Jobless Douglas

Jobless Douglas

ජොබ්ලස් ඩග්ලස්

Colour Digital

Film No: 1403  ·  Released: 07 Jun 2024

62.43% · 1,489 votes
Rate this film

Summary

NameJobless Douglas / ජොබ්ලස් ඩග්ලස්
Film No1403
Released Date07 Jun 2024
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryComedy
CompanySarasavi Studio
Main Actor: Rodney Warnakula Main Actress: Dilshani Perera Director: Senaka Nawarathna Producer: Chandra Kumari Nawaratne

Trailer

Description

මේ ගෙවෙන්නේ ඩග්ලස්ගේ ජීවිතයේ හොඳම කාලවකවානුවයි. තම පෙම්වතිය වන වෙරෝනිකා සමඟ විවාහ වී දරුමල්ලන් හදා වඩා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ඔහුගේ එකම අපේක්ෂාවයි. එහෙත් එම සිහිනයත් හුදෙක්ම සිහිනයක් බවට පත්වන්නේ ඩග්ලස්ට රැකියාවක් නොමැතිවීමයි. පරිගණක තාක්ෂණයේ කෙළ පැමිණි තැනැත්තෙකු වන ඔහු එම අංශයෙන් සුදුසු රක්ෂාවක් සොයා නොගිය තැනක් නොමැත. බොහෝ ආයතනයන්හි පරිගණක අංශයේ සේවකයින්ගේ අඩුවක් නැත. එහෙත් ඩග්ලස්ට සිදු වන්නේ තම උපාධි සහතික රැගෙන සිඳගත් බලාපොරොත්තු සහිතව නිවසෙහි නවතින්නටය. වෙරෝනිකා කාලයක් තිස්සේ ඩග්ලස්ට ආදරය කරයි. ගැමි තරුණියක වූ ඇයගේ සැබෑ නම වරුණිකාය. ඒ නම ගොඩේ එකක් යැයි සිතා වරුණිකා සිය නම වෙරෝනිකා කරගත්තීය. ඇයට අවශ්‍ය සැපවත් ජීවිතයකි. එමෙන්ම ඇගේ සිතෙහි බලාපොරොත්තු කන්දකි. ඩග්ලස් තමන්ගේ සිහිනයවත් ඉටු කරගත නොහැකි තැන පෙම්වතියගේ බලාපොරොත්තු කෙසේ නම් ඉටු කරන්නද?

මේ අතරතුරදී වෙරෝනිකාගේ පියා කාලයක් තිස්සේ ඩග්ලස් හා වෙරෝනිකා අතර ඇති පෙම්පලහිලව්ව පිළිබඳ ඇස යොමාගෙන සිටියේය. ඩග්ලස් ජොබ්ලස් බැවින් ජීවිතය කෙදිනක ගොඩ දමා ගනී ද කියා කියන්නට බැරිය. එහෙයින් පියා වෙරෝනිකාට රං බණ්ඩා නමැති ධනවත් තරුණයකු ගැන නිතර වෙරෝනිකාට පවසන්නේය. ඔහුගේ වත්පොහොසත්කම් ගැන මහා ඉහළින් වර්ණනාවක ද යෙදෙන්නේය. මේ වහසිබස්වලට වෙරෝනිකාගේ සිත ඇදී යන්නේ ඉබේටමය. දිනෙක ඩග්ලස් නගරයේ ඇවිද යන්නේ හිස් වු මනසකින් යුතුවය. ඔය අතරතුරදී නවීන පන්නයේ වාහනයක් ඩග්ලස්ව පසු කර යන්නේය.

අහෝ පුදුමයකි.

රං බණ්ඩා සමග වෙරෝනිකා එම වාහනයේය. ඩග්ලස්ගේ ඇස් අදහාගත නොහැකි වන්නේය. ඩග්ලස් මෙතරම් වීරිය ගන්නේ හොඳ රැකියාවක් සොයාගෙන වෙරෝනිකා සමඟ යහපත් පවුල් ජිවියක් ගත කරන්නටය. එහෙත් මේ සිදු වන්නේ කුමක්ද? ඩග්ලස් මහත් වු කලකිරීමකට පත් වන්නේය. පණ සේ සුරකින ලැප්ටොප් පරිගණකය සහ පරිගණක උපාධි පාඨමාලා සහතික ද රැගෙන ඩග්ලස් වහා වහා දුව යන්නේ අසල ඇති ගඟකට පැන දිවි තොර කර ගන්නටය. සර්ව සාධාරණ පුද්ගලයකු වූ ඩග්ලස්ට සිදුවන මේ අසාධාරණකම් බලා සිටි දේවතාවෙකි. එම දේවතාවන් ඩග්ලස්ව අතීතයට රැගෙන යාමට තීරණය කරයි. අතීතයට ගිය ඩග්ලස්ට ගැටලු රැසකට මුහුණ පාන්නට සිදු වෙයි. තම ලැප්ටොප් පරිගණකය චාර්ජ් කර ගැනීමට හැකියාවක් නොමැතිවීම ඉන් ප්‍රධානය. මේ අතරතුරදී ඩගලස්ට එම ලෝකයේදී වෙරෝනිකාව ද මුණ ගැසෙයි. එහෙත් ඇය හැඳ පැලඳ සිටින්නේ රජ ඇඳුම් ආයිත්තම්ය. ඩග්ලස් ‘වෙරෝනිකා වෙරෝනිකා’ කියා ඇයට ඇමතුවද ඇය ඊට ප්‍රතිචාර නොදැක් වීය. ඒ සැබවින්ම ඇය වෙරීනිකා නොව වෙනත් තැනැත්තියක් වන බැවිනි.

මේ කතා පුවත රැගත් සිනමාපටය ජොබ්ලස් ඩග්ලස් ලෙසට හඳුන්වා දෙමු. එය සේනක නවරත්නගේ අධ්‍යක්ෂණයක් වන්නේය. චන්ද්‍රා කුමාරි නවරත්න ජොබ්ලස් ඩග්ලස් හි නිෂ්පාදකවරියයි.

Cast

Crew

Other Crew