Hemantha Prasad

Hemantha Prasad

හේමන්ත ප්‍රසාද්

60.9% · 1,529 votes
Rate this artist

Summary

NameHemantha Prasad
Sinhala Nameහේමන්ත ප්‍රසාද්

Biography

හේමන්ත ප්‍රසාද් සිය සහජ කලා කෞශල්‍යයන් විශාල පරාසයක පතුරුවා හල සුවිශේෂී නිර්මාණකරුවෙකි. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, කෙටි චිත්‍රපට හා වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, රංගන ශිල්පියෙක්, තිර පිටපත් රචකයෙක්, ග්‍රන්ථ කතුවරයෙක්, ගීත රචකයෙක් සහ ගීත රූප රචකයෙක්, නිෂ්පාදකවරයෙක් වැනි විවිධ භූමිකාවන්හි නිරත වන ඔහු වේදිකා නාට්‍ය 25කට පමණ සිය රංගන දායකත්වය එක්කොට ඇත. සොක්කානෝ රජානෝ, භීම භූමි, මල්සර බිසව්, ලෝරන්ස්ගේ මනමාලි හා දෙනුවර දෙන්නෙක් ඉන් කිහිපයකි. ගල් පිළිම සහ බොල් පිළිම, ඉන්ගම්මාරුව, පාන් බට්ටා, ටිකිරි නිලමේ, මිහිකතගේ දරුවෝ සහ කළු සෙවණැල්ල ඇතුළු ටෙලි නාට්‍ය 15කට පමණ රංගනයෙන් දායකව ඇති ඔහු, රෂෝමොන් සහ මල්සර බිසව් නමින් වේදිකා නාට්‍ය ද්විත්වයක් නිර්මාණය කර වේදිකා ගත කර ඇත. ලයිලා මජ්නු සංගීතමය වේදිකා නාට්‍යයද ඔහුගේ නිර්මාණයකි. මායම් කිරිල්ලී ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ටෙලි චිත්‍රපටයකි. ඔහු තිරපිටපත් රචනයෙන් දායක වූ ජනප්‍රිය නිර්මාණ අතර භාර්යාවෝ සහ දිය මත ලියමි ටෙලි නාට්‍ය ද, ජූලි හතයි, උලලේනි යන චිත්‍රපට ද, ලෝරන්ස්ගේ මනමාලි හා මල්සර බිසව් යන වේදිකා නාට්‍ය ද විශේෂිත වේ. ඔහු රඟපෑ මුහුදු දරුවෝ වේදිකා නාට්‍ය ස්කොට්ලන්තයේ පැවති නාට්‍ය උළෙලකදී හොඳම නාට්‍ය ලෙසට සම්මානයට පාත්‍ර විය. 2019 වසරේදී තිරගත වූ උලලේනි ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය වේ.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 13192019 Ulaleni උලලේනි Director Hemantha Prasad

Producer

#Film NoYearFilm RoleDirector
1 13192019 Ulaleni උලලේනි Producer Hemantha Prasad

Script

#Film NoYearFilm RoleDirector
1 12232016 July 7 ජූලි 7 Script Sanjaya Nirmal
2 13192019 Ulaleni උලලේනි Script Hemantha Prasad

Story

#Film NoYearFilm RoleDirector
1 13192019 Ulaleni උලලේනි Story Hemantha Prasad

Upcoming Films

#Film RoleDirector
1 Wehi Davasa වැහි දවස Script Bhadraji Mahinda Jayathilaka
2 Wehi Davasa වැහි දවස Main Actor Bhadraji Mahinda Jayathilaka
3 Goodbye Evil ගුඩ්බායි එවිල් Director Hemantha Prasad
4 Goodbye Evil ගුඩ්බායි එවිල් Script Hemantha Prasad
5 Goodbye Evil ගුඩ්බායි එවිල් Dialogs Hemantha Prasad
6 Goodbye Evil ගුඩ්බායි එවිල් Producer Hemantha Prasad