Maya (new)

Maya (new)

මායා (නව)

Colour

Film No: 1231  ·  Released: 01 Sep 2016

59.64% · 2,967 votes
Rate this film

Summary

NameMaya (new) / මායා (නව)
Film No1231
Released Date01 Sep 2016
ColorimeterColour
Movie GroupSinhala
CategoryHorror
StudioReal Image Pictures Studios
Main Actor: Pubudu Chaturanga Main Actor: Ranjan Ramanayake Main Actress: Shehara Franciscus Director: Donald Jayantha Producer: R. Shadesh Kumar Producer: Srimathi Sadesh Kumar

Trailer

Description

මායා 2016 සැප්තැම්බර් 01 දා තිරගත කළ සිංහල ත්‍රිමාණ චිත්‍රපටියකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ හෙවත් 3D සිනමාපටය යි. මෙම චිත්‍රපටිය හොල්මන්, ත්‍රාසජනක, ක්‍රියාදාම, විනෝදකාමී සිනමා නිර්මාණයකි. මෙහි අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත වන අතර මෙහි තිර රචනය පුබුදු චතුරංගගේ ය. මායා හි රංගනයෙන් රන්ජන් රාමනායක, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, සොමී රත්නායක, ගිරිරාජ් කෞෂල්‍ය, නිල්මිණී කෝට්ටගොඩ ඇතුළු ප්‍රසිද්ධ නළු නිළි රැසක් දායක වේ. දිවයින පුරා පිහිටි සියලුම ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල දී හා ත්‍රිමාන සිනමාහල් වලදි මෙය අති සාර්ථක ව තිර ගත විය.

මෙහි කතාව දමිළ චිත්‍රපටියක් වූ මුනි 2: කාංචනා හි අනුවර්තනයකි. නමුත් තිර රචනයේ දී කාංචනා පිටපත විවිධ වෙනස් කම් වලට භාජනය කර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා හට ඔබින සේ නිර්මාණය කර ඇත. මෙහි තිර දර්ශන පිටපත පුබුදු චතුරංගගේ වන අතර මෙය ඔහුගේ දෙවන තිර රචනය වේ.මීට පෙරාතුව ඔහු විසින් සාරා හි තිර රචනය ටෙලි නාට්‍යයක් ඇසුරන් පිටපත ලියා සිනමාවට නැගුණ මුල්ම නිර්මාණය ලෙස එය ඉතිහාසයට එක් විය. සම්මානනීය සහාය අධ්‍යක්ෂක වරයෙකු වූ ඩොනල්ඩ් ජයන්ත ගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය යි. ප්‍රවේගය (2015) ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය යි. ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් යුවල විසින් නිෂ්පාදනය කරනු ලැබූ තෙවැනි සිනමාපටය යි. මින් පෙර ඔවුන් නිෂ්පාදනය කළ සුපර් සික්ස් (2012) ලංකාවේ අධික ආදයම් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටිය වූවා. නමුත් එහි වියදම පියවා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබිණ. නැවත ප්‍රවේගය සමඟින් දෙවන නිෂ්පාදනය හා පැමිණි ඔවුන්ගේ පරමාර්ථය සඵල විය. එය එ දිනවල තිබූ රජ චිත්‍රපට රැල්ල ගලවාලීමට සමත් විය. එම චිත්‍රපටිය වර්තා තබමින් සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරිණ.

රන්ජන් රාමනායක මෙහි දී කාන්තා චරිතයක් රඟ දක්වන අතර ඔහු ප්‍රථම වතාවට මෙලෙස කාන්තා චරිතයක් මෙන්ම අසීරු රංගනයකට එක් වූයේ ය. ඔහු ඇතැම් චිත්‍රපට හිදී සුළු සුළු ලෙස ස්ත්‍රී වෙස් ගෙන ඇතැත් මෙලෙස කාන්තාවක් හා සමානව ම රංගනයේ යෙදෙනුයේ ප්‍රථම අවස්ථාවටයි. මින් පෙර විකට යුගලය සමඟ ඇතැම් චිත්‍රපටවල ස්ත්‍රී වෙස් ගෙන ඇත.

මාලන් (පුබුදු චතුරංග) අවුරුදු 25 ක කඩවසම් විනෝදකාමී තරුණයෙකි. ඔහුගේ පියා මිය ගොසින් ය. ඔහුගේ විනෝදාංශය ක්‍රිකට් ය. මවගේ (නිල්මිණි කොට්ටෙගොඩ) දැඩි ආදරය, සෙනෙහස යටතේ තම මිතුරන් සමඟ ප්‍රීතියෙන් ජීවත් වන කෙලිලොල් මාලන් කළුවරට හා හොල්මන්වලට බියගුළු අයෙකි. දිනක් මිතුරන් සමඟ ඔට්ටුවක් අල්ලන මාලන්ට ක්‍රීඩා පිටියක රැයක් තනිව ගත කිරීමට සිදු වේ. ඉතා බියෙන් රැය නිදිවරන ඔහුට ඒ රාත්‍රියේ එහි පැමිණෙන නිර්භීත ශයිනි (ශෙහාරා හේවාදේව) නම් සුරූපි තරුණිය මුණ ගැසේ. දෙදෙනාගේ මිත්‍රභාවය කෙමෙන් ප්‍රේමයක් බවට දළුලා වැඩේ. දෙදෙනාගේ ප්‍රේමය මෙසේ දෙපාර්ශවයේ අනුදැනුම මත ගලාගෙන යද්දී දිනක් මාලන් මිතුරන් සමඟ සුපුරුදු ක්‍රීඩා පිටියට ගිය ද ඇතුලුවීමට අවසර නොලැබෙයි. ඒ බලධාරීන් විසින් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නිර්දේශ කර තිබෙන නිසා ය. කනස්සල්ලට පත්වන මාලන් සහ තම සගයන් පිරිස වෙනත් ක්‍රීඩා පිටියක් සොයා යයි.

ඔවුන් හට වල්බිහි වී ගිය පාළු ක්‍රීඩා පිටියක් හමු විය. මාලන් ඇතුළු පිරිස ක්‍රීඩා පිටිය සුද්ධ පවිත්‍ර කරති. මාලන් සියතින්ම විකට් ඉනි සිටුවන විටම හතර වට කළු කර සුළං හමා එයි. ඉන් බියට පත් වන මාලන් ඇතුළු පිරිස හිස් ලූලූ අත දිව යයි. එහෙත් කලකට ඉහත ක්‍රීඩාපිටියේ වලලා ඇති මිනීවල ආත්මයන් මාලන් සමඟ ඔහුගේ නිවසට පැමිණේ. එතැන් සිට මාලන්ගේ නිවසේ විවිධ අවස්ථාවල අද්භූත බලවේගයන් සැරිසරනු පෙනේ. විටෙක මව ගීතා(නිල්මිණි කොට්ටගොඩ) ද, සොයුරිය නිර්මලා (උපේක්ෂා ස්වර්ණමාලි) ද, අයියා ගාමිණී (ගිරිරාජ් කෞෂල්‍ය) ද බියට පත් වේ. මාලන්ගේ හැසිරීම් රටාවද කෙමෙන් කෙමෙන් වෙනස් වීමකට ලක් වේ. මේ ගැන ඇසීමට සාස්තරකරුවන් හමුවීම සඳහා මාලන්ගේ මවත්, සහෝදරියත් විවිධ වර උත්සාහ දරයි. ඉන් එක් සාස්තරකරුවෙකු කියා සිටියේ නිවසට අද්භූත ඉතා බලගතු ආත්මයක් ඇතුළු වී ඇති බවයි. දිනෙක මේ සඳහා කරන ශාන්තිකර්මයකදී යක්ෂයා සිය සැබෑ ස්වරූපයෙන් පෙනී සිටියේය.

මේ අතර මිනීමරුම් කීපයක් ද සිදු වේ. ඔවුහු සියල්ල මැරයන් වන අතර මිය යන්නේ ද ඉතා අද්භූතජනක අන්දමට ය. මේ අතර දිනක් කෑම මේසයේදී මාලන් හට යක්ෂයන් ආවේශ වේ. යක්ෂ ආත්ම තුනක් මාලන්ට වැසී ඇත. එක් ආත්මයක් ගැහැනියකි. අනෙකා දෙමළ ජාතිකයෙකි. අනෙක් ආත්මය වූයේ මන්ද මානසික ළමයෙකි. මාලන් ආවේශයෙන් එදින තුන් ආවේශයෙන් නිවසේ යකා නටයි. මාලන්ගේ ඥතීන් ඔහුව කැටුව භික්ෂූන් වහන්සේ නමක් හමුවීමට යයි. එහිදී මාලන් ආවේශ වේ. මාලන්ට ආවේශ වන්න් ගැහැනු ආත්මයකි. මේ භික්ෂූන් වහන්සේ බෞද්ධ ක්‍රම වේද මඟින් මාලන්ගේ ශරීරයේ සිටින ආත්මයන් ඉවතට ගනියි. මෙසේ ඉවතට එන ගැහැනු ආත්මය සිය පෙර ආත්මයේ වූ අතීත කතාව දිග හරියි. ඇය නමින් මායා (රන්ජන් රාමනායක) ය. කුඩා කළ පිරිමි දරුවකු ලෙස ඉපදුන ද හෝමෝන ආශ්‍රිත වෙනස් වීමක් නිසා කාන්තාවක් බවට පරිවර්තනය වන මනුස්ස පරාණයකි. ගැහැනු පිරිමි ද්විත්ව ගති ලක්ෂණ දරන මැය ඉතා අහිංසක කරුණාබර හදවතක් ඇති මනුෂ්‍යයෙකි. නමුත් සමාජයේ ආක්‍රෝශ පරිභව සහ නිග්‍රහයන්ට ලක්වන මැය මේ සියල්ල දරාගෙන නොයෙකුත් කම්කටොලු මැද ජීවිකාව ගෙන යයි. සිය නිවෙසින් ද ඇය ව ප්‍රතික්ෂේප කර පාරට ඇද දමා සිටිය දී ඇයට පිහිට වන්නේ ශිවා නම් ද්‍රවිඩ වයසක පුද්ගලයෙකි. ඇය ගැන අනුකම්පාවෙන් මේ කුඩා මායාව දරුකමට ඔහු විසින් හදා ගනී. ඔහුට ද තවත් දරුවකු සිටින අතර ඒ දරුවා මන්ද මානසික දරුවෙකි.

මායා ටිකෙන් ටික වැඩී වයසට පත්වෙද්දී ඇයගේ උත්සාහයෙන් හා උනන්දුවෙන් ඇය කුලී වැඩ කර මුදල් උපයා ගනී. ඒ මුදලින් ඇය හා සමාන හෝමෝන විපර්යාසයකට ලක් වූ පිරිමි දැරියක් හට උසස් අධ්‍යාපනය ලබා දෙයි. ඇය අවසානයේ වෛද්‍යවරියක් ලෙස සමත් වේ. මායාගේ අවසාන සිහිනය කෙසේ හෝ මෙවැනි සමාජ අසාධාරණයට ලක්වන පිරිසට රෝහලක් තැනවීමටයි. ඒ වෙනුවෙන් ඇය ඉඩමක් ද මිලදී ගනියි. මේ ඉඩම හොර ඔප්පුවකින් ඇමතිතුමා විසින් ලියා ගනු ලබයි. ඊට විරෝධය පාන මායා ඇතුළු පවුල ඇමැති විසින් ඝාතනය කර ක්‍රීඩා පිටියේ මලමිනී වලලයි. මේ පාපොච්චාරණය අසා සිටින භික්ෂූන් වහන්සේ මායා ඇතුළු ආත්මයන් බෝතලයකට දමා ගනියි. මාලන්ගේ අතෙහි නූලක් බැඳ වහාම ගොස් එම බෝතලය මුහුදට විසි කරයි.

මාලන් හට මායා අක්කා ගැන සිත් තැවුලක් ඇති වී තම අතෙහි බැඳි පිරිත් නූල ලෙහයි. ඒ වහා ම මුහුදු පත්ලෙහි වූ බෝතලයේ සිර කර සිටි යක්ෂාත්ම ඔහුට ආවේශ වෙයි. එතැන් පටන් ඔවුන් තම පලිගැනීම ආරම්භ කරයි.

- විකි

Cast

Crew

Other Crew