Sri Siddha

Sri Siddha

ශ්‍රී සිද්ධා

Colour

Film No: 1416  ·  Released: 18 Oct 2024

56.55% · 2,523 votes
Rate this film
Special Message

Based on Early chronicles

Summary

NameSri Siddha / ශ්‍රී සිද්ධා
Film No1416
Released Date18 Oct 2024
ColorimeterColour
Movie GroupSinhala
CategoryHistory

Trailer

Description

ගාමනී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රියාල් අද්මිරාල් සරත් වීරසේකර ලාංකික ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් වන පොළොන්නරු යුගයේ ආරම්භ කරන විජයබා රජ සමය පාදක කර ගනිමින් චිත්‍රපටයකට මුලපිරුවේය.

ලෝක යුද ඉතිහාසයේ ගරිල්ලා සටන් සම්ප්‍රදාය පිළිබඳ මුල් පියවර ලෙස සැලකෙන කීර්ති විජයබා රජ දවසේ කුමරුන් රැක ගැනීමට බුදල්නා නම් සෙනෙවියකු කළ සටන් පිළිබඳ පර්යේෂණ ඇසුරු කොට සරත් වීරසේකර තිර රචනය ලියා ඇත.

ශ්‍රී සිද්ධා නමින් නම්කළසිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා ගලදාරි හෝටලයේදී පැවැත්විණි. 2015 වසරේ සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිෂ්පාදක ලෙස මහරජ ගැමුණු උදෙසා සම්මාන දිනූ ගුණපාල රත්නසේකර, 2017 වසරේ සරසවිය සිනමාකර්ෂණීය චිත්‍රපටය ලෙස සම්මාන දිනූ ආලෝකෝ උදපාදි නිෂ්පාදක තුසිත විජේසේන සමඟ වෛද්‍ය මාලිකා ජයසූරිය එක්ව ශ්‍රී සිද්ධා නිෂ්පාදනයට දායක වේ.

විධායක නිෂ්පාදනය හා සංස්කරණය, ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය සහ පරිගණක සජීවිකරණය ප්‍රවීන් ජයරත්න දායක වෙයි. කැමරාකරණය චන්දන ජයසිංහ, සහය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියගෙනි.

දෙවන හා තුන්වන සහාය අධ්‍යක්ෂණය පිළිවෙළින් ආනන්ද එස්. කපුගේ, සුභානි හර්ෂිකා වන අතර නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීරගෙනි.

සහය නිෂ්පාදන කළමනාකරණය ඉන්දික සේනාධීරගෙනි. සටන් අධ්‍යක්ෂණය රිටිගල සුමේධ, ඇඳුම් නිර්මාණය කුමාර කරව්දෙණිය ද, වේෂ නිරූපණය ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණය පැට්රික් ඩේවිඩ්, සහය කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් කොඩිතුවක්කු, සංගීතයෙන් මිලින්ද තෙන්නකෝන්, නර්තනයෙන් ජනන්ද ජයසිරි, නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.

ශ්‍රී සිද්ධා සිනමාපටයේ රංගනයෙන් ජගත් චමිල, උදාරි වර්ණකුලසූරිය, පබෝධා සංදීපනී, බුද්ධික ජයරත්න, දිනෙත් ද සිල්වා, ඕෂධී හේවාමද්දුම, ගීතා කාන්ති ජයකොඩි, වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, කුමාර තිරිමාදුර, රිටිගල සුමේධ, උදේනි අල්විස්, රුවන් වික්‍රමසිංහ, රජිත රොද්‍රිගෝ, මෙලනි අසෝකා, සචිත්‍ර වීරසේකර දායක වෙති.

Cast

Crew

Other Crew