Thalatha Gunasekara

Thalatha Gunasekara

තලතා ගුණසේකර

Full Name: Abeykoon Mudiyanselage Thalatha Abeykoon Born 17 July 1937 Died 17 September 2003

17 July 1937 - 17 September 2003

60.41% · 2,151 votes
Rate this artist

Summary

NameThalatha Gunasekara
Sinhala Nameතලතා ගුණසේකර
Full NameAbeykoon Mudiyanselage Thalatha Abeykoon
Born17 July 1937
Died17 September 2003

Biography

ශ්‍රී ලංකාවේ වළව් ඉතිහාසයේ දිගම වාසගම හිමි මැණිකේ කෙනෙකු වූ අක්කඩ මුක්කඩ වීර රඹුක්කඩ රඹුකෙන් ජය ගත් දියතිලක කෝරළයේ ඉලන්ගන්තිලක මුදියන්සේලාගේ ලීලාවතී ඉලන්ගන්තිලක විවාහ වී සිටියේ රජයේ සෞඛ්‍ය පරීක්ෂකවරයකු වූ ගම්පොල ටිකිරි බණ්ඩා අබේකෝන් සමඟය. ලීලාවතී අබේකෝන් මැණිකේ උපන් හඟුරන්කෙත ඉලන්ගන්තිලක වළව්වට දීර්ඝ ඉතිහාසයක් ඇත. ශ්‍රී දළදා වහන්සේ පිදීමට පිච්ච මල් සපයා ගත්තේ මේ වළව්වෙනි.

ඉලංගකෝන් යුවළගේ ලොකු දියණිය වන අබේකෝන් මුදියන්සේලාගේ තලතා අබේකෝන් උපන්නේ 1937 ජූලි 17 වෙනිදාය. පවුලේ වැඩිමහලු දරුවා වූ තලතාට සීතා නම් වැඩිමහල් නැගණියක් ද සෙනරත් හා සේන නම් සොහොයුරන් දෙදෙනෙක් ද පවුලේ අත බාලයා වූ ශ්‍රී කාන්ති නම් තවත් සොහොයුරියක් ද විය. මේ අය අතරින් ශ්‍රීකාන්ති ද අද ජීවතුන් අතර නැත.

තලතා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙනි. ඉන්පසු මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නේවාසිකව ඉගෙන ගත්තේ දෙමාපියන්ගේ දැඩි නීති රීති මැදය. තම පාසල් ජීවිතය ගැන තොරතුරු තලතා මට පැවසුවේ 'සරසවිය' පුවත්පතට ඇය ද රඟපෑ 'වීදුරු ගෙවල්' චිත්‍රපටයේ රූපගත කිරීම් මැද ලැබුණු විරාමයකදීය. ඒ කිරුළපනේ එදා තිබූ 'වයිට් හවුස්' මන්දිරයේදීය. ඒ 1970 වසරේදීය.

'පාසල් කාලයේ මම සිහින මැව්වේ ගුවන් සේවිකාවක් වීමටයි. ඒ කාලයේ මම සංගීතයට කොතරම් ආදරය කළා ද යත්, බටහිර සංගීතය ඉගෙන පියානෝ වාදනයට විද්‍යාලයේදී ත්‍යාගත් ලබා ගත්තා. ඒ කාලේ මගේ දෙමාපියන් මාව කොතරම් පරෙස්සම් කළා ද කීවොත් පාසලට මගේ නමට එන ලියුම් විදුහල්පතිනියට කඩා බලා අවශ්‍ය නම් පමණක් මට භාර දෙන ලෙස ඔවුන් පවසා තිබුණා. මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වී වැඩිදුර යුනිවර්සිටි එන්ට්‍රන්ස් කරන්න ගම්පොළ සහිරා විද්‍යාලයට ගියා. එකල ගම්පොළ සහිරා විද්‍යාලයේ විදුහල්පති බද්උදීන් මහමුද් (පසුව අධ්‍යාපන ඇමති) මහතා ගම්පොල සෞඛ්‍ය නිලධාරියා වූ මගේ තාත්තාත් මහමුද් මහත්තයයි හොඳ මිත්‍රයන්. යුනිවර්සිටි එන්ට්‍රන්ස්වලට ඉගෙන ගන්න ගමන් මට ජ්‍යෙෂ්ඨ පන්තියේ ළමයින්ටත් උගන්වන්න විදුහල්පතිතුමා පැවරුවා.'

වයස අවුරුදු 16 ක් පමණ වූ තලතා දුටුවන් මන්මත් කරන රූපකායකට උරුමකම් පෑ උසේ හැටියට මහත ඇත් ගමනින් යන රූප සුන්දරියක් වූවාය. අවුරුදු 17 දී ඇය ඉංග්‍රීසි උප ගුරුවරියක ලෙස මුල් පත්වීම ලැබෙන්නේ නාවලපිටියේ ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයටය. ඇයට එහිදී උගන්වන්නට ලැබුණේ තමාගේ සම වයසේ සිසුන්ටය. ඒ අතර ජෙනී විනිෆ්‍රිඩා (චිත්‍රපට නිළි) හා කේ. වෙන්කට් (චිත්‍රපට අධ්‍යක්ෂ) එදා ඇගෙන් ඉගෙන ගත් සම වයසේ සිසුන්ය. එදා ඇගෙන් ඉගෙන ගත් අහංගම පියසේන (චිත්‍රපට නළු) අපට වරක් කියා සිටියේ මෙවැනි කතාවකි.

'අපේ පන්තියේ සිටි මා ඇතුළු ළමයි තලතා ටීචර් උගන්වනවට වඩා බලාගෙන හිටියේ ඒ ලස්සන මුහුණ දිහා. වෛජයන්තිමාලා පරාදයි. අපි තලතා ටීචර්ට ලව් කළා.'

තලතාට චිත්‍රපටයක රඟපෑමට ආසාව ඇති වුණේ රුක්මණී දේවිගේ රඟපෑම් දැකීමෙනි. එහෙත් ඇයගේ ප්‍රියතම ගායිකාව වූයේ රුක්මණීට වඩා ලතාය. රුක්මණීගේ හා ලතාගේ රසිකාවියක් වූ තලතාගේ චිත්‍රපට රඟපෑමේ ආසාව වැඩි වූයේ තම ගම් පළාත වූ ගම්පොළම පදිංචිව සිටි හිතවතියක් වූ විමලා වැනිෂියා නිසාය. ඇය ඒ වන විට (1955 දී) 'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපා තිබුණි.

'දවසක් විමලා මගෙන් ඡායාරූපයක් බලෙන්ම ඉල්ලගෙන 'දෙයියන්නේ රටේ' චිත්‍රපටයේ නිෂ්පාදක නීතිඥ එස්. වී. ද එස්. සෝමරත්න මහත්තයට යැව්වා. සෝමරත්න මහතා එයට කැමති වී අධ්‍යක්ෂක එල්. එස්. රාමචන්ද්‍රන්ට එය යොමු කළාලු. මාව ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වු කැතරින්ගේ චරිතයට තෝරා ගත්තත් දෙමාපියන්ගේ බලවත් අකමැත්ත නිසා මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. තලතා චිත්‍රපට නිළියක් වීමේ බිඳී ගිය සිහිනයේ මුල්ම අවස්ථාව මතක් කළාය.

1957 වසරේ තලතාට පුස්සැල්ලාවේ රජයේ විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරිය ලෙස පත්වීමක් ලැබුණේය. දිනක් ඇය අසල තිබූ තැපැල් කන්තෝරුවට ගියේ ලියුමක් රෙජිස්ට්‍රර් කිරීමටය. තැපැල් කන්තෝරුවට පැමිණීමට පඩි දහයක් පමණ ඇයට නැගීමට සිදු විය. එදා තැපැල් ස්ථානාධිපති ලෙස සිටි තරුණයා පඩි පෙළ නගින ලස්සන මල් වැටුණ ඔසරියකින් සැරසුණු රූමත් කාන්තාවක් දැකගන්නට ලැබිණි. ඇය මනාව කොණ්ඩය බැඳ සිටියා. ඇගේ දසුන ඔහුට රසඳුනක් මැ විය. ඔහු හනික ඇය ආ කාරිය ඉටු කර දුන්නේය.

'ඔයා මේ ළඟ ඉස්කෝලයකද උගන්වන්නේ?

'පුස්සැල්ලාවේ ඉස්කෝලේ . . .'

ඒ හමුව ඒ කථෝපකථනය ආදර අන්දරයකට මුල පිරුණි.

මේ තරුණ තැපැල් මහතාගේ නම දිසානායක විජේසූරිය ස්ටැන්ලි ගුණසේකරය. ඔහුගේ ගම් පළාත ගම්පොළ සිට සැතැපුම් හයක් ඈතින් ඇති උඩහේනතැන්නය. ස්ටැන්ලි හා තලතා විවාහවීමට තරම් ඔවුන්ගේ ප්‍රේමය බලවත් විය.

'ස්ටැන්ලි ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕන. මම කුඩා කාලේ ඉඳලම චිත්‍රපට නිළියක් වෙන්න ආසාවෙන් හිටියේ. නිළි වරම මගෙන් ගිලිහී ගියේ නුලෙන්. මට නිළියක් වෙන්න ඔයා අවසර දෙන්න ඕනෑ.'

ස්ටැන්ලි ඒ වරම තලතාට දුන්නේය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ කාලයේ 'ගම්පෙරළිය' චිත්‍රපටය රූ ගත කිරීමට පටන් ගෙනය. එහි නන්දාගේ චරිතයට නිළියන් තෝරන කාලය මේ. තලතාගේ ඡායාරූපයක් ලෙස්ටර් හා සුමිත්‍රා යුවළගේ නෙතට හසු වී තිබුණි. තලතාගේ ලිපිනයට ලෙස්ටර්ගෙන් ලිපියක් ලැබිණ. එදා තලතා කොතරම් සතුටට පත් වුණාද?

'මම එදා දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගෙන මිස්ටර් පීරිස් පදිංචි වෙලා සිටි දෙහිවල ගෙදරට ගියේ ස්ටැන්ලි එක්ක. මම මුලින්ම ගාමිණී ෆොන්සේකා දැක්කේ එදා. රන්මුතු දූව, සන්දේශය චිත්‍රපට දැකලා ඔහු සජීවීව දැකගන්න ආසාවෙන් හිටියේ. ඒත් පරහක් තිබුණා. චිත්‍රපටයේ ජිනදාසට රඟපාන ගාමිණීටත්, පියල්ට රඟපාන හෙන්රි ජයසේනටත් වඩා මම උස වීම ප්‍රබල ගැටලුවක් වුණා. ලෙස්ටර් හා සුමිත්‍රා මාව තෝරා නොගැනීම ගැන කණගාටු වුණා.

'තලතා හිත නරක් කරගන්න එපා. ඉදිරියට අපේ චිත්‍රපටවල අපි ඔයාව සම්බන්ධ කර ගන්නවා.'

ඒ සිහිනයත් බොඳ වුවත් ලෙස්ටර් හා සුමිත්‍රා යුවළගේ ආගන්තුක සත්කාර තලතා හා ස්ටැන්ලි අගය කළහ. එදා ඔවුන් යාමට සැරසෙද්දී ලෙස්ටර් මහතා ගාමිණීට කාරුණිකව කීවේ 'ගාමිණී මේ දෙන්නව ස්ටේෂන් එකට ඩ්‍රොප් කරන්න පුළුවන්ද?' කියාය. එදා ජනප්‍රියව සිටි මේ නළුවා තම මෝටර් රථයෙන් තලතා හා ස්ටැන්ලිව ස්ටේෂන් එකට ඇරලීමට තරම් නිහතමානී වු බව තලතා කෘතඥතා පූර්වකව පවසා ඇත.

සිනමාස් සමාගම එතෙක් නමක් නැතිව නිෂ්පාදනය කරන චිත්‍රපටයකට නිළියන් අවශ්‍ය බව කියන දැන්වීමක් 'ඉරිදා ඔබ්සර්වර්' පත්‍රයේ පළ වී තිබුණු දුටු ස්ටැන්ලි ඒ බව තලතාට දැන් වූයේ බිඳුණු සිතට අස්වැසිල්ලක් ලබා දෙන අටියෙනි. තලතා එයට ඇයදුම්පතක් යැව්වාය. සම්මුඛ පරීක්ෂණයට දිනයක් ලැබිණි.

'එදා තමයි දවස. හැඳල විජය චිත්‍රාගාරයට මම ගියේ දෙගිඩියාවෙන්. එදා මුල් වරට චිත්‍රපටයක රඟපාන සැටි කියා දුන්නේ හියුගෝ මාස්ටර්. මම මාස්ටර් කියන ආකාරයට රඟපෑවා. මාස්ටර් අධ්‍යක්ෂ මස්තාන් ළඟට ගිහින් මොනවද කිව්වා. එදා සිනමාස් සමාගමේ චිත්‍රාගාරයේ කළමනාකරු ජේ. චාල්ස් පෙරේරා, සිවානන්දන් (පසුව චිත්‍රපට අධ්‍යක්ෂ) ඇන්තනී සී. පෙරේරා පරීක්ෂක මණ්ඩලයේ හිටියා. සිවානන්දන්, මස්තාන්ට මොනවද කිව්වා.

'අපිට ඕනෑ ඔබ වැනි දැන උගත් තරුණියන්' මස්තාන් කිව්වා.

මම හාපුරා කියා 'අදට වැඩිය හෙට හොඳයි' චිත්‍රපටයේ (1963) දුෂ්ඨ ගති ඇති ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමඟ ඔහුගේ කාරුණික බිරිඳ ලෙස රඟපෑවා. ඒ චරිතයට දුෂ්ඨ වුවත් ක්‍රිස්ටි කාරුණික නළුවෙක්. තලතා තම ජීවිතයේ ලස්සනම දවස් ගැන අපට වරක් පැවසුවාය.

තලතා මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපාන්නේ 'සැපත සොයා' චිත්‍රපටයේ ආනන්ද ජයරත්න සමඟය. ඒ බේබදු සැමියකුගෙන් බැට කන බිරිඳක් ලෙසය. එහි එන 'මහත්මයා ඔබ අද සුරාවෙන් මත් වෙලා. කුමක් ද එහි අර්ථය?' නම් දෙබස ඇයට තවමත් මතකය. සුබසරණ සැප සිතේ - සැමියා බිරිඳගේ දෙවියාය – පටාචාරා - ඊඩපඥඥ කඥතතධඹ ඛ්චබ - ඊඩඥ ට්පඥඥද ඡ්ථචපචතඤඵ ලංකාවේ රූගත කළ විදේශීය චිත්‍රපට ද ඇය රඟපෑ මුල් චිත්‍රපටය. තලතා රඟපෑ 'අබිරහස' චිත්‍රපටයේ විජය කුමාරතුංග සමඟ ධනවත් නිවසක සේවකයෙකු හා පෙමින් බැඳී තම සැමියාගේ බූදලය සතු කරගන්නා කුඩම්මා කෙනෙකුගේ චරිතය ද 'පොඩි මල්ලී' චිත්‍රපටයේ නාමක්කාගේ චරිතය සුවිශේෂිය. ඇය රඟපෑ සෙසු චිත්‍රපට චරිත රාශිය අතරින් නිධානය, වනරජා, වීදුරු ගෙවල්, දැවෙන පිපාසය, හතර දෙනාම සූරයෝ, සිකුරුලියා, හිඟන කොල්ලා, සූර චෞරයා, රෑන ගිරව්, සදහටම ඔබ මගේ, සකුන්තලා, අහසින් පොළොවට, අපේක්ෂා, කාංචනා, වජිරා, චංචල රේඛා, නොමියන මිනිසුන්, සක්විති සුවය, මල්දෙණියේ සිමියොන්, කෙළිමඬල වඩාත් කැපී පෙනෙයි.

ඇය චිත්‍රපට නිෂ්පාදනයට තිර නාටක රචනයට හා ගීත රචනයට පිවිසෙන්නේ 1998 තිරගත වූ 'ඇය ඔබට බාරයි' චිත්‍රපටයෙනි. විජය කුමාරතුංග හා ගීතා කුමාරසිංහ ප්‍රධාන චරිතවලට යොදා චිත්‍රපටයක් කිරීමට තලතාගේ කලක සිට ආසාවක් තිබුණි. ඒ සඳහා ඇය විසින්ම තිර නාටකයක් ලියා තිබුණි. මුලදී ගීතා චිත්‍රපටයෙන් ඈත් වූ බව පවසන ඇය විජය සදහටම ජීවිතයෙන් සමු ගැනීම නිසා විජයගේ චරිතයට සනත් ගුණතිලක ආදේශ කළාය. ටෝනි රණසිංහ උපරිම සහාය දී ඇත.

1957 වසරේ ස්ටැන්ලි ගුණසේකර හා විවාහ වූ තලතා අබේකෝන් ගේ වැඩිමහල් දියණිය වූයේ නදීකා ගුණසේකරය.

නදීකාට ප්‍රියන්ත නම් සහෝදරයෙක් ද ගංගා, විද්‍යා, යමුනා නමින් සොහොයුරියන් තිදෙනෙකු ද වූහ. ගංගා නැඟණිය අධිෂ්ඨාන, ඔක්කොම රජවරු, කාංචනා චිත්‍රපටවල ද, විද්‍යා නැඟණිය අධිෂ්ඨාන, මේ දෑස් කුමටද (මාලිනීගේ කුඩා කාලය) චිත්‍රපටවල රඟපෑ අතර යමුනා දියණිය 'හිඟන කොල්ලා' ටෙලි නාට්‍යයේ ද රඟපෑවාය.

නදිකා චිත්‍රපට ක්ෂේත්‍රයේ ස්ථාවර රංගන ශිල්පිනියක් ලෙස තහවුරු වෙයි. ඇය තම මව ගැන මෙසේ කීවාය.

'අපේ අම්මා මටත්, ප්‍රියන්ත, ගංගා, විද්‍යා, යමුනාටත් එක සමානව ආදරය කළා. මමත් අපේ පවුලේ මේ හතර දෙනාටම නුග ගහක් වගේ සෙවන දුන්නා. ඒ අයත් පවුලේ වැඩිමලා ලෙස මල්ලිත් නංගිත් මටත් ආදරෙයි.' නදීකා කීවාය.

නදීකා චිත්‍රපට නිළියක් වූ අයුරු තලතා අවුරුදු 37 කට පෙර මට 'සරසවිය' පුවත්පතට ලියූ විශේෂංග ලිපියකදී මෙසේ කීවාය.

'නදීකා දුව සිනමාවට ආවේ අහම්බෙන්. එයාට නිළියක් වෙන්න තුන් හිතකවත් තිබුණේ නැහැ. අපි කලක් පදිංචි වෙලා හිටියා නාවලපිටියේ චාල්ස් සිල්වා මහතාට අයත් නිවසක. ඒ මහතාගේ පුතා එම්. ඒ. සංඝදාස හාපුරා කියා අධ්‍යක්ෂණය කළ 'කාංචනා' චිත්‍රපටයේ වැඩ කටයුතු සංවිධානය කරන කාලේ දවසක් නාවලපිටියේ බස් ස්ටෑන්ඩ් එක ළඟදී මට හමු වී මෙහෙම කිව්වා.

'මම කරන ෆිල්ම් එකට අලුත් නිළියක් හොයනවා. නදීකා නංගිට නම් ඒ චරිතය ඔබිනවා'.

මම මුකුත් කීවේ නෑ. හිනා වුණා. එතකොට නදීකා මහනුවර මහමායා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. එයා ඉගෙනීමට දක්ෂ දරුවෙක්. ඒ නිසා එකපාරටම උත්තරයක් දුන්නේ නෑ. ආයිත් දවසක් සංඝදාස මට නුවර අමරසිරි කළංසූරියගේ 'මයිඉන්' කියන රෙදි සාප්පුව ගාවදී හමු වෙලා ආයෙත් නදීකා ගැන ඇහැව්වා. නදීකාගෙන් අහලයි මම කැමැත්ත දුන්නේ. නදීකා විශ්වවිද්‍යාලයට යන්න හිටියේ.'

'කාංචනා' චිත්‍රපටයේ නදීකා ප්‍රධාන චරිතය රඟපා ඇත්තේ අමරසිරි කළංසූරිය සමඟය. නදීකාගේ මව ලෙස රඟපෑවේ තලතාය. තලතාට වඩා කලාත්මක චිත්‍රපට කිහිපයක රඟපෑමට නදීකා භාග්‍යමත් නිළියක් වූවාය.

නදීකා සිනමාවට පිවිස කෙටි කලකින් තමා සතු රංගන කුසලතා පළ කිරීමත්, විශ්වවිද්‍යාල උපාධියක් ලැබූ (ඡ්ඤභජචබඥඤ ඒජබපඥඵඵ) වීමත් සුවිශේෂතාවයකි. 1981 දී කැලණි විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය, ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව විෂයන්ගෙන් කලා උපාධිය ලැබූ නදීකා සම්මානනීය නිළියක් වූවාය. ඇය තම මව ගැන එදා මෙසේ පැවසුවාය.

'මම නිළියක් වෙන්න හිතුවේ නැහැ. අම්මා රඟපෑ චිත්‍රපට මම පොඩි කාලේ දැකලා තිබුණා. අම්මා අපට දෙවියෙක් වගේ. අම්මා අසාධාරණයට එරෙහිව සටන් කළ නිළියක්. දරුවන් පස් දෙනාටම සම මෙත් දැක් වූ අම්මා අපට හැම විටම මවක්, ගුරුවරියක්, මිතුරියක් හැටියට ළඟ හිටියා. අම්මගෙ අඩුව වඩාත් දැනෙන්නේ දැන්.'

අම්මා මිය යන තෙක්ම අපි ගැන සොය බැලුවා. මිය යන්න කලින්දාට මට කතා කරලා කියපු දේල් මගේ ටෙලිෆෝන් එකේ තියෙනවා. 'රෑට හොඳට දොරවල් ජනෙල් වහලා නිදාගන්න' හැම දිනකම මට කියන උපදෙස් මතක් කළා. අනික් අයටත් මේ උපදෙස් දෙනවා.'

තලතා ගුණසේකර 2003 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තාය. නදීකාගේ පියා ස්ටැන්ලි ගුණසේකර නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්වරයා ලෙස කටයුතු කොට 2010 අප්‍රෙල් 18 වෙනිදා මිය ගියේය. තලතා මියගියදා ස්ටැන්ලි පවසා ඇත්තේ 'මම මැරිලා තලතා ජීවත් වුණා නම් දරුවෝ බලා ගනීවි. මගේ හිතට දුක ඒකයි' කියාය.

ඒ.ඩී.රන්ජිත් කුමාර /ලාල් සෙනරත්

As a Cast

#Film NoYearFilm RoleDirector
1 851963 Adata Vadiya Heta Hondai අදට වැඩිය හෙට හොඳයි Actress M. Masthan
2 1001964 Samiya Birindage Deviyaya සැමියා බිරිඳගේ දෙවියාය Actress W.M.S. Tampoe
3 1021964 Patachara පටාචාරා Actress Wimalanath Dissanayaka
4 1081965 Sepatha Soya සැපත සොයා Actress B. Nandasena Cooray
5 1331966 Sihina Hathak සිහින හතක් Actress Kithsiri Nihal Jayasinghe
6 1431966 Sanda Nega Eddi සඳ නැග එද්දී Actress Hector Jayasinghe
7 1641967 Rena Girawu රෑන ගිරවු Actress Dharma Sri Kaldera
8 1651967 Okkoma Hari ඔක්කොම හරි Actress Wijepala Hettiarachchi, S. Ramanadhan
9 1671967 Sura Chauraya සූර චව්රයා Actress M. Masthan
10 1691968 Singithi Surathal සිඟිති සුරතල් Actress Kingsly Rajapaksha
11 1741968 Golu Hadawatha ගොළු හදවත Actress Dr. Lester James Peries
12 1761968 Bicycle Hora බයිසිකල් හොරා Actress K.A.W. Perera
13 1801968 Indunila ඉඳුනිල Actress Kingsly Rajapaksha
14 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Actress M. Masthan
15 1901969 Kohomada Wede කොහොමද වැඩේ Actress S. Ramanadhan
16 2021969 Paara Walalu පාරා වළලු Actress Sudas Maskorala
17 2031969 Pancha පැන්චා Actor Vincent David
18 2121970 Athma Puja ආත්ම පූජා Actress M. Masthan, Gamini Fonseka
19 2151970 Penawa Neda පේනවා නේද Actress Wijepala Hettiarachchi
20 2241971 Dewena Pipasaya දැවෙන පිපාසය Actress Thimothy Weerarathna
21 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Actress Neil Rupasinghe
22 2291971 Abhirahasa අභිරහස Actress Lenin Morais
23 2371972 Nidhanaya නිධානය Actress Dr. Lester James Peries
24 2481972 Veeduru Geval වීදුරු ගෙවල් Actress Daya Wimalaweera
25 2501972 Me Desa Kumatada මේ දෑස කුමටද Actress Thimothy Weerarathna
26 2551972 Vana Raaja වන රාජා Actress William Blakes
27 2711974 Kasthuri Suwanda කස්තුරි සුවඳ Actress Sena Samarasinghe
28 2881974 Vasthuwa වස්තුව Actress Siri Kularathna
29 2921975 Suraya Surayamai සූරයා සූරයාමයි Actress Lenin Morais
30 3131975 Sikuruliya සිකුරුලියා Actress H.D. Premarathna
31 3331976 Loka Horu ලෝක හොරු Actress Tissa Abeysekara, Sarath Gunarathna
32 3481977 Sakunthala සකුන්තලා Actress Villiam Olamas
33 3621977 Sikuru Dasawa සිකුරු දසාව Actress Siri Kularathna
34 3721978 Janaka Saha Manju ජනක සහ මංජු Actress K.A.W. Perera
35 3901978 Apeksha අපේක්ෂා Actress H.D. Premarathna
36 3941978 Ahasin Polovata අහසින් පොලවට Actress Dr. Lester James Peries
37 3961979 Samanmalee සමන්මලී Actress Dayananda Jayawardena
38 4021979 Higana Kolla හිඟන කොල්ලා Actress K.A.W. Perera
39 4051979 Raja Kollo රජ කොල්ලෝ Actress Gunasiri Senanayaka
40 4131979 Anusha අනුෂා Actress Dayananda Rodrigo
41 4201979 Podi Malli පොඩි මල්ලි Actress Sunil Ariyaratne
42 4291980 Kanchana කාංචනා Actress M.A. Sangadasa
43 4381980 Sasaraka Pathum සසරක පැතුම් Actress H.D. Premarathna
44 4721981 Vajira වජිරා Actress Sunil Ariyaratne
45 4911981 Chanchala Rekha චංචල රේඛා Actress Sena Samarasinghe
46 4981982 Sakvithi Suvaya සක්විති සුවය Actress Gamini Fonseka
47 5011982 Thani Tharuwa තනි තරුව Actress Rathnaweera De Silva
48 5091982 Jeevithayen Jeevithayak ජීවිතයෙන් ජීවිතයක් Actress Sunil Ariyaratne
49 5141982 Sithara සිතාරා Actress S.V. Chandran
50 5401983 Samuganimi Ma Samiyani සමුගනිමි මා සැමියනි Actress Premaweera Gunasekara, Hillory Rajapaksha
51 5481983 Hasthi Viyaruva හස්ති වියරුව Actress H.D. Premarathna
52 5611983 Hithath Hodai Wedath Hodai හිතත් හොඳයි වඩාත් හොඳයි Actress J. Rasarathnam
53 5761984 Binaree Saha Sudu Banda බිනරී සහ සුදු බණ්ඩා Actress Kingsly Disanayaka
54 5911984 Sahodariyakage Kathava සහෝදරියකගේ කතාව Actress Ashoka Dharmarathna
55 6201985 Kiri Madu Wel කිරි මදු වැල් Actress Ariyadasa Withanage, Saman Weeraman
56 6291986 Maldeniye Simiyon මල්දෙනියේ සිමියොන් Actress D. B. Nihalsinghe
57 6381987 Yugayen Yugayata යුගයෙන් යුගයට Actress Lenin Morais
58 7021991 Sihina Ahase Vasanthe සිහින අහසේ වසන්තේ Actor Yasapalitha Nanayakkara
59 7031991 Kelimadala කෙළිමඩල Actress D. B. Nihalsinghe
60 7121991 Salambak Handai සලඹක් හඬයි Actress Hemasiri Sellapperuma
61 7201991 Bambara Kalape බඹර කලාපේ Actress Sena Samarasinghe
62 7231992 Sisila Ginigani සිසිල ගිනි ගනී Actress Prasanna Vithanage
63 7331992 Chandi Rajina චන්ඩි රැජින Actress Sunil Soma Peiris
64 7371992 Me Vaare Mage මේ වාරේ මගේ Actress Lionel Panduwawala
65 7401992 Oba Mata Vishvasai ඔබ මට විස්වාසයි Actress V. Siwadasan, Thilak Wehalla
66 7451992 Sinhayangeth Sinhaya සිංහයන්ගෙත් සිංහයා Actress Sunil Soma Peiris
67 7521993 Sagara Thilina සාගර තිළිණ Actor M.A. Gafoor
68 7631993 Bambasara Bisawu බඹසර බිසව් Actress Daya Wimalaweera
69 7731994 Nomiyena Minisun නොමියෙන මිනිසුන් Actress Gamini Fonseka
70 8041995 Rodaya රෝදය Actress Bandu Samarasinghe
71 8411996 Sihina Vimane Raja Kumari සිහින විමානේ රාජ කුමාරි Actress Upali Piyarathna, Sherly P.Wijerathna
72 8421996 Mal Hathai මල් හතයි Actress Hemasiri Sellapperuma
73 8421996 Mal Hathai මල් හතයි Actress Hemasiri Sellapperuma
74 8491997 Puthuni Mata Wasana පුතුනි මට වාසනා Actress Sunil Soma Peiris
75 8681997 Good Bye Tokyo ගුඩ් බායි ටෝකියෝ Actress Lionel Panduwawala
76 8711998 Eya Obata Barai ඇය ඔබට බාරයි Actress Sunil Soma Peiris
77 8801998 Anthima Reya අන්තිම රැය Actress Gamini Fonseka
78 8961999 Ayadimi Sama අයදිමි සමා Actress Hemasiri Sellapperuma
79 9001999 Anduru Sewaneli අඳුරු සෙවනැලි Actress Ranga Wijendra
80 9322001 Anantha Rathriya අනන්ත රාත්‍රිය Actress Prasanna Vithanage
81 9372001 Poronduwa පොරොන්දුව Actress Chandran Rutnam
82 9722002 Surapurata Kanyaviyak සුරපුරට කන්‍යාවියක් Actress Mario Jayathunga

As a Crew

Art Director

#Film NoYearFilm RoleDirector
1 9041999 Mandakini මන්දාකිනි Art Director H.D. Premarathna

Assistant Director

#Film NoYearFilm RoleDirector
1 2551972 Vana Raaja වන රාජා Assistant Director William Blakes

Producer

#Film NoYearFilm RoleDirector
1 8711998 Eya Obata Barai ඇය ඔබට බාරයි Producer Sunil Soma Peiris