Kathuru Mithuru

Kathuru Mithuru

කතුරු මිතුරු

Colour Digital

Film No: 1378  ·  Released: 22 Sep 2023

66.26% · 4,240 votes
Rate this film

Summary

NameKathuru Mithuru / කතුරු මිතුරු
Film No1378
Released Date22 Sep 2023
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryComedy
Main Actor: Jayalath Manorathne Main Actor: Mahendra Perera Producer: Basuru Siriwardana Director: Giriraj Kaushalya

Trailer

විල්සන් සහ සැම්සන් ගජ මිතුරෝය. ඒ බැඳීම ලේ නෑකමකටත් වඩා එහා ගිය එකකි. විල්සන් පාරම්පරික සන්නාලියෙකි. සැම්සන් පාරම්පරික ඇඳුම් මසන්නෙකි. දෙදෙනාට මිතුරු ආයුදයක් තිබේ ඒ කතුරය. සාමාන්‍යයෙන් කතුර භාවිත කරනුයේ කැපීමටය. එය එසේ වුව ද විල්සන් සහ සැම්සන්ගේ මිතුදම කිසිදු කතුරකින් කපා දැමිය නොහැකි බවට සහතිකය. ඔවුන්ගෙන් විල්සන්ට දුවෙක් සිටියි. සැම්සන්ට පුතකු සිටියි. දෙදෙනාම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය අවසන් කොට ගමට පැමිණ කාලය ගත කරන්නේ ඔවුන්ගේ උගත්කමට රැකියා අවස්ථා නොමැති වීම හේතුවෙනි. අවසන ඔවුහු තමන්ගේ පියවරුන්ගේ රැකියාවට සම්බන්ධ වීමට උත්සාහ දරති. නමුත් විල්සන්ගේ සහ සැම්සන්ගේ අභිප්‍රාය වනුයේ දුව සහ පුතා පරිපාලන සේවයට සම්බන්ධ උසස් සේ සැලකෙන රැකියාවක් කරනු දැකීමය. කාලයාගේ ඇවෑමෙන් දූ පුතුන් දෙදෙනා බාබර් සහ ටේලර් වෘත්තීන්ට යොමු වේ. තම පියවරුන් මෙන් නොව සම්ප්‍රදාය වෙනස් කරමින් ඒ ගමන් මගෙහිම වෙනස් ආකාරයට දියණිය සහ පුතනුවන් පියවර තබන්නට පටන් ගනිති.

මේ කතුරු මිතුරු සිනමාපටයේ කතා සාරාංශයයි. සිකුරු හතේ, සුහද කොකා වැනි අතිශය ජනප්‍රිය හාස්‍යෝත්පාදක සිනමාපටයන් රිදී තිරයට කැන්දූ ගිරිරාජ් කෞශල්‍යගේ නවතම සිනමාපටය ලෙසට කතුරු මිතුරු හඳුන්වා දිය හැකිය. අතිශය සුන්දර අන්දමින් මෙහි කතාව රචනා කළ ගිරිරාජ් කතුරු මිතුරු සමගින් පේ‍්‍රක්ෂක ඔබව සිනහ සයුරේ ගිල්වන්නට සූදානමිනි. ළඟදීම සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදී මෙම සිනමාපටය ඔබට නැරැඹිය හැකිය. කතුරු මිතුරු නැසීගිය විශිෂ්ට රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ අවසන් සිනමාපට කිහිපයෙන් එකකි. මෙහි සැම්සන් හෙවත් ටේලර් ලෙස රඟන්නේ ඔහුය.

Cast

Crew

Other Crew