Dayananda Jayawardena

Dayananda Jayawardena

දයානන්ද ජයවර්ධන

Born 1934 Died 04 February 2007

1934 - 04 February 2007

58.63% · 2,181 votes
Rate this artist

Summary

NameDayananda Jayawardena
Sinhala Nameදයානන්ද ජයවර්ධන
Born1934
Died04 February 2007

Biography

ජනප්‍රිය සිනමා හා ටෙලි නළුවකු, අධ්‍යක්ෂවරයකු ලෙස පතළව සිටි දයානන්ද ජයවර්ධන මිය ගොස් මේ වන විට වසර අටකි. පළමු ටෙලි වෘත්තාන්තය වූ දිමුතු මුතු හි උඩුබැද්දේ රාලහාමි ලෙසින් පුංචි තිරයේ නොමැකෙන රංගනයක නියැළියේ අද ද ඒ සොඳුරු මතකයන් ප්‍රේක්ෂකයන්ට ආවර්ජනය කරමිනි. ඔහු සිනමාවට පිවිසියේ 1963 වසරේ දස්කොන් චිත්‍රපටයේ ජවනිකාවක අශ්වයකුගේ තෝන් ලණුව අල්ලමිනි.

මේ සොඳුරු කලාකරුවාගේ නික්ම යාම මීට අට වසරකට එපිට සිදු වුව ද අප අද ඔහු පිළිබඳ මතක ආවර්ජනයක නියැළෙන්නේ දයානන්ද ජයවර්ධනයන්ගේ වැඩිමල් පුත් සමන්ත ජයවර්ධන සමඟය.

පියා නැති වෙලා අට වසරකුත් ඉක්ම යමින් පවතින්නේ?

ඔව්. තාත්තා නැති වුණේ 2007 පෙබරවාරි 4 වැනිදා.

මොන ආකාරයේ සිහිපත් කිරීමක් ද ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන් පියා වෙනුවෙන් අද සිද්ධ කරන්නේ?

අපි තාත්තාගේ භස්මාවශේෂ තැන්පත් කරලා තියෙන්නේ කඩවත ජපන් පන්සලේ. තාත්තා මිය ගියාට පස්සේ හත් දවසේ, තුන් මාසේ දානමාන සිද්ධ කළාට පස්සේ අපි හැම වර්ෂයකදීම තාත්තා වෙනුවෙන් සිහිපත් කිරීමේ කටයුත්ත සිද්ධ කරනවා ජපන් පන්සලේදී. තාත්තා මියගිය දිනයේම තව මියගිය අයගේ භස්මාවශේෂ ජපන් පන්සලේ තැන්පත් කරලා තියෙන ඥාතීනුත් එකතු වෙලා තමන්ගේ අයව සිහිපත් කිරීමේ පින්පෙත් අනුමෝදන් කිරීමේ කටයුත්තක් සිද්ධ කරනවා. අපිත් ඒ වෙනුවෙන් ඒ දිනයට සහභාගි වෙනවා තාත්තා සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්න.

තාත්තා මිය ගියත් හරි ඔබලාට එදා මෙන් කලා ක්ෂේත්‍රයේ පිළිගැනීමක් අදටත් තියෙනවාද?

නෑ. වර්තමානයේ කවුරුවත් අපි කවුද කියලවත් දන්නේ නැහැ. අපිම කිව්වොත් අර අහවල් කෙනාගේ පුතා කියලා ඔන්න හඳුනා ගනියි. එහෙම නැතුව අපි තාත්තාගේ දරුවෝ කියලා කවුරුවත් දන්නේ නැහැ.

අම්මා වුණත් තාත්තා නිසා කලා ක්ෂේත්‍රයේ අය හඳුනාගෙන තිබුණේ නැද්ද?

රාණි ජයවර්ධන තමයි අම්මා. එයා වුණත් තාත්තා කලාවට සම්බන්ධ වූ පුද්ගලයෙක් කියලා කලා ක්ෂේත්‍රයේ අය වැඩිමනත් ගැන හැඳුනුම්කමක් නැහැ.

කවුරු කවුරු වගේ නළු නිළියන් ද අදටත් ඔබ සමඟ සමීප?

ටෙනිසන් කුරේ, රවීන්ද්‍ර රන්දෙනිය, රන්ජන් රාමනායක, නදීකා ගුණසේකර වගේ සුළු පිරිසක් තමයි.

ඔබේ පියාගේ රංගනයෙන් එක් වූ චිත්‍රපට රැසක්ම චිත්‍රපට නාමාවලියට එක් වී හමාරයි?

මම දන්න තරමින් චිත්‍රපට හැත්තෑ පහක් සීයක් අතර ප්‍රමාණයක් තාත්තා රඟපාලා තියනවා.

ටෙලි නාට්‍ය ප්‍රමාණයත් එච්චර ඇති නේද?

තාත්තාගේ මුල්ම ටෙලි නාට්‍ය රඟපෑම වුණේ දිමුතු මුතු. ඒ අනුව ඒකාංගික ප්‍රාසංගික ටෙලි නාට්‍ය සියයකට වැඩි ප්‍රමාණයක රඟපාන්න ඇති.

රංගනයට පමණක් නොවෙයිනේ ඔබේ පියා සම්බන්ධ වුණේ. චිත්‍රපට අධ්‍යක්ෂණයටත් එක් වුණා නේද?

තාත්තා මුලින්ම අමරණීය ආදරේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ පිළිවෙළින් ඩොක්ටර් සුසන්තා, සමන්මලී, බිරිඳ, බට්ටි, පෙම් රජදහන ආදී චිත්‍රපට හයක් අධ්‍යක්ෂණය කළා.

කෝ අද මේ තාත්තාගේ නිර්මාණ?

ඒ සියලු චිත්‍රපටවල අයිතිය අද අපි තිස්ස නාගොඩවිතාන මහත්තයාට පවරලයි තියෙන්නේ. අපි චිත්‍රපට තියා ගත්තා කියලා ඒවා රැකගන්න බැහැ. ඊට වැඩිය හොඳයි ඒවා රකින කෙනෙකුට දීලා ඒවා රැක ගන්න එක.

ටෙලි නාට්‍ය පැත්තෙන් අධ්‍යක්ෂණය කළ නිර්මාණයන් සිහිපත් කළොත්?

රුව, හිමගිර අරණ, අලුත් ලොවක් ටෙලි නාට්‍ය නිර්මාණය කළා.

අලුත් ලොවක් ප්‍රදර්ශනය වුණේ නැහැ නේද?

තාත්තා නැතිවුණාම මම ඔය ටෙලි නාට්‍ය අරන් රූපවාහිනී ආයතනවලට ගියා. එක ආයතනයක අය මගෙන් ඇහුවා මේ දයානන්ද ජයවර්ධන කියන්නේ කවුද කියලා. ඔන්න තත්ත්වය. මට එපා වුණා ටෙලි නාට්‍ය විකුණන එකත්. අදත් ඒ ටෙලි නාට්‍ය අම්මා ළඟ පුස්කකා තියෙනවා.

ඔබේ පවුලේ සෙසු සාමාජිකයින් කලාවට එක් වුණාද?

අපේ පවුලේ දරුවෝ හය දෙනයි. පිරිමි තුනයි, ගැහැනු තුනයි. මම වැඩිමලා සමන්ත ජයවර්ධන. ඊට පස්සේ සමින්ද ජයවර්ධන, අසංක ජයවර්ධන, මනෝරි ජයවර්ධන, සිතාරා ජයවර්ධන, විශාඛා ජයවර්ධන. අපි කවුරුවත් තාත්තා කලාකාරයෙක් කියලා රඟපාන්න ආවේ නැහැ. අපිට එහෙම ආශාවක් තිබුණෙත් නැහැ. තාත්තා එන්න කියලා බල කළෙත් නැහැ.

අද ඔබ යම් ප්‍රමාණයකින් කලාවට අවතීර්ණ වෙලා?

මම නර්තනය, ගීත රචනය, පෙන්සිල් ආර්ට්ස් කරනවා. මල්ලි අසංක ජයවර්ධන කැමරා ශිල්පියෙක්. එයා කීප විටක් සම්මානයට පාත්‍ර වූ කැමරා ශිල්පියෙක්. ඒ ඇරෙන්න වෙන කවුරුවත් අපේ පවුලේ කලාවට ඇවිත් නැහැ.

පියා ජීවතුන් අතර සිටියදීම කලාවට අවතීර්ණ වුණා නම් හොඳයි කියලා අද ඔබට හිතෙන්නේ නැද්ද?

අද ඇත්තෙන්ම දුකක් තියනවා කලාවට අවතීර්ණ වෙන්න ප්‍රමාද වීම ගැන. තාත්තා ඉන්න කාලෙම අපිත් කලාව තුළ හිටියා නම් යම් ප්‍රමාණයක තාත්තාගේ හැඳුනුම්කම් අපිටත් පිහිටට එන්න තිබුණා.

ඒ කාලේ ඇයි ඔබ මන්දෝත්සාහි වුණේ කලාවට එන්න?

කලාකරුවන් හරි දුප්පත් කියන මතය සමාජය තුළ කිඳා බැස තිබුණා. ඒ වගේ වටපිටාවක් තුළ තාත්තා වුණත් අපිව උනන්දු කළේ නැහැ කලාවට ගෙන්න ගන්න. ඒත් අද මට හිතෙනවා අපේ කලාකාරයෝ අද ඉන්න තැන දැක්කම මම එදා කරගත්තේ මෝඩකමක් කියලා. එදා අපේ තාත්තා චිත්‍රපටයක් ඩිරෙක් කරලා ගත්තේ රුපියල් දහදාහක්. ඒ වෙන කොට මම රැකියාව කරන රක්ෂණ සමාගමේ වැඩ කරලා මාසෙට රුපියල් තිස් දාහක් හම්බ කළා. ඔය වගේ තත්ත්වයක් තුළ කවුද කලාව රැකියාව කර ගන්නේ.

තාත්තාගේ මුහුණුවර ඔබට නොවූවත් තාත්තාගේ එක් සුවිශේෂ දෙයක් ඔබට පිහිටලා තියෙනවා නේද?

අපේ පවුලේ මට විතරයි තාත්තාගේ කටහඬ පිහිටලා තියෙන්නේ. මම කෙනෙක් සමඟ කතා කළොත් තාත්තාට ආවේණික ඒ හඬ මගෙන් නිකුත් වෙනවා. සමහරු මම කවුද කියලවත් නොදැන කියනවා ඔයාගේ කටහඬ දයානන්ද ජයවර්ධනගේ වගේ කියලා.

මනෝරි ජයවර්ධන දියණිය විවාහ ගිවිසගත් දා දයානන්ද ජයවර්ධන යුවළ හා සමන්ත, සමින්ද පුතුන් සමඟ

ඔබ ගීත රචනයෙන් සුවිශේෂී පුද්ගලයෙක් බවයි හැඟෙන්නේ?

ඒක මට විශේෂ දෙයක් වෙන්නත් පුළුවන්. මම රචනා කරන්නේ විරහ ගීත පමණයි. මට ඒ හැකියාව හොඳට පිහිටලා තියෙනවා. මේ වෙන කොට මම එවැනි ගීත දොළහක් විතර රචනා කරලා තියෙනවා. 'මන්ද අහසේ' ගීතය ඒ අතරින් සුවිශේෂයි.

විරහ ගීත ලියන්න ඔබ ආදරයෙන් පැරැදුන කෙනෙක්ද?

අපෝ නැහැ. මම කවදාවත් බූට් එකක් කාපු කෙනෙක් නෙමේ. ඒත් මා තුළ ඒ පැත්තේ හැකියාවක් පුදුම විදියට පිහිටලා තියෙනවා.

පෙන්සිල් ආට්ස් පැත්තෙන් වුණත් ඔබ සුවිශේෂී චිත්‍ර ශිල්පියෙක්?

මම පෙන්සිල් ආට්ස්වලින් අඳින්නෙත් කාන්තාවන් පමණයි. මම දන්නේ නෑ ඇයි කියලා.

නර්තනය පැත්තෙන් ද ඔබ වඩාත් හැකියාවන් පෙන්වන්නේ?

නර්තනය මගේ ඇඟේ තියෙන දෙයක්. සිංදු කීපයකට මම නර්ථනයන් ඉදිරිපත් කරලා තියෙනවා.

තාත්තා රඟපෑ චිත්‍රපටවල අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු අදටත් තාත්තාට ණයයි කියන්නේ ඇත්තද?

අපේ තාත්තා සල්ලි පස්සේ එලවපු නැති කෙනෙක්. එයා සල්ලි ඉස්සරහට දාගෙන කවදාවත් රඟපාන්න ගියේ නැහැ. දෙන්නම් කියන පොරොන්දුව පිට ගිවිසුම් ගහලා තමයි රඟපෑවේ. එයා එක්ක ගිවිසුම් ගහපු නිෂ්පාදකයෝ අදත් තාත්තට සල්ලි නොදී පොලු තියල තියෙනවා.

අඩුම තරමේ ඒ පොලු තිබ්බ සල්ලිවත් තාත්තා මියගියාට පසුවවත් ලැබුණේ නැද්ද?

කලාව කියන්නේ උතුම් දෙයක්. මේ උතුම් කලාව තුළත් වංචනිකයන් රජ කරනවා. අම්මා කවදාවත් ගිවිසුම් තිබුණා කියලා නිෂ්පාදකයෝ හොයාගෙන ගියේ නැහැ දෙන්න තියෙන සල්ලි ඉල්ලාගෙන. හැබැයි කවුරුවත් තාත්තා මියගියාට පස්සේ ආවෙත් නැහැ තාත්තා රඟපාපු නිර්මාණවල දෙන්න තිබුණ සල්ලි කියලා අපිට දෙන්නවත්.

තාත්තා මියගියත් අදටත් උපන් දින සුබපැතුම් වගේම උත්සව සඳහා ආරාධනාත් ගෙදරට එනවා කියන්නේ ඇත්තද?

මගේ තාත්තා මිය ගොස් දැනට අවුරුදු අටකටත් වැඩියි. ඒත් තාත්තාට උපන් දිනයට අපේ රටේ මැති ඇමැතිවරු අදටත් කාඩ් එවනවා හැපි බර්ත් දේ ටූ යූ කියලා. ඒ වගේම තමයි තාත්තාට උත්සවවලටත් ආරාධනා කර කාඩ් එවනවා. මම කීප විටකදීම ඔය වගේ උපන් දින කාඩ් එවන මැති ඇමැතිවරුන්ට ආයෙත් ලියලා ඇරියා අපේ තාත්තා දැන් මිය ගිහින් කියලා.

152/4, ශ්‍රී දේවානන්ද පාර, විල්ලෝරාවත්ත, මොරටුව සමන්ත ජයවර්ධනගේ ලිපිනයයි.

චන්දන දයාසිරිවර්ධන

As a Cast

#Film NoYearFilm RoleDirector
1 801962 Daskon දස්කොන් Actor Upali Wanasinghe
2 951964 Gatavarayo ගැටවරයෝ Actor Mike Wilson, Thissa Liyanasuriya
3 1271966 Kolamba Hadayo කොළඹ හාදයෝ Actor Roland Amarasinghe
4 1461967 Sudusu Da සුදුසු දා Actor Roland Amarasinghe
5 1911969 Naarilatha නාරිලතා Actor Thissa Liyanasuriya
6 2241971 Dewena Pipasaya දැවෙන පිපාසය Actor Thimothy Weerarathna
7 2301971 Kesara Sinhayo කේසර සිංහයෝ Actor Roland Amarasinghe
8 2331971 Welikathara වැලිකතර Actor D. B. Nihalsinghe
9 2961975 Pem Kurullo පෙම් කුරුල්ලෝ Actor Louie Vanderstraeten
10 2981975 Raththaran Amma රත්තරන් අම්මා Actor Dharma Sri Kaldera
11 3031975 Siril Malli සිරිල් මල්ලි Actor Joe Micheal
12 3041975 Amaraneeya Adare අමරණීය ආදරේ Actor Dayananda Jayawardena
13 3081975 Gijulihiniyo ගිජුලිහිණියෝ Actor Roland Amarasinghe
14 3351976 Asha ආශා Actor S.G. Samarasingha
15 3801978 Selinage Walawwa සෙලීනාගේ වලව්ව Actor Pathiraja L.S. Dayananda
16 3951978 Anupama අනුපමා Actor Sunil Ariyaratne
17 4041979 Divi Thibena Thuru දිවි තිබෙන තුරු Actor N.P. Jayatissa
18 4091979 Monarathenna මොණරතැන්න Actor Yasapalitha Nanayakkara
19 4131979 Anusha අනුෂා Actor Dayananda Rodrigo
20 4261980 Uthumaneni උතුමාණෙනි Actor Gamini Fonseka
21 4291980 Kanchana කාංචනා Actor M.A. Sangadasa
22 4351980 Doctor Susantha ඩොක්ට සුසන්තා Actor Dayananda Jayawardena
23 4841981 Hondama Naluwa හොඳම නළුවා Actor Sherly P.Wijerathna
24 5041982 Pethi Gomara පෙති ගෝමර Actor Siri Kularathna
25 5061982 Sanasanna Maa සනසන්න මා Actor Vinsant Senavirathna
26 5071982 Anuradha අනුරාධා Actor Siri Kularathna
27 5101982 Ridee Nimnaya රිදී නිම්නය Actor D. B. Nihalsinghe
28 5181982 Mihidum Sihina මිහිදුම් සිහින Actor Daya Wimalaweera
29 5431983 Karate Joe කරාටේ ජෝ Actor Joe Micheal
30 5801984 Podi Ralahami පොඩි රාලහාමි Actor Siri Kularathna
31 5831984 Rana Derana රණ දෙරණ Actor Lorance cooray, Dilman Jayaratne
32 5901984 Batti බට්ටී Actor Dayananda Jayawardena
33 5911984 Sahodariyakage Kathava සහෝදරියකගේ කතාව Actor Ashoka Dharmarathna
34 5951984 Birinda බිරිඳ Actor Dayananda Jayawardena
35 5981985 Yuganthaya යුගාන්තය Actor Dr. Lester James Peries
36 6241986 Asipatha Mamai අසිපත මමයි Actor Jerad Fernando
37 6291986 Maldeniye Simiyon මල්දෙනියේ සිමියොන් Actor D. B. Nihalsinghe
38 6321986 Koti Valigaya කොටි වලිගය Actor Gamini Fonseka
39 6341986 Soora Saradiyel සූර සරදියෙල් Actor Anton Gregory
40 6391987 Hitha Honda Chandiya හිත හොඳ චන්ඩියා Actor Ranjith Siriwardhana
41 6481987 Nommara Ekai නොම්මර එකයි Actor Dinesh Priyasad
42 6511987 Randamwel රන්දම්වැල් Actor Aleric Lionel Fernando
43 6751989 Varadata Daduvam වරදට දඬුවම් Actor Dinesh Priyasad
44 6881990 Pem Rajadahana පෙම් රජදහන Actor Dayananda Jayawardena
45 6931990 Kristhu Charithaya ක්‍රිස්තු චරිතය Actor Sunil Ariyaratne
46 7031991 Kelimadala කෙළිමඩල Actor D. B. Nihalsinghe
47 7691993 Juriya Mamai ජූරිය මමයි Actor Louie Vanderstraeten
48 7701993 Madara Parasathu මධාරා පරසතු Actor Gladvin Fernando
49 8131995 Ege Vairaya ඇගේ වෛරය 1 Actor Louie Vanderstraeten
50 8211995 Dalulana Gini දළුලන ගිනි Actor Aleric Lionel Fernando
51 8381996 Seema Pawuru සීමා පව්රු Actor Kumarasiri Abeykoon
52 8561997 Ragaye Unusuma රාගයේ උණුසුම Actor Karu Disanayaka
53 8681997 Good Bye Tokyo ගුඩ් බායි ටෝකියෝ Actor Lionel Panduwawala
54 8771998 Akkai Nangi අක්කයි නංගියි Actor Sunil T. Fernando
55 8821998 Ege Vairaya 3 ඇගෙ වෛරය 3 Actor Louie Vanderstraeten
56 8851998 Sexy Girl සෙක්සි ගර්ල් Actor Sunil Soma Peiris
57 8861998 Mohothin Mohotha මොහොතින් මොහොත Actor Sunil Soma Peiris
58 9492001 Sellam Kukka සෙල්ලම් කුක්කා Actor Louie Vanderstraeten
59 9502001 Aswesuma අස්වැසුම Actor Bennett Ratnayake
60 9522002 Mamath Geheniyak මමත් ගැහැනියක් Actor Sudesh Wasantha Pieris
61 9592002 Kamasutra කාමසුත්‍ර Actor Sunil T. Fernando
62 10112004 Ginigath Horaawa ගිනිගත් හෝරාව Actor Louie Vanderstraeten
63 10172004 Katawath Kiyanna Epa කාටවත් කියන්න එපා Actor P.S.S. Peiris
64 10912008 Rosa Diganthe රෝස දිගන්තේ Actor Suresh Kumarasinghe
65 13362021 Wassane Sihinaya වස්සානේ සිහිනය Actor Nihal Sanjaya

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 3041975 Amaraneeya Adare අමරණීය ආදරේ Director Dayananda Jayawardena
2 3961979 Samanmalee සමන්මලී Director Dayananda Jayawardena
3 4351980 Doctor Susantha ඩොක්ට සුසන්තා Director Dayananda Jayawardena
4 5901984 Batti බට්ටී Director Dayananda Jayawardena
5 5951984 Birinda බිරිඳ Director Dayananda Jayawardena
6 6881990 Pem Rajadahana පෙම් රජදහන Director Dayananda Jayawardena