Mark Samaranayaka

Mark Samaranayaka

මාක් සමරනායක

Born 18 April Died 04

18 April - 04

63.77% · 1,924 votes
Rate this artist

Summary

NameMark Samaranayaka
Sinhala Nameමාක් සමරනායක
Born18 April
Died04

Biography

'ලැඩී රඟපෑමට ගජ හපනෙක්. මගේ හැකියාව තිබුණේ ගිටාර් වාදනයටත්, සර්පිනා වාදනයටත්. වයස අවුරුදු 14 දී පමණ විද්‍යාලයේ විවෘත ගායනා තරගයක් පැවැත්තුවා. මේ තරඟයේ මුල්තැන හිමි වුණේ මට. දෙවැනි තැන ලැඩී රණසිංහට හිමි වුණා. ඒ කාලේ මම ක්‍රීඩාවටත් දක්ෂයා. වයස අවුරුදු 15 පහළ මලල ක්‍රීඩාවලින් මට දුරපැනීම, උස පැනීම අංශවලින් ශූරතා දිනා ගත්තා.

මාක් සමරනායක වැනි 'හතර අතටම' සම්පූර්ණ ශිල්පියකු චිත්‍රපට ලෝකයට බිහි වන්නේ කලාතුරකිනි. එදා 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ නීතිය අකුරටම ඉටු කළ පොලිස් ඉන්ස්පැක්ටර් මෙන් රඟපෑ මාක් සිරියලතා චිත්‍රපටයේ අනාථ ගැහැනියක වූ ඇග්නස්ට (රුක්මණී) අතවර කළ වික්ටර් නම් කපටි පෙරකදෝරුවෙකි. 'මංගලිකා' හි පට්ටපල් මෝඩ ගොන්සාල්ය. රඟපෑමට මෙන්ම චිත්‍ර ශිල්පයට ද, චිත්‍රපටවල කාර්මික අංශයේ ඕනෑම වැඩකට ද, ඉල ඇදෙන පමණක් නොව මිනී මැරෙන කවටකමට ද මාක් හරිම දක්ෂය. යමක් ගැන යම් අධිෂ්ඨානයක් කළොත් කෙතරම් අවහිර මධ්‍යයේ වුව ද එය නූලට පිළිපැදීමට හැකි පුදුම ආත්ම ශක්තියක් ඔහුට ඇත. අවට පරිසරය කෙතරම් මළානික වෙතත් එය මඟ හැරවීමට නානාප්‍රකාර කථා, කවටකම් කර එවැනි තැනකට පණ දීම ඔහුගේ සිරිතකි.

හෙට්ටිආරච්චිගේ දොන් මාක් කොන්ඩ්රඩ් සේනාරත්න සමරනායක 1914 අප්‍රේල් 08 වෙනිදා වැලිවේරියේදී උපත ලැබුවේය. ඔහුග් පියා වූ චාර්ලිස් සමරනායක නොතාරිස්වරයෙකි. දෝන ඉසබෙලා පෙරේරා මව වූවාය. අට දෙනෙකුගෙන් යුත් දරුවන්ගෙන් පස්වැනියා මාක්ය. ජොසපින්, හැරියට්, ලෝරි යන වැඩිමහල් සොහායුරියන් තිදෙනෙක් ද, ජෝර්ජ් නම් අයියා කෙනෙකු ද, එලිසන් හා මාරි නැඟනියන් දෙදෙනකු ද, බෙනඩික්ට් මල්ලී ද ඔහුට සිටියහ.

වැලිවේරියේ සිංහල පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ මාක් ඉන්පසු මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයට ගොස් ඇත. පාසලේ එකම පන්තියේ ඉගෙන ගත් ලැඩී රණසිංහ (පසුව ප්‍රකට නළු) මාක්ගේ හොඳම මිතුරා වූයේ ඔහු තුළ කලාවට තිබූ දක්ෂතාවය නිසාය.

'ලැඩී රඟපෑමට ගජ හපනෙක්. මගේ හැකියාව තිබුණේ ගිටාර් වාදනයටත්, සර්පිනා වාදනයටත්. වයස අවුරුදු 14 දී පමණ විද්‍යාලයේ විවෘත ගායනා තරගයක් පැවැත්තුවා. මේ තරඟයේ මුල්තැන හිමි වුණේ මට. දෙවැනි තැන ලැඩී රණසිංහට හිමි වුණා. ඒ කාලේ මම ක්‍රීඩාවටත් දක්ෂයා. වයස අවුරුදු 15 පහළ මලල ක්‍රීඩාවලින් මට දුරපැනීම, උස පැනීම අංශවලින් ශූරතා දිනා ගත්තා. මගේ කුසලතා මතු වුණේ නත්තල් කාලයේ. අපේ අයියා, අක්කලා බයිබල් කතා ඇසුරෙන් ගෙදර වත්තේ වේදිකා ගත කළ නාට්‍යවලින්. මගේ පියා මිය ගියේ මං පුංචි කාලේ. නත්තල් දිනවලට අපගේ නෑයෝ කරත්තවල නැඟිලා වැලිවේරියේ අපේ මහ ගෙදරට එනවා. මෙහෙම ආව ගිය නත්තල් දවසක අපි 'අකීකරු පුත්‍රයා' කියන නාට්‍ය රඟ දැක් වූවා. මමයි අකීකරු පුත්‍රයට රඟපෑවේ. මම රඟපෑවෙ 'දුෂ්ට චරිතයක්'. මේ නාට්‍ය දැකපු මගේ මාමා කෙනෙක් මට වික්ටෝරියා මහ රැජිණගේ පින්තූරය කවරයේ තියෙන ඇක්සයිස් පොත් පාර්සලයක් තෑගි කළා. ඒ පොත් එදා හිඟයි.

'මාක් කවදහරි හොඳ ඇක්ටර් කෙනෙක් වෙනවා වෙනවාමයි' ඇන්ටි කෙනෙක් මාව ඉඹලා සුබ පැතුවා.

උඹ නං පුතෝ දුෂ්ට චරිතවලට පංකාදු මිනිහ' අන්කල් කෙනෙක් මගේ ඔළුව අතගෑවා.'

මාක් තම අතීත කතාව සරසවිය පත්‍රය වෙනුවෙන් මට හෙළිකළේ මීට වසර 40 කට පමණ පෙරය. එදා මා සමඟ ඡායාරූප ගැනීමට වැලිවේරියට ගියේ වයික්කාලේ ලුවිස් කුමාර් හිතවතාය.

මාක් සමරනායකත්, ලැඩී රණසිංහත් තරුණ කාලයේ ශාන්ත ඇලෝෂියස් සෙමනේරියට බැඳී සිටියාලු. තම පියා මාක්ව පල්ලියට කැපකර තිබුණි. ඔහු පූජකවරයකු වීමට නොසිතුවේය. පාසල් ජීවිතයෙන් පසු මාක් යුද්ධ හමුදාවේ සහකාර කෘෂිකර්ම පරීක්ෂකවරයකු ලෙස රැකියාව කර ඇත. දිනක් මාක් වැලිවේරියේ බස් එකට නැඟීමට ගොස් ඇත. එහිදී ඔහුට අහම්බෙන් පිටකොටුවේදී ලැඩී රණසිංහ හමු වී ඇත.

'කොහේද ලැඩී යන්නේ?'

'මම මේ දවස්වල නාටය්‍යක් කරනවා. වැඩක් නැතිනම් වරෙන් මා එක්ක යන්න'

එවකට තනිකඩයකු වූ මාක් ලැඩී පස්සේ වැටී බොරුල්ලේ ආකේඩියන් නාට්‍ය ක්ලබ් එකට ගියේය. මේ 1945 වසරය. ලැඩී ඔහුට එතැන පුහුණු කරමින් තිබූ වේදිකා නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලබා දුන්නේය. තමාට කලා ලොවේ දොර විවෘත කර දුන්නේ ලැඩී බව එදා මාක් කෘතඥතා පූර්වකව මතක් කළේය. 'මතභේදය' නම් නාට්‍යය රචනා කර තිබුණේ මෝදර ස්ටීවන් සිල්වාය. ලැඩී, නෝනා සුබෙයිදා, පියසීලී ෆොන්සේකාත්, මාක් සමඟ රඟපැවේ පෙරකදෝරුවෙකුගේ චරිතයකි.

මාක් ද 1946 වසරේ නාට්‍ය සංගමයක් (ලුනුවිල වික්ටරි) බිහි කරමින් වේදිකා නාට්‍ය තුනක් නිෂ්පාදනය කළේය. බොරලැස්සේ කේ. ලෝරන්ස් පෙරේරා රචනා කළ 'අන්ධ ආලය' - 'වාසනාව' - 'ඇලඩින්' නාට්‍යය. පසුව මාක්ම 'රියදුරා' නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර ඔහු සමඟ මෙහි ප්‍රධාන චරිතය රඟපැවේ ජොසපින් ජයලත්ය. ඇය චිත්‍රපට නිළියක් වූ ෆ්ලෝරිඩා ජයලත්ගේ අක්කාය. මේ නාට්‍යයේ පිළිගැනීමේ ගීතය ගැයුවේ ෆ්ලෝරිඩාය. 'රියදුරා' නාට්‍යය මීගමුවේ රඟ දැක්වෙන දර්ශනයට එකල මිනර්වා නාට්‍ය කණ්ඩායමේ රුක්මණී දේවි හා එඩී ජයමාන්න සහභාගි වූහ. නාට්‍ය සංවිධානය කළ මුස්ලිම් ජාතික මුදලාලි මාක් ළඟට දුව ඇවිත් මෙසේ කීය.

'මාත්තිය අද ෂෝ එකට එඩියි, රුක්මණියි ඇවිත්. මාත්තියා ඩ්‍රයිවර්ගේ කැරැක්ටර් එක හොඳට කරන්න. මහත්තයට මිනර්වා පිච්චර්වල රඟපාන්න චාන්ස් එකක් ලැබේවි'.

එදා මාක් වේදිකාවට මුලින්ම එනකොට එඩී, රුක්මණී පමණක් නොව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ජෙමිනි කාන්තා, විලී ජයමාන්නත් පැමිණ සිටියහ. නාට්‍යය අවසන් විය. නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑ ජොසපින් ජයලත් මාක් අසලට ආවාය.

'මාක් නාට්‍යයේ සල්ලිගන්න හෙට උදේ එන්නම්. මට දැන් එඩී ජයමාන්නලා එක්ක එහෙ බෝලවලානේ ගෙදර යන්න එන්න කිව්වා.'

'මොනවා එඩීලා. . .'

'ඔව්, මාව චිත්‍රපටයකට තෝරා ගත්තලු. මාක්ටත් චාන්ස් එකක් ලැබේවි'

පසුදා සිනහවකින් මුව සරසා ගත් ජොසපින් මාක්ට සුභ ආරංචියක් ගෙනාවාය.

'මාක්ට හෙට බෝලවලාන ගෙදරට එන්න කිව්වා'

'කවුද?'

'එඩීලා'

'මම බෝලවලාන ගෙදරට ගියා. මම ජනේලයෙන් මුලින්ම දැක්කේ රුක්මණීව.

'එඩී, අන්න අර ඩ්‍රයිවර් ඇවිත් ඉන්නවා. මරු සූට් එකකුත් ඇඳගෙන' රුක්මණී කියනු ඇසුණා.

මම ඒ කලේ ජැන්ඩියට ඇඳපු ඉලන්දාරියෙක් (ඔහු සිනාසෙයි) මම එඩී එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. ඔහු මාව ආදරෙන් පිළිගත්තා. ආලින්දයේ ඉඳගෙන හිටියා මාත් එක්ක සෙන්ට් ජෝසෆ් විද්‍යාලයේ ඉගෙන ගත්ත මිත්‍රයෙක්. එයගේ නම ඇන්ජලෝ ප්‍රනාන්දු. එයාගේ සහෝදරයා බර්ට්‍රම් ප්‍රනාන්දු (පසුව චිත්‍රපට නළු හා අධ්‍යක්ෂ) මගේ වගතුග අහපු එඩී ආලින්දයේ සිටි ඇන්ජලෝට කතා කළා.

'අයිසේ ඇන්ජලෝ, මෙන්න තමුසෙලාගේ ඕල්ඩ් ජොසපියන් කෙනෙක් ඇවිත් බලනවා අඳුනනවද කියලා.'

'මාක්' උඹ පුදුමයි මෙතැන. එඩී. මේ මාක් මගේ හොඳම යාළුවෙක්'.

'හොඳයි මාක්. අපි යමු ඇලෝ අයියලගේ ගෙදරට' එඩී මාව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ගෙදරට එක්ක ගියා.

'තමුසෙට සින්දු කියන්න පුළුවන්ද?'

'පුළුවනි, සංගීත භාණ්ඩ තියනවද'

'ඇයිි නැත්තේ මේ තියෙන්නේ ගිටාර් එකක්'

මම ගිටාරය අරන් 'අන්ධ ගායකයා' නාට්‍යයේ ගීතයක් ගායනා කළා. මාක් එදා මීගමුවට ගිය ගමන සිහිපත් කළේය.

ගීතය ගැන සෑහීමකට පත් වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න 'කපටි ආරක්ෂකයා' (1948) චිත්‍රපටයේ ඉස්කෝල පරීක්ෂකවරයාගේ චරිතයට මාක්ව තෝරා ගත්තේය. මුල් වරට තමා චිත්‍රපට රඟපෑමට තෝරාගැනීම ගැන ඔහු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න,එඩී ජයමාන්න හා රුක්මණීට ණයගැති වන බව කීවේය. ඔහුගේ දෙවන චිත්‍රපටය වූයේ 1948 තිරගත වූ 'වැරදුණු කුරුමාණම' චිත්‍රපටයේ දුෂ්ට චරිතයකි. චිත්‍රපටයේ හැටියට නාට්‍ය නිෂ්පාදක ලෙස පීටර් පීරිස් ද, වේදිකා නිළියක් ලෙස රුක්මණී දේවි ද මාක් සමඟ රඟපා ඇත. මේ චිත්‍රපටයේ මාක් තමා රඟපෑ චරිතය ගැන මෙසේ අපට විස්තර කළේය.

'ඒ කාලයේ අපි රඟපාන කොට දර්ශනය රූපගත වෙනවාත් සමඟම දෙබස් ද එකවර පටිගත වෙනවා. අධ්‍යක්ෂවරයා අපේ චරිතයට අවශ්‍ය දෙබස් කට පාඩම් කිරීමට පොත්වල ලියලා දෙනවා. අපිට දෙබස් කියලා දෙන්නේ අධ්‍යක්ෂකගේ ගෝලයා තිමෝතියස් පෙරේරා. එදා රිහසල් (පුහුණුවන) දවසක්. මම බී. ඒ. ඩබ්ලිව් ගේ ගෙදරට ගියා.

'කෝ පොත' ඔහු කෝපෙන් ඇසුවාය.

'මම හිතුවා පොත දුන්නේ දෙබස් කට පාඩම් කරන්න කියලා. ඒ රිහසල්වලට ගෙනෙන්න නෙවෙයි කියලා'

'තමුසෙට දෙබස් කට පාඩම්ද?'

'ඔව්'

බී. ඒ. ඩබ්ලිව්. තම දෙබස් පොත පීටර් පීරිස්ගේ දෙබස් කාණ්ඩයක් දිගට කියාගෙන ගොස් මගේ අවස්ථාව ආවිට සංඥාවක් දුන්නා. මට එදා බී. ඒ. ඩබ්ලිව්. ඉදිරියේ කිව්ව දෙබස් කණ්ඩය කටපාඩම්. මම ඒක කියන්නද?' මාක් මෙම ලියුම්කරුගෙන් ඇසීය.

'හොඳයි කියන්න මිස්ටර් සමරනායක' මම කීවෙමි. ඔහු තම වැලිවේරියේ සමරනායක වලව්වේ නිවසේ ආලින්දයේ තිබූ කණප්පුව ඉවත්කොට රඟපෑමට පටන් ගත්තේය. මෙම ලියුම්කරු දෙබස් ටික සටහන් පොතේ ලියා ගතිමි.

'නාට්‍ය අධ්‍යක්ෂතුමනි, නවීන ශිෂ්ටාචාරය ගැන දක්වන සෑම නාට්‍යයන්හි ජවනිකාවෙන් ජවනිකාව අවබෝධ වන්නේ මුතු මැණික්වලට වඩා අනර්ඝ ආදර්ශයක් අවශ්‍ය බව අපි කවුරුත් දන්නා සත්‍යයකි. ඉතින් දුෂ්ට චරිතයේ ඇලී ගැලී ජීවත් වන මේ නැට්ටුක්කාරියෝ . . .' ඔහු දෙබස නවතා මම මේක කියන්නේ රුක්මණීව පෙන්නල කියා නැවත දෙබස් පටන් ගත්තේය.

'මුඛයෙන් එවැනි අදහස් පහළ වූ විට ලෝකයේ අප පිළිගන්නේ කෙසේ ද කියා ඔබතුමා මොහොතක් කල්පනා කර බලා මෙවැනි පව්කාර තරුණියක් නාට්‍ය වේදිකාවෙන් නෙරපා දැම්මොත් පෙරදිග සංගීත ලෝකයට කරන උතුම් සේවයක් බව තරයේ කියා සිටිනවා. මම යනවා'.

'ඔහොමම පලයන්, ගිහින් මගේ ගානේ බියර් එකකුත් බීලා පලයන්' බී. ඒ. ඩබ්ලිව්. මට කීවේ සිනාසෙමින්.

මම බී. ඒ. ඩබ්ලිව්. ගේ කාමරයේ ඇති අල්මාරියෙන් බීර බෝතලයක් ගන්නවාත් සමඟම එඩී ජයමාන්න මා අසළට ආවා.

'යකෝ තෝ වැඩේ කෑවා. ඉතින් තෝ වගේ මටත් දෙබස් කටපාඩම් දෙන්න එපායැ' එඩී කේන්තියෙන් මොර දුන්නා. ඒ කාලේ දෙබස් කටපාඩම් රුක්ණීට සහ මට විතරයි. එඩීගේ දෙබස් කළු ලෑල්ලකට ලියාගෙනයි කියන්නේ.'

'පෙරළෙන ඉරණම' චිත්‍රපටයේ රුක්මණී දුෂ්ටකම් කරන සැමියෙක් ලෙස රඟපෑ මාක් 'වැරදුණු කුරුමාණමේ හෙට්ටියෙක් ද 'පෙරකදෝරු බෑණා' චිත්‍රපටයේ පෙරකදෝරුවා ලෙස ද, 'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටයේ කපටි මැජික්කාරයකු ලෙස ද 'මාතලන්' චිත්‍රපටයේ දුෂ්ට බුද්ධි ලෙස දුෂ්ට චරිතයක්ද දොස්තර, සේපාලි, රම්‍යලතා, සූරසේන චිත්‍රපට විවිධ චරිත රඟපෑවේය.

1950 මාක්, පර්ල් ජයවර්ධන හා විවාහ විය.

තමා චිත්‍රපට ජීවිතයේ ප්‍රිය කරන චරිතය රඟපෑවේ 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් ජයසිංහගේ ප්‍රබල චරිතය බව මාක් කීවේය.

'මාව කලාවට හඳුන්වා දුන් ලැඩී රණසිංහ 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ මා සමඟ ප්‍රබල රංගනයක් කරනවා. බලදේව නම් සොරා පිටුපස හඹා යන නීතියේ රැහනට හසු කරගැනීම ඔහුගේ සෙවනැල්ලක් සේ හඹා යන මම (ඉන්ස්පෙක්ටර් ජයසිංහ) අන්තිමේදී තම අභිප්‍රාය ඉටු නොවී සිය දිවි නසා ගන්නවා. මේ චිත්‍රපටයේ බලදේවගේ නැඟණිය ලෙස රඟපෑවේ මගේ බිරිඳ පර්ල්. ඒ වගේම බලදේවගේ කුඩා ලේලිය ලෙස බඩගිනියි කියා හඬන්නේ මාක්ගේ දියණිය ශිරානි සමරනායකය. 'දුප්පතාගේ දුක චිත්‍රපටය මට ජීවිතේට අමතක වන්නේ නැහැ. ලැඩී මේ චිත්‍රපටයේ නගරාධිපති ලෙස වරෙක රඟපානවා. මම වරෙක නගරාධිපති ගාවට එනකොට ඔහු 'එන්න එපා ඉන්ස්පෙක්ටර් මා ගාවට' කියලා පුටුවකින් ගහන දර්ශනයක් තිබුණා. දර්ශනය ගන්න ඉස්සෙල්ලා මම ලැඩීට කිව්වා -

'මචං උඹ මට හෙමින් ගහපන්' මම ලැඩීට පිංසෙන්ඩු වුණා. ඒත් ලැඩී මට ඇත්තටම ගැහැව්වා. මගේ හිසේ තිබුණ පොලිස් කැප් එක හිල් කරගෙන ගිහින් පුටුවෙ තිබූ ඇණයක් මගේ හිස පසාරු කරගෙන ගියා. ලැඩී මා වැළඳගෙන 'මචං මට සමාවෙයන්' කීවා.

තව දවසක ජීවිතේට අමතක නොවන සිදුවීමක් වුණා. එක්තරා චිත්‍රපට දර්ශනයක් රූපගත කිරීමට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ගියා. එදා ඒ දර්ශනයට හිටියේ එඩීත්, රුක්මණීත් මමත්. දර්ශනය අවසන්ව එළියට එනකොට දහස් ගණනක් ජනතාව අපිව බලන්න එලියේ හිටියා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සින්නාත් සමඟ කතා කරමින් එනකොට එක්තරා තැනැත්තෙක් මගේ මූණට කෙළ ගැහැව්වා.

'නොදකින් මේ ඉන්නේ අර පෙරේතයා. රුක්මණී නෝනාට වෙනස්කම් කරන පරයා' කියලා.

මම සිනාසෙමින් ලේන්සුවෙන් කෙළ පිසදා ගත්තා. ඒ දුටු අධ්‍යක්ෂ සින්නා මෙහෙම කිව්වා.

'උඹේ රඟපෑමේ සාර්ථකත්වය මේකෙන්ම පෙනෙවා. උඹ තරහ ගන්න එපා.'

මාක්ගේ වැඩිමහල් දියණිය ශිරානි හා ඇගේ සැමියා (1985) මා ඔහු හමුවන දිනවල සවුදි අරාබියේ සිටින බවත්, තම මුණුබුරු වන රුවන් හා මිනිබිරිය තනුජා තමන් ළඟ හැදෙන අගනා වස්්තූන් දෙකක් බව කීවේය. ඒ වන විට මාක්ගේ බාල පුතා ටිරෝන් හේනේගම මධ්‍ය විද්‍යාලයේ ඉගෙනීම ලබන බව අපට කීවේය.

වැඩිහිටි පියෙකුගේ චරිත රැසක් ඔහුගේ අවසාන කාලයේ රඟපෑවේය. තුෂාරා, සහනය, මේ දෑස කුමටද, ඇගේ ආදර කතාව ඇතුළු චිත්‍රපට රැසක මාක් රඟපෑවේය. ඔහු සහාය අධ්‍යක්ෂවරයකු ලෙස සිරියලතා, දෛවයෝගය, මඟුල් පෝරුව චිත්‍රපටවලට සම්බන්ධ විය. ඔහු රඟපෑ දෛවයෝගය චිත්‍රපටයේ රුචික නම් වයෝවෘධ තාපසයාගේ චරිතය විචාරක ප්‍රශංසාවට ලක් විය. ඔහු අවසන් වරට රඟපෑවේ 'වියරු මිනිසා' චිත්‍රපටයේය. දැඩි ලෙස ගිලන්ව සිටි මේ විශිෂ්ට චරිතාංග නළුවා 2000 වසරේ ජූනි 04 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

ඒ. ඩී. රන්ජිත් කුමාර

Awards

National Awards

1 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997

As a Cast

#Film NoYearFilm RoleDirector
1 31948 Kapati Arakshakaya කපටි ආරක්ෂකයා Actor K.Subramuniyam, Jyotish Sinha
2 71949 Peralena Iranama පෙරලෙන ඉරණම Actor Jyotish Sinha
3 91950 Hadisi Winishchaya හදිසි විනිශ්චය Actor Mersalin Albert, B.A.W. Jayamanne
4 111951 Sengawunu Pilitura සැඟවුණු පිළිතුර Actor B.A.W. Jayamanne
5 131952 Umathu Wishwasaya උමතු විශ්වාසය Actor B.A.W. Jayamanne
6 161953 Prema Tharangaya ප්‍රේම තරඟය Actor A.B. Raj
7 201953 Puduma Leli පුදුම ලේලි Actor A.S. Nagarajan
8 241954 Ahankara Sthree අහංකාර ස්ත්‍රී Actor A.B. Raj
9 281955 Mathabhedaya මතබේදය Actor B.A.W. Jayamanne
10 301955 Mathalan මාතලන් Actor A.S. Nagarajan
11 311955 Perakadoru Bena පෙරකදෝරු බැණා Actor A.B. Raj
12 331956 Dosthara දොස්තර Actor K. Shankar, Venkatarawan
13 361956 Duppathage Duka දුප්පතාගේ දුක Actor Mithradas, T.R. Sundaram
14 381956 Ramyalatha රම්‍යලතා Actor A.B. Raj
15 441957 Siriyalatha සිරියලතා Actor S.S. Rajan
16 471957 Surasena සූරසේන Actor S.M. Naidu
17 551958 Sepali සේපාලි Actor W.M.S. Tampoe
18 591959 Daiwayogaya දෛවයෝගය Actor S.K. Oja
19 881963 Mangalika මංගලිකා Actor B.A.W. Jayamanne
20 1001964 Samiya Birindage Deviyaya සැමියා බිරිඳගේ දෙවියාය Actor W.M.S. Tampoe
21 1251965 Landaka Mahima ළඳක මහිම Actor W.M.S. Tampoe
22 1311966 Mahadena Muththa මහදැන මුත්තා Actor Robin Tampoe
23 1531967 Pipena Kumudu පිපෙන කුමුදු Actor Ruby De Mel
24 1561967 Magul Poruwa මගුල් පෝරුව Actor S. Ramanadhan, B.A.W. Jayamanne
25 1611967 Ranrasa රන්රස Actor P. Ratnam
26 1661967 Hitha Giya Thena හිත ගිය තැන Actor Herbert Rupasinghe
27 1841968 Dehadaka Duka දෙහදක දුක Actor Robin Tampoe
28 1991969 Pick Pocket පික්පොකට් Actor Robin Tampoe
29 2011969 Pravesam Vanna ප්‍රවේසම්වන්න Actor M.S. Anandan
30 2031969 Pancha පැන්චා Actor Vincent David
31 2081970 Lasseta Kodiya ලස්සෙට කොඩිය Actor Shesha Palihakkara
32 2381972 Sahanaya සහනය Actor J. Selvarathnam
33 2501972 Me Desa Kumatada මේ දෑස කුමටද Actor Thimothy Weerarathna
34 2591973 Thushara තුෂාරා Actor Yasapalitha Nanayakkara
35 2661973 Hondai Narakai හොඳයි නරකයි Actor Lenin Morais
36 2741974 Sheela ශීලා Actor K.wenkat, Jo Suganda
37 2791974 Shanthi ශාන්ති Actor Vilfrad Silva
38 2821977 Chandi Putha චන්ඩි පුතා Actor -
39 2851974 Lasanda ලසඳා Actor K.A.W. Perera
40 2981975 Raththaran Amma රත්තරන් අම්මා Actor Dharma Sri Kaldera
41 3201976 Pradeepe Ma Weva ප්‍රදීපේ මා වේවා Actor Yasapalitha Nanayakkara
42 3231976 Kauda Raja කවුද රජා Actor J. Rasarathnam, J. Selvarathnam
43 3371976 Hariyata Hari හරියට හරි Actor William Holmes
44 3411976 Deyyange Theenduva දෙයියන්ගේ තීන්දුව Actor W.M.S. Tampoe
45 3461976 Ranthilaka රන්තිලකා Actor W. Wilfred Silva
46 3561977 Deviyani Oba Kohida දෙවියනි ඔබ කොහිද Actor Aruna Shanthi
47 3601977 Yali Ipade යලි ඉපදේ Actor M.P.Gamunu
48 3641977 Ege Adara Kathawa ඇගේ ආදර කතාව Actor Yasapalitha Nanayakkara
49 3871978 Apsara අප්සරා Actor J. Selvarathnam
50 3981979 Minisun Athara Minihek මිනිසුන් අතර මිනිහෙක් Actor Joe Dev Ananda
51 4021979 Higana Kolla හිඟන කොල්ලා Actor K.A.W. Perera
52 4141979 Akke Mata Awasara අක්කේ මට අවසර Actor W. Wilfred Silva
53 4161979 Sawudan Jema සව්ජන් ජෙමා Actor Jayantha Pulin Samarasinghe
54 4401980 Bambara Pahasa බඹර පහස Actor Siri Kularathna
55 4671981 Ajasaththa අජාසත්ත Actor Joe Micheal
56 4791981 Geethika ගීතිකා Actor Yasapalitha Nanayakkara
57 4811981 Anjaana අංජානා Actor Yasapalitha Nanayakkara
58 5121982 Wathura Karaththaya වතුර කරත්තය Actor K.A.W. Perera
59 5251982 Nawatha Hamuwemu නැවත හමුවෙමු Actor Yasapalitha Nanayakkara
60 5541983 Sister Mary සිස්ටර් මේරි Actor Mu Arukgoda
61 6141985 Rosy රෝසි Actor Yasapalitha Nanayakkara
62 6301986 Devuduwa දෙව්දුව Actor Daya Wimalaweera
63 6311986 Jaya Apatai ජය අපටයි Actor Sunil Soma Peiris
64 6461987 Yukthiyada Shakthiyada යුක්තියද ශක්තියද Actor Yasapalitha Nanayakkara
65 6531987 Obatai Priye Adare ඔබටයි ප්‍රියේ ආදරේ Actor Sunil Soma Peiris
66 6581988 Sandakada Pahana සඳකඩ පහන Actor Susira Rathnakumara
67 6601988 Angulimala අංගුලිමාල Actor Baptist Fernando
68 6671989 Mamai Raja මමයි රජා Actor Sunil Soma Peiris
69 7071991 Raja Kello රජ කෙල්ලෝ Actor Shirley P. Wijeratne
70 7081991 Raja Sellam රජ සෙල්ලම් Actor Sunil Soma Peiris
71 7191991 Suwadena Suwandak සුවදෙන සුවඳක් Actor Milton Jayawardhana

As a Crew

Title

#Film NoYearFilm RoleDirector
1 131952 Umathu Wishwasaya උමතු විශ්වාසය Title B.A.W. Jayamanne

Other Type Films

Actor

#Film NoYearFilm Movie Group RoleDirector
1 51967 Rahas Dupatha රහස් දූපත 16mm Actor Ervin Jayamanna