ප්‍රකට චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී ජයප්‍රකාශ් සිවගුරුනාදන් සිනමාවට තිළිණ කරන නවතම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයයි “කාසි වාසි”. 2011 වසරේදී “කිං හන්තර්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඔහු විසින්ද “නෝ මාක් කෝ මාක්” (2014) සහ “පහ සමත්” යන නිර්මාණ ඉදිරිපත් කරන ලදී. පාසැල් අධ්‍යාපනයෙන් පසුව, නවලිය පුවත්පතේ සිනමා අතිරේකය සඳහා ලේඛකයකු ලෙස එක්වන ඔහු, නිලේන්ද්‍ර දේශප්‍රියගේ ආරාධනය මත සිනමා ක්ෂේත්‍රයට එක්ව ප්‍රවීණයන් රැසක් යටතේ දෙවන සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කර ලද පන්නරය මත, ජයන්ත චන්ද්‍රසිරිගේ “වෙද හාමිනේ” ටෙලි නාට්‍යයේ ද දෙවන සහය අධ්‍යක්ෂවරයා වී, “නෝනාවරුණි මහත්වරුණි” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට නිර්මාණවේදියෙකු ලෙස පිවිස, කළු කුරුල්ලෝ, කළු අරලිය, අඟුරු සිත්තම්, හාර කෝටිය, අග්නිපියාපත්, කෝටිපතියෝ, නාඩගංකාරයෝ, පාර දිගේ, කෝලම් කුට්ටම, සල්ලි පොකුරු, ආලවන්ති, පාවී එන්න ආසයි වැනි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කර ඇත.