Paradise

Paradise

පැරඩයිස්

Colour Upcoming Movie

Upcoming Movie

63.23% · 1,101 votes
Rate this film

Summary

NameParadise / පැරඩයිස්
Release StatusUpcoming Movie
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyNewton Cinema / Madras Talkies

Trailer

International Awards

1 Best Story Kerala State Film Awards India - 2025 Prasanna Vithanage
2 Special Jury Award Kerala State Film Awards India - 2025 Prasanna Vithanage
3 Special Jury Award Kerala State Film Awards India - 2025 Darshana Rajendran (India)
4 Prix du Jury Lycéen Vesoul International Film Festival of Asian Cinema Vesoul, France - 2024
5 Audience Jury Award Las Palmas de Gran Canaria International Film Festival Canary Islands - 2024
6 Kim Jiseok Award Busan International Film Festival Busan, South Korea - 2023

Description

කේසව් සහ ආරීතා තම පස් වන විවාහ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති. දින හතක් ඇතුළත රාම රාවණා පුරාවෘත්තයට අයත් ස්ථාන නැරඹීම ඔවුන්ගේ අරමුණයි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක පැටලී ඉන්ධන සහ ගෑස් පෝලිම්වල පෙළ ගැසී සිටිති.

එහෙත් සංචාරකයන්ට සලසා තිබූ පහසුකම් නිසා ඔවුහු අපහසුතාවයකින් තොරව ඔවුන්ගේ සංචාරය අරඹති. සංචාරයේ පළමු රාත්‍රියේදී මුහුණු ආවරණය කරගත් සොරුන් තිදෙනෙක් ඔවුන් දෙපොළ බියවද්දා ඔවුන්ගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් සොරකම් කර පලා යති. ආසන්නයේ පිහිටි පොලිස් ස්ථානයේ සාජන්ට් බණ්ඩාරට මේ පිළිබඳව පැමිණිලි කරයි.

රටේ මේ මොහොතේ පවතින ඉන්ධන අර්බුදය නිසා තමන්ට කළ හැකි දෙයක් නොමැති බව සාජන්ට් පවසද්දී, කේසව් ඔහුට පීඩනයක් එල්ල කරයි. දිනක් ඇතුළත නැතිවූ භාණ්ඩ සොයා දීමට අපොහොසත් වුවහොත් ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයට කතා කොට සාජන්ට්ගේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන බව පවසයි. තැතිගන්නා සාජන්ට් තරුණ වතුකම්කරුවන් තිදෙනෙක් සැකකරුවන් ලෙස පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කේසව් ඔවුන් තම භාණ්ඩ සොරකම් කළ අය ලෙස හඳුනා ගනියි. ඇත්තෙන්ම ඔවුන් සැබෑම හොරුද? එසේ නොමැති නම් සාජන්ට් සැකකරුවන් ලෙස ඉදිරිපත් කළේ අහිංසකයන් තිදෙනෙක් ද? මෙම පැනයට නිවැරදි පිළිතුර ” පැරඩයිස්” ඔබට පහදා දෙනු ඇත.

ප්‍රවීණ සහ සම්මානනීය සිනමා නිර්මාණවේදී ප්‍රසන්න විතානගේ තිරයට රැගෙන එන එකොළොස්වන නිර්මාණයයි ” පැරඩයිස්” සිනමා කෘතිය. මෙය මලයාලම්, දමිළ, හින්දි, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්ගෙන් ලොව පුරා ප්‍රදර්ශනය කරවීමට සැලසුම් කළ නිර්මාණයකි. ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පැවති පූනෙයි අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් ලද ” පැරඩයිස්” ,

ආසියානු සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය සහ හොඳම සංස්කරණය සඳහා නිර්දේශ වූ අතර, ප්‍රංශයේ 30 වන වරට පැවති වේෂූල් අන්තර්ජාතික සිනමා උළෙලේදී යොවුන් ජූරියේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත්, බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන කිම් ජෝෂක් සම්මානයත්, ස්පාඤ්ඤයේ ලස්පල්මාස් ග්‍රෑන්ඩ් කැනරියා අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රේක්ෂක ජූරි සම්මානයත් හිමිකර ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පවත්වන ලද 24 වන නිව්යෝර්ක් ඉන්දීය සිනමා උළෙලේ හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා ද ” පැරඩයිස්” නිර්දේශ විය. අධ්‍යක්ෂවරයා මෙයට ප්‍රථම ” සිසිල ගිනිගනී” (1992), ” පවුරු වළලු , (1999), ” අනන්ත රාත්‍රිය” (2001), ” පුරහඳ කළුවර” (2001), ” ඉර මැදියම” (2005), ” මචං” (2008), ” ආකාශ කුසුම්” (2009), ” ඔබ නැතිව ඔබ එක්ක” (2015), ” උසාවිය නිහඬයි” (2016), ” ගාඩි” (2023) යන සිනමා කෘතින් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළේය.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew