Gamini Ambalangoda

Gamini Ambalangoda

ගාමිණී අම්බලන්ගොඩ

Born 02 May 1955 Died 09 January 2022

02 May 1955 - 09 January 2022

60.69% · 1,586 votes
Rate this artist

Summary

NameGamini Ambalangoda
Sinhala Nameගාමිණී අම්බලන්ගොඩ
Born02 May 1955
Died09 January 2022

Biography

කන්න දෙනවානම් අපිට

බොන්න දෙනවානම් අපිට

මොන කෙංගෙඩියද

තව ඕනෙ කියන්නේ..

කන්න දෙනවානම්...

මේ ගීය කොහේදි හෝ ඔබේ සවනට වැකිලා ඇති.. එතරම්ම එය ජනප්‍රියයි.

මේ ගීතය ගයන ගායකයා රංගන ශිල්පියෙක් බවටද ඔබ හොඳීන් දන්නවා. වේදිකාව දෙවනත් වෙන්නට ඔහු රඟපාමින් මේ ගීතය ගයමින් නැටුවා. ජනක් ප්‍රේමලාල්ගේ රජගහේ නාඩගම වේදිකා නාට්‍යයේ අන්තර්ගත මෙම ගීයේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි එකක් වුණා එලෙස අප පිනවූ රසවතා ගාමිණී අම්බලන්ගොඩ. ඔහු රුව දුටු සැණින් අපට මතක් වන්නේ වේදිකාව. පුංචි තිරයටද ගාමිණී සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඒ මතකයන් ඉතිරි කරමින් මේ සොඳුරු හිතවතා අපෙන් සදහටම සමුගෙන යන්නට ගිහින්. ඉතා දිගු කාලයක් ඔහුගේ රුව නිර්මාණයන් තුළදී දුටුවේ නැහැ. ඒ ගාමිණී රෝගාතුරව නිවෙසට වෙලා කාලය ගත කළ නිසා.

මීට වසර හතරකට පෙර ඔහුගේ වම් පාදයෙන් කොටසක් ඉවත් කොට තිබුණේ හදිසියේ මතු වු රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන්. ඒ නිසා ඔහුට වසර හතරකට ආසන්න කාලයක් එක්තැන්ව සිටින්නට සිදු වුණා. සක්‍රියව සිටි ගාමිණී අම්බලන්ගොඩ නිහඬ චරිතයක් වන්නේ එතැන් සිට. එය වේදිකාවට ලොකු අඩුවක් දැනුණු දෙයක් වුණා. මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ සිය අක්කණ්ඩියගේ නිවෙසේ වාසය කළ ගාමිණී අම්බලන්ගොඩ ඉකුත් වසරේ අප හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ රඟපාන්නට හරි ආසාවෙන් සිටින බවයි. ඊට සරිලන අවස්ථාවක් ඔහුට ලැබුණේ නෑ. බොරු කකුලක් යොදාගනිමින් ඇවිදින්නට උත්සාහ කළ ගාමිණීගේ ඊළඟ බලාපොරොත්තුව වුණේ කෙසේ හෝ නිර්මාණයන්ට දායක වන්නට. අභාග්‍යයකට එය ඉටු නොවුණු බලාපොරොත්තුවක් වුණා. මීට දශක ගණනාවකට පෙර රත්නසිරි පරණවිතානයන්ගේ සිඟාල ගෝස්තරය වේදිකා නාට්‍යයේ පුහුණුවීම් බලාගෙන හිටි ගාමිණී අම්බලන්ගොඩ නැමැති තරුණයා නාට්‍ය කණ්ඩායමෙන් ලැබෙන ඇරැයුමත් එක්ක තමයි වේදිකා නාට්‍යය සම්බන්ධ වන්නේ. පසුව ඔහු දිගින් දිගටම කෝලම් නාට්‍ය සහ විවිධ නැටුම් ක්‍රම හැදෑරීමට පටන් ගත්තා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගාමිණී ඉතා ප්‍රකටයි කෝලම් නාට්‍ය කරුවෙක් විදියට. ජනක් ප්‍රේමලාල්ගේ හඳුනා ගැනීමත් සමඟ ගාමිණී අම්බලන්ගොඩ වේදිකාවේ අතිශය කාර්යබහුල නළුවෙක් වෙනවා. පුන්‍යසේන ගුණසේන, ලයනල් ගුණතිලක වැනි නිර්මාණකරුවන් යටතේ හැදී වැඩෙන ගාමිණී අම්බලන්ගොඩ නැමැති නළුවා පසුකාලීනව ප්‍රවීණයන් සමග කරට කර රඟපාන්නට පටන් ගන්නවා. රජගහේ නාඩගම, රූකඩ රාජ්‍යය රයිගමයයි ගම්පළයයි ඇතුළු නාට්‍ය ගණනාවක ගාමිණීගේ නිසඟ හැකියාව අපට දැකබලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ආදරණීය පූර්ණිමා ඇතුළු ටෙලි නිර්මාණවල විවිධ චරිත නිරූපණය කළා. සුහද කොකා චිත්‍රපටයේ ගාමිණි රඟපෑ චරිතය ද අතිශය ජනපි‍්‍රය වුණා. ඒ කෙසේ වෙතත් ගාමිණී ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ කන්න දෙනවනම් බොන්න දෙනවනම් ගීතය සමඟින්. ප්‍රසංග වේදිකාවෙ නටමින් මේ ගීය ජීවමාන කළ අන්දම ඉතාම රසවත්. සරල දිවි පෙවෙතක් ගත කළ ගාමිණී අම්බලන්ගොඩ මිය යන තෙක්ම අවිවාහකව හිටියා. ඒ පිළිබඳ අප ඇසූ වාරයක් වාරයක් පාසා ඔහු සිනාසෙමින් සඳහන් කළේ මේ තියෙන කරදර මදිවටද තවත් කරදරයක් මොකට පටලා ගන්නවාද යන්නයි. ජීවිත කාලය පුරා තනිකඩ දිවි පෙවතක් ගත කළ ගාමිණී අම්බලන්ගොඩ අප අතරින් සමු ගන්නේ වයස අවුරුදු 66 ගතවෙද්දී. 1955 මැයි 02 උපත ලැබූ ගාමිණීගේ අවසන් කටයුතු පසුගියදා මාතලේ පොදු සුසාන භූමියේදී සිදුවුණා.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 11622013 Abinikmana අබිනික්මන Actor Hector Kumarasiri
2 13782023 Kathuru Mithuru කතුරු මිතුරු Actor Giriraj Kaushalya

Upcoming Films

#Film RoleDirector
1 Kekuli කැකුලි Actor Shan Karannagoda