Paada Yathraa

Paada Yathraa

පාද යාත්‍රා

Colour Yet to be released

Yet to be released

58.91% · 1,684 votes
Rate this film

Summary

NamePaada Yathraa / පාද යාත්‍රා
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama

Description

නිකිණි වැස්ස චිත්‍රපටය තනා කීර්තියට පත් තරුණ සිනමාකරු අරුණ ජයවර්ධනගේ තිර නාටකයක් අනුව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැරසෙයි.

තහනම් ගහ, අරගලය, ඉන්ද්‍රඛීලය ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළ ක්‍රිෂ්ටි ෂෙල්්ටන් ප්‍රනාන්දු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනුයේ පහළොස් වසරකට පසුවය. ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේන එහි සම්බන්ධිකරණයෙන් දායක වන්නීය. එහි මූලික වැඩකටයුතු ඉකුත් දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණ. එය නම් කොට ඇත්තේ පාද යාත්‍රා නමිනි.

ක්ලීටස් මෙන්ඩිස්, සනත් ගුණතිලක, ශ්‍රියානි අමරසේන, සෙනාලි ෆොන්සේකා, සාරංග දිසාසේකර, පබෝදා සංදීපනී, රොෂාන් පිලපිටිය, සඳුන් විජේසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, උදාරි පෙරේරා, දිනෙත් ද සිල්වා, ලිලානි පෙරේරා, සෝමසිරි කොළඹගේ, ඉන්දික ධර්මතිලක ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති.

කුමාර ද සිල්වාගේ කතා සංකල්පයකට අනුව අරුණ ජයවර්ධන තිරපිටපත සැකසූ පාද යාත්‍රා සිනමාපටයේ නිෂ්පාදනය ලිලානි පෙරේරා, ක්‍රිෂාන් ගුණසේකර, නිරංජලා සරෝජිනිගෙනි.

අජිත් ලොකුගේ පළමු සහාය අධ්‍යක්ෂවරයාය. චමින්ද හේවාවසම් දෙවැනි සහාය අධ්‍යක්ෂවරයාය. අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරයාය. ඉන්දික උදාර ලංකා අංග රචනා ශිල්පියාය. සුනෙත් නන්දලාල්්ගේ කලා අධ්‍යක්ෂණයකි. බණ්ඩාර ඇහැලියගොඩ සහ වසන්ත කුමාර කොබවක ගී පද රචනයෙන් දායක වේ. නිරෝෂා විරාජිනි සමඟ නෙලූ අධිකාරී ගීත ගායනයෙන් පාද යාත්‍රා හැඩ කරති. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය.

Cast

Crew

Other Crew