Jeewa

Jeewa

ජීවා

Colour Yet to be released

Yet to be released

59.66% · 1,512 votes
Rate this film

Summary

NameJeewa / ජීවා
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryAction
Main Actor: Jeewan Kumaranatunga Main Actress: Sangeetha Weeraratne Director: Jeewan Kumaranatunga Producer: Thilini Priyamali Producer: Isuru Bandara

Description

පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලය සිනමා තරු රැසකින් පිරී පැවතිණ. ඔවුන් මේ පැමිණ සිටියේ තම සිනමා සහෘදයා සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත්වීමේ ප්‍රීතිය බෙදා ගැනීමටයි. එලෙස සිනමා අධ්‍යක්ෂණයට එක් වන්නා අධ්‍යක්ෂණයට නවකයකු වුවත් සිනමාවේ වසර ගණනාවක අත්දැකීම් ඇත්තෙකි. ඔහු නමින් ජීවන් කුමාරතුංගය. ජීවන් ‘ජීවා’ නමැති සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් සිනමා ජීවිතයේ තවත් නව පියවරක් මෙදින තැබුවේය. අසාධාරණයට විරුද්ධව හඬක් නඟන ජීවාගේ චරිතයට පණ පොවන්නේ සරසවිය ජනප්‍රිය තරුවක් වූ ජීවන් කුමාරතුංගයි. මෙම සිනමාපටය සමඟින් සිංහල සිනමාවට තවත් නිෂ්පාදකවරයෙක් සහ නිෂ්පාදකවරියක් එක් වෙති. ඒ තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාරයි. තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඔවුන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.

ක්ලීටස් මෙන්ඩිස්, සංගීතා වීරරත්න, මීනා කුමාරි, දර්ශන් ධර්මරාජ්, කැලුම් ආර්යන්, ආනන්ද අතුකෝරළ, ගයාන් මාපලගම, රොහාන් විජේතුංග, ජීවන් හඳුන්නෙත්ති, රෝහිත ඩයස්, සුදත් විජේසේකර, කුමාර රණපුර, මල්ශාන් දිව්‍යාංජලී, හිමායා සමුදි ‘ජීවා’ රංගනයෙන් හැඩගන්වන පිරිවර වේ. කැලුම් ආර්යන්ගේ තිර රචනයකි. තිසූල දීප තඹවිට කැමරා අධ්‍යක්ෂවරයාය. චන්දන එදිරිසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් වෙති. මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ගෙනි.

Cast

Crew

Other Crew