Shadow

Shadow

ෂැඩෝ

Colour Yet to be released

Yet to be released

56.47% · 879 votes
Rate this film
Special Message

චාලක ජයසිංහ කුළුඳුල් සිනමා නිර්මාණය

Summary

NameShadow / ෂැඩෝ
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama

Description

භූ විද්‍යා මහාචාර්යවරයකු වන “ජයනාත්” ජීවන මඟේ මැදි වයසේ පසුවන්නෙකි. ඔහු “සෑම්” නමැති ඔහුගේ සම වයසේ මිතුරෙකු සමඟින් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නගරයේ ජීවත් වෙයි. මීට කලකට ඉහතදී තම තරුණ බිරිඳ සහ එකම පුතු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සොවින් යුතුව ඔහු කාලය ගත කරයි. හුදෙකලාව ප්‍රිය කරන ඔහුට දිනක් අහඹු ලෙස අසල්වාසී දරුවෙකු වූ “චන්දු” ව හඳුනාගැනීමට හැකිවීමත් සමඟම ජයනාත්ට තම එකම දරුවාගේ අතීතය ආවර්ජනය වෙයි. ඒ නිසාම ඔහු චන්දුට බොහෝ සෙයින් ළෙන්ගතු වෙයි. මේ අතරතුරදී ජයනාත් තම මිතුරා වන සෑම් සමඟින් තමන් අතීතයේදී ජීවත් වූ කූබර් පෙඩි නගරයට යෑමට සූදානම් වනුයේ, තම බිරිඳගේ මරණ සංවත්සරය සැමරීම සඳහාය. මේ ගමන සඳහා, සිය මවුපියන්ගේ අවසරය මත චන්දු ද සහභාගි වෙයි. මෙය චන්දුට ඉතා විනෝදකාමී ගමනක් වන අතර, ඔහුට කූබර් පෙඩි හී වෙසෙන සිය මිතුරෙකු මාර්ගයෙන් විශූ නමැති තරුණයෙකුව හඳුනා ගැනීමට හැකිවේ. තම බිරිඳගේ සොහොන ආසන්නයට යන ජයනාත් දකින්නේ ඔහුට ප්‍රථම කවුරුන් හෝ එම සොහොන මත මල් කළඹක් තබා ඇති ආකාරයයි. කාලය ගතවන අතර චන්දු හා විශූ සමීප මිතුරන් බවට පත්වෙති. විශූ යනු, ජයනාත්ගේ මිය ගියා යයි සිතනු ලබන පුතු බවට සැකයක් චන්දු තුළ මෝදු වේ. අවසානයේ කෙබඳු වේද යනු “ෂැඩෝ” ඔබට පවසනු ඇත.

කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා සහ ආනන්ද විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාල ආචාර්ය චාලක ජයසිංහ පාසල් අවධියේ සිටම හඬකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත. පසු කලක ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගිය ඔහු එහි සිඩ්නි නුවර ෆෝකස් චිත්‍රාගාරයට සම්බන්ධ වී චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳ පුළුල් හැදෑරීමක නිරතවීමෙන් අනතුරුව 3ක් නමින් චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරමින් ඒ මඟින් ළා රෝස පාට, දෙවන වරම, පමා වී ආ වසන්තය සහ නොපෙනෙන අනන්තය වැනි ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කරමින් නිෂ්පානය කිරීමට කටුයුතු කර ඇත. එරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට ද සම්බන්ධ වෙමින් සිකුරු නමින් මෙරට නළු නිළියන් යොදා ගනිමින් වේදිකා නාට්‍යයක් ද නිර්මාණය කර ඇත. කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කර ඇති ඔහුගේ පළමුවන වෘත්තාන්ත සිනමා නිර්මාණයයි ෂැඩෝ සිනමා සිත්තම. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ගඟුලක ගිනියම සිනමා පටය ඉදිරියේ දී මෙරට තිරගත වීමට නියමිතව ඇත. ෂැඩෝ සිනමා සිත්තම සම්පූර්ණයෙන්ම ඕස්ටේ‍්‍රලියාවේ මනරම් දර්ශන තලයන් හිදී රූගත කළ නිර්මාණයකි.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew