Tampoe
3 1991969 Pick Pocket පික්පොකට් Actress Robin Tampoe
4 2221970 Suli Sulan සුළි සුලන් Actress Anton Fernando
5 2481972 Veeduru Geval වීදුරු ගෙවල් Actress Daya Wimalaweera
6 2541972 Miringuva මිරිඟුව Actress Amarasena Kumarasinghe
7 2551972 Vana Raaja වන රාජා Main Actress William Blakes
8 3091975 Ranwan Reka රන්වන් රේඛා Actress M.D.M. Daas
9 3211976 Nayana නයනා Actress H.E. Jayasinghe, Amarasena Kumarasinghe
10 3601977 Yali Ipade යලි ඉපදේ Actress M.P.Gamunu
11 4101979 Eka Hitha එක හිත Actress K.M.D. Ariyapala
12 4241979 Hari Pudumai හරි පුදුමයි Main Actress S. Ramanadhan
13 6261986 Peralikarayo පෙරළිකාරයෝ Actor Dinesh Priyasad