Ramyalatha

Ramyalatha

රම්‍යලතා

Black & White 35mm

Film No: 38  ·  Released: 25 Nov 1956

60.2% · 2,659 votes
Rate this film
Special Message

1955 නිෂ්පාදනය වූ ‘දේව්දාස්’ තෙළිඟු චිත්‍රපටය අනුකරණය

Summary

NameRamyalatha / රම්‍යලතා
Film No38
Released Date25 Nov 1956
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCinemas Limited
StudioSundara Sounds - Kandana
Main Actor: Aruna Shanthi Main Actress: Clarice De Silva Director: A.B. Raj Producer: S.M. Nayagam

Description

චිත්‍රපටයේ දිග - අඩි 18076

ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම සතු සිනමා ශාලා

ගාමිණී – මරදාන, ප්ලාසා - වැල්ලවත්ත, කුවින්ලන්ඩ් – නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර, මොඩර්න් – බදුල්ල, රත්නාවලී – ජාඇල, ෂැම්රොක් - වෙන්නප්පුව, මානෙල් - මොරටුව, ඔලිම්පස් - ගාල්ල, ඡායා - කෑගල්ල, රිච්මන්ඩ් – කළුතර, ජුපිටර් – කුරුණෑගල, රිච්මන්ඩ් – මාතර.

ග්‍රැමෆෝන් තැටි – කලා ෆෝන්

තැටි අංක එස් එම් එම් 101 සිට 105 දක්වා

ප්‍රේමසිරි සහ ප්‍රභාවතී බාල අවධියේ සිටම එකම පාසලේ එකම පංතියේ ඉගෙනුම ලබන, එකිනෙකාට ලෙන්ගතු කම් ඇති දරුවන් දෙදනෙකි. ප්‍රේමසිරිගේ පියා ධනමානයෙන් හා කුල මානයෙන් උදම්ව සිටින ප්‍රභූවරයෙකි. ඔහු ධනපාල මුදලිතුමා නමින් ගමේ කා අතරත් ප්‍රකටව සිටින්නෙකි. ඔහුගේ බිරිඳ ඉතා කාරුණික ගතිපැවතුම් ඇති දරු ස්නේහයෙන් පිරි ගුණවත් මාතාවකි.

ප්‍රේමසිරි ඉගෙන ගන්නා ගමේ පාසැල පවා ධනපාල මුදලිගේ මුදලින් ගොඩනගන ලද්දකි. එහි උගන්වන ගුරුවරයාට පවා වැටුප් ගෙවන ලද්දේ ඔහු විසිනි. දිනක් ප්‍රේමසිරි බොරු ලෙඩක් ඇති බව හඟවා පාසැලින් පිටව යනුයේ ප්‍රභාවතීටද පැමිනෙන ලෙසට ඉඟි කරමිනි.

ප්‍රේමසිරි බාලවයසේ සිටම දඟකාර කම්කරන - හිතුවක්කාර දරුවෙකි - දිනක් ඔහු සුළු වැරැද්ද්කට ප්‍රභාවතීට පහරදී කැලෑ පැන්නේය. ප්‍රභාවතිගේ ආච්චි වන මංගොහාමි ඒ බව මුදලි තුමාට පැමිණිලි කලේය. ඉන් කිපුනු ධනපාල මුදලි. ප්‍රේමසිරිට හොඳටම තැලුවේය.

ඔහු එසේ දඩුවම් දීමෙන්ද නොදැහී ප්‍රේමසිරිව අගනුවර පාසැලකට ඇතුළු කර ඔහු අවතේව සඳහා තම සේවක කරෝලිස්ද පිටත් කලේය. කෙළි සෙල්ලම් කිරීමට පුරුදුව සිටින ප්‍රභාවතීට ප්‍රේමසිරි ගමේ නොමැතිවීම නිසා කනස්නලු වුවාය.

වසර 15 ක් ගතවිය.

දැන් ප්‍රභාවතී නෙත් සිත් පිනවන මනා දේහයෙකින් පිරිපුන් රූමත් තරුණියෙකි. ප්‍රේම සිරිද කඩවසම් තරුණයෙකි. දෙදනා මෙසේ යොවුන් වියට පත්වීමෙන් පසුව බාල කාලයේ පටන් පැවති ලෙන්ගතු කම ප්‍රේමයකට හැරින. ප්‍රේමසිරිගේ අප්‍රේක්ෂාව වුයේද ප්‍රභාවතීව විවාහ කර ගැනීමටය. දිනක් මංගෝහාමි මුදලි වලව්වට ගොස් ධනපාල මැතිනිය හමුවී ප්‍රභාවතී සහ ප්‍රේමසිරිගේ විවාහය ගැන කතා කලාය. ධනපාල මැතිනියද කලක පටන්ම දෙදනාගේ ඇසුර දැන සිටි බැවින්, ඊට තම කැමැත්ත පල කලාය. කෙසේ වෙතත් මේ සඳහා මුදලි තුමාගෙන්ද විමසීම සුදුසු යැයි ඇය වැඩි දුරයත් පැවසුවාය.

පසු දිනෙක මුදලිතුමා, ප්‍රභාවතීගේ පියාවන ටිකිරි බංඩාව තම වලව්වට කැඳවා තම පුතුට එවැනි යෝජනාවක් ගෙන ඒම ගැන බැන වැඳුනේ, ප්‍රභාවතී තම කුලගෝත්‍රයට නොගැලපෙන දුප්පත් එකියක බව පවසමිනි. ඉන් උරන වූ ටිකිරි බංඩා ආපසු පැමිනියේ තම දියණියට, ප්‍රේමසිරිට වඩා ධනවත්, කුලවත් පුරුෂයෙකුට විවාහ කරදීමට තීරණය කරගනිමිනි.

ඒ අනුව ඔහු බිරිඳ මියගිය, දරුවන් සතරදෙනෙකු සිටින කනවැන්දුම් පුරුෂයෙකු වු වංශපාල මන්ත්‍රිවරයාට තම දියණිය පාවා දීමට තනි තීරණයක් ගනු ලැබුයේ, ඔහු මුදලි තුමාටත් වඩා උසස් ධනවත් පුද්ගලයෙකු වු බැවිනි. තම පියා ප්‍රභාවතීට නොකැමති බව ටිකිරි බංඩාට පවසන අවස්ථාවේදී ප්‍රේමසිරි ද එම සංවාදයට කන්දීගෙන සිටියේය. පියාගේ එම තීන්දුව ප්‍රේමසිරිගේ හදවතට හෙලු අතුල් පහරක් විය.

තමා, වෙනත් අයෙකුට විවාහ කරදීමට තම පියා විසින් ගනු ලැබු දැඩි තීන්දුව අසා සිටි ප්‍රභාවතීද අපමන වු දුකින් තැවෙන්නට වුවාය.

දිනක් රාත්‍රියක ඇය තනිවම ප්‍රේමසිරි හමුවීමට පැමිනියේ එම වේදනාව දරාගත නොහැකි වු බැවිනි. එහිදී ඔහු ලඟ දනින් වැටුනු ප්‍රභාවතී - තම පියාගේ යෝජනාවක් අනුව වයස්ගත කනවැන්දුම් පුරුෂයෙකුට තමා විවාහ කරදීමට කටයුතු කරන බව පවසමින් - තමා ප්‍රේමසිරිට හැර අන් අයෙකු සමඟ විවාහ වීමට ඇති අකැමැත්ත ප්‍රකාශ කර සිටියාය. මෙහිදී ඔහු මුහුන පෑවේ උභතෝකෝටික ප්‍රශ්නයකටය.

තමා මුළු හදවතින්ම ප්‍රභාට ප්‍රේම කරන නමුත් පියාගේ කැමත්ත නොමැතිව ඇය හා විවාහ වීම ඔහු හට අකීකරු වීමක් බව කියා සිටියේය. එම වදන් ඇසීමෙන් තවදුරටත් කම්පනයට පත් වූ ප්‍රභාවතී එතැනින් පිටව ගියාය. ප්‍රේමසිරි ආපසු කොළඹ තම නිවසට පැමිනියේ විසදාගත නොහැකි ප්‍රශ්නයකට මුහුන දෙමිනි.

කරෝලිස් සමඟ හිදින එම නිවසේ ප්‍රේමසිරිගේ යහළුවෙකු වු සනීද එහි නැවතී සිටියේය. ප්‍රේමසිරි තුලින් ඔහුට වෙනසක් පෙනුනි. ඔහු ඒ පිළිබඳ සියල්ල සනීට පැවසුවේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි. මෙහිදී සනී පැවසුවේ තමා තරුණියකට ප්‍රේම කලේ නම් කව්රු විරුද්ධ වුව ද ඇයව විවාහ කර ගන්නා බවය. එයද ප්‍රේමසිරිට අතුල් පහරක්සේ දැනුනේ තමාට එවැනි ධෛර්යයක් නොමැති බව පසක් වෙමිනි.

කෙසේ වෙතත් තම හිතවතගේ දුක් වේදනාවන් නැති කිරීමේ අදිටනින්, සනී, ඔහුට රම්‍යලතා නමැති ප්‍රකට නලඟන වෙතට කැඳවා ගෙන ගියේය. එහෙත් ඇයගේ අසංවර නැටුම අප්‍රිය කල ප්‍රේමසිරි ආපසු පැමිනියේය. - ඉන්පසු සනීගේ වෑයම වුයේ සියළු වේදනාවන් නැසිය හැකි මත්වතුරට ප්‍රේමසිරිව යොමු කර වීමටය. එතැන් පටන් ප්‍රේමසිරි මත් ලෝලියෙකු බවට පත්විය. දිනක් ඔහු රම්‍යලතා වෙත ගොස් ඇය දැන් ගත කරන දිවියේ නිසරු බව පෙන්වා දුන්නේය. එතැන් සිට රම්‍යලතා සිය රැගුම් වැයුම් සියල්ල නතර කර ගත්තේ ප්‍රේමසිරිගේ අවවාදය පිළිගනිමිනි.

මේ වනවිට ප්‍රභාවතී, අකැමැත්තෙන් වුවද පියාගේ යෝජනාවට එකඟ වෙමින් මහළු වංශපාල සමඟ විවාහ වී ඔහුගේ නිවසේ පදිංචියට ගියාය. එතැන් පටන් ඇය අතීතය වලලා දමා වංශපාලගේ කලින් විවාහයේ දරුවන්ගේ දුක සැප බලමින්ම ඔවුනට මවක වුවාය.

දැන් ප්‍රේමසිරි අන්ත බේබද්දකු බවට පත්ව සිටියි. ඔහුට සුරාවෙන් තොර ජීවිතයක් නොමැත. සිය වියහියදම් සඳහා ඔහු කරෝලිස් ලවා පියාගෙන් මුදල් ගෙන්වාගෙන ඒ සියල්ලක්ම බීමට වැය කලේය.

අන්තිමේදී ඔහු පෙනහළු ආබාධයෙන් පෙලෙන රෝගියෙකු බවට පත්විය. ඉන්පසු ඔහු තමාසතු සියළුම මුදල් රම්‍යලතාට පරිත්‍යාග කොට, කරෝලිස්ද කැටුව තම ගම් බලා යන අදහසින් දුම්රියට නැගුනේය. ඔහුට, තවමත් ප්‍රභාවතීව අමතක කල නොහැකිය. දැන් ඇය තම සැමියා සමඟ අරනායක පදිංචිව සිටින බව කල් තබාම දැන සිටි ප්‍රේමසිරි, දුම්රිය මාව නැල්ලට පැමිනි විට, තද නින්දේ සිටි කරෝලිස්ට ද නොදන්වා, දුම්රියෙන් බැස, ඒ අසල සිටි තරත්ත කරුවෙකු සමඟ අරනායක බලා මහරැම පිටත් විය. ඒ දිනවල තද වැසී වැසීම නිසා පාර අබලන්ව තිබූ බැවින් කරත්තයේ ගමන ප්‍රමාද වින. කෙසේ හෝ පාන්දර වන විට කරත්තය අරණායකට සේන්දු විය. ඒ වන විට ප්‍රේමසිරි ගේ රෝගී තත්වය තවදුරටත් අසාධ්‍ය බවට පත්ව තිබින. කරත්ත කරුවා මහත් ආයාශයෙන් ඔහුව ඔසවා, තන පලස මත තැබුවේය. ඒ සඳහා අවශ්‍ය කුලියද දීමට ප්‍රේමසිරිට හැකිවිය. කරත්ත කරුවා ආපසු ගියේය.

මෙහිදි නොදැනුවත්ව හෝ පැමින සිටියේ ප්‍රභාවතී වෙසෙන නිවෙස ආසන්නයටය. බිම වැතිරී පන අදින ප්‍රේමසිරි වෙත පැමිනි වංශපාලගේ ලොකු පුතා වහා ගොස් ඒ බව දන්වා සිටියේය. ඒ අනුව ඔහු කවරෙකුදැයි දැන ගැනීමට ප්‍රභාවතී උඩු මහලේ ජනේලය අසලට ගිය විටදී පන අදිමින් සිටින ප්‍රේමසිරි දැකීමෙන් කම්පාවට පත්ව කවුළුවෙන් බිමට පැන්නාය. ඇයගේ රුව අවසන් වරට දැකගත් ප්‍රේමසිරි අවසන් හුස්ම හෙළුවේය.

දෙමාපියන්ගේ දුරදිග නොබැලීම නිසා තරුණ ජීවිත දෙකක අවසානය එසේ සිදුවිය..

- කලා භූෂන - වැළිහිද මුනිරත්න -

Film No: 38 - Year: 1956

Cast

Crew

Other Crew