Sandun Wijesiri

Sandun Wijesiri

සඳුන් විජේසිරි

Born 2 September

2 September

59.85% · 1,926 votes
Rate this artist

Summary

NameSandun Wijesiri
Sinhala Nameසඳුන් විජේසිරි
Born2 September

Biography

සම්පූර්ණ නම – වීරතුංග ගේ සඳුන් විජේසිරි

උපන් දිනය – 1943 සැප්තැම්බර් 02

උපන් ගම – මහනුවර, පිළිමතලාව

පියා - වීරතුංගගේ දාවිත් විජේසිරි

මව - සුබසිංහ ආරච්චිලාගේ කැරලයින් පෙරේරා

බිරිඳ - ශ්‍රියාවති විජේසිරි

පුතා - දමිත සඳුන් විජේසිරි

දුව - මහේෂිකා ජීවනී මාපා

ටකරන් මඩුව අටවා තිබුණේ සඳුන්ගේ නිවසට තරමක් නුදුරිනි. ගුරු පාර දිගේ මඳක් දුර ගෙවූ කල හමුවන හිස් ඉඩම ආක්‍රමණය කොට තිබුණේ මෙම ටකරන් මඩුවෙනි. හැන්දෑ ජාමයට ගම්මුන් රොද බඳන මඩුවේ සිත් ඇඳ ගන්නා බයිස්කෝප් පෙන්වූයේය. සඳුන් දඟකාර කොලු ගැටයෙක් වී නමුත් හේ උගැන්මෙහි දක්ෂ වීය. සෙල්ලමට දිවූ සඳුන්ගේ හිත දැන් දැන් ඇදෙන්නේ ටකරන් මඩුවේ ‘ටීටර්’ නැරඹීමටය. යකඩ කටින් කෙරෙන ප්‍රචාරය උණුසුම් හැඟීම් ජනිත කළේය.

දවසේ හිරු අවරට ගොස් සැන්දෑ ජාමයට සඳුන් ප්‍රියකළේ පවුලේ සංගීත සාදය නිසාය.

තාත්තාත් පුංචි අයියාත් ඔහුගේ මේ සෞන්දර්යාත්මක ලෝකයේ නියමුවන්ය. මේ දෙදෙනා නැති ටීටර් මඩුවක් සොයාගත නොහැකි තරම්ය. නිසඟ කුසලතාවන්ට පණ පෙවූ ඔවුහු සිහිකරන සඳුන් මේ වනවිට සිය කලා ජීවිතයේ 50 වැනි කඩඉම පසු කළෙකි.

හේ වියපත් ය. එහෙත් හදවතින් තරුණය. සය දෙනෙකුගෙන් යුත් පවුලේ ඔහු පස් වැන්නායි. පියාගේ රැකියාව නිසා කිරුළපන බලපොකුණට පදිංචිය වෙනස් කිරීමෙන් සඳුන්ට මූලික අධ්‍යාපනය ලබන්නට සිදුවන්නේ කාන්තා විදුහලකිනි. නුගේගොඩ අනුලා විද්‍යාලය හා ශ්‍රී ලංකාධාර යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ ඔහු සරසවි ප්‍රවිෂ්ටය ලබන්නේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඒ 60 දශකයයි.

ඒ යහමින් ටීටර් රසිකයන් විසිරී ගිය යුගයයි. එහෙත් රටපුරා ජනප්‍රිය ටීටරයක නළුවකු වේ යැයි සිතන්නට සඳුන් පසු බෑවේය. එසේ වීමුත් වාසනා මහිමය ඔහු හඹාවිත් නැවතුණේ ‘අශෝක මාලා’ හා ‘කුඩු කෑ විත්තිය’ සමඟිනි. එවක හිටපු විභාග කොමසාරිස්වරයකු වූ කනගරත්න ගුණතුංග මහතා මෙම නාට්‍ය නිෂ්පාදනය කළේය. තමන් ලැබූ ඇරයුම මහත් හරසරින් පිළිගත් භද්‍ර යෞවනයා අශෝක මාලාහි තිස්ස කුමාරයාගේ චරිතයට පණ පොවමින් කරළිය ආක්‍රමණය කළේය. ලුම්බිණි රඟහල පේ‍්‍රක්ෂකාගාරය තුළ එදා අතුරු, සිදුරු තිබුණේ නැත.

එම අශෝක මාලා පිළිබඳ අදත් කතිකා කිරීමට අපට ඉඩ සලස්වනවා යැයි කීම යුක්ති යුක්තය. හැදූ වැඩූ මවුපියන්ට බරක් නොවී රැකියාවකට යාම යුතු යැයි සඳුන්ගේ හිත තුළ මෝරා ආ සිතුවිල්ලෙකි. 1962 වර්ෂය සඳුන්ට පිළිගන්නට සූදානම් වූයේ නිකම්ම නිකම් සඳුන් විජේසිරි ලෙස නොව මහජන බැංකුවේ බැංකුකරුවකු ලෙසය. ඒ වනවිටත් සරසවි ප්‍රවිෂ්ටය ලද ඔහු රැකියාවත්, කලාවත් උපාධියත් සමබරව කරගෙන ගියේය.

පේරාදෙණි සරසවියෙන් සිංහල, බටහිර ඉතිහාසය හා අර්ථ ශාස්ත්‍රය පිළිබඳ හැදෑරූවේය. 1963 දී ශ්‍රී ලංකා මහ බැංකුවට සේවා ස්ථානයේ වෙනසක් කළ ඔහු ඉන් සමුගන්නා විට ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයෙකි. තවත් අවුරුදු 2 ක් ඉතිරිව තිබිය දී එම ක්ෂේත්‍රයෙන් ස්වේච්ඡාවෙන් සමුගත් සහකාර අධ්‍යක්ෂවරයා වසර 40 ක සේවා කාලයක් නිමාකොට තිබිණි. ඒකාලවකවානුව තුළ එකදු පඩි රහිත නිවාඩුවක් නොගෙන සිය කලාකාමී ජීවිතය පවත්වාගන යන්නට හේ සමත්වීය. එනිසාම ඔහු බැංකුකරුවකු යන්නට වඩා කලාකරුවකු ලෙස ලෝකය ඉදිරියට එන්නට කැමැත්තක් දක්වන්නෙකි.

ලුෂන් බුලත්සිංහල පංතියේදී එකට අකුර කළ ගජ මිතුරෙකි. සඳුන්ගේ නාට්‍ය ජීවිතයේ පුනරුදයකට රැගෙන යන්නට ලූෂන් ගේ ‘නොනිවෙන ගිනි’ සමත්වීය. ඊට අමතරව, දයානන්ද ගුණවර්ධන, පේ‍්‍රමරංජිත් තිලකරත්න, සුදත් සමරකෝන්, සුගතපාල ද සිල්වා, දයා වයමන් වැනි ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවන්ගේ නාට්‍ය සඳහා දායකවීමට මෙම කලාකරුවා පිංකර තිබුණේය.

එසේම යකඩමල, වෙල්ලස්සේ වෙඩි හඬ, පොකුරුවැස්ස, සමුද්‍රදේවි වැනි වේදිකා නාට්‍ය 100 ක පමණ රංගන දායකත්වය ලබා දුන්නෙකි. සිය කලාකාමී ජීවිතයේ දී ලත් අමතක නොවන සිදුවීම් අතර අතරමං වන්නට හේ කැමැත්තක් දක්වන්නේ ඇතැම්විට ඒවා ජීවිතයත් මරණයත් අතර සටහන් වූ හෙයිනි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ පොකුරු වැස්ස ඔහුගේ මතකයේ ගැඹුරු තැනෙක රැඳෙන්නේ එහෙයිනි.

වරක් පොකුරු වැස්ස දර්ශනයකට සහභාගි වෙමින් සිටියදී ඒ අසල පිහිටි අඩි 50 ක් පමණ උස දිය ඇල්ලක මුදුනකටම හේ නැග ගත්තේය. නොසිතූ පරිදි ඇල්ලෙන් පහළට ඇදී යන සඳුන් අතට අසුවූ අසුවූ සෑම දෙයකින්ම අල්ලා ගන්නට වෑයම් කළේය. අවසානයේ ගසක අත්තක එල්ලී සිය පණ බේරා ගත්තේය. අසාධාරණය අයුක්තිය නොඉවසන්නෙක් වූ මේ කලාකාමියා හැකි සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් නැඟී සිටියේය.

ඔහුට අනුව, 60, 70 දශකයේ පැවැති ගුණාත්මක නිර්මාණ වෙනුවට අද කළ එළි බසින බොහෝ නිර්මාණ අවර ගණයේ ඒවාය. ජීවිතය නැමැති තක්සලාවෙන් පාඩම් නොගත් පොතපත පරිශීලනය නොකළ වුන්ගේ මෙවැනි නිර්මාණ තුළ සාකච්ඡා නොවිය යුතු අසභ්‍ය දේ දැක්ක හැකිය. ඒවාට අවසානයේ සම්මාන ලැබීමත් ක්ෂේත්‍රයට හිතකර නොවෙයි.

කලාකරුවන්ගේ පරමාර්ථය විය යුත්තේ හුදෙක් ජන විඥානය තිබෙන තැනින් උසස් තැනකට රැගෙන යාමයි. එහිදී නිර්මාණකරුවා තමන් තුළ යම්කිසි ස්වයං වාරණයකට නතුවිය යුතු බව ඔහු අදහස් කරයි.

කැපවීම, විනය, ආදී ගුණාංග සිය චරිත ස්වභාවයන් කොට ගත් සඳුන් කලට වේලාවට වැඩ කිරීමත් මනා කළමනාකරණයක් උගත්තේ සිය පියාගෙනි. වරක් සමුද්‍රදේවි නාට්‍යයේ දිගුදඅරාජෝ නම් පෘතුග්‍රීසි චරිතය සඳහා අවශ්‍ය බස හසුරුවාලන අයුරු උගැන්මට හේ මහාචාර්ය එම්. එච්. ගුණතිලකයන් සොයා ගියේය. අප්‍රිකාවේ පවා ඔහු ගැයූ ඇතැම් නාට්‍ය ගීත ජනප්‍රියය. අබේවර්ධන බාලසූරිය මහතා විසින් මෙහෙයවනු ලැබූ ‘නන්දන වින්දන’ වැඩසටහනට ඔහු එම ජනප්‍රිය ගීය ගායනා කළේය.

“ගෝවේ ගෑණු පරාදයි

රූපේ මහද පිනායයි”

රූපවාහිනිය ඔස්සේ මේ ගීතය ඇසූවන් පසුදා මාලඹේ හංදිය දෙවනත් කරමින් නටමින් විනෝද වූ බවට ආරංචි පැතිර ගියේය. එය අදටත් එකසේ ජනප්‍රිය ගීතයක් බව සැබෑවකි.

පුංචි තිරයද ආක්‍රමණය කල මේ අපූරු කලාකාමියා මේ වනවිට ටෙලි නිර්මාණ සියයකට පමණ දායක වී ඇත්තෙකි. සමනලී, හංස තොටුපල, නුවන්ගනා, හදපාන, ඔතෙලෝ, වැනීසියේ වෙළෙන්දා, මුහුණු දෙකක්, ආනන්ද ජවනිකා, වැනි නාට්‍යවල ඔහු රඟපෑවේය. සඳුන් විජේසිරි මේ දිනවල අලුපාට හීන, ඉතිං අවසරයි, රාවණා අඩවිය, ආදරණීය පුර්ණිමා, අම්මයි දූලයි, සිහින සිතුවම්, තරු කඳුල, පිිනිබර යාමය වැනි නාට්‍ය රැසක රංගන දායකත්වය සපයයි.

මේ හැරුණු කොට ගුවන් විදුලි නාට්‍ය වන ‘වසුන්දරා’ වීදිය බණ්ඩාර කෙරෙන් අපට හමුවන ඔහු හඬ කැවීම් ශිල්පියකු ලෙස ද අප අතරට පැමිණෙන්නෙකි. සැඩොල් කඳුළු කෙරෙන් රිදී තිරයට පා තබමින් චිත්‍රපට 35 කට පමණ ඔහු පණ පෙවුවේය. ජූලියා, ධවලපවුර, රෝමියෝ ජූලියට්, මිරිඟු යාත්‍රාව ඒ අතරින් කිහිපයකි. වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක සේ ග්‍රහණය කළත් ඔහු වේදිකාවට වඩාත් ළෙංගතුය. ඉන් ලැබූ පන්නරය, විනය, ශික්ෂණය තවත් ක්ෂේත්‍රයකින් ලැබිය නොහැකි බව විශ්වාස කරයි.

රංගනය හැරුණු කොට ගත්කතුවරයකුª ලෙස ද මේ අපූරු කලාකරුවා පාඨකයන් අතරට පැමිණිනෙන්නෙකි. සිය ප්‍රථම කෙටි කතාව ‘පූජිත පාද” නමින් 1915 දී ප්‍රකාශයට පත්කරන ඔහු මහ නගරය, හිරු නොදුටු නර්තනය වැනි පරිවර්තන සහිත කෙටි කතාවන් ද රචනා කළේය.

ඔහු සිය කාව්‍යාලෝකයට පණ පොවන්නේ සුපුෂ්පිත ‘අරණක ගෙතූ පදවැල්’ මැයෙන් කළ කාව්‍ය ග්‍රන්ථයෙනි. දශක ගණනාවක ඔහුගේ බැංකු සේවය හා කලාකාමී ජීවිතය උදෙසා 2000 වර්ෂයේ දී මෙඩිසිනා ඕල්ටර්නෙටිවා ආයතනයෙන් ආචාර්ය උපාධිය පිරිනැමිණි. 2009 වසරේදී සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු 2008 වසරේදී මල්වතු පාර්ශ්වයෙන් සාහිත්‍ය කලා විභූෂණ දේශබන්ධු ලංකාපූත්‍ර සම්මානයෙන්ද පිදුම් ලැබීය.

විචක්ෂණ බුද්ධිය විදහලමින් කරළියෙහි රංග කාර්යය දෙස බලන මෙම රංගනවේදියා තරුණ පරපුරට හුදු ආදර්ශ පාඨයක් යැයි කීම යුක්ති සහගතය. කලාව පිළිබඳ දාර්ශනික මත අගයන ඔහු සර්වපල්ලි රාම ක්‍රිෂ්ණන් ගේ උධෘතයක් ගෙනහැර දක්වයි.

මිනිසුන් තුළ පහත් හැඟීම් ජනනය කිරීම පහසුයි. එහෙත් උසස් හැඟීම් ජනිත කිරීම අපහසුයි.”

මෙය නව නිර්මාපකයන්ට කදිම ඔවදනක් වන අතර සිය කලාකාමී දිවියේ අත්දුටු ගුණාංග තුළ කලාව ඔහු දකින්නේ භාවනාවක් සේය. පේ‍්‍රක්ෂකයාට බලෙන් යමක් එබ්බවීම නොව ගැලපෙන දේ දීම සමාජ කාර්යය වන බව ඇදහූ මෙම රංගන ශිල්පය දශක පහක් පුරා පණ පෙවූ චරිතාංගයන්ගෙන් ඒ බව සාධනය කළේය.

නිලූකා ඩී. තිලකරත්න

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1591967 Sadol Kandulu සැඩොල් කඳුළු Actor Regie Perera
2 2051969 Romeo Juliet Kathawak රෝමියෝ ජුලියට් කතාවක් Actor G.D.L. Perera
3 2751974 Sureka සුරේඛා Actor Robin Tampoe
4 6591988 Amme Oba Nisa අම්මේ ඔබ නිසා Actor Anton Kingsley
5 6791990 Thanha Asha තන්හා ආශා Actor Ashoka Nissanka, Siril Weerasingha
6 6831990 Veera Udara වීර උදාර Actor Shirley P. Wijeratne
7 7031991 Kelimadala කෙළිමඩල Actor D. B. Nihalsinghe
8 7041991 Obata Pamanai Adare ඔබට පමණයි ආදරේ Actor S.V. Chandran, Anton Kingsley
9 7131991 Ran Hadavatha රන් හදවත Actor Sunil Soma Peiris
10 7281992 Viyaru Minisa වියරු මිනිසා Actor Sugath Samarakoon
11 7291992 Sakvithi Raja සක්විති රජ Actor Sunil Soma Peiris
12 7421992 Kulageya කුලගෙය Actor H.D. Premarathna
13 7491993 Gurugedara ගුරු ගෙදර Actor Vijaya Darma Sri
14 7641993 Thrishule ත්‍රිශුලේ Actor Lalith Gunawardana
15 7691993 Juriya Mamai ජූරිය මමයි Actor Louie Vanderstraeten
16 8021995 Vijey Saha Ajey විජේ සහ අජේ Actor Roy De Silva
17 8181995 Chandani චාන්දනී Actor Sunil Soma Peiris
18 8491997 Puthuni Mata Wasana පුතුනි මට වාසනා Actor Sunil Soma Peiris
19 8531997 Ramba Saha Madhu රඹා සහ මධු Actor Roy De Silva
20 8561997 Ragaye Unusuma රාගයේ උණුසුම Actor Karu Disanayaka
21 8591997 Mahameara Usata මහමෙර උසට Actor Udayakantha Warnasuriya
22 8641997 Raththaran Minihek රත්තරන් මින්හෙක් Actor Sudesh Wasantha Pieris
23 8681997 Good Bye Tokyo ගුඩ් බායි ටෝකියෝ Actor Lionel Panduwawala
24 9082000 Chakraayudha චක්ක්‍රායුධ Actor -
25 9202000 Sanda Yahanata සඳ යහනට Actor Mohan Niyaz
26 9422001 Dinuma Kageda දිනුම කාගේද Actor Ananda Wickramasinghe
27 9422001 Dinuma Kageda දිනුම කාගේද Actor Ananda Wickramasinghe
28 9512002 Parliment Jokes පාලිමන්ට් ජෝක්ස් Actor Ranjan Ramanayake
29 9952003 Bheeshanaye Athuru Kathawak භීෂණයේ අතුරු කතාවක් Actor Amaranath Jayathilake
30 10972009 Leader ලීඩර් Actor Ranjan Ramanayake
31 11052009 Julia ජූලියා Actor Sampath Sri Roshan
32 11232010 Suba සුභා Actor Ariyadasa Peiris
33 11292011 Dawala Pawra දවල පවුර Actor Luxman Arachchige
34 11312011 Nidi Yahana Kelambei නිදි යහන කැළඹෙයි Actor Sudesh Wasantha Pieris
35 11512012 Vijaya Kuweni විජය කුවේණි Actor Sugath Samarakoon
36 11752013 Raja Horu රජ හොරු Actor Suranga De Alwis
37 12662017 Dr. Nawariyan දොස්තර නවරියන් Actor Ranjan Ramanayake
38 13172019 President Super Star Actor Udayakantha Warnasuriya
39 14092024 Suraya Veeraya සූරයා වීරයා Actor Louie Vanderstraeten

Upcoming Films

#Film RoleDirector
1 Ramaseraya රාමසැරය Actor Sumith Kumara
2 Political Jokes පොලිටිකල් ජෝක්ස් Actor Lalith Pannipitiya
3 Miringu Yathra මිරිඟු යාත්ත්‍රා Actor -
4 Punchi Ewun Soorayo පුංචි එවුන් සූරයෝ Actor Ruwan Hewage
5 Paada Yathraa පාද යාත්‍රා Actor Christy Shelton Fernando
6 Bhawayen Bhawaya භවයෙන් භවය Actor Samara Sri Dadallage