Nihanda Sewaneli

Nihanda Sewaneli

නිහඬ සෙවණැලි

Colour

Film No: 1339  ·  Released: 11 Nov 2021

58.57% · 1,832 votes
Rate this film

Summary

NameNihanda Sewaneli / නිහඬ සෙවණැලි
Film No1339
Released Date11 Nov 2021
ColorimeterColour
Movie GroupSinhala
CategoryHorror
Main Actor: Pubudu Chaturanga Main Actor: Roshan Ranawana Producer: Janaka Ranchagoda Director: Sunil Premarathna

Trailer

Description

මෙරට සිනමාව තුළ හොල්මන් චිත්‍රපට එහෙමත් නැත්නම් horror ගණයේ චිත්‍රපට නිර්මාණය කිරීමේ අඩු ප්‍රවණතාවයකුයි තියෙන්නේ. සමහර නිර්මාණකරුවන් කියන්නේ ඒ වගේ සිනමාපට කරලා පවුල් පිටින් සෙනඟ ගෙන්වන්න අමාරුයි කියලා. හැබැයි චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්න කියන්නේ ඊට වෙනස් කතාවක්. ඔහු සිය තෙවැනි සිනමා නිර්මාණය ලෙස ඔබ වෙත ගෙන එන්නේ horror ගණයේ චිත්‍රපටයක්. ඒකෙ නම නිහඬ සෙවණැලි. ඒ පිළිබඳ කතා කරන්න සුනිල් සරසවිය හා සම්බන්ධ වුණා.

ආයුබෝවන් ඔබට?

එසේම පතනවා.

නිහඬ සෙවණැලි වගේ නිර්මාණයක් කරන්න හිතුණේ?

මගෙ පළමු චිත්‍රපටය ටවුමෙ ඉස්කෝලේ. ඒක ළමා චිත්‍රපටයක්. දෙවැන්න වැලි පවුරු. මම ඒක හැදුවේ පවුලේ සැමට. මට හිතුණා ඊළඟ චිත්‍රපටය තාරුණ්‍යය වෙනුවෙන් කරන්න. එහෙම හිතාගෙනයි නිහඬ සෙවණැලි නිර්මාණය කෙරුවේ.

ප්‍රේක්ෂකයෝ මේ horror ගණයේ චිත්‍රපටය කොහොම පිළිගනීවිද?

ඉස්සර නම් මේ වගේ චිත්‍රපටයක් පවුලේ සියලු දෙනාම ඇවිත් නැරඹීමේ ප්‍රවණතාවයක් තිබුණේ නැහැ. හැබැයි දැන් කාලයත් සමඟ මිනිස් සිතුවිලි වෙනස් වෙනවනේ. අන්තර්ජාලය පරිශීලනය කරන ළමයින් මම දැකලා තියෙනවා ඔය වගේ චිත්‍රපට ඕනෑතරම් බලනව. අපේ ප්‍රේක්ෂකාගාරය විවිධයිනේ. ඇතැම් විට අපි හිතනවාටත් වඩා ලොකු ප්‍රේක්ෂක කණ්ඩායමක් චිත්‍රපටය නරඹාවි.

ආයෙත් කොරෝනා වසංගතය හිස එසෙව්වා නේද?

මේ ෆිල්ම් එක ලයින්අප් කරලා තිබුණේ නොවැම්බර් වල පෙන්නන්න. නමුත් මේ කොරෝනා නිසා කල් දාන්න සිද්ධ වුණා. පාස්කු ප්‍රහාරයෙන් පසු යාන්තම් හිස ඔසවාගෙන එද්දි කොරෝනා ආවා. ඒක අඩු වෙද්දි ආයෙත් ඉස්මතු වුණානේ. මේක ක්ෂේත්‍රයේ අපිට මරු පහරක්.

නිහඬ සෙවණැලි රූපගත කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

ලොකේෂන් හොයා ගැනිල්ල තමයි අමාරු වුණේ. මට පරණ වලව්වක් ඕනේ වුණා. ගෝනපළ පැත්තෙන් හිතපු විදිහටම තැනක් ලැබුණා. ඒකේ ඇතුළේ බෝඩ් එකක ගහලා තිබුණා "ඔබ කොයි මොහොතකවත් තනිව ඉන්න එපා" කියලා. ඒක දැක්කාම ඕන කෙනෙකුට පොඩි තිගැස්මක් ඇති වෙනවනේ. ඒ වලව්වේ කෙනෙක් එල්ලිලා නැතිවෙලා තියෙනවා. ගම්මු කියනවා ඇත්තටම හොල්මන් තියෙනවා කියලත්. එක දවසක් රෑ දොළහටත් අපි ෂූටිං. හොඳට තිබුණු ආරුක්කුවක් දඩස් ගාලා කඩාගෙන වැටුණා හරියට අපිට යන්න කියනවා වගේ. මේවා තමයි අමතක නොවන අත්දැකීම්වලට කියන්න පුළුවන්.

නිහඬ සෙවණැලි රංගනයෙන් හැඩ කරන්නේ?

පුබුදු චතුරංග, රොෂාන් රණවන, කුමාර තිරිමාදුර, මීනා කුමාරි, තාරුකා වන්නිආරච්චි, මාෂි සිරිවර්ධන, ධනංජි තාරුකා, හරිත් වාසල, සරත් චන්ද්‍රසිරි, අජිත් වීරසිංහ, කුමාර වඳුරැස්ස, සඳුන් බණ්ඩාර, යොහානි හංසිකා.

නිෂ්පාදන පිරිවර?

නිෂ්පාදනය ජානක රංචාගොඩ, තිරරචනය මම සහ හරිත් වාසල, කැමරා අධ්‍යක්ෂණය කේ. ඩී. දයානන්ද සමඟ මහේෂ් කරුණාරත්න, අංග රචනය තරංග රුක්මල්වල සහ ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණය කීර්ති ඩී. රාහුබද්ධ සහ උපාලි උදයසිරි, සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක, නිෂ්පාදන කළමනාකරු වසන්ත නිතුල්ගහමුදුන, සංගීත අධ්‍යක්ෂණය දර්ශන වික්‍රමතුංග, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, සංස්කරණය අනුර බණ්ඩාර, ගී පද රචනය බණ්ඩාර ඇහැළියගොඩ සහ හරිත් වාසල , ශබ්ද ආරෝපණය 5. 1 සුසන්ත ධර්මප්‍රිය, ශබ්ද පරිපාලනය සහන් කුමාරතුංග, ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩි සහ මිහිඳු ආරියරත්න, නිශ්චල ඡායාරූප උපුල් නිශාන්ත.

Cast

Crew

Other Crew