King Rajasinghe I

King Rajasinghe I

පළමුවන රාජසිංහ මහරජතුමා

Colour AI Movie Upcoming Movie

Upcoming Movie

100% · 1 vote
Rate this film

Summary

NameKing Rajasinghe I / පළමුවන රාජසිංහ මහරජතුමා
Release StatusUpcoming Movie
ColorimeterColour
Video FormatAI Movie
Movie GroupMahawansa Pradeepikawa
CategoryHistory
Companyisandi CREATIONS
StudioMahawansa Pradeepikawa

Trailer

Description

රාජ්‍ය නාමය : 1 වන රාජසිංහ රජතුමා

රාජවංශය : සපුමල්

රාජධානිය : සීතාවක රාජධානිය

රාජ්‍ය කාලය : ක්‍රිව 1581 - ක්‍රිව 1593

ක්‍රි.ව. 1581 දී සීතාවක රජකළ තම පියා වූ මායාදුන්නේ මහරජුගේ මර‚න් පසු ව ටිකිරි බණ්ඩාර කුමරු රාජසිංහ නමින් රජවිය. කේරෝස්ට අනුව මහරජු මහලූ බැවින් ටිකිරි කුමරුට පාලන කටයුතු බාර දුන්නේ ක්‍රි.ව. 1578 පමණය. මෙම රජු පළමුවන රාජසිංහ මහරජු ලෙස හඳුනා ගත හැකි ය. නමුත් මහාවංස කතුවරයා සඳහන් කරන්නේ රාජසිංහ මහරජු පියා මරා රජකම ලබා ගත් බව යි. මෙම මහරජුගේ පසු කාලයේ සඳහන් වන බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමන කරනු ලැබුවේ, පියා මැරීම කිසිදා ගැලවිය නොහැකි පාපකර්මයක් බව පැවසු නිසා බැව් වැඩි දුරටත් සඳහන් කර ඇත. නමුත් වර්තමානයේ ඉතිහාසය පිළිබඳ විද්වත්හු පළමුවන රාජසිංහ මහරජු පියා මරා රජවිය යන මතය බැහැර කරයි.

දොළොස් හැවිරිදි වියේ දී සීතාවක හමුදාවට නායකත්වය දී වීදිය බණ්ඩාරගේ බල කඳවුර වූ පැලන්දට පහර දෙන ලදී. මේ සටනින් පරාජය වූ වීදිය බණ්ඩාර පලා ගියේ ය. කුඩාකල සිට රණ සූරයෙකු වූ පළමුවන රාජසිංහ මහරජු තම පියා කෝට්ටේ රාජ්‍යට හා පෘතුග්‍රීසීන්ට එරෙහිව කළ සටන්වල දී මහඟ= කාර්්‍යය බාරයක් ඉටු කළේ ය. ක්‍රි.ව. 1562 දී පෘතුග්‍රීසී සෙබළු 1600 කට ජීවිත අහිමි කරමින් සිදු වූ මුල්ලේරිය සටනේ දී ජීවිත බේරාගනු ලැබුවේ පෘතුග්‍රීසි සෙබළුන් 125ක් පම‚. මෙයින් පෘතුග්‍රීසීන්ට දරුණු පරාජයක් අත්විය. ක්‍රි.ව. 1565 දී රාජසිංහ කුමරුට කෝට්ටේ රාජධානිය අල්ලා ගෙන පෘතුග්‍රීසීන්ගේ හා දොන් ජුවන් ධර්මපාල මහරජුගේ බලය කොළඹ කොටුවට සීමා කිරීමට හැකිවිය.

ක්‍රි.ව. 1582 දී පළමුවන රාජසිංහ මහරජු උඩරට ආක්‍රමණය කොට එහි එවකට පාලනය ගෙන ගිය කරලියැද්දේ බණ්ඩාර රජු පලවා හැර උඩරට රාජ්‍ය ද සීතාවකට ඈඳා ගන්නා ලදී. පසු ව එයට උදව් කළ වීරසුන්දර බණ්ඩාර මුදලි බොරු වලක දමා මරා දමන ලදී. පසු ව ඔහුගේ පුත් කොනප්පු බණ්ඩාර පෘතුග්‍රීසීන්ගේ සහය පැතීය. නැවත පැමිණ පළමුවන රාජසිංහ මහරජු සමඟ කළ බලන සටනේ දී පළමුවන රාජසිංහ මහරජු පරාජය විය. සටනින් පාරාජ වී එන අතරතුර පෙතන්ගොඩ උයනේ දී උණ කටුවක් ඇනී පළමුවන රාජසිංහ මහරජු මරණයට පත්විය. නමුත් රාජාවලිය පවසන්නේ දොඩම්පේ ග‚තයා විසින් සූනියම් කර විස බැඳී නිසා මහරජු මරණයට පත් වූ බවයි. නමුත් මෙම මහරජුගේ නොමග යාම හා උණ කටු ව ඇනී මරණයට පත් නොවූවානම් අපේ ඉතිහාසය බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබුණි.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

Cast

Crew

Other Crew