Mandaraa

Mandaraa

මන්දාරා

Colour Digital

Film No: 1406  ·  Released: 26 Jul 2024

49.48% · 1,964 votes
Rate this film

Summary

NameMandaraa / මන්දාරා
Film No1406
Released Date26 Jul 2024
ColorimeterColour
Video FormatDigital
Duration88 Mins
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Bimal Jayakody Main Actress: Mega Suriyaarachchi Director: Priyantha Colambage Producer: Mahen Perera

Trailer

Description

ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයකම නිර්මාණශීලී නිර්මාණකරු වූ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණයයි ‘මන්දාරා’. රාවය පුවත්පත තුළින් මාධ්‍යවේදයකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු සම්මානලාභී නිශ්චල ඡායාරූප ශිල්පියකුද වෙයි. 1998 වසරේ තිරගත වූ ‘දැහැන’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිස පසු කලකදී, ‘විමුක්ති’ (1998), ‘අරුමෝසම් වැහි’ (2002), ‘ආදරණීය කතාවක්’ (2016), ‘දේදුනු ආකාසේ’ (2017) යන සිනමා නිර්මාණ ප්‍රේක්ෂකාගාරය වෙත රැගෙන එන ලදී. පුංචි තිරය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘එක්ස් ෆොර්ස්’ සහ ‘සකුගේ කතාව’ ප්‍රාසංගික ටෙලි නාට්‍යයන් ද ඔහුගේ නිර්මාණයන් වේ. මේ වන විට සියලු වැඩ නිම කර ඇති ඔහුගේ හත් වන සිනමා නිර්මාණය ‘සූරිය සුළඟ’ ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇති අතර, ප්‍රියන්ත කොළඹගේ තිර පිටපත් රචකයකු සේම ගේය පද රචකයෙකුද වෙයි.

හදිසි අනතුරකින් අහඹු ලෙස මුණගැසෙන විශ්ව හා මන්දාරා පෙම්වතුන් බවට පත්වෙන අතර, පසුවදී දෙමාපියන්ගේ දැඩි විරෝධතාවය මත ඔවුහු විවාහ වෙති. වෘත්තියෙන් සැලසුම් ශිල්පියෙකු වන විශ්ව අස්වාභාවික ලෙසින් කෝපයට පත්වන සහ දැඩි ප්‍රචණ්ඩකාරී ගති පැවැතුම් ඇති තරුණයෙකි. මන්දාරා දැල්පන්දු ක්‍රීඩා උපදේශිකාවක් ලෙසින් කටයුතු කරයි. විවාහයෙන් පසුව විශ්වගේ පැවතුම් වෙනස් වේ යැයි මන්දාරා සිතුවද එසේ නොවී ඔවුන් අතර නිතර අඬ දබර ඇතිවෙයි. එවැනි එක අවස්ථාවකදී විශ්වගේ පහර දීමකින් ගැබිණි මන්දාරා බිම ඇද වැටී දැඩි කම්පනයට පත්ව, සිය දෙමව්පියන් වෙතට යන ඇය, විශ්වගෙන් වෙන්වීමට තීරණය කරයි. මේ අතරතුරදි වසර හයක සිර දඬුවමකින් අනතුරුව නිදහස් වන භාරත, තමුන්ට උරුම නැති උරුමයක් ඉල්ලා, මහා ධනස්කන්ධයකට හිමිකාරීත්වය දරන වැන්දඹුවක් වන ඉනෝකා නමැති තම නෑනාට විවිධ තර්ජන එල්ල කරයි. ඇයට යශෝරා නමින් එකොළොස් වියැති හුරුබුහුටි දියණියකද සිටී. නාස්තිකාරයෙකු සහ නිකමෙකු ලෙස දිවි ගෙවන භාරත සහ ඉනෝකා අතර සිදුවන ගැටුමකදී, ඉනෝකා මිය යන අතර, යශෝරා බේරී පලා ගොස් කොළඹට පැමිණෙයි. මිනීමැරුම දුටු එකම සාක්ෂිය වූ යශෝරාව විනාශ කිරීමට භාරත ඇයව හඹා යයි. මමා නමැති සටකපට ගැහැනියකට හමුවන යශෝරාව, මමා විසින් සොරකම් කිරීමට පොලඹවයි. සියල්ල පිළිබඳව කලකිරී විශ්වද කොළඹට පැමිණෙයි. යශෝරාව සොයාගෙන මමාගේ නිවසට පැමිණෙන භාරතගෙන් බේරීමට දිව යන යශෝරා, නවතා තිබූ වාහනයකට නැග සැඟවෙයි. විශ්වට යශෝරා හමුවන්නේ එලෙසිනි. යශෝරාගේ ඉරණම කෙලෙස විසඳේවිද? විශ්ව හා භාරත අතර කිනම් ගැටුමක් ඇති වේද? විශ්ව සහ මන්දාරා යළි එක් වේවිද? යන පැනයන්ට පිළිතුරු මන්දාරා තිරගත වූ පසු ලැබෙනු ඇත.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew