Dr. Nawariyan

Dr. Nawariyan

දොස්තර නවරියන්

Colour

Film No: 1266  ·  Released: 08 Dec 2017

55.2% · 2,627 votes
Rate this film

Summary

NameDr. Nawariyan / දොස්තර නවරියන්
Film No1266
Released Date08 Dec 2017
ColorimeterColour
Movie GroupSinhala
CategoryComedy
Main Actor: Ranjan Ramanayake Main Actress: Ruwangi Rathnayake Producer: Flash Entertainment Producer: Ranjan Ramanayake Director: Ranjan Ramanayake

Trailer

නිර්වාන් සේනානායක ගම්බද වැදගත් පවුලක එකම පුතා වෙයි. ඔහුගේ දෙමාපියන්ගේ එකම අපේක්ෂාව තම පුතු වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑකර ගැනීමයි. එහිදී නිර්වාන්ට දැනෙනුයේ විවිධ දූෂණ හා අපරාධවලින් පිරි සමාජ ක්‍රමයක් මෙහි ස්ථාපිතවී ඇති බවයි. නිර්වාන් වෛද්‍යවරයෙක් වීම පසෙක තබා තම හිතමිතුරන් පිරිසක් ද සමගින් මෙම සමාජ අසාධාරණයන්ට විරුද්ධව විවිධ අරගල කිරීමට පෙලඹෙයි. එනමුත් දෙමව්පිය අපේක්ෂාව ඉටුකොට නොදීම පිළිබඳවද ඔහු තුළ බලවත් වූ සිත් තැවුලක්ද වෙයි. ඔහු නිර්වාන් කොළඹ සමාජය තුළ ච්ප නවරියන් යන අන්වර්ථ නමින් පෙනී සිටිමින් විවිධ කි‍්‍රයාකාරකම් සමාජය හමුවේ සිදුකරයි.

සැබැවින්ම ඔහුගේ රෝගීන් බවට පත්වනුයේ අසාධාරණයට ලක්වූ ජනතාවයි. ඒ සඳහා විවිධ උපක්‍රම ඔහු විසින් භාවිත කරමින් සියල්ලන්හට සහනය ළඟා කරදීමට කි‍්‍රයා කරයි. මෙහිදී ච්ප.නවරියන් හට සැබෑ ලෙසම වෛද්‍යවරයෙක් වීමේ අවශ්‍යතාවයක්ද සිතට පැනනගී. ඒ තම දෙමාපියන්ට හා සමාජයේ අනෙක් කොටස්වලට තෘප්තියක් හා සමාජ සාධාරණත්වයක් ඇතිකරලීම උදෙසායි. එනිසා ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විවිධ උපක්‍රම භාවිතා කරමින් ඇතුලුවෙයි. එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා හෙවත් “ඩීන්” වෙතින් ච්ප නවරියන්ව අභියෝගයට ලක් කරයි. ඒ අතරේ ච්ප නවරියන් මෙම “ඩීන්ගේ” එකම දුව වෙත ආදරයෙන් බැඳෙයි. සැබැවින්ම ඩීන්ගේ දියණියද වෛද්‍යවරියක් වන අතර ච්ප නවරියන් හා ඔවුනොවුන් කුඩා කල සිටම දැන හඳුනන බවක් ප්‍රේක්ෂක අපට සිනමාපටය තුළදී පෙන්වයි. එනමුත් කුඩා කල සිට තම ගමේ අසල්වාසීන් ලෙස ජීවත් වූ මොවුන් පසුකලක දුරස් වී ඇත, ඒ ඩීන් සහ තම දියණිය කුඩා කලම ගමෙන් කොළඹට පැමිණීම හේතුවෙනි.

-sarasaviya

Cast

Crew

Other Crew