Anthima Reya

Anthima Reya

අන්තිම රැය

Colour 35 mm

Film No: 880  ·  Released: 31 Jul 1998

58.98% · 2,914 votes
Rate this film

Summary

NameAnthima Reya / අන්තිම රැය
Film No880
Released Date31 Jul 1998
ColorimeterColour
Video Format35 mm
Movie GroupSinhala
CategoryStory
Main Actor: Gamini Fonseka Main Actress: Malani Fonseka Producer: Lucky Dias Director: Gamini Fonseka

National Awards

For Artists

1 Best Supporting Actor 12th Presidential Award 2000 - 2 - 2000 Lucky Dias
2 Best Singer - Male 12th Presidential Award 2000 - 2 - 2000 W.D. Amaradeva

ලින්ටන් කුරේ ධනවතෙකි, ප්‍රභලයෙකි. ඔහු එම තත්වයට ලඟා වීමට විවිධ යුතු ක්‍රියා රැසක නියුතු වූවෙකි. නමුත් ඔහු සිය ධනය හා බලය උපයෝගී කරගෙන සමාජයේ පිළිගත් අයකු බවට පත්වේ.

ලින්ටන් කුරේට දේවේන්ද්‍ර සිල්වා මුණගැසෙන්නේ මේ අතරවාරයේය. දේවේන්ද්‍ර කෙරෙහි පැහැදෙන ලින්ටන් සිය ව්‍යාපාර කටයුතු වල වගකීම දේවේන්ද්‍ර ට පවරයි.

කල උළෙලකට ආරාධිතයෙක් ලෙස සහභාගී වන ලින්ටන් ට ලක්ෂ්මි නමැති සුරුපිනිය මුණගැසේ. පෙමින් බැඳෙන ඔවුන් ඉක්මනින්ම විවාහ දිවියට එළඹේ.

කුරේගේ වසන් කරගෙන සිටින අඳුරු ජීවිතය ලක්ශ්මිට හෙළිවේ යැයි දේවේන්ද්‍ර ට සක සිතෙන්නේ මේ අතරය.

නමුත් වැඩිකල් නොගොස් මේ දෙදෙනාගේ වසන් කරන්නට තැත් කරන ජීවිතය ගැන ලක්ෂ්මි දැන ගනී. එමෙන්ම කුරේ යම්කිසි ලිංගික නොහැකියාවකින් පෙලෙන බවද මේ වනවිට ඇයට පසක් වී අවසානය.

මේ අතර කුරේ ගේ ඉල්ලීමෙන් දේවේන්ද්‍ර මැතිවරණයකට ඉදිරිපත්වී ජයගනී.

ඉන්පසු ඔහු පාර්ලිමේතුවේදී කැසිනෝ ව්‍යාපාර පිටුදැකීමට සහය වන අතර කැසිනෝ කුරේ ගේ ප්‍රධානතම ආදායම් මාර්ග වලින් එකක්ද වේ. මේ නිසා ඔවුන් දෙදෙනා අතර සම්භන්ධතා දුරස් වී යයි.

ඒ අතර තුරේ දේවේන්ද්‍ර හා ලක්ෂ්මි අතර පෙම් පලහිලව්වක් හට ගනී. මෙය දැනගත් පසු කෝපයෙන් වියරු වැටෙන කුරේ ගේ වෙඩි පහරින් ලක්ෂ්මි මිය ගොස් දේවේන්ද්‍ර ආබාදිත වේ. කුරේ සිරගත වෙයි.

වසර ගණනකට පසුව සිරෙන් නිදහස් වන කුරේ දේවේන්ද්‍ර මුණගැසීමට පැමිණේ. නමුත් එවිට යම්කිසි සංවිධානාත්මක ප්‍රහාරයකින් කුරේ මිය යයි.

Cast

Crew