Perakadoru Bena

Perakadoru Bena

පෙරකදෝරු බැණා

Black & White 35 mm

Film No: 31  ·  Released: 14 Oct 1955

57.91% · 2,313 votes
Rate this film
Special Message

පෙරකදෝරු බෑණා වේදිකා නාට්‍ය ඇසුරිනි

Summary

NamePerakadoru Bena / පෙරකදෝරු බැණා
Film No31
Released Date14 Oct 1955
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
CompanyJayamanne Cinema Tone
StudioStudio Citadal - Madras
Main Actor: Eddy Jayamanna Main Actor: Baby Nimal Main Actress: Rukmani Devi Director: A.B. Raj Producer: Willy Jayamanna

Description

ප්‍රදර්ශක - සීමාසහිත සිලෝන් තියටර්ස්

එල්ෆින්ස්ටන්, රොක්සි, ක්‍රවුන්, මෙට්රෝ - නුගේගොඩ, අශෝකා - මීගමුව, කිංග්ස් - බදුල්ල, ක්වීන්ස් - ගාල්ල, පබ්ලික් හෝල් - ගම්පහ, ටාසන් - කෑගල්ල, බෙ‍්‍රීඩ්වේ – මාතර, නිව් ඉම්පීරියල් - රත්නපුරය ඇතුළු සිනමා ශාලා 20 ක පමණ ප්‍රදර්ශනය විය.

ගුණතිලක රාළහාමි, සිංහල සිරිත් විරිත් අකුරටම ගරු කරන ප්‍රතිපත්ති ගරුක වගේම ඉඩම් හිමි ධනවතෙකි. ඔහුගේ පළමු විවාහයෙන් ලත් දියණිය මාලිනිය.ඇයද සිය පියාගේම අඩිපාරේ යමින් විනීත ගති පැවතුම් වලින් හා කුලසිරිත් ගරුකරන රූමත් තරුණියකි. ඇයගේ මෑණියන් මිය පරළොව යාමෙන් පසුව රාළහාමි දෙවෙනි විවාහයක් කරගත්තේය. දෙවෙනි බිරිඳගෙන් ලද දියණිය ලලිතාය. ඇය මාලිනි මෙන් නොව සංකර සිරිත් විරිත් මහත් අභිමානයෙන් සලකන්නියකි. එම ගති සිරිත් ඇයට පුරුදු පුහුණු වූයේ තම මෑණියන් වන මැණිකේ ගෙනි. නාගරිකව වෙසෙන වත්පොහොසත්කම් ඇති කඩවසම් තරුණයෙකු වූ ගාමිණි සිරිවර්ධන මාලිනිගේ පෙම්වතා බවට පත්වූයේ ගුණතිලක රාළහාමිගේ අනුමැතිය හා ආශිර්වාදය නොමදව ලබමිනි. එහෙත් තම දෙවෙනි දියණිය ලලිතා, තම පෙම්වතා ලෙස තෝරාගනු ලැබුවේ ඇලෙක්ස් වල්පොල නමින් හැඳින්වෙන පෙරකෝදෝරුවෙකි. එම සම්බන්ධයට ලලිතාගේ මෑණියන් විරෝධය නොපෑ නමුත් රාළහාමි තුළ එතරම් පැහැදීමක් ඇති නොවීය. සාදප්පු කංකානම- ගුණතිලක පවුලේ හිතවතෙකි. ඔහු ලක්ෂ්මන් නම් පුතෙකුගේ සහ ශීලා නම් දියණියකගේ ආදරබර පියෙකි.

මේ අතර හොර ජාවරම් කරමින් යහමින් හරි හම්බකරගත් හෙක්ටර් සතුරුසිංහ නමැති සල්ලාලයෙකු ශීලා විවාහ කරගැනීමේ අභිප්‍රායයෙන් නිතර නිතර ඇයගේ නිවසට යාම් ඊම් කළේය.සතුරුසිංහගේ ධනවත්කම විනා ඔහු කපටි කයිරාටික සල්ලාලයෙකු වග නොදත් සාදප්පු කංකානම, තම දියණියට ඔහු විවාහ කරදීමට තීරණය කරගෙන තිබුනි. එහෙත් සතුරුසිංහගේ ක්‍රියා කලාපය හොඳින්ම අධ්‍යනය කරගෙන සිටි ශීලා සතුරුසිංහව පිළිකෙව් කොට පාසල් අවධියේ පටන් ඇසුරු කළ ආනන්ද සිරිවර්ධන සමඟ පෙම්දමින් බැඳී සිටියාය. ආනන්ද සිරිවරධන වූ කලි මාලිනි සමඟ විවාහ ගිවිසගෙන සිටින ගාමිණි සිරිවර්ධනගේ එකම සොහොයුරාය.

ශීලාගේ සහ ආනන්දගේ සබැඳියාව දැනගත් හතුරුසිංහ කෝපයෙන් සහ වෛරයෙන් දැවෙන්නට වූයේ, ආනන්දගෙන් පළිගන්නා අටීයෙනි. හතුරුසිංහගේ හතුරුකම් පිළිබඳ දැනගත් ශීලා සහ ආනන්ද රහසින් පැනගොස් විවාහ වූහ.ඉන්පසු ඔවුන් හතුරුසිංහගෙන් ගැලවීම සඳහා කිසිවෙකුටත් නොදැනෙන සේ රහසින් ජීවත්වන්නට අදිටන් කරගත්හ.ඉන් පසුබට නොවුනු හතුරුසිංහ කෙසේ හෝ ඔවුන් සොයාගැනීමට වෙහෙසුනේය. ගාමිණිගේ සොයුරු ආනන්ද සාදප්පු කංකානමගේ දියණිය පැහැරගෙන ගොස් ඇතැයි යන සැකයෙන් පෙළුනු රාළහාමි, මාලිනි-ගාමිණි විවාහයට එරෙහි වූයේය.ඔහු කලින් ගෙන තිබූ තීරණය එසේ වෙනස් කළද ගාමිණි වෙත බැඳුනු මාලිනිගේ ආදරය කිසිසේත්ම වෙනස් නොවුනේය.

මේ අතර සතුරුසිංහ ආනන්ද සහ ශීලා සොයමින් රටපුරා ඇවිදින අතරතුරේද ඔහුගේ මෝටර් රථය හදිසි අනතුරකට භාජනය වීමෙන් ගිනිගත්තේය. එම මහා ගින්නෙන් බේරිගත නුහුනු හතුරුසිංහ තමා කළ සියළුම පාප කර්මයන්ට වන්දි ගෙවන්නාසේ ගිනිගෙන දැවෙන රථය තුළදීම මියගියේය. මෙම සියළු කරුණු කාරණා සැකවින් තේරුම්ගත් ගුණතිලක රාළහාමි - ගාමිණි සහ මාලිනි අතර විවාහයත් ඇලෙක්ස් සහ ලලිතාගේ විවාහයත් එකම දිනයක සිදුකිරීමට යුහුසුළු වූයේ සියල්ලෝම සතුටින් ඉපිලෙමිනි.

අවසානයේදි විවාහයන් සිදුකිරීමෙන් පසු රාළහාමි සහ මැණිකේ තම දූවරුන් හා බෑණාවරුන් සමඟ දඹදිව වන්දනා ගමනක් යාමට සූදානම් වූයේය.

-කලාභූෂන වැළිහිඳ මුනිරත්න-

Cast

Crew

Other Crew