Sihina Sameekarana

Sihina Sameekarana

සිහින සමීකරණ: අයිස් දියවන ලයිෆ් ප්‍රේමය

Colour

Film No: 1402  ·  Released: 17 May 2024

55.31% · 742 votes
Rate this film

Summary

NameSihina Sameekarana / සිහින සමීකරණ: අයිස් දියවන ලයිෆ් ප්‍රේමය
Film No1402
Released Date17 May 2024
ColorimeterColour
Duration88 mins
Movie GroupSinhala
CategoryDrama
CompanyYS Production
Main Actor: Sajitha Anuththara Main Actress: Kasuni Kavindi Director: Sasika Herath Producer: Charith Jayathilaka Producer: Dammika Geekianage

Trailer

Description

ඔබත්, මමත් ජීවත් වෙන මේ සමාජයේ එකිනෙකට වෙනස් වූ මිනිසුන්ගේ මුණගැසීම් නිසාවෙන් තම ජීවිකාවේ ගමන්මඟ වෙනස් කරගන්නා ලද බොහොමයක් අය දැක ගන්නට පුළුවන්. මෙය කියවන ඔබත් සමහරවිට එසේ වන්නට පුළුවන්. ඒ ඒ මිනිසුන්ගේ පෙළඹවීම් හමුවේ තමන්ගේ ගමනාන්තයේ දිශානතිය වෙනස් වූ ඔබ ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේද?

ඒ ප්‍රශ්නාර්ථය මම ඔබට තබමින් මේ කතා කරන්නට සැරසෙන්නේ ඔබ මේ වසරේ නරඹන්නට බලාපොරොත්තුවෙන් සිටින සිනමා කෘතියක් ගැනයි.

2020 වසරේ මුල් භාගයේදී තිරගතවීම් ආරම්භ කරන සිහින සමිකරණ චිත්‍රපටයේ සියලු වැඩ නිමාවට පත්වන්නේ 2022 වර්ෂයේදීයි. එය එසේ වන්නට හේතුව වූයේ වසංගත තත්ත්වයන් වගේම රටේ ඇති වූ අයහපත් ගැටලුකාරි තත්ත්වයන් බව ඔබට අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැති බව මා දන්නවා.

කෙසේ වෙතත් පැවැති සියලු අභියෝගයන්ට අතිශය සාර්ථකව මුහුන දෙමින් චිත්‍රපටයේ නිශ්පාදන කණ්ඩායම එය මේ වසරේ ප්‍රේක්ෂක ඔබ වෙත සමීප කරවීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පැවසුවා.

නිසල් බණ්ඩාර කියන්නේ ලංකාවේ එක්තරා ග්‍රාමීය ප්‍රදේශයක වෙසෙන දහඅට හැවිරිදි ශිෂ්‍යයෙක්. උසස් පෙළට මුහුණ දෙන්න නිසල්ට අවශ්‍ය වුණත් ඔහුට ඔහු ඉගෙනගත්ත පාසලෙන් ඊට ඉඩක් ලැබෙන්නෙ නැහැ. ඒ හේතුව නිසාම ඔහුගේ අධ්‍යාපන අභිලාෂයන් එක්තරා කාලසීමාවකදී අඩාල වෙනවා. නමුත් නිසල්ට තිබුණු සුවිශේෂී බුද්ධිමය හැකියාව හ¾දුනාගන්නා ‘ජනක’ නම් ගුරුවරයා නිසල්ව විභාගයට ඉදිරිපත් කිරීම සඳහා පාසලෙන් පසු පන්ති පැවැත්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. කොහොම වුණත් මේ වැඩේට පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ ගම්වාසීන්ගෙන් ලැබෙන්නේ නම් ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නොවෙයි.

කෙසේ වෙතත් ඔය සියල්ල අතරේ නිසල්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වෙන්න තව කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ වෙන කිසිවෙක් නෙමෙයි නිසල්ගේම ගමේ මිතුරියක් වන, නිසල්ට රහසින් ආදරය කරන රිද්මි. නමුත් වැදගත්ම දේ තමයි, රිද්මි ඒ වෙනකොටත් තමන්ගේ ඇවස්ස මස්සිනා වුණු අසංක නමැති කුලී රථ රියදුරා සමඟ විවාහ වීමට සැලසුම් කරලයි තිබෙන්නේ. ඉතින් කොහොමින් කොහොමහරි රිද්මිගේ අදහසත්, නිසල් ගැනත් කන වැකීම නිසා අසංක සහ ඔහුගේ සගයන් නිසල් විභාගයට මුහුණ දෙන්නට ටික වේලාවකට පෙර, ඔහුට සැඟව සිට පහර දෙනවා. අවසානයේ බාධක මැද්දේ විභාගයට සූදානම් වූ නිසල්ට රෝහල් ගතවීමට සිදුවීම නිසා විභාගය අතපසු වෙනවා.

කාලයත් සමඟ නිසල් ගොවිතැන් කරන්න යොමුවෙනවා. ඒ අතරේ රිද්මිට රැකියාවක් ලැබෙනවා. කෙසේ වෙතත් ඔය අතරේ නිසල්ගේ බලාපොරොත්තු සුන් නොකරමින් ජනක නිසල්ව කොළඹ නාගරික ප්‍රදේශයේ නැවතී ටියුෂන් යෑමට සූදානම් කරවනවා. ඒ ඔහුට නැවත විභාග කිරීමට හැකි වන පරිදි. ජනකගෙන් නැවත නැවතත් දිරිගැන්වීමෙන් පසු නිසල් එකඟ වී කොළඹට යනවා. එහිදී තමයි ඔහුට ඔහුගේ නේවාසික මිතුරා එහෙමත් නැත්නම් රූමා වන අශේන් හමුවෙන්නේ. අශේන් නිසල්ගේ උපකාරක පන්තියේ මිතුරකු මෙන්ම part time drug dealer කෙනකුද වෙනවා. එහිදී නිසල් අශේන් සමඟ මිත්‍ර වී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. නිසල් මත්ද්‍රව්‍ය තමන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට නියම කරනු ලබනවා. ඉන් පස්සේ නිසල්ගේ ජීවිතය කෙසේ ගලා යාවිද? නිසල්ගේ සිහින සමඟම ඔහුට මියයෑමට සිදු වේවිද?

ඒ ගැන දැනගන්න නම් ඉතින් සසික හේරත් විසින් අධ්‍යක්ෂණය කළ, ‘සිහින සමීකරණ’ චිත්‍රපටය ඔබට නරඹන්න සිද්ධ වෙනවා. නුදුරේදීම මෙය මෙරට සිනමා ශාලාවලදී පෙන්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර සසික හේරත්ගේ කලුඳුල් වෘතාන්ත චිත්‍රපටය ලෙස‍යි මෙය සැලකෙන්නේ. මෙම චිත්‍රපටයට නිෂ්පාදනයෙන් මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ දායකත්වය සපයන අතර මෙහි තිර රචනය දර්ශන විද්‍යා අරවින්ද විසින් සිදු කරනවා. එසේම සංස්කාරක ලෙස අජිත් රාමනායක, සංගීත අධ්‍යක්ෂ ලෙස චින්තක ජයකොඩි, සහය අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක, ශබ්ද නිර්මාණකරු ලෙස සසික රුවන් මාරසිංහ, කලා අධ්‍යක්ෂවරයා මෙන්ම ඇ¾දුම් නිර්මාණකරු ලෙස පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණ ශිල්පියා ලෙස ප්‍රියන්ත එස්. වන්නිනායක, වර්ණ සංයෝජනය ආනන්ද බන්ඩාර, නිෂ්පාදන කලමණාකරණය දුමින්ද පෙරේරා සමඟින් හරේන්ද්‍ර පෙරේරා යන අය දායකත්වය සපයනවා. ප්‍රධාන රංග භූමිකාව සඳහා සජිත ඇන්තනි (නිසල්) සහ කසුනි කාවින්දි ප්‍රනාන්දු (රිද්මි), අශාන් ඩයස් (ජනක සර්) දායකත්වය සපයන අතර සහාය නළු නිළියන් ලෙස රන්දික ගුණතිලක (අෂේන්), වසන්ත විට්ටච්චි (විදුහල්පති), පූජානා දන්දෙණිය (අසංකා), රෙබෙකා දිල්රුක්ෂි (දිල්කි), මොරින් චාරුනි (රිද්මිගේ මව), නයනා හෙට්ටිආරච්චි (නිසල්ගේ මව) යන අය සම්බන්ධ වෙනවා.

ශ්‍රී ලංකාවේ පිටිසර ගමක තරුණ පිරිමි ළමයකු තම ජීවිතයේ පෙරළි හරහා ගමන් කර අවසානයේ ළඟාවන ගමනාන්තය දිහා බලන්න ඉදිරියේදී තිරගත වන සිහින සමීකරණ නරඹන්න කියන ආරාධනාව අවසාන වශයෙන් ඔබට ගෙන එනවා. සිහින තියෙන හැමෝටම මේ දිගහැරුම වැදගත් වේ යැයි අප විශ්වාස කරනවා.

ෂාමික ඉරේෂ් ජයලත්

Cast

Crew

Other Crew