Rita Rathnayake

Rita Rathnayake

රීටා රත්නායක

Full Name: Rita Philomina Ratnayake Born 18 February 1934 Died 06 November 2006

18 February 1934 - 06 November 2006

58.32% · 2,321 votes
Rate this artist

Summary

NameRita Rathnayake
Sinhala Nameරීටා රත්නායක
Full NameRita Philomina Ratnayake
Born18 February 1934
Died06 November 2006

Biography

1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාත​ලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය. ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය ‘දස්කොන්’ නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය.

ඇයට එයට අවස්ථාව පෑදුණේ වාර්ෂික මඩු වන්දනාවේ ගොස් සිටි අවස්ථාවකය. ඇගේ අනාගතය තීරණය කළේ එම මඩු වන්දනාවේදී එඩී, රුක්මනී හා බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න හමුවීමයි. ඇයට ‘කැලෑ හඳේ’ ඩේසි අන්තනායක චරිතය රඟපාන්නට ලැබුණේ ඒ හමුවේ ප්‍රතිඵලයක් ලෙසය. ඇය එහිදී ඔවුනට කීවේ, තමා නිළියක වීමට දැඩි ආශාවකින් සිටින බවය. ඇයට එවිට වයස අවුරුදු 16ක් පමණය. බී.ඒ.ඩබ්ලිව්.ට ද කතුවර ඩබ්ලිව්.ඒ. සිල්වා සමග ‘කැලෑ හඳ’ චිත්‍රපටයට නගන්නට ලේසි නොවීය. ඔහුගේ මූලික ඉල්ලීම වූයේ ‘කැලෑ හඳ’ කතාවට හානියක් නොවිය යුතු බවය.

එළිමහන් දර්ශන කතුවරයාගේ ඉල්ලීම අනුව ලංකාවේ රූගත කළ යුතු වූ අතර, ඇතුළත දර්ශන ඉන්දියාවේදී රූගත කෙරිණ. මේ හැම අවස්ථාවකටම කතුවර සිල්වා සහභාගි වූයේය. ‘කැලෑ හඳ’ තිරගත වෙද්දී ‘සිනමාස්‍්’ සමාගම නිෂ්පාදනය කළ ‘සුජාතා’ චිත්‍රපටය ද තිරගත විය. ‘බාරි බෙහෙන්’ යන හින්දි චිත්‍රපටය අනුව සිංහලෙන් නිපදවන ලද ‘සුජාතා’ චිත්‍රපටයේ ගීත ගැයීම සඳහා දකුණු ඉන්දීය ජනප්‍රිය ගායක ගායිකාවන් ද යොදාගෙන තිබිණ. විශාල ප්‍රචාරක අනුග්‍රහයක් ලබමින් මේ චිත්‍රපට දෙකම තිරගත වීම නිසා සිනමාශාලා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යන්නට විය.

‘සුජාතා’ චිත්‍රපටයේ දොස්තර නිහාල්ගේ චරිතයෙන් එක රැයෙන් ජනප්‍රිය වූ ග්‍රේට් ජයන්ත ‘සිනමාවේ ප්‍රථම ආදරවන්තයා’ ලෙස ජයකෙළි නැගූ අතර, රීටා රත්නායකට ද කැලෑ හඳෙන් පසුව පෙම්වතිය ලෙස ප්‍රධාන චරිත රඟපාන්නට ලැබිණ.

එම චිත්‍රපට අතර රීටාට ප්‍රේම් ජයන්ත සමග ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබීම ඇගේ ජනප්‍රියත්වයට බොහෝ සේ ඉවහල් විය. රීටා චිත්‍රපට ගණනාවකම රඟපාන්නට අවස්ථාව ලැබූ අතර, ඇය චිත්‍රපට කතානායිකාවක ලෙස ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවාය. ඇයට විශාල රසික පිරිසක් වූහ.

‘වරද කාගෙද’ චිත්‍රපටයේ රීටා, ප්‍රේම් ජයන්ත සහ ලැඩී රණසිංහ සමග රඟපෑවාය. ‘දේව්දාස්’ කතාව ඇසුරෙන් නිෂ්පාදනය කළ ‘රම්‍යලතා’ චිත්‍රපට​යේ ද ඇය පෙම්වතිය වූවාය. එම චරිතයේ නම ‘ප්‍රභාවතී’ය. ‘ප්‍රභාවතී’ හඳුන්වා දෙන්නට හැකි හොඳම නිදර්ශනය වන්නේ, අලුත්ම ‘දේව්දාස්’ චිත්‍රපටයේ අයිශ්චර්යා රායි රඟපෑ චරිතය ඇය රඟපෑ බවය. බෙංගාලි ජාතික සාරත්චන්ද්‍රා චැටර්ජිගේ ‘දේව්දාස්’ කතාව ඇතුළත් ඉන්දියානු චිත්‍රපට 12ක් (නිහඬ චිත්‍රපටයක් ද ඇතුළුව) පමණ වෙතැයි කියැවෙයි.

‘දලු ලා ප්‍රේම ගඟේ පොඩි අතු රිකිලි නැගේ’ ගීතයට ඇය ප්‍රේම් ජයන්ත සමග රඟපෑවේ ‘වරද කාගෙද’ චිත්‍රපටයේය. ආනන්ද වීරකෝන් සමග ගී ගයමින් ඇය රඟපෑවේ ‘සුකුමලී’ චිත්‍රපටයේය. අරුණ ශාන්ති හා හර්බි සෙනෙවිරත්න සමඟ ද ඇය පෙම්වතිය ලෙස රඟපෑවාය.

‘රේඛාව’ චිත්‍රපටයට ආනන්ද වීරකෝන් සමග රඟපාන්නට ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් තෝරා ගැනීමට අදහසක් තිබුණ ද ‘රදළ පිළිරුව’ චිත්‍රපටයේ රූගත කිරීම් නිසා ඇයට ඒ සඳහා සහභාගි වන්නට නොහැකි විය. මෙහිදී සිහිපත් වන්නේ, ලෙස්ටර් ‘ගම්පෙරළිය’ චිත්‍රපයට අධ්‍යක්ෂණය කරද්දී එහි රඟපාන්නට ආනන්ද වීරකෝන්ට ද ඇරැයුම් කළ ද ඔහු එකල සිටියේ එංගලන්තයේය. හරිහැටි ගෙවීමක් ද නොමැතිව අවුරුදු ගණන් චිත්‍රපට රූගත කිරීම් සඳහා ඉන්දියාවේ කාලය නාස්ති කිරීම නිසා ආනන්දට එකල චිත්‍රපට එපා වී තිබුණ බව ඔහු වරෙක පැවැසීය. ඔහු සිනමාව අමතක කර එංගලන්තයට ගියේ එහෙයිනි.

ඇතැම් විටෙක රීටා ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපෑවා නම්, නිළියක ලෙස මීට වඩා වෙනස් ආකාරයකින් කතා කරන්නට හැකි වන්නට තිබිණ. ඇය සමග වඩාත්ම රඟපෑ නළුවා වන්නේ, අශෝක පොන්නම්පෙරුමය. පෙම්වතුන් මෙන්ම වැඩිහිටි චරිතවලදී ද අැය අශෝක සමග රඟපෑවාය. සුජාතා අත්තනායක හා ආර්. මුත්තුසාමි ගායනා කරන ‘මධුර යාමේ’ ගීතය සඳහා ‘සිතක මහිම’ චිත්‍රපටයේ රඟපෑවේ රීටා සමග අශෝක පොන්නම්පෙරුමය.රීටා චිත්‍රපට ගණනාවක රඟපාමින් ජනප්‍රියත්වය දිනා ගත්ත ද ඇයට නිසි ඇගයුමක් ලැබුණේ දැයි සැක සහිතය.

1966 සරසවි සිනමා සම්මාන උළෙලේදී ඇයට ‘සිතක මහිම’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි විය. ඒ හැරුණු විට, 1997 ජනාධිපති සම්මාන උළෙලේදී ඇයට ‘ස්වර්ණ ජයන්ති’ සම්මානය ලැබිණි. 1998 සරසවි සම්මාන උළෙලේදී ඇයට ‘නමස්කාර ගුණ සම්මානය’ පිරිනැමිණි. රීටා 1953 සිට 1988 දක්වා චිත්‍රපට තිස් ගණනක රඟපෑවාය. ඒ අතරින් අපට තවමත් සිහිපත් වන්නේ, ‘කැලෑ හඳේ’ ඩේසි අත්තනායක ලෙස රඟපෑ ප්‍රථම රඟපෑමය. ඇය විවාහ වූයේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු හා ජනප්‍රිය ගීත හා දෙබස් රචකයකු වූ විල්ෆ්‍රඩ් සිල්වා සමගය.

රීටා රත්නායකගේ සිනමා රංගන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් 1982 පෙබරවාරි 21-26 ඇය රඟපෑ චිත්‍රපට උළෙලක් මරදානේ ටවර් රඟහලේදී පැවැත්විණ. එහිදී ‘සුනීතා’, ‘රම්‍යලතා’, ‘සුන්දර බිරිඳ’, ‘වරද කාගෙද’, ‘සිතක මහිම’ හා ‘අමතක වුණා ද’ යන චිත්‍රපට තිරගත විය. එදා ඇය අප සමඟ පැවැසුවේ ගත වූ වසර 30 මෙන්ම ඉදිරියේදී ද රංගනයට කැපවෙන බවය. ‘අභිෂේක’ චිත්‍රපටයේ නුවරඑළියේ රූගත කිරීම අතිශයින් දුෂ්කර විය. අපි මුලින්ම නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉවු​රේ දර්ශන කිහිපයක් රූගත කළෙමු.

දර්ශනය පෙර පුහුණුවීම් කර කැමරාගත කිරීමට සූදානම් වූ විගසම වළාකුළක් පැමිණ හිරු එළිය මකා දමයි. තවත් පැය භාගයක් පමණ බලා සිටින්නට සිදු වෙයි. දර්ශන අතර ආලෝක සම්බන්ධතාව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා කලින් පරිදිම හිරු එළිය පතිත වන තුරු බලා සිටිය යුතු විය. කලං එහි ගොළු තරුණයකු ලෙස කළ රංගනය තවමත් මගේ සිත තුළ වරින් වර මතු වෙයි. නුවරඑළියේ වැවේ බෝට්ටු අනතුරකින් බේරාගත් තරුණිය ස්තුති කිරීමට ඔහු හා කතා කරද්දී කලං කිසිවක් කතා නොකර ඉතා අවිහිංසක අසරණ බැල්මක් හෙළයි. එය වචන දහසකින් වුව කියාගන්නට බැරි තරමේ නෙතට කඳුළු නංවන චරිත නිරූපණයකි. ඔහු ගොළු බව හඟවද්දී තරුණියගේ හා ඇගේ යෙහෙළියගේ නෙත් තුළ ද මතු වන්නේ අනුකම්පාවකි.

රීටා රත්නායකගේ බොහෝ දර්ශන රූපගත කෙරුණේ ළිඳුල ප්‍රදේශයේ වතු බංගලාවක් තුළය. ඇය බොහෝ විටෙක පිටපත රැගෙන දෙබස් පාඩම් කළාය. එහිදී ප්‍රේමරත්න වරෙක කීවේ, “දෙබස් ඒ වෙලාවට අපට කටට හුරු විදිහට හදාගන්න පුළුවන්” කියාය. මුල් යුගයේ බොහෝ චිත්‍රපටවල දෙබස් පිටපතේ හැටියටම කිව යුතු විය. විශේෂයෙන්ම මා අසා ඇති පරිදි ඩබ්ලිව්.එ්. සිල්වා ඔහුගේ දෙබස් වෙනස් කරනවාට කොහෙත්ම කැමැති නොවීය. බොහෝ තිර කතා රචකයන් ද තම දෙබස් වෙනස් කරනවාට අකැමැතිය.

රීටා දර්ශන තලයේදී ඉතාමත් නිහතමානී රංගන ශිල්පිනියක වූවාය. ඇය අවධානය යොමු කළේ තම දායකත්වය උපරිම අයුරින් ලබාදෙන්නටය. දර්ශන තලයේ සැම දෙනාටම ඇය කුළුපග වූවාය. ‘අභිශේක’ චිත්‍රපටයේ විශේෂත්වය වූයේ ද නව පරපුර සමඟ පැරැණි පරපුර එක් කිරීමය. රීටා රත්නායක ගැන මෙතරම් කතා කෙරෙන්නේ පැරැණි පරපුරේ තිරයේ පෙම්වතියක ලෙස ජනප්‍රියත්වය ලැබූ රීටා දර්ශන තලයේ විශේෂත්වයක් වූ බැවිනි.

රොඩ්නි විදානපතිරණ

Awards

National Awards

1 "Namaskara Pooja" Special Award 25th Sarasaviya Awards - 1998 - 1998
2 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997
3 For Best Performances Sithaka Mahima - 1964 2nd Sarasaviya Awards - 1965 - 1965
4 Best Actress Sithaka Mahima - 1964 2nd United Lanka Fans Society Award Ceremony 1965 - 1965

As a Cast

#Film NoYearFilm RoleDirector
1 181953 Kele Handa කැලැ හඳ Main Actress B.A.W. Jayamanne
2 211954 Warada Kageda වරද කාගේද Main Actress T.R. Sundaram, G.R. Rabo
3 251954 Radala Piliruwa රදල පිළිරුව Actress T.R. Sundaram
4 381956 Ramyalatha රම්‍යලතා Actress A.B. Raj
5 461957 Sukumali සුකුමලී Actress M.K.Swami, M. Masthan
6 541958 Suneetha සුනීතා Actress P. Neelakanthan
7 551958 Sepali සේපාලි Actress W.M.S. Tampoe
8 681960 Sundara Birinda සුන්දර බිරිඳ Main Actress D. Yoganadan
9 781961 Daruwa Kageda දරුවා කාගේද Actress Herbi Senewirathna
10 871963 Suhada Sohoyuro සුහද සොහොයුරෝ Actress L.S.Arya, L.S. Ramachandran, K.A.W. Perera
11 991964 Suba Sarana Sapa Sithe සුභ සරණ සැප සිතේ Actress T. Somasekaran
12 1051964 Sithaka Mahima සිතක මහිම Actress M.S. Anandan
13 1221965 Sweep Ticket ස්වීප් ටිකට් Actress Florida Jayalath, Raja Joshua
14 1241965 Sekaya සැකය Main Actress E. Rathnam
15 1321966 Athulveema Thahanam ඇතුල්වීම තහනම් Actress M.S. Anandan
16 1541967 Amathaka Unada අමතක වුනාද Actress D.M. Daas
17 2101970 Den Mathakada දැන් මතකද Actress Neil Rupasinghe
18 2581973 Suhada Pathuma සුහද පැතුම Actress Kingsly Rajapaksha
19 2741974 Sheela ශීලා Actress K.wenkat, Jo Suganda
20 2791974 Shanthi ශාන්ති Main Actress Vilfrad Silva
21 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Actress Lenin Morais
22 3001975 Awa Soya Adare ආවා සොයා ආදරේ Actress Lenin Morais
23 3341976 Haaratha Hathara හාරත හතර Actress M.S. Kumar
24 3411976 Deyyange Theenduva දෙයියන්ගේ තීන්දුව Actress W.M.S. Tampoe
25 3531977 Hithuvoth Hithuvaamai හිතුවොත් හිතුවාමයි Actress Lenin Morais
26 3611977 Saja සජා Actress Cyril P. Abeyratne
27 3731978 Mage Ran Putha මගේ රන් පුතා Actress M.V. Balan
28 4101979 Eka Hitha එක හිත Actress K.M.D. Ariyapala
29 4801981 Dayabara Nilu දයාබර නිලූ Actress Kandapola Kumarathunga
30 4891981 Samawenna සමාවෙන්න Actress Milton Jayawardhana
31 5121982 Wathura Karaththaya වතුර කරත්තය Actress K.A.W. Perera
32 5631983 Bonikka බෝනික්කා Actress Louie Vanderstraeten
33 5641984 Shirani ශිරානි Actress M.A. Gafoor
34 5781984 Kokila කෝකිලා Actress Villiam Olamas
35 5841984 Namal Renu නාමල් රේනු Actress E. Rathnam

Upcoming Films

#Film RoleDirector
1 Abhisheka අභිෂේක Actress H.D. Premarathna