Gindari 3

Gindari 3

ගින්දරී 3

Colour

Film No: 1362  ·  Released: 01 Dec 2022

57.54% · 2,468 votes
Rate this film

Summary

NameGindari 3 / ගින්දරී 3
Film No1362
Released Date01 Dec 2022
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Mahendra Perera Main Actor: Rodney Warnakula Main Actress: Paboda Sandeepani Director: Udayakantha Warnasuriya

Trailer

Description

පොලිස් විසිල් එක ඇත්තේ පොලිස් නිලධාරින්ගේ අතෙහිය. ඔවුුහු අවශ්‍ය තැන්හි එය නොඅඩුව පිඹිනු ලබති. ඒ විසිල් එක සාමාන්‍ය ජනයාට පාවිච්චි කිරීමට තහනම්ය. එහෙත් ඉකුත් දිනයකදී සිනමා අධ්‍යක්ෂවරයකු පොලිස් විසිල් එකක් පිඹිනු අපි දුර තියා බලා සිටියෙමු. අප කියා මා හැඳින්වූයේ මම සහ අප ඡායාරූප ශිල්පී තිලක් පෙරේරායි. අම්මට සිරි උදය අයියා අර පොලිස් විසිල් එකක් නේද තියගෙන ඉන්නෙ. තිලක් අයියා ජිරාෆියකු මෙන් බෙල්ල දිගුකර බලයි. ඒක තමයි මමත් මේ බැලුවෙ.උදය අයියා යනු උදයකාන්ත වර්ණසූරියට අප අමතන නාමයයි. ඔහු පොලිස් විසිල් එකක් පිඹිමින් මේ කරනා හදිය කුමක්ද? අපි තව තවත් සමීප වීමු. උදය විසිල් එක එක වරක් පිඹියි. අනෙක් අන්තයේ උදයට මදක් ඈතට වන්නට සුරූපී ලලනාවකි. රෙද්දකින් සහ හැට්ටයකින් ඇය සැරසී සිටින්නීය. නාභිය නොදක්වා නොව එය පෙනෙන්නටම ඇය රෙද්ද හැඳ තිබේ. සිනා නොමසෙන් දසන් දක්වා කියා තිබුණාට ඇය දසන් හොඳාකාරවම පෙන්වමින් සිනාසෙනු පෙනිණ. ඇය අසල අවුරුදු අටක පමණ පිරිමි දරුවෙකි. තවත් අයකු ඒ දෙදෙනා අසලය. මේ තිදෙනා සහ උදය අතර පරතරය මීටර් විස්සක් පමණය. විසිල් හඬ ඇසුණු තිදෙනා දෙබස් වගයක් කියමින් රඟපාති. උදය නැවතත් විසිල් එක පිඹියි. තිදෙනාගේ රැඟීම නවතියි. මේ දර්ශන තලයේ ඇක්ෂන් කට් නැත. ඇත්තේ විසිල් හඬ පමණි. අප දෙදෙනා විවේකී වේලාවක් අල්ලා උදය දෙසට ඇදුණේ මෙතැන සිදුවන දෑ පිළිබඳ දැනගැනීමටය.

කොහොමද මේ ගින්දරී . . .

උදය අපෙන් අසන්නේ තරුණිය දෙස බලන ගමන්ය. ගින්දරී සිනමාපටය නැරැඹූ ඔබට බහුබූතයෝ තුළින් පළමුවරට හඳුන්වා දුන් ටිකිරි නමැති ඒ චරිතය නිතැතින්ම මතකයේ ඇති බවට මට විශ්වාසය. එදත් අදත් ටිකිරි, පබෝදා සංදීපනීය. උදය අයියා අර විසිල් එක . . .

ආ ඒක තමයි අපේ ඇක්ෂන් කට් සිග්නල් එක. මේ පිටකොටුවේ සද්දයත් එක්ක ඇක්ෂන් කට් කියනවා ඇහෙනවා මදිනෙ. ඒක නිසා මේක පාවිච්චි කරනවා. හැබැයි මෙහෙම වැඩකුත් වෙනවා. මේ ළඟ පොලීසියෙන් ඉන්න වෙලාවට මෙයාලා පොලිස්කාරයින්ගේ විසිල් එකටත් රඟපානවා. උදය මහ හඬින් සිනාසෙයි. පබෝදා ළඟින් සිටිනා පුංචි නළුවාගේ චරිතයේ නම 'සුපිරිය'. ටිකිරි ඔහුගේ මවය. ටිකිරි මේ ස්වරූපයෙන් හිටියත් ඇය යක්ෂණියක් වන බැවින් සුපිරිට ද යක්ෂ වැඩ කිඩ කළ හැකිය. සුපිරි ගාව සිටින කෙනාව එක සැරයටම හඳුනා ගැනීමට ඇත්තටම නොහැකි විය. අවුරුදු දහඅටක කොල්ලෙක් වගේ පෙනුම ගෙන සිටින්නේ රොඩ්නි වර්ණකුලය. කොතරම් අංග රචනා යොදා වෙස් මාරු කොට තිබුණ ද රොඩ්නිගේ හිනවෙහි කිසිදු වෙනසක් නැත. ඔහු හඳුනා ගැනීමට එය ප්‍රමාණවත්ය. ටිකිරි සමඟ තවත් යක්ෂණියන් හතරදෙනකු කරළියට ඇවිත්ය. සුරූපී ඔවුන් යක්ෂණියන් කියා කිසිසේත්ම හඳුනා නොගන්නෝ ඔවුනට රැවටෙති. චුලක්ෂි රණතුංග, ටීනා ශනෙල්, චංචලා වර්ණසූරිය සහ තරින්ද්‍රි ප්‍රනාන්දු එලෙස ගින්දරී වෙනුවෙන් යක්ෂණියන් වී සිටින්නෝය.

අන්න දෙවියෝ වැඩලා . . . කවුදෝ කියනු ඇසිණි. පිටකොටුවේ තවත් අන්තයක තවත් කලබලයකි. කිව්ව කෙනා නිවැරිදිය. දෙවිවරු දෙදෙනකු පිටකොටුවට වැඩ තිබේ. සාමාන්‍ය ජනයෝ දෙවිවරුන් වට කරගෙන සිටිති. සාමාන්‍යයෙන් සිදු වනුයේ බැතිමතුන් දෙවියන්ගෙන් යමක් ඉල්ලීමයි. එහෙත් මේ දෙවිවරුන්ගෙන් ජනයෝ ප්‍රශ්න කරමින් සිටිති. අසන්නේ ගින්දරී දෙවැනි කොටස පිළිබඳය. ශ්‍රීනාත් මද්දුමගේ සහ සමන් හේමරත්න (ලීලසේන) දෙවිවරුන් ලෙස වෙස් මාරු කොට තිබේ.

ගින්දරී දෙවැන්න වෙනුවෙන් යුද ටැංකි පවා දර්ශන තලයට ගෙන ඒමට උදය සමත් වී ඇත. එවන් වූ මහත් පරිශ්‍රමයක් දරා උදයකාන්ත තිරයට නඟන ගින්දරී දර්ශන තලයෙන් අප සමු ගන්නා විට බන්ටි හෙවත් මහේන්ද්‍ර පෙරේරා ද පැමිණ සිටියේය.

ගින්දරී II සිනමාපටයේ සෙසු නළු නිළියෝ

සරත් කොතලාවල, නිල්මිණි කෝට්ටේගොඩ, සරත් චන්ද්‍රසිරි, ආනන්ද අතුකෝරළ, දිලිප් රෝහණ, කීර්ති රත්නායක, සජීව මල්මාලආරච්චි, උදේනි චන්ද්‍රසිරි, ටිශෝන් වැන්හොෆ්, මර්වින් විජේසිංහ, අනුර ශ්‍රීනාත්, චතුර පෙරේරා, වසන්ත විට්ටචිචි, සිසිර කුමාරතුංග සහ සරත් පීරිස් වෙති.

කතාව, දෙබස් තිර රචනය - උදයකාන්ත වර්ණසූරිය

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

දෙවැනි සහාය - නිරෝෂන් එදිරිමාන්න (ඩැනී)

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත,පි‍්‍රයන්ත පතිරගේ

සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද පෙරේරා

අංග රචනය - නලීන් ප්‍රේමතිලක

කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්

ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය

නිෂ්පාදන කළමනාකරණය -අශෝක ආරියරත්න

විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - තිලංක සිල්වා

Cast

Crew

Other Crew