Goodbye Evil

Goodbye Evil

ගුඩ්බායි එවිල්

Colour 35mm Yet to be released

Yet to be released

60.69% · 524 votes
Rate this film
Special Message

සත්‍ය සිදුවීමක් ඇසුරිනි

Summary

NameGoodbye Evil / ගුඩ්බායි එවිල්
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Chameera Liyanage Director: Hemantha Prasad Producer: Nelson Fernando Producer: Hemantha Prasad

Description

සිය බිරිඳ වූ නදී සහ කුඩා පුතණුවන් සමගින් යහපත් දිවියකට සිහින මවන සේනක, වියළි කලාපයේ ගම්මානයක වෙසෙනා 33 වියැති ගැමියෙකි. ගොවිතැනට අමතරව ත්‍රීවීලයක් පදවමින් අතිරේක ආදායමක් ලබා ගැනීමට ඔහු වෙහෙසෙයි. සිය බිරිඳ මඳ අසනීපෙන් පෙළෙන දවසක, නගරයේ ත්‍රීවිල් නැවතුමේ සිට සේනකට බිරිඳගේ අසනීප තත්ත්වය උස්සන්න වී ඇති බවට ලද පණිවිඩයක් අනුව කලබලයෙන් නිවස බලා යන සේනක අතරමගදී අනතුරකට පත්වෙයි. ප්‍රමාද වී නිවසට යන විට සිය බිරිඳ මියගොස් ඇති බව දැන මහත් කම්පනයට පත්වෙයි. මව් සෙනෙහස අහිමි වූ කුඩා පුතු හදා වඩා ගන්නා සේනක, තමාගෙත් දරුවාගෙත් ජීවිත යහපත් කර දෙන ලෙස දෙවියන් යදියි. අතොරක් නොමැති කරදර රැසකට මුහුණ දෙන සේනක දිනක් ළිඳකට වැටී මිය ගොස් සිටි තම ප්‍රාණය වන් එකම පුතණුවන් දැක වියරු වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙයි. සිය දිවිය ගැන කලකිරෙන ඔහු සියදිවි නසා ගැනීමේ අරමුණින් දෙවියන්ට ශාප කරමින් වනාන්තරයකට පිවිසෙයි. එක් නිමේෂයකදී ආශ්චර්යාත්මක ලෙසින් සුවිශේෂ වූ දීප්තිමත් ආලෝකයක් සමගින් දෙවියන් ඔහු අමතනු ඇසෙයි. ඔහු දෙවියන් හා වාදයක යෙදෙයි. සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සිදුවූයේ ඔහුගේ වරදකින් නොව තම ආදිතමයන්ගේ වරදින් බව දෙවියන් ඔහුට පහදා දෙයි. ඉන් අනතුරුව අතීත සිදුවීම් පෙළක් පුනරාවර්තනය වීමට පටන් ගනියි. සේනකට තම සමීපතමයින් අහිමි වූයේ කාගේ වරදින්ද යන වග පසුවදී ඔහුට පසක් වෙයි.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

සිය බිරිඳ වූ නදී සහ කුඩා පුතණුවන් සමගින් යහපත් දිවියකට සිහින මවන සේනක, වියළි කලාපයේ ගම්මානයක වෙසෙනා 33 වියැති ගැමියෙකි. ගොවිතැනට අමතරව ත්‍රීවීලයක් පදවමින් අතිරේක ආදායමක් ලබා ගැනීමට ඔහු වෙහෙසෙයි. සිය බිරිඳ මඳ අසනීපෙන් පෙළෙන දවසක, නගරයේ ත්‍රීවිල් නැවතුමේ සිට සේනකට බිරිඳගේ අසනීප තත්ත්වය උස්සන්න වී ඇති බවට ලද පණිවිඩයක් අනුව කලබලයෙන් නිවස බලා යන සේනක අතරමගදී අනතුරකට පත්වෙයි. ප්‍රමාද වී නිවසට යන විට සිය බිරිඳ මියගොස් ඇති බව දැන මහත් කම්පනයට පත්වෙයි. මව් සෙනෙහස අහිමි වූ කුඩා පුතු හදා වඩා ගන්නා සේනක, තමාගෙත් දරුවාගෙත් ජීවිත යහපත් කර දෙන ලෙස දෙවියන් යදියි. අතොරක් නොමැති කරදර රැසකට මුහුණ දෙන සේනක දිනක් ළිඳකට වැටී මිය ගොස් සිටි තම ප්‍රාණය වන් එකම පුතණුවන් දැක වියරු වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙයි. සිය දිවිය ගැන කලකිරෙන ඔහු සියදිවි නසා ගැනීමේ අරමුණින් දෙවියන්ට ශාප කරමින් වනාන්තරයකට පිවිසෙයි. එක් නිමේෂයකදී ආශ්චර්යාත්මක ලෙසින් සුවිශේෂ වූ දීප්තිමත් ආලෝකයක් සමගින් දෙවියන් ඔහු අමතනු ඇසෙයි. ඔහු දෙවියන් හා වාදයක යෙදෙයි. සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සිදුවූයේ ඔහුගේ වරදකින් නොව තම ආදිතමයන්ගේ වරදින් බව දෙවියන් ඔහුට පහදා දෙයි. ඉන් අනතුරුව අතීත සිදුවීම් පෙළක් පුනරාවර්තනය වීමට පටන් ගනියි. සේනකට තම සමීපතමයින් අහිමි වූයේ කාගේ වරදින්ද යන වග පසුවදී ඔහුට පසක් වෙයි. antonjocic@gmail.com ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew