Kaasi Vaasi

Kaasi Vaasi

කාසි වාසි

Colour

Film No: 1424  ·  Released: 23 Jan 2025

60.66% · 1,085 votes
Rate this film

Summary

NameKaasi Vaasi / කාසි වාසි
Film No1424
Released Date23 Jan 2025
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama

Trailer

Description

ප්‍රකට චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී ජයප්‍රකාශ් සිවගුරුනාදන් සිනමාවට තිළිණ කරන නවතම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයයි “කාසි වාසි”. 2011 වසරේදී “කිං හන්තර්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඔහු විසින්ද “නෝ මාක් කෝ මාක්” (2014) සහ “පහ සමත්” යන නිර්මාණ ඉදිරිපත් කරන ලදී. පාසැල් අධ්‍යාපනයෙන් පසුව, නවලිය පුවත්පතේ සිනමා අතිරේකය සඳහා ලේඛකයකු ලෙස එක්වන ඔහු, නිලේන්ද්‍ර දේශප්‍රියගේ ආරාධනය මත සිනමා ක්ෂේත්‍රයට එක්ව ප්‍රවීණයන් රැසක් යටතේ දෙවන සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කර ලද පන්නරය මත, ජයන්ත චන්ද්‍රසිරිගේ “වෙද හාමිනේ” ටෙලි නාට්‍යයේ ද දෙවන සහය අධ්‍යක්ෂවරයා වී, “නෝනාවරුණි මහත්වරුණි” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට නිර්මාණවේදියෙකු ලෙස පිවිස, කළු කුරුල්ලෝ, කළු අරලිය, අඟුරු සිත්තම්, හාර කෝටිය, අග්නිපියාපත්, කෝටිපතියෝ, නාඩගංකාරයෝ, පාර දිගේ, කෝලම් කුට්ටම, සල්ලි පොකුරු, ආලවන්ති, පාවී එන්න ආසයි වැනි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කර ඇත.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

ප්‍රධාන නගරයෙන් පිටත අර්ධ නාගරික ගම්මානයක අමරබන්දු නැමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන මල් ශාලාව, ගම්මුන් විසින් අමරබන්දු මල් ශාලාව ලෙස නම් කර ඇත. අමරබන්දුගේ බිරිඳ ඉතාමත් චාම් ගති පැවතුම් ඇති නිහතමානී තැනැත්තියකි. ඔවුන්ගේ තරුණ වියේ පසුවන එකම දියණිය අධ්‍යාපනය හදාරමින් සිටී. ඇයට සාරංග නමින් පෙම්වතෙකු සිටින අතර ඔහු විනෝදකාමී කෙළිලොල් තරුණයෙකි. මල්ශාලාවේ වැඩකටයුතු සඳහා ගෝලයන් තිදෙනෙකි. ඔවුන් බාසුන්නැහේ, ගෝලයා පින්තු සහ මිනී කාර් රථය පදවන රත්නා වෙයි. මල්ශාලාවේ වැඩ කටයුතු බොහෝ විට අවුල් කරන්නේ ද මොවුන් තිදෙනාමය. මේ තත්ත්වය නිසා දිනෙන් දින පාඩු ලබන මෙම ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබා දී ලාභ ලබන තත්ත්වයට පත් කර දෙන ලෙස අමරබන්දු මුදලාලිගේ බිරිඳගේ ඥාති පුත්‍රයෙකු වන විශ්ම කර්මගෙන් ඉල්ලා සිටියි. ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව දෙස් විදෙස් අධ්‍යාපනය ලද ධනාත්මක ගති පැවතුම් ඇති තරුණයෙකි. විශ්ම කර්ම දැන උගත් දේ අනුව අමරබන්දු මල් ශාලාව ලාභ ලබන ආයතනයක් කිරීමේ වගකීම බාර ගනී. ඉන්පසු සිදුවන පෙරළිය “කාසි වාසි” තුළින් ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීමට හැකි වනු ඇත.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew