Isura Wickramarachchi

Isura Wickramarachchi

ඉසුර වික්‍රමාරච්චි

Full Name: Isura A.K. Wickramarachchi Born 04 Jul 1978

04 Jul 1978

60% · 1 vote
Rate this artist

Summary

NameIsura Wickramarachchi
Sinhala Nameඉසුර වික්‍රමාරච්චි
Full NameIsura A.K. Wickramarachchi
Born04 Jul 1978

Biography

රාජ්‍ය වර්ෂ 1978 ජූලි 4 වන දින හෝමාගමදී උපත ලද ඉසුර වික්‍රමාරච්චි, ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සහිත පියසේන වික්‍රමාරච්චි සහ දයාවතී ඉලේපෙරුමආරච්චිට දාව උපන් බාල පුත්‍රයාය.

ඉසුර වික්‍රමාරච්චි මූලික අධ්‍යාපනය ලැබුවේ හෝමාගම දැඩිගමුව ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලයෙනි. වසර ගණනාවකට පසුව එම පාසලෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ශිෂ්‍යයා වූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළත් විය.

1997 විදේශ සංචාරක ආයතනයකට සම්බන්ධ වූ මොහු එම ආයතනය හරහා තොරතුරු තාක්ෂණයට මූලික අත්පොත් තැබුවේය. පසුව 2000 වසර බෙල්ජියම් මෘදුකාංග සමාගමක මෙරට ශාඛාවේ UI Designer කෙනෙකු ලෙස සම්බන්ධ වූ මොහු එම ආයතනයේ ප්‍රධාන UI Designer ලෙස උසස්වීම් ලැබීය.

2003 වසරේ තමන්ගේම වෙබ් නිර්මාණ ආයතනයක් ආරම්භ කළ මොහු වසර කිහිපයකින් ලංකාවේ වැඩිම වෙබ් අඩවි නිර්මාණය කළ ආයතනය බවට පත්විය. ඕස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක ශාඛා පවත්වාගෙන යමින් වෙබ් අඩවි නිර්මාණකරණයේ විශේෂිත වූ දස්කම් දැක්වීය.

ඉසුර වික්‍රමාරච්චි විසින් පවත්වාගෙන යනු ලබන Sinhala Cinema Database - www.films.lk වෙබ් අඩවිය LK Domain registry ආයතනය මගින් පැවැත්වූ ප්‍රථම සම්මාන උළෙලේදී ලංකාවේ හොඳම විනෝදාත්මක වෙබ් අඩවිය යන සම්මානයෙන් පිදුම් ලැබීය. 2008 වසරේ ආරම්භ කළ මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් නිර්මාණය කල චිත්‍රපට 2000කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ඇතුළත් කර ඇති අතර කලාකරුවන් 15,000කට අධික ප්‍රමාණයකගේ තොරතුරු ඇතුළත් කර ඇති අතර චිත්‍රපට සහ කලාකරුවන්ගේ ඡායාරුප 20000කට අධික ප්‍රමාණයක් ඇතුළත් කර ඇත. මෙතරම් දත්ත ඇතුළත් ශ්‍රී ලාංකේය සිනමාව පිළිබඳව තොරතුරු දැක්වෙන ප්‍රථම සහ එකම වෙබ් අඩවිය මෙය වේ. මෙම වෙබ් අඩවිය අද දක්වා යාවත්කාලීන වෙමින් පවතී.

එම ආයතනය මගින්ම 2010 වසරේ පැවැත්වූ සම්මාන උළෙලේදී www.mahawansaya.com වෙබ් අඩවිය ජනප්‍රියම වෙබ් අඩවි 20 සම්මානය ට පාත්‍රවිය. 2008 වසරේදී ආරම්භ කළ මෙම වෙබ් අඩවිය මගින් රජවරු පිළිබඳ දැනුවත් කිරීමේ මුලික අඩිතාලම දැමිය. "මහාවංස ප්‍රදීපිකාව " ග්‍රන්ථයේ මූලාරම්භය මෙම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවියද අද දක්වා යාවත්කාලින වෙමින් පවතින අතර "මහාවංස ප්‍රදීපිකාව " ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී ග්‍රන්ථය හා සම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරු කරගත හැකි නැවුම් වෙබ් අඩවියද මුදාහැරීමට කටයුතු යොදා ඇත.

ග්‍රන්ථ කර්තෘ ඉසුර වික්‍රමාරච්චි මහතා සමාජ සේවා කටයුතු වලදී මූලිකත්වය ගෙන කටයුතු කරන පුද්ගලයෙකි. "හදවතින්ම දරුවන්ට " යන තේමාව යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දුෂ්කර පාසල් වෙනුවෙන් අවශ්‍යතා සපුරා ඇත. ගලේවෙල ඉහල දිග්ගල විද්‍යාලයේ වේදිකාවක් සහිත ප්‍රධාන ගොඩනැගිල්ල හා හැටන් විග්ටන් වතුයායේ දමිළ විද්‍යාලයේ ගොඩනැගිල්ල ද ප්‍රධාන සමාජ සේවා අතර වේ. ඊට අමතරව දෙනියාය කිරිවල්දොල පාසලේ පානීය ජල ව්‍යාපෘතිය, දෙනියාය යටිහොරගල විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය සහ රත්නපුර පැල්මඩුල්ල අභයතිස්ස විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය ද ඉසුර වික්‍රමාරච්චි පදනමෙන් "හදවතින්ම දරුවන්ට" ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද සේවාවකි. දුෂ්කර පාසල් 25 සඳහා පරිඝණක යන්ත්‍ර ලබාදීම මෙන්ම පාසල් ළමුන් 500කට අධික ප්‍රමාණයකට පාසල් බෑග් සහ පොත්පත් ලබාදීමට මෙම ව්‍යපෘති මගින් කටයුතු කර ඇත. පසු ගිය වසර 7ක කාලය තුළ විවිධ සමාජ සේවා ව්‍යපෘති 200කට අධික ප්‍රමාණයක් කළ ගෞරවය හා ආඩම්බරය ඔහු සතුය.

නෙළුම්ගල ශ්‍රී කාවන්තිස්ස මහාවිහාරයේ දාගේ උත්තර දිසාධිකාරි නිළමේවරයා ලෙස කටයුතු කරන ඉසුර වික්‍රමාරච්චි මහතා බොහෝ ශාසනික කටයුතු වලදී ද මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙකි. වෙහෙර විහාර නිර්මාණය සඳහා ශ්‍රම දායකත්වය සැපයීම, වෙහෙර විහාර පිළිසකර කිරීම මෙන්ම රටපුරා විසිරී සිටින භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කුඩා තාක්ෂණික මෙවලම් සැපයීම ආදී බොහෝ ශාසනික සේවාවන් සඳහා මුලිකත්වය ගෙන කටයතු කර ඇත. මෙම ශාසනික පිංකම් ඉසුර වික්‍රමාරච්චි පදනම යටතේ "හදවතින්ම සසුනට" ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක විය.

තොරතුරු තාක්ෂණයේ වසර 26ක අත්දැකීමක් සතුව ඇති ඔහුගේ තොරතුරු තාක්ෂණික දැනුම මෙම ග්‍රන්ථය සඳහා මැනවින් ප්‍රයෝජනයට ගෙන ඇත. වර්තමානයේ දැඩි කතාබහට ලක්වන "කෘත්‍රිම බුද්ධිය" මෙහෙයවීමේ අත්දැකීම් සම්භාරයක් ඇති මොහු එම දැනුම දරුවන්ගේ ඉතිහාස දැනුම ඉහළ නැංවීමට "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය සඳහා යොදාගෙන තිබේ. 1998 වසරේ Micromedia Flash මෘදුකාංගය භාවිතා කරමින් නිර්මාණය කළ වෙසක් තොරණ ලංකාවේ පළමුවෙන්ම එම මාදිලියෙන් නිර්මාණය කළ වෙසක් තොරණයි. තාක්ෂණ විෂයට අත්පොත් තැබූ දින පටන් එය නිර්මාණාත්මකව සහ දරුවන්ට සුදුසු පරිදි ඉදිරිපත් කිරීමට ඔහු නිරන්තරයෙන් උත්සාහ ගෙන තිබේ. වසර 26ක තොරතුරු තාක්ෂණයේ අත්දැකීම් සමග ඉදිරිපත් කළ මෙම ඉතිහාස ග්‍රන්ථය දරුවන් ඉතිහාස දැනුමින් සන්නද්ධ කිරීමට උපකාරී වනු ඇත.

WhatsApp : 94 711 400 300

Voice : 94 701 400 300

Email : isandi@gmail.com

Other Type Films

AI Music

#Film NoYearFilm Movie Group RoleDirector
1 172025 King Thulaththana මහරජ ථූලත්ථන Mahawansa Pradeepikawa AI Music Isura Wickramarachchi
2 182025 King Lajjithissa මහරජ ලජ්ජිතිස්ස Mahawansa Pradeepikawa AI Music Isura Wickramarachchi
3 192025 King Khallatanaga මහරජ ඛල්ලාටනාග Mahawansa Pradeepikawa AI Music Isura Wickramarachchi
4 352025 King Bhathikabhaya මහරජ භාතිකාභය Mahawansa Pradeepikawa AI Music Isura Wickramarachchi
5 -TBA King Rajasinghe I පළමුවන රාජසිංහ මහරජතුමා Mahawansa Pradeepikawa AI Music Isura Wickramarachchi

AI Video

#Film NoYearFilm Movie Group RoleDirector
1 172025 King Thulaththana මහරජ ථූලත්ථන Mahawansa Pradeepikawa AI Video Isura Wickramarachchi
2 182025 King Lajjithissa මහරජ ලජ්ජිතිස්ස Mahawansa Pradeepikawa AI Video Isura Wickramarachchi
3 192025 King Khallatanaga මහරජ ඛල්ලාටනාග Mahawansa Pradeepikawa AI Video Isura Wickramarachchi
4 352025 King Bhathikabhaya මහරජ භාතිකාභය Mahawansa Pradeepikawa AI Video Isura Wickramarachchi
5 -TBA King Rajasinghe I පළමුවන රාජසිංහ මහරජතුමා Mahawansa Pradeepikawa AI Video Isura Wickramarachchi

Concept

#Film NoYearFilm Movie Group RoleDirector
1 172025 King Thulaththana මහරජ ථූලත්ථන Mahawansa Pradeepikawa Concept Isura Wickramarachchi
2 182025 King Lajjithissa මහරජ ලජ්ජිතිස්ස Mahawansa Pradeepikawa Concept Isura Wickramarachchi
3 192025 King Khallatanaga මහරජ ඛල්ලාටනාග Mahawansa Pradeepikawa Concept Isura Wickramarachchi
4 352025 King Bhathikabhaya මහරජ භාතිකාභය Mahawansa Pradeepikawa Concept Isura Wickramarachchi
5 -TBA King Rajasinghe I පළමුවන රාජසිංහ මහරජතුමා Mahawansa Pradeepikawa Concept Isura Wickramarachchi

Director

#Film NoYearFilm Movie Group RoleDirector
1 172025 King Thulaththana මහරජ ථූලත්ථන Mahawansa Pradeepikawa Director Isura Wickramarachchi
2 182025 King Lajjithissa මහරජ ලජ්ජිතිස්ස Mahawansa Pradeepikawa Director Isura Wickramarachchi
3 192025 King Khallatanaga මහරජ ඛල්ලාටනාග Mahawansa Pradeepikawa Director Isura Wickramarachchi
4 352025 King Bhathikabhaya මහරජ භාතිකාභය Mahawansa Pradeepikawa Director Isura Wickramarachchi
5 -TBA King Rajasinghe I පළමුවන රාජසිංහ මහරජතුමා Mahawansa Pradeepikawa Director Isura Wickramarachchi

Editor

#Film NoYearFilm Movie Group RoleDirector
1 172025 King Thulaththana මහරජ ථූලත්ථන Mahawansa Pradeepikawa Editor Isura Wickramarachchi
2 182025 King Lajjithissa මහරජ ලජ්ජිතිස්ස Mahawansa Pradeepikawa Editor Isura Wickramarachchi
3 192025 King Khallatanaga මහරජ ඛල්ලාටනාග Mahawansa Pradeepikawa Editor Isura Wickramarachchi
4 352025 King Bhathikabhaya මහරජ භාතිකාභය Mahawansa Pradeepikawa Editor Isura Wickramarachchi
5 -TBA King Rajasinghe I පළමුවන රාජසිංහ මහරජතුමා Mahawansa Pradeepikawa Editor Isura Wickramarachchi

Narrator

#Film NoYearFilm Movie Group RoleDirector
1 172025 King Thulaththana මහරජ ථූලත්ථන Mahawansa Pradeepikawa Narrator Isura Wickramarachchi
2 182025 King Lajjithissa මහරජ ලජ්ජිතිස්ස Mahawansa Pradeepikawa Narrator Isura Wickramarachchi
3 192025 King Khallatanaga මහරජ ඛල්ලාටනාග Mahawansa Pradeepikawa Narrator Isura Wickramarachchi
4 352025 King Bhathikabhaya මහරජ භාතිකාභය Mahawansa Pradeepikawa Narrator Isura Wickramarachchi

Producer

#Film NoYearFilm Movie Group RoleDirector
1 172025 King Thulaththana මහරජ ථූලත්ථන Mahawansa Pradeepikawa Producer Isura Wickramarachchi
2 182025 King Lajjithissa මහරජ ලජ්ජිතිස්ස Mahawansa Pradeepikawa Producer Isura Wickramarachchi
3 192025 King Khallatanaga මහරජ ඛල්ලාටනාග Mahawansa Pradeepikawa Producer Isura Wickramarachchi
4 352025 King Bhathikabhaya මහරජ භාතිකාභය Mahawansa Pradeepikawa Producer Isura Wickramarachchi
5 -TBA King Rajasinghe I පළමුවන රාජසිංහ මහරජතුමා Mahawansa Pradeepikawa Producer Isura Wickramarachchi

Script

#Film NoYearFilm Movie Group RoleDirector
1 172025 King Thulaththana මහරජ ථූලත්ථන Mahawansa Pradeepikawa Script Isura Wickramarachchi
2 182025 King Lajjithissa මහරජ ලජ්ජිතිස්ස Mahawansa Pradeepikawa Script Isura Wickramarachchi
3 192025 King Khallatanaga මහරජ ඛල්ලාටනාග Mahawansa Pradeepikawa Script Isura Wickramarachchi
4 352025 King Bhathikabhaya මහරජ භාතිකාභය Mahawansa Pradeepikawa Script Isura Wickramarachchi
5 -TBA King Rajasinghe I පළමුවන රාජසිංහ මහරජතුමා Mahawansa Pradeepikawa Script Isura Wickramarachchi