Guththila

Guththila

ගුත්තිල

Colour Digital

Film No: 1373  ·  Released: 01 Jun 2023

57.12% · 2,358 votes
Rate this film

Summary

NameGuththila / ගුත්තිල
Film No1373
Released Date01 Jun 2023
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryHistory
Main Actor: Akila Dhanuddhara Main Actor: Edward Jayakodi Main Actress: Yashoda Wimaladharma Main Actress: Chulakshi Ranathunga Producer: Dilini Silva Producer: Haren Nagodavithana Director: Sanath Abeysekara

Trailer

Description

වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය ඇසුරු කර ගනිමින් සිනමාපටයක් තැනෙන වග සරසවියට වාර්තා විය. එම දැවැන්ත සිනමාපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනුයේ සනත් අබේසේකරයි. මහින්දාගමනය, සිරි දළදාගමනය ආදී සිනමාපටයන් තැනු ඔහුගේ තවත් ඓතිහාසික සිනමාපටයක් වන ගුත්තිල හි ගුත්තිල පඬිවරයාගේ චරිතය නිරූපණය බාර දී ඇත්තේ සුප්‍රකට සංගීත විශාරදයකුටය.

ඔහු එඩ්වඩ් ජයකොඩිය. මූසිල ලෙස අකිල ධනුද්ධර රංගනයේ යෙදෙයි. එඩ්වඩ් ගජමන් පුවත ආදී වේදිකා නිර්මාණවලට රංගනයෙන් දායක වූ වේදිකාවේ සම්මානනීය නළුවකු ද වේ. ටෙලි නාට්‍ය සඳහා ද ඉඳහිට රංගන දායකත්වය ලබා දුන්නද සිනමාපටයක ප්‍රධාන භූමිකාවකට පණ පොවනුයේ ප්‍රථම වතාවටය. ඔවුන් දෙදෙනා සමඟ ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, වීණා ජයකොඩි, චුලක්ෂි රණතුංග, ගිරිරාජ් කෞශල්‍ය, රෝහිත මාන්නගේ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත රංගනයේ යෙදෙති. තිස්ස නාඩොවිතානගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව නිර්මාණය වන ගුත්තිල සිනමාපටය තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් වෙනුවෙන් හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වාගේ නිෂ්පාදනයකි. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රොෂාන් සංජේ විධායක නිෂ්පාදනයෙන් ද, දිනේෂ් සුභසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, හිරංග විශ්ව රණසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන්ද, ආනන්ද එස්. කපුගේ සහය අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා දායක වෙති.

ශබ්ද පරිපාලනය වර්ණ සංයෝජනය සහ සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂවරයාය. මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල සහ සනත් අබේසේකර ගීත රචනයෙන් එක් වෙති. විශාරද එඩ්වඩ් ජයකොඩි සහ උරේෂා රවිහාරි සිනමාපටයේ ගීත ගායනා කරනු ලබති. තරංග රුක්මල්වල අංග රචනා ශිල්පියාය. ඇඳුම් නිර්මාණයෙන් රමේෂා ඕෂණි දායකවේ. මෙම මස 07 වැනිදා එගොඩ කැලණිය විහාරස්ථානයේ පැවැත්වෙන මුහුරත් උලෙළින් අනතුරුව ගුත්තිල සිනමාපටයේ වැඩ කටයුතු ආරම්භ වනු ඇත.

Cast

Crew

Other Crew