Kadira Divyaraja

Kadira Divyaraja

කදිර දිව්‍යරාජ

Colour Digital

Film No: 1376  ·  Released: 03 Aug 2023

59.79% · 2,374 votes
Rate this film

Summary

NameKadira Divyaraja / කදිර දිව්‍යරාජ
Film No1376
Released Date03 Aug 2023
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryHistory
Main Actor: Samar Virmani (Indian) Main Actress: Sonakshi Rawan (Indian) Director: Sunil Ariyaratne Producer: Ravi Liyanage

Trailer

Description

සම්මා­නිත මහා­චාර්ය සුනිල් ආරියරත්නගේ ‘කදිර දිව්‍ය­රාජ’ සිනමා කාව්‍යයේ රූගත කිරීම් අව­සන් වී තිබිණි. මේ සින­මා­වට නැඟී ඇත්තේ දිව්‍ය ප්‍රේම වංශ­ක­ථාවේ ඉතා සුවි­ශේෂී තැනක් හිමි කර­ගන්නා කඳ සුරි­ඳුන් සහ වල්ලි මාතා­වගේ ප්‍රේම වෘතා­න්තය බවය සැල වන්නේ. මෙහි පසු නිෂ්පාදන කටයුතු අවසන් වූ වහාම තිරගත වීමට නියමිත බව තමා පැවසෙන්නෙ.

මේ සිනමා කෘතිය නිර්මා­ණය වන්නේ මේ සමා­ජය තුළ වන්ද­නා­වට පාත්‍ර වන සංක­ල්ප­යක් පද­නම් කර­ගෙන වන අතර. ඒ නිර්මා­ණයේ ප්‍රධාන චරිත රූප­ණය සඳහා තෝරාගෙන ඇත්තේ ඉන්දීය නළු නිළි දෙප­ළක්.

අපේ දේශීය සිනමාවට විදෙස් රටවලින් නළු නිළියන් ගෙන්වීම කලක් තිස්සේ සිදුවන දෙයක්. ඒ විදිහට මෙරටට ආව සමහර නළු නිළියන් ඉතාම ජනප්‍රිය වුනා.

මහචාර්ය වරයා පවසා තිබුනේ අපේ රංගන ශිල්පි­යකු කදිර දෙවිඳු ලෙස තෝරා ගත­හොත් ඔහුට සින­මාවේ හෝ රූප­වා­හි­නියේ සදා­කල් කදිර දෙවිඳු වීමට බැරි බව සහ ඔහුට වෙනත් දෙවි­යකු වීමට ද බැරි බවයි. අපේ රංගන ශිල්පි­නි­යක් වල්ලි මාතා­වගේ චරි­තය සඳහා තෝරා­ග­ත්තොත් සිද්ධ වෙන්නෙත් ඒ ඉර­ණ­මම තමයි. බැරි වෙලා­වත් එහෙම කළා නම් ඔවුන් ඊළ­ඟට රඟ­පාන චරි­තත් සමඟ ඔවු­නුත් අපත් දෙපා­ර්ශ්ව­යම බැනුම් අහ­න බවත් ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා.

කදිර දිව්‍ය­රාජ’ සිනමා පටයේ ප‍්‍රධාන නළු නිළි­යන් ලෙස භාර­තීය රංගන ශිල්පී සමර් විර්මානී(කදිර දෙවි­යන්), භාර­තීය රංගන ශිල්පිනී සොනාක්ෂි රාවන් (වල්ලි මාතාව), රොෂා­න්ප­ලි­පි­ටිය, නිල්මිණි තෙන­න්කෝන්, ජගත් චමිල, චරිත් අබේ­සිංහ, වස­නත් විට්ටච්චි, දීපා රණ­සිංහ, සරත් කොත­ලා­වල, ධනං­ජය සිරි­ව­ර්ධන, විනූ උදානි සිරි­ව­ර්ධන, හරිනි උත්පලා, අජිත් ශාන්ත, සමුදි ජය­සිංහ, වස­නත් කුමා­ර­විල, ෂෙලට්න් කැකු­ලා­වල, රජිත රොද්‍රිගු, රංගී රාජ­පක්ෂ සම්පත් තෙන­න්කෝන් රංග­න­යෙන් දායක වෙති.

#prashan_malith

Cast

Crew

Other Crew