02 Nov 2022 - news

නිම නොවන කතාවක් "නිමි"

All News →
නිම නොවන කතාවක් "නිමි"
නිම නොවන කතාවක් "නිමි"

දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක ගුරු වෘත්තියෙහි නියැළෙන තරුණ ගුරුවරයකු හා ඔහුට අහඹු ලෙස මුණ ගැසෙන යොවුන් රූමතියක් වටා ගෙතී ඇති ‘නිමි’ චිත්‍රපටය තුළින් දැන හෝ නොදැන මං මුළාව අයාලේ ගිය ජීවිත අතරමඟ දී යළිඳු මුණ ගැසෙනු ඇත යන පණිවිඩය ප්‍රේක්ෂකයාට ලබා දීමට උත්සාහ දරා ඇත.

‘නිමි’ රංගනයෙන් රොෂාන් රණවන , රශිපබා සංදීපනී, කාවිංග පෙරේරා, ගයාත්‍රී ඩයස්, කිංස්ලි ලෝස්, සංජීව වික්‍රමසිංහ, ගංගු රොෂානා, ලලිත් ජයසිංහ, අදීශ හේරත්, ෂෙහාරා තිලකරත්න, හසිත සංජය, මලිති නානායක්කාර, නුරාද තේජාන්, මහේෂ් නානායක්කාර ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් දායකව ඇත.

කැමරා අධ්‍යක්ෂණයෙන් ගයාන් ශානක මුහන්දිරම්, සහය අධ්‍යක්ෂණයෙන් චලිත් මනුරංග, ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය, 5.1 ශබ්ද මිශ්‍රණයෙන් හා සංස්කරණයෙන් තනුෂ්ක කහඳවල, අංග රචනයෙන් ආසිරි චතුරංග සමඟින් මල්ෂා නානායක්කාර, කලා අධ්‍යක්ෂණයෙන් චමිර ජාලිය පෙරේරා ද, නිශ්චල ඡායාරූපකරණයෙන් ගයන්ත නදීශාන්, සංගීත අධ්‍යක්ෂණයෙන් මධුරංග ගමගේ සමඟින් නෙල්කා තිළිණි ද, ගී තනු නිර්මාණයෙන් කසුන් කල්හාර ජයවර්ධන සහ මධුරංග ගමගේ ද, ගීත ගායනයෙන් නිරාශා ටී. ඒකනායක සහ නෙල්කා තිළිණි දායකව ඇත. ගීත රචනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය ඉසුරු වීරසිංහ මුදලිගෙනි.

‘නිමි’ ප්ලේන්ටි පික්චර්ස් ඉදිරිපත් කිරීමකි.