Ulaleni

Ulaleni

උලලේනි

Colour

Film No: 1319  ·  Released: 06 Dec 2019

58.59% · 2,425 votes
Rate this film

Summary

NameUlaleni / උලලේනි
Film No1319
Released Date06 Dec 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryCrime
Main Actor: Sanjeewa Upendra Main Actress: Gayani Gisanthika Director: Hemantha Prasad Producer: Hemantha Prasad

Trailer

මිහිඳුම් සළු තිර පැලඳ හැඩවැඩ වී සිටි මනරම් කඳු පන්තියකට අඳුර ගලමින් පැවතිණ. හෝරාවක් ගත වු තැන කෑලි කැපිය හැකි ඝණඳුරක් අවට සිසාරා පැතිරිණි. කළු වලාකුළු අහස් වියන පුරා ලැගුම් ගත්හ.

සිහින් සිරිපොද වර්ෂාව මොර සූරන්නට පටන් ගත්තේ කන් පුපුරුවන තරමට අකුණු ගසනා ගමන්ය. සුවිශාල නිවෙසක හුදකලා වූ රූත් කවුළුවෙන් එපිට සිදු වන මේ දේවල් පිළිබඳ බලා සිටියාය. ඇගේ හදවතහි රාවය වැස්සේ හඬ පරයා කනට ඇසෙනා තරම්ය.

රූත් කවුළුවෙන් දෑස් ඉවත් නොකරගෙනම පියවරෙන් පියවර ආපස්සට ඇවිද විත් පුටුවක වාඩි ගත්තාය. අවසනදි රූත් නිවසෙහි රූපවාහිනිය දැම්මේ බැරිම තැනය. ඇයට ඉන් දැක බලා ගන්නට ලැබෙන්නේ ද හදවත තැති ගන්නා වූ පුවතකි. යොවුන් තරුණියන් හුදකලා වූ නිවෙස් තුළට පැමිණ ඔවුන් ඝාතනය කරන ඝාතකයකු පිළිබඳ ප්‍රවෘත්ති තුළින් කියැවේ. නාඳුනන පුද්ගලයින්ව නිවෙස් තුළට වැද්ද නොගන්නා මෙන් ප්‍රවෘත්ති නිවේදකයා අනතුරු හැඟවීමක් ද සිදු කරයි.

මේ අතර රූත් සිය නිවසේ හී දොරට කිසියම් කෙනෙකු තට්ටු කරනු ඇසෙයි. ඇයගේ හදවතහි ගැස්ම දෙගුණ තෙගුණ වේ. නිවසෙහි පිටත නාඳුනන තරුණයෙකි. රූත්ට ක්ෂණිකව එකී ප්‍රවෘත්තිය මතක් විය. පිටත සිටින තරුණයා ආයාචනය කරන්නේ තමන්ව නිවස තුළට ගන්නා ලෙසටය.

ඒ වෙනුවෙන් ඔහු සාධාරණ හේතු කිහිපයක් ද රූත්ට ඉදිරිපත් කරන්නේය. මේ අතරවාරයේ නිවසෙහි උඩු මහලෙන් වීදුරුවක් බිඳෙන හඬක් ඇසෙයි. රූත් තවත් බියපත් වෙයි. නිවෙසට වෙනත් පුද්ගලයකු ඇතුළු වී ඇති වග ඇයට දැනෙයි. එහෙයින් රූත් වහාම නිවසේ දෙර විවෘත කොට තරුණයාව ඇතුළට ගන්නේ ආරක්ෂාව පතාය.

එහෙත් ඇයගේ එම විශ්වාසය බිඳී යන්නේ පෙර වීදුරුව බිඳී ගිය ශබ්දයට හේතුව තමන් විසි කළ ගලක් නිසා ඇති වූවක් බව තරුණයා සිනාසී පැවසීමත් සමඟය. කිසිවක් සිතා ගත නොහැකි තැනට පත්වන රූත් මේ තරුණයා මිනීමරුවා යැයි සිතා නිවසෙන් පලා යාමට සිතා ගනියි.

ඇය නිවසින් එළියට පැමිණෙත්ම තවත් අමුත්තකු රූත් හමු වෙයි. ඔහු දුටු සැනින් රූත් ඔහුව විශ්වාස කරන්නේය. එහෙත් මිනීමරුවකු සතු ලක්ෂණ ඔහු තුළින් පෙනෙයි. රූත් එම තැනැත්තාව කැටුව නිවසට යළි පැමිණෙයි.

- sarasaviya

Cast

Crew

Other Crew