Siri Kularathna

Siri Kularathna

සිරී කුලරත්න

Born 22 September

22 September

58.45% · 2,070 votes
Rate this artist

Summary

NameSiri Kularathna
Sinhala Nameසිරී කුලරත්න
Born22 September

Biography

එදා වස්තුව- සිකුරු දසාව-රිදී තැල්ල - පෙති ගෝමර තැනූ සිරි කුලරත්න හමුවෙමු

පොදු ප්‍රේක්ෂකයාගේ රසයත්, තමන්ගේ ශෛලියත් සමබර වුණොත් අධ්‍යක්ෂවරයා සාර්ථක වෙනවා

* ‘චිත්‍රපටය’ ඔබට බලවත් ආකර්ෂණයක් වුණේ මොන පසුබිමකද?

ඒ ආකර්ෂණය ඇති වුණේ ළමා කාලේදී. ඒකට මා හිතන්නේ හේතු වුණේ මගේ පියා. චිත්‍රපටය පිළිබඳව පමණක් නොවේ. පොදුවේ කලා පිළිබඳව අපට හැඟීමක් ආකල්පයක් දුන්නේ අපේ තාත්තායි. ඔහු හොඳ උඩරට නැටුම් ශිල්පියෙක්. ඒ වගේම විදුහල්පතිවරයෙක්.

ඒ දිනවල ඔහු නිතරම හොඳ චිත්‍රපට නැරඹුවා. ඒ බොහෝ චිත්‍රපට බලන්න අපවත් රැගෙන ගියා. ඒ නිසා කුඩා මා චිත්‍රපට නැරඹීමට ආශා කළා. මට මතක හැටියට මා එහෙම නරඹපු පළමුවෙනි චිත්‍රපට ‘සීදේවි’.

ඒක මට මහ අමුතු අත්දැකීමක් වුණා. ඒ කාලේ මම ආශාවෙන් බලා හිටියා තාත්තා චිත්‍රපට බලන්න රැගෙන යනතුරු. ඒ වගේම අපේ සීයා මට කියා තිබෙනවා නාට්‍ය නැරඹීම සහ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ගැන. නාට්‍ය ගැන කුඩා කාලේ තිබුණේ එහෙම මතකයක් විතරයි.

පසු කාලයකදී මට ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ආශාවක් ඇති වෙනවා. පාසලේ දිගටම ක්‍රිකට් ක්‍රීඩා කළා. විශ්ව විද්‍යාලයට ආවට පස්සෙත් මා වසර තුනක් ක්‍රිකට් ක්‍රීඩා කළා. මේ යුගයේ කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වුණේ ගාමිණී හත්තොට්ටුවේගම මහතායි. ඒ නිසා ඔහුගේ බලපෑමෙන් නාට්‍ය කලාවට යොමු වුණා.

මුලින්ම සෙල්වදොරේ මහතාගේ ‘ගොඩෝ එනකං’ නාට්‍යයට සම්බන්ධ වුණා. විශ්ව විද්‍යාලයේ තුන්වෙනි වසරේදීම මා නාට්‍යක් නිෂ්පාදනය කළා ‘ජන්මයක් නැති එකෙක්’. ඒ වගේම සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමඟ ඔය කියන යුගයේම නාට්‍යකරණයට එක් වුණා. ඒ සමඟ ක්‍රිකට් ක්‍රීඩා ආසාව ගිලිහී ගියා.

* සිනමාවට එක්වීමට ඒ නාට්‍යකරණයේ බලපෑමත් ලැබෙන්නට ඇති

ඔව්. එසේ නාට්‍යකරණයේ යෙදීම නිසා තමා සිනමාවට තිබූ ආශාව වඩා දැල්වෙමින් ඊට එක්වීමට ලැබුණේ. මං නාට්‍ය කලාවේදී බොහෝ දුරට රඟපෑමටයි එක්වුණේ. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘තහංචි’, ‘හොටබරි යුද්දේ’, ෂෙල්ටන් ප්‍රේමරත්නගේ ‘ඩුං ඩුං බෙරේ’ යන නාට්‍යවල මා විවිධ චරිත රඟපෑවා.

ඒ වේදිකා රංගනය ඇසුරේ මා කිසියම් දුරකට රංගනය මෙහෙයවන ආකාරය පවා ඉගෙන ගත්තා. ඒ අතරතුර මා සිරි කහවල මහතාගේ මඟ පෙන්වීමෙන් ‘සරසවිය’ පුවත්පතටත් එක් වුණා. පුවත්පත් කලාවේදියකු හැටියටත් කාලයක් ආශාවෙන් වැඩ කළා. ඒ යුගයේත් මා සිනමා රංගන ශිල්පීන් හා අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කරන්න ලැබුණා.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ තමාගේ පළමු චිත්‍රපටය පටන් ගන්න අවස්ථාවේම මට කතා කළා. ඒ අනුව ‘මාතර ආච්චි’ චිත්‍රපටයට එක් වුණා. ඒ චිත්‍රපටය සඳහා අප වසර තුනක් එකට කටයුතු කළා. එහි සහය තිර රචකයා, සහාය අධ්‍යක්ෂවරයා හැටියට මා ඉතාම කැප වී කටයුතු කළා. මා සිනමාවට එක්වීමේ කථාව එයයි.

* ‘වස්තුව’ ඔබේ පළමු චිත්‍රපටයයි. එය එවකට දක්නට ලැබුණු සුලබ වානිජ චිත්‍රපවලට වඩා තරමක් වෙනස්. බටහිර චිත්‍රපට ශෛලියෙන්ද යම් ආභාසයක් ලැබූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේදී ඔබ එවැනි පිවිසුමක් ගත්තේ ඇයි?

මගේ මුල්ම චිත්‍රපටය නිසා මට අවශ්‍ය වුණේ යම් වෙනසක්, අමුත්තක් සහිත අත්දැකීමක් නිර්මාණය කරන්න. වානිජ චිත්‍රපටයක් ලෙස වුණත් යම් වෙනස් ආකෘතියක් ඉදිරිපත් කිරීමක් තිබිය යුතුයි කියා මා හිතුවා. මේ සඳහා මූලික පුවත ලැබුණේ මා කියවා තිබූ හින්දි නව කථාවකින්. ඒ නවකථාවේ මුල් පුවත මා යම් වෙනසකට ලක්කරලා තිර රචනාව ලිව්වා.

බැංකු මංකොල්ලයක්, හොරු සිව් දෙනෙක් මෝටර් රථ ලුහුබැඳීමක්, හොරු අතර මැදිවෙන දරුවෙක්, ඇගේ් මව, හොරු අතර ඇති වන මතභේද මේ වගේ සිද්ධි අතරින් පැහැදිලි වෙනස් චිත්‍රපට අත්දැකීමක් මතු කර ගන්න මම උත්සාහ කළා. එහෙමයි ‘වස්තුව’ තිර නාටකය ලියවුණේ.

අනෙක් අතින් රංගන ශිල්පීන්ගෙන් වඩා වෙනස් රංගනයන් හා චරිත මතු කර ගන්න මට අවශ්‍ය වුණා. ටෝනි රණසිංහ පළමු වතාවට විකට රංගනයක් ඉදිරිපත් කළේ.

වොලී, අශෝක හේවාවිතාරණ, නිමල් ජයවර්ධන ඔවුන් එතෙක් නොලැබුණු අමුතු චරිත රඟපෑවා. හැබැයි එය ගීත, නැටුම්, සමාජ ශාලා, සටන් වගේ වානිජ චිත්‍රපට ලක්ෂණත් තිබුණු පොදු ප්‍රේක්ෂකයින්ටත් හොඳින් වින්දනයක් ලබා දුන් චිත්‍රපටයක් වුණා.

* ඔබේ මුල්කාලීන චිත්‍රපට බොහොමයක් (සුබෝධා, සිකුරු දශාව, පෙතිගෝමර, රිදීතැල්ල වැනි) ගැමි හෝ වනගත පරිසරයක් මැද ගොඩ නැගුණු තරමක් ප්‍රවේගකාරී අත්දැකීම්. ඔබේ චිත්‍රපට ශෛලිය නැත්නම් අනන්‍යතාව වඩාත්ම ප්‍රකාශ වන්නේ එවැනි සිනමාවකද?

බොහෝ දුරට. මමත් කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වුණු ගැමි පසුබිමක් තිබුුණු පුද්ගලයෙක්. ඉතින් එවැනි පරිසරයක ගොඩ නැගෙන කථා පුවත්වලට විශේෂ ලැදියාවක් මගේ තිබුණා.

අනෙක ගැමි පරිසරයේ හා වනාන්තරවල රූපගත කිරීම්වලට මට දැඩි ආශාවක් තිබුණා. ඒ වනාන්තර මැද කරන රූපගත කිරීම්වලදී ඒ චිත්‍රපටයේ රූප රචනා සහ දෘශ්‍යමය ගුණයට ඉතාම ප්‍රබල සිනමාත්මක බවක් එකතු වෙනවා.

ඒ නිසා මා ඒ මුල් යුගයේ එවැනි පරිසරයක් සහිත චිත්‍රපටලට ආශාවෙන් එක් වුණා. අනෙක මා දයා රාජපක්ෂගේ කතා හතරක් චිත්‍රපටයට නැගුවා. ඔහුගේ කථා පුවත්වල තිබෙන ප්‍රබල නාට්‍යමය ගතිය මා ප්‍රිය කළා. ඒ නිසාත් වඩා ඒ දෙසට යොමු වුණා.

අනෙක මා පිළිගන්නවා, මට ආදර කථා කරන්න බැහැ. මට එය ගැලපුණේ නැහැ. හැම අධ්‍යක්ෂවරයකුටම ආවේනික, ගැලපෙන ශෛලියක් හා ගුණයක් තිබෙනවා. එයින් පිට පැන කරන දේ අසාර්ථක වෙනවා. දැන් බලන්න ටයි මහත්තයා (ටයිටස් තොටවත්ත) ගේ තිබුණේ යම් ප්‍රවේගකාරී චිත්‍රපට ශෛලියක්.

ඔහු වඩා සාර්ථක වුණේ එහිදීයි. කේ. ඒ. ඩබ්. පෙරේරාට තිබුණේ පවුලේ චිත්‍රපට පිළිබඳ හැකියාවක්. අනෙක් පැත්තෙන් එච්. ඩී. ප්‍රේමරත්නට තිබුණේ කුඩා වස්තු බීජයකින් විශාල දෙයක් කියන අමුතු ආකර්ශණීය ශෛලියක්. එයා පවා එයින් පිට පැනපු අවස්ථාවල අසාර්ථක වුණා කියලා මා හිතනවා. ඒ වගේ මටත් වඩාත් දැනුණේ, ගැලපුණේ, කථා රසයත් සහිත ඒත් ප්‍රවේගකාරී ශෛලියක්.

ඒක මා හරියාකාරව කළා කියලා මා හිතනවා. ඒ වගේම මා වෙන අත්දැකීම් සහිත, වෙනම ආරක චිත්‍රපටත් කීපයක් අධ්‍යක්ෂණය කළා. ‘අනුරාධා’, ‘පොඩි රාළහාමි’ එවැනි චිත්‍රපට. ඒවාත් බොහෝ දුරට සාර්ථක වුණා.

අනෙක් අතින් මා නිර්මාණය කළ චිත්‍රපට හැම විටම ප්‍රේක්ෂකයාට හොඳ වින්දනයක් ලබා දුන්, කථා රසයක් තිබුණු චිත්‍රපටයි. කිසි විටෙක ප්‍රේක්ෂකයාට ඉහළින් සිටින ප්‍රහේළිකා වර්ගයේ චිත්‍රපට කරන්නට මට අවශ්‍ය වුණේ නැහැ. චිත්‍රපටය කියන්නේ විනෝද මාධ්‍යයක්. කර්මාන්තයක්.

මුළුමනින්ම කලාවක් නොවේ. ඒ තත්ත්වය දැනගෙන පොදු මිනිසුන්ගේ් රස උවමනාවන් දැනගෙන චිත්‍රපට කළ යුතුයි. මගේ ‘වස්තුව’, ‘සිකුරු දසාව’, ‘රිදීතැල්ල’, ‘අනුරාධා’ වගේ චිත්‍රපට එදා හොඳින් දිව්වේ, ආදායම් ලැබුවේ ඒ නිසා විය හැකියි. තමන්ගේ ශෛලියයි, පොදු ප්‍රේක්ෂකයාගේ රසයයි හරියාකාරව සමබර කර ගත්තොත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා සාර්ථක වෙනවා.

*ඔබේ චිත්‍රපට පිළිබඳ රස වින්දනය, දැනුම හෝ ආකර්ෂණය ලබා ගත් පෙර පරපුරේ සිනමාකරුවන් හෝ චිත්‍රපට නැවත සිහිපත් කළ හැකිද?

මා නාට්‍ය කලාවෙන් සහ කථන්දර කලාවේ පෙළඹීමෙන් සිනමාවට ආ කෙනෙක්. ඒත් සිනමාව වෙනම ආකාරයක කතන්දර කලා මාධ්‍යයක් ලෙස මා තේරුම් ගත්තා. ඒ නිසා මට සිනමා කලාව කෙසේ හෝ ඉගෙන ගන්න සිදු වුණා.

මෙහිදී මට හොඳම ගුරුන් වුණේ ටයිටස් තොටවත්ත, ගාමිණී ෆොන්සේකායි. මට ප්‍රශ්නයක් වූ හැම විටම මා ටයි මහත්තයා ගෙන් ගිහින් අහනවා. ඔහු සිනමාවේ ඒ ඒ අංශයට අදාළ සියලුම දේ අපට කියා දෙනවා.

ගාමිණී සමඟ චිත්‍රපටවල වැඩ කිරීමෙන්ම බොහෝ දේ ඉගෙන ගත්තා. ඔහු සමඟ ගත කරන විනාඩි කීපයක් පවා අපට යමක් ඉගෙන ගත හැකි කාලයක්. ඒ යුගයේ යම් යම් දේශීය විදේශීය චිත්‍රපට නැරඹීමෙන් සිනමාවේ විවිධ අංශ පිළිබඳව යම් දැනුමක් ලබා ගන්නට හැකි වුණා.

අපේ සිනමාවේ චිත්‍රපට අතර ‘සත්සමුදුර’, ‘පරසතු මල්’, ‘වැලිකතර’ මා ඉතාම ප්‍රිය කරනවා. ඒවා හරියාකාරවම සිනමා භාෂාවෙන් කතා කළ, ප්‍රේක්ෂකයින්ට සංවේදී වුණු චිත්‍රපට. ලෙස්ටර් මහතාගේ චිත්‍රපටවලින් මා වඩාම ප්‍රිය කරන්නේ ‘රන්සළු’ චිත්‍රපටයටයි.

එය ඉතාම කවියක් බඳු සිත නිවෙන චිත්‍රපටයක්. පතිරාජගේ චිත්‍රපටත් ඉතා සාර්ථකයි. ඒත් ඒවා සමාජය තේරුම් ගත්තේ, සමාජය හරියාකාරව වින්දනය කළේ වසර ගණනාවකට පසුවයි.

ඒ අවස්ථාවේ පොදු ප්‍රේක්ෂකයාගේ මට්ටම ඉක්මවා යාමයි, පතිරාජගේ චිත්‍රපටවල තිබූ ගැටළුව. මම නම් අදත් සිටින්නේ ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාවයන් හා කර්මාන්තය අතර මගේ කලාව රඳවා ගත හැකි සිනමා රීතියකයි.

පිළිසඳර මනුබන්දු

ඡායා ටෙනීසන්

Sarasaviya

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Actor Shanthi Abeysekara
2 2561973 Mathara Achchi මාතර ආච්චි Actor Sathischandra Edirisinghe

As a Crew

Assistant Director

#Film NoYearFilm RoleDirector
1 2561973 Mathara Achchi මාතර ආච්චි Assistant Director Sathischandra Edirisinghe

Dialogs

#Film NoYearFilm RoleDirector
1 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Dialogs Shanthi Abeysekara
2 8351996 Veediye Veeraya වීදියේ වීරයා Dialogs Siri Kularathna

Director

#Film NoYearFilm RoleDirector
1 2881974 Vasthuwa වස්තුව Director Siri Kularathna
2 3621977 Sikuru Dasawa සිකුරු දසාව Director Siri Kularathna
3 3931978 Sanda Vata Rantharu සඳ වට රන් තරු Director Siri Kularathna, Ananda Hewage
4 4401980 Bambara Pahasa බඹර පහස Director Siri Kularathna
5 4771981 Ridee Thella රිදී තැල්ල Director Siri Kularathna
6 5041982 Pethi Gomara පෙති ගෝමර Director Siri Kularathna
7 5071982 Anuradha අනුරාධා Director Siri Kularathna
8 5391983 Niliyakata Pem Kalemi නිළියකට පෙම් කලෙමි Director Siri Kularathna
9 5801984 Podi Ralahami පොඩි රාලහාමි Director Siri Kularathna
10 8351996 Veediye Veeraya වීදියේ වීරයා Director Siri Kularathna
11 10842008 Rosa Kele රෝස කැලේ Director Siri Kularathna
12 11852014 Rassa Kele රාස්ස කැලේ Director Siri Kularathna

Executive Producer

#Film NoYearFilm RoleDirector
1 3381976 Hulavali හුලවාලී Executive Producer W.A.B. De Silva

Producer

#Film NoYearFilm RoleDirector
1 8351996 Veediye Veeraya වීදියේ වීරයා Producer Siri Kularathna
Film NoYearFilmSongRole
256 1973 Mathara Achchi මාතර ආච්චි Sinhala Ran Dedunu ran Paatinරන්දේදුනු රන් පාටින් Lyrics