Kusal

Kusal

කුසල්

Colour

Film No: 1272  ·  Released: 22 Feb 2018

58.94% · 1,902 votes
Rate this film

Summary

NameKusal / කුසල්
Film No1272
Released Date22 Feb 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids
CompanyKulneth Media
Main Actor: Thivru Dissanayake Main Actor: Arjuna Kamalanath Main Actress: Amisha Kavindi Producer: Isuru Films Director: Arjuna Kamalanath

Trailer

Description

කුසල් නමැති ළමයකු වටා ගෙතී ඇති අපූරු කතා සංකල්පයකින් සමන්විත කුසල් සිනමාපටය මෙම වසර අගදී තිරයට පැමිණීමට නියමිතය. අර්ජුන කමලනාත් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ මෙහි සුරතල් රිලවකු සහ සුනඛයකු රංගනයේ යෙදීම විශේෂත්වයකි.

තිව්රු දිසානායක කුසල් ලෙස රංගනයේ යෙදෙන කුසල් සිනමාපටයේ අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, අනුර ධර්මසිරිවර්ධන, රජිත හිරාන්, නිරෝෂා තලගල, ඉෂාන් මෙන්ඩිස්, චාමි සේනානායක, අනුර බණ්ඩාර රාජගුරු, ශිරෝමිකා ප්‍රනාන්දු, හේමන්ත ඊරියගම, ප්‍රේමදාස විතානගේ, කුමාරි සේනාරත්න, ලක්ෂ්මන් අමරසේකර, සඳුන් බණ්ඩාර, සරත් සිල්වා, නිමල් සූරියබණ්ඩාර, රාජි මෙන්ඩිස්, ලලිත් පියුම්, සිරි සුසන්ත, සිසිර කුමාරතුංග, අනිල් ජයසිංහ, ගයාන් වීරසිංහ රංගනයේ යෙදෙති. සඳරූ කුමාරසිංහ, සුමීර වින්විත්, කනිෂ්ක හිරුණ, දිල්මින් රණවීර, සෙනුරි නදීශානි, ඉමල්ෂා උවිඳු ළමා නළු නිළියෝය.

කුසල් නිෂ්පාදනය ඉසුරු ෆිල්ම්ස් වෙතිනි. කුල්නෙත් මීඩියා ඉදිරිපත් කිරිමකි. සුරේෂ් කුමාරසිංහ සහ අර්ජුන කමලනාත් කතා සංකල්පය සකසා තිබේ. කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය දිලාන් ගුණවර්ධනගෙනි. චමින්ද කංකානම්ගේ කලා අධ්‍යක්ෂණයකි. සංගීත අධ්‍යක්ෂණය රංග ප්‍රනාන්දුගෙනි. අංග රචනය ධනුෂ්ක හුලංගමුව විසිනි. ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය, සතුන් සම්බන්ධිකරණය සහ මෙහෙයවීම නිෂ්පාදන කටයුතු සැලසුම සුරේෂ් කුමාරසිංහගෙනි.

-sarasaviya

Cast

Crew

Other Crew