Hathara Waran

Hathara Waran

හතර වරන්

Colour

Film No: 1334  ·  Released: 29 Jan 2021

58.23% · 2,056 votes
Rate this film

Summary

NameHathara Waran / හතර වරන්
Film No1334
Released Date29 Jan 2021
ColorimeterColour
Movie GroupSinhala
CategoryComedy
Main Actor: Pubudu Chaturanga Main Actor: Chathura Perera Main Actress: Thakshila Sewwandi Producer: Sumana Deepthi Gunarathna Director: Chathura Perera

Trailer

Description

නැසීගිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතු ජනප්‍රිය ටෙලි සිනමා රංගන ශිල්පී චතුර පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර වරන් සිනමපටය මෙම මස 29 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගත වනවා.

හාස්‍යෝත්පාදක සිනමා සිනමාපටයක් වන මෙය චතුරගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. චතුරගේ පියාවූ එල්. එම්. පෙරේරාද සිනමාපට හතරක් අධ්‍යක්ෂණය කළ අතර ඒවා නමින් හතර පෙරළිය, හතර කේන්දරේ, හතර මහා නිධානය සහ හතර වටේ නම් විය.

එල්. එම්. තම සිනමාපට හතර යන වචනය භාවිත කරමින් නම් කළාසේම ඔහුගේ පුත්‍ර චතුර ද තමන්ගේ කුළුඳුල් සිනමාපටය සඳහාද එම වචනය යොදා හතර වරන් ලෙස නම් කොට තිබීම විශේෂත්වයක්.

හතර වරන් සිනමාපටයේ පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, ටෙඩී විද්‍යාලංකාර, තක්ෂිලා සෙව්වන්දි, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්චි, ඩී. බී. ගංගොඩතැන්න, සමදරා ආරියවංශ, දිල්කි මිහිරාජි, ප්‍රීති විජේසිංහ, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප්, අසංග පෙරේරා සහ චතුර පෙරේරා රංගනයෙන් දායක වේ.

නිෂ්පාදනය හිරු ෆැෂන් වෙනුවෙන් සුමන දීප්ති ගුණරත්නගෙනි.

කතාව දෙබස් තිරරචනය සහ සම අධ්‍යක්ෂණය සුරේෂ් කුමාරසිංහගෙන් වන අතර කැමරාකරණය සජිත වීරප්පෙරුමගෙනි.

අංග රචනයෙන් උභය දිසානයක, කලා අධ්‍යක්ෂණයෙන් රෝහිත කුමාර, නිෂ්පාදන කළමනාකරණයෙන් අජිත් ප්‍රනාන්දු හතර වරන් සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.

සමීර මදුශාන් සහ කුමාරි දිසානායක සහය අධ්‍යක්ෂවරුන්‍ ය. ලාල් දේවරත්න නැටුම් අධ්‍යක්ෂවරයා. සංගීත අධ්‍යක්ෂණයෙන් ජෝර්ජ් සේනානායක දායක විය. සංස්කරණය තනුස්ක කහඳවලගෙනි.

නම ජිනදාස වුවත් කෙටි කර ජිනේ යනුවෙන් හැඳින් වු තරුණයෙකි. ඔහුගෙන් ගමට කිසිදු සෙතක් වුණේ නැත. ජිනේ මහ පොළවට බරක් යැයි ගම්මුන් කීවේ කට කහනවට නොව ඔහුගේ ක්‍රියා කලාපයන් නිසාය. ජිනේට ඔහු හා සරි මිත්‍රයෙකු වෙයි. දෙදෙනා එක්ව කරන තරමක් කළේ නොහොබිනාකම්ය. අහළ පහළ ගෙදරක කෙසෙල් කැනක්වත් පීදෙන තුරු තියන්නට බැරිය. ජිනේ එය කපාගෙන යන්නේ පුරුද්දට මෙනි. හොර පොල් කැඩීමේ දස්කම උපතින් ඔහු ගෙනාවා වැනිය. මේ හේතු කාරණා මත ගම්මුන්ට ජිනේ මහ එපා කරපු එකෙකි. මේ කාරණා ඉවසා ගත නොහැකිව මව විසින් ජිනේ නගරයට පිටත් කරනු ලබයි. ඔහුට කොළඹ බංගලාවක රියදුරකු වශයෙන් සේවය කිරීමට අවස්ථාව උදා වේ. ඒ නිවෙසේ තරුණ ගැහැනු ළමයෙකි. සෙල්ලක්කාර අයකු වන ඇය සංජානාය. සංජානා මීට පෙර විවාහ වූ තැනැත්තියක් වන අතර ඇගේ ස්වාමි පුරුෂයා හදිසියේ මිය ගොස් තිබේ. එය අභිරහස් මරණයකි. ක්‍රමයෙන් සංජානා ජිනේ හා වැඩි සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කරයි. ජිනේ වැටෙන්නට යන උගුල ගැන නොදැන සංජානාට සිතැඟි පරිදි හැසිරීමට ඉඩහසර ලබා දී බලා සිටියි. සංජානාගේ ස්වාමි පුරුෂයාට අත් වූ ඉරණම නොබෝ කලකින් තමන්ට ද හිමි වන බව ජිනේ දන්නේ නැත.

මේ කතාව රැගත් චිත්‍රපටය හතර වරන් ලෙසට නම් කොට තිබේ. එය චතුර පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. නැසීගිය ජනප්‍රිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ ආදරණීය වැඩිමල් පුතු වූ චතුර පියා කළ චිත්‍රපටවලට යොදා ගත් නාමය හතර වදන භාවිත කරමින් තමන්ගේ චිත්‍රපටයට ද නම තබා තිබේ. හතර පෙරළිය, හතර කේන්දරේ, හතර මහා නිධානය, හතර වටේ එල්. එම්. නිර්මාණය කළ චිත්‍රපටයන් වේ. මෙම සිනමාපටයේ ජිනේ ලෙස චතුර පෙරේරා රංගනයෙන් යෙදෙයි.

Cast

Crew

Other Crew