Eheliyagoda Somathilaka

Eheliyagoda Somathilaka

ඇහැළියගොඩ සෝමතිලක

Born 14 February

14 February

60.07% · 1,908 votes
Rate this artist

Summary

NameEheliyagoda Somathilaka
Sinhala Nameඇහැළියගොඩ සෝමතිලක
Born14 February

Biography

ඇහැලියගොඩ සෝමතිලක

දිනක් මම සෝමතිලකයන් සොයා කොට්ටාව දෙසට පිය නැග්ගෙමි. කැදැල්ලක් යැයි සිතා වැරදි තැනක පාද ස්පර්ශය තැබූවකු මෙන් මම වට පිට බැලූවෙමි. බැලූ බැලූ අත විවිධ කලා නිර්මාණයන්ය. සැබවින්ම එය සොඳුරු කලා වැඩබිමක්ය.

එමෙන්ම එය දියණියත්, පුතුන් දෙදෙනාත්, ආදරණීය බිරිඳත් සමඟ ඔහු එකට වසන කැදැල්ලයි. ප්‍රධාන දොර ළඟ තිබූ අපූරු පිළිමයක් දෙස බැල්මක් හෙලා මම පුටුුවකට බර වීමි. ‘ඔය සිංහාවලෝකනයට හදපු එකක්’ මං අසන්නටත් පෙර ඔහු කීවේය. ‘එය කෙතරම් අපූරුද’.

මගේ පළමු පැනය වූයේ මෙම වසරේදී ඔහුගේ දෑත මතට එක ළග එක ලැබුණු සම්මාන පිළිබඳවයි.

පි - ළඟදී පැවැත්වුණු ‘සිග්නිස්’ සම්මාන උළෙලේදී 2008 වර්ෂයේ හොඳම කලා අධ්‍යක්ෂවරයාට හිමි ස්වර්ණ සම්මානය ‘කරුවල ගෙදර’ ටෙලි නාට්‍ය වෙනුවෙනුත්, 2009 වර්ෂයේදී එම සම්මානයම ‘රිදී ඉට්ටංකරය’ ටෙලි නාට්‍ය වෙනුවෙනුත් හිමි වුණා. මීට කලින් සුමති හා රයිගම් සම්මානවලිනුත් පිදුම් ලැබුවා. මේ වසර තුළදී සම්මාන හතරකටත් වැඩියෙන් ලැබුණා.

ප්‍ර - මෙතරම් සම්මාන පිට සම්මාන ලබන්න හේතුව ලෙස ඔබ, ඔබ තුළින් දකින විශේෂත්වය කුමක්ද?

පි - මං නිරතුරුවම තිර පිටපතත් එක්ක ජීවත් වන කෙනෙක්. ඒ දේ අත්‍යවශ්‍යයයි. අනිත් කාරණය තමයි මම මගේ කාර්්‍යය කරද්දී මුල සිට අවසානය දක්වා කැමරාව පිටුපස ඉඳගෙන අදාල කාර්්‍යයන් සිද්ධ කළා. අද ඒ කාර්්‍යය නොකෙරෙන තරම්. එමෙන්ම කිසිදු වෙනස්කමක් නොමැතිව නිර්මාණය වෙනුවෙන් පෙනී සිටීමත් අඛණ්ඩතාවය උපරිමයෙන්ම රැකීීමත් මගේ විශේෂත්වයක් වන්නට ඇති. අධ්‍යක්ෂවරයා ඉල්ලන දේ 100% ක් නෙවෙයි එයට වැඩිය වුණත් දෙන්න කලා අධ්‍යක්ෂවරයා බැඳී ඉන්නවා. මම ඒ දේ නොඅඩුව ලබා දුන්නා.

ප්‍ර - යම් නිර්මාණ කාර්්‍යයකදී තිරය පිටුපස කාර්්‍යයන් කරන අය ගැන ප්‍රේක්ෂකයාට යම් දැනුමක් තිබුණත් කලා අධ්‍යක්ෂවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් ඇත්තේ අඩු දැනුමක්. මොකක්ද එහෙම නම් කලා අධ්‍යක්ෂවරයාගේ භූමිකාව?

අපි මුලින්ම පිටපත බලලා එයට අදාල කාලය තීරණය කරන්න ඕනෑ. ඉන් පසුව ඊට අදාළ වන පරිදි දර්ශන ස්ථාන, පසුතල ආදිය ගලපගන්න ඕනෑ. නළු නිළියන්ගේ ඇඳුම් පැළඳුම්, ආභරණ මෙන්ම අනිකුත් අවශේෂ අංග නිර්මාණය කිරීමත් කාර්්‍යයභාරයක්. එකී අංගවල වර්ණ කාලයට අනුරූපව ගලපා ගැනීමත් ඉතා වැදගත්. එකී සියළු දේ කැමරා රාමුව සඳහා සකස් කිරීමත් අත්‍යවශ්‍යයි. ඒ නිසා අපේ භූමිකාව ඉතා පුළුල් එකක්.

ප්‍ර - ඔබේ කලා ගමනේ ආරම්භය කොයි වගේ එකක්ද?

පි - ඒක වුණේ මෙහෙමයි. මම කොහොමත් ඒ දවස්වල ඉඳන්ම විවිධ නිර්මාණ කරන්න දක්ෂයි. ඒ දිනවල මං නිර්මාණය කරලා තිබ්බා දිග තුවක්කුවක් ලී වලින්. දවසක් දර්ශන තල වගයක් හොයන්න අධ්‍යක්ෂවරයෙක් වෙච්ච ධර්මසිරි කල්දේරා අපේ ගෙදරට ආවා. ඔහු දැක්ක මේ ඇත්ත වගේ තියෙන ලී තුවක්කුව. ඔහු මට කීවා ඒ වගේ 2 ක් නිර්මාණය කරන්න කියලා.

එහෙම කියපු ඔහු ඉදිරි චිත්‍රපටයක රඟපාන්නත් ආරාධනා කළා. ඉතින් මං තුවක්කුත් නිර්මාණය කරලා ආරාධනා කරපු චිත්‍රපටයටත් ගියා. මගේ යම් යම් ක්‍රියාකාරකම් දැකපු අධ්‍යක්ෂක කල්දේරා ඔබට හරි යන්නේ රඟපෑම නෙවෙයි, මෙන්න මේ වැඩේ යැයි පවසලා මට ඒ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක වැඩේ භාර දුන්නා. එතැනින් පටන් ගත්ත වැඩේ තමයි අද දක්වාම කරගෙන ආවේ. ඒ 1976 දීපාංජලී චිත්‍රපටයෙන්.

ප්‍ර - ඔබ එතනින් පටන් ගත්ත ‘කලා අධ්‍යක්ෂක’ වැඩේ පෝෂණය කර ගත්තෙ කොහොමද?

පි - මට උප්පත්තියෙන්ම පුරුද්දක් තිබුණා හමු වන පොඩි පොඩි දේ පවා හොඳින් නිරීක්ෂණය කිරීමේ, ඒ දේවල් ධාරණය කර ගත්තා වගේම හමු වන හැම පින්තූරයක්ම කපලා පොතක ඇලවීමේත් පුරුද්දක් තිබුණා. අනික මම නිතරම පොත පත පරිශීලනය කරන කෙනෙක්. ඒක අතිශය වැදගත් මේ ශිල්පය කරන කොට. අනිත් කාරණය යමක කාල නිර්ණය කිරීමේ හොඳ හැකියාවක් මං හදා ගත්තා.

සරල උදාහරණයක් කිව්වොත් වාහනයක නොම්මරය බලා කුමන කාලයට අයත්දැයි කීම වගේ. ඒ දේවල් මං නොඅඩුවම නිර්මාණවලට පාවිච්චි කළා. අනික මං 1984 සිට පුරා අවුරුදු 20 ක් රූපවාහිනී සංස්ථාවේ සේවය කළා. ඒක මං ලබපු ලොකු පන්නරයක්.

ප්‍ර - පසුතල, ඇඳුම් ආයිත්තම් ආදිය තේරීමේදී අධ්‍යක්ෂවරයාත්, කලා අධ්‍යක්ෂවරයාත්, කැමරා අධ්‍යක්ෂවරයාත් අතර ඝට්ටනයක් ඇති වන්නේ නැද්ද?

පි - බොහෝ දුරට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් වෙන්නෙ සුදුසු දේ නුසුදුසු විදිහට තිබුණොත්. සෑම දෙයක්ම සොයා බලා සම්පූර්ණ කිරීම තුළින් මේ ප්‍රශ්න මග හරවන්න පුළුවන්.

ප්‍ර - කලා අධ්‍යක්ෂවරයා සජීවීව දකින දේ හා නිර්මාණයේ අවසාන නිමැවුමේදී දකින දේ අතර වෙනසක් අපේක්ෂාවෙන්ද ඉන්නේ?

පි - මූලික වශයෙන්ම වර්ණ භාවිතයේදී තමයි ඔහොම ප්‍රශ්න ඇතිවෙන්නේ. මොකද අපිට ඇහැට පෙනෙන වර්ණ නෙවෙයි බොහෝ වෙලාවට Video මාධ්‍යයෙන් අපට පෙනෙන්නේ. එතැන වෙනසක් තිබෙනවාමයි. නමුත් Cine මාධ්‍යයේදී අපිට ඕක වෙනසක් කර ගන්න අවකාශ තියෙනවා. මේ දේ මං අත්දැකීමෙන් දන්න නිසා මට ඒක ගැටළුවක් නෙවෙයි. මං බලාපොරොත්තු වන වර්ණය හැඩය එනවාමයි.

ප්‍ර - ‘සිංහාවලෝකනය’ හා ‘රකුන්සැරය’ කියන චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහා ඔබගේ භූ®මිකාව අපූරුවට මෙහෙයවා තිබෙනවා. ඒ සඳහා ඔබේ දායකත්වය කොයි වගේද?

පි - සිංහාවලෝකනය චිත්‍රපටය ක්‍රිකට් ගැන හැදුණු 1948 වසර හා 2010 වසර අතර දෝලනය වන කථාවක්. එතැනදි ඒ වසර දෙකෙහි වෙනස අපි හොඳටම මතු කළා. එහි රඟපෑ සුදු ජාතිකයන්ගේ ඇඳුම් ආයිත්ත මෙන්ම දේශීය තරුණයන්ගේ ඇඳුම් ගැන මෙන්ම ක්‍රිකට් ආම්පන්න ගැනත් මං අධ්‍යනය කළා. මං ඒ සඳහා අන්තර් ජාලයත් භාවිත කළා.

මේ නිර්මාණයට කාටවත් බොරු කරන්න බෑ. මොකද ක්‍රිකට් කියන දේ හැමෝම දන්නවා. රකුන්සැරයදි නම් මට මහාවංශය අධ්‍යනය කරන්න වුණා. විජය කුමාරයාගේ ඉඳලා රාජසිංහ රජ්ජුරුවෝ දක්වා වෙනස අපි දැනගන්න ඕනෑ. මේවාට අපි දුන් දායකත්වය ඉදිරියේදී දකින්න පුළුවන්.

ප්‍ර - ඔබේ දායකත්වය ලැබුණු නිර්මාණයන් ගැනත් අපි මතක් කරමු?

පි - මං චිත්‍රපට 48 ක ටෙලි නාට්‍ය 35 ක වගේම ඒකාංගික ටෙලි නාට්‍ය 150 ක පමණ කලා අධ්‍යක්ෂවරයා වෙලා තියෙනවා. ඒ අතර වේදිකා නාට්‍යයක් තිබෙනවා. ගජමන් නෝනා, මනෝකාය, ඉංගම්මාරුව, උතුරු කුරු සටන, කරුවල ගෙදර වගේ නාට්‍ය මට විශේෂයි. මුවන්පැලැස්ස, මොණරතැන්න ධ්ධ්, සඳකඩ පහන වගේ චිත්‍රපටවලටත් මගේ දායකත්වය ලැබුණා.

ප්‍ර - වසර 30 කටත් වැඩි නිර්මාණ ජීවිතයේ රසවත් සිදුවීම් හා අභියෝග එමට ඇති නේද?

පි - එක් රසවත් සිදුවීමක් තමා ඇත්ත මෝටර් රථයක් දිහා බලාගෙන මං කරපු කඩදාසි පල්ප් මෝටර් රථයකට විජය කුමාරතුංගත් රැටවුණු හැටි. ඇත්ත මෝටර් රථය මොකක්ද කියලා කියන්න ඈත ඉඳන් ඔවුන් වාද කරපු හැටි මට තාම මතකයි. අභියෝග අතින් ගත්තොත් ඉංගම්මාරුව, ගජමන් නෝනා, මනෝකාය වගේ දේවල් විශේෂයි. මොකද සාමාන්‍යයෙන් අපි දකින දේට වඩා එහා ගිය දෙයක් ඒ සඳහා මට කරන්න වෙච්ච නිසා.

ඉංගම්මාරුවේ මුඩුක්කු පැල්පත් අපි හැදුවේ යටට රෝද සවි කරලා. ඒවා ජංගම ගෙවල් වගේ. ඒ වගේම රකුන්සැරයත් මතක් කරන්න ඕනේ. ඒක මට ලැබුණු ලොකුම අභියෝග යැයි කියන්න පුළුවන්. විජය කුමාරයාගේ සිට රාජසිංහ රජු දක්වා කලා නිර්මාණය කිරිල්ල ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නැහැ.

ප්‍ර - අවසානයක් ලෙස අපට කියන්න මෙතුවක් කාලෙකට ඔබට හමු වුණු තෘප්තිමත්ම නිර්මාණය මොකක්ද?

අනිවාර්යයෙන්ම මං කියන්න ඕනේ ටෙලි නාට්‍යයක් හැටියට ‘රකුන්සැරය’ ඉතාම තෘප්තිමත්. චිත්‍රපටයක් හැටියට ‘සිංහාවලෝකනය’ ගැන මම ඉතාම තෘප්තිමක්. මොකද කියනවා නම් ඒ නිර්මාණ දෙකම මට අභියෝගයක් වෙච්ච නිසා.

සටහන හා ඡායාරූප - ෂෙනාල් ජයසේකර

As a Crew

Art Director

#Film NoYearFilm RoleDirector
1 4691981 Sathara Peranimithi සතර පෙර නිමිති Art Director Sunil Ariyaratne
2 8231996 Bawa Sasara භව සසර Art Director Mario Jayathunga
3 11282011 Sinhawalokanaya සිංහාවලෝකනය Art Director Suneth Malinga Lokuhewa
4 12312016 Maya (new) මායා (නව) Art Director Donald Jayantha
5 13402021 Ginimal Pokuru ගිනිමල් පොකුරු Art Director Udayakantha Warnasuriya
6 13502022 The Game ද ගේම් Art Director Suranga De Alwis
7 13982024 Ridee Seenu රිදී සීනු Art Director Udayakantha Warnasuriya
8 14122024 Gini Avi Saha Gini Keli 2 ගිනි අවි සහ ගිනිකෙළි 2 Art Director Udayakantha Warnasuriya
9 14642026 Room No 106 Art Director Suranga De Alwis

Assistant Director

#Film NoYearFilm RoleDirector
1 4691981 Sathara Peranimithi සතර පෙර නිමිති Assistant Director Sunil Ariyaratne

Upcoming Films

#Film RoleDirector
1 Doni Amaya දෝනි අමායා Art Director Keerthi Bandara
2 Kondadeniye Hamuduruwo කොන්ඩදෙනියේ හාමුදුරුවෝ Art Director Siritunga Perera
3 Surangana Lowin Awilla සුරංගනා ලොවින් ඇවිල්ලා Art Director Suneth Malinga Lokuhewa
4 Surangana Lowin Awilla සුරංගනා ලොවින් ඇවිල්ලා Costume Suneth Malinga Lokuhewa